ඔව් උබ කියන එක හරි, නමුත් මචන් මමනම් හිතන්නේ බුද්දීමතෙක් උනාම ගවුරවය, පිළිගැනීම වගේ දේවල් පලාපොරොත්තු වෙන්න හොද නැහැ මොකද ඒක මිනිස්සුන්ගෙන් ලැබෙන දෙයක් මිස බලෙන් ලබා ගන්න දෙයක් නෙවයි නේ... ඉතින් මුද්දීමතුන් ඒවා බලාපොරොත්තු වෙනවනම් ඒක මම හිතන්නේ බුද්දීමතෙක්ගේ හොද ගතිගුණයක් නෙවෙයි.
ඒත් බන් අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ බන්...පොඩ්ඩක් හිතපන්කෝ උඹ ජීවිතේම යම් කිසි දේකට කැප කරලා මාසෙකට ලක්ෂ 5ක් හොයනවා සාධාරණ විදියට...තව එකෙක් කරන්න ඕන ඔක්කොම ජරා වැඩ කරලා හොයනවා ලක්ෂ 5+ මුදලක් මාසෙකට..... උඹ කලකිරෙන්නේ නැද්ද ???
මම නම් අනිවා ඩෙෆා පොඩ්ඩක් හරි upset යනවා බන්...අනික බන් ලංකාවේ ගොඩක් උන්ට ඕනේ පුහු ආටෝපෙ විතරයි...professor කෙනෙක් කොරොල්ල එකෙන් ගිහින් බහිනවා යම් තැනකට..තව කුඩු මුදලාලි කෙනෙක් ගිහින් එතනටම බහිනවා අලුත්ම සහරා එහෙකින්...අපේ උන් කාටද මුල් තැන දෙන්නේ ??? මම වුනත් හිතයි කුඩ්ඩ වැඩ්ඩ කියල...මෙන්න මේ චින්තනේ තමයි බන් කරුමේ...එත් දැන් නම් ටික ටික මේ රැල්ල වෙනස් වී ගෙන යනවා...ඒක හොඳ ප්රවණතාවයක්






