මුදල් වංචාවක් පිළිබඳ උපදෙස් ලබා ගැනීමට නීතීඥ සහය අවශ්‍යයයි 🙏

Status
Not open for further replies.

Reincarnator

Well-known member
  • May 20, 2022
    3,580
    8,179
    113
    අපායෙ දොරකඩ
    කරුණාකරල දකින හැම විටම "බම්ප් (bump)" එකක් දාගෙන යන්න 🙏



    එළකිරි එකේ ඉන්නවද නීතීඥවරු?

    කෙටියෙක් කිව්වොත්

    පළමු කොටස

    පිටරට පදිංචි ලංකාවෙ එක්කෙනෙක් ඉන්නව. - A

    Student කෙනෙක් විදිහට ඒ රටට අවුරුද්දකට කිට්ටු කාලයක් ගිහින් ඉඳල ආපු සහෝදරයෙක් ඉන්නව. - B

    A සහ B ඒ රටේදි හම්බ වෙලා තියෙනව

    A විසින් B ට ඒ රටේන් රස්සවක් හොයල දෙන්නන් කියල පොරොන්දුවෙලා B ගෙන් පොඩි පොඩි උදව් අරන් තියෙනව

    ඔය අතරතුර A ට ලංකාවෙන් මුදල් ගෙන්න ගන්න ඕනවෙලා තියෙනව.

    A උදව්වක් ඉල්ලල තියෙනව B ගෙන්. ඒ තමා එයාට අයිති ඒ මුදල් ලංකාවෙන් ඒ රටට අරගන්න උදවු කරන්න කියල

    ඉතින් B හා කියල උදවු කරන්න. වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.

    A විසින් B ගෙ ලංකාවෙ බැංකු විස්තර අරගෙන තියෙනව. B ගෙ ලංකාවෙ ගිනුමට A ට අයිති සල්ලි දාල තියෙනව. B එයාගෙ ATM Debit Card එකෙන් ඒ රටින් එම මුදල් cash අරන් Aට දීල තියෙනව.

    B ඒ රටෙ හිටපු කෙටි කාලය තුල කීප වරක් A මේ විදිහට B ගෙන් සල්ලි අරන් තියෙනව.

    කොහොම හරි B ට කොරෝන කාලෙ ගෙදර හදිස්සියක් වෙලා අවුරුද්ද ඉවර වෙන්න කලින් ලංකාවට එන්න වෙලා තියෙනව. A කිසිම රස්සවක් B ට අරන් දීල නෑ මේ කාලය තුල.

    B දැන් ලංකාවට ඇවිල්ල අවුරුදු එකහමාරක් දෙකක් වගෙ වෙනව. ලංකාවට ආවට පස්සෙ A සහ B කිසිම ආකාරයක සම්බන්දයක් තිබිල නෑ.

    B ට ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ දැන් සතියකට වගෙ කලින්.


    දෙවන කොටස

    C කියල පුද්ගලයෙක් දැන් සතියකට වගෙ කලින් B ට කෝල් කරල ලොකු විස්තරයක් කියල තියෙනව B රට හිටපු කාලෙ Aට අරන් දීපු සල්ලි ගැන.

    C කියන විදිහට වෙලා තියෙන්නෙ මෙහෙමයි

    A විසින් ලංකාවෙ ඉන්න C අතුලු කීප දෙනෙක්ට එක එක වැඩ කරල දෙනව කියල පොරොන්දුවෙලා ඒවට සරිලන ගනන් කතා කරගෙන තියෙනව.

    C ඇතුලු අනෙක් කට්ටියට A විසින් කියල තියෙන්නෙ B කියන කෙනා ඒ රටේ එම්බසි (Embassy) එකේ වැඩකරන පුද්ගලයෙක් කියල. මේ මිනිස්සුත් ඒකට අහුවෙලා.

    කොහොම හරි A ඉල්ලපු සල්ලි C ඇතුලු අනෙක් අය B ගෙ ලංකාවෙ බැංකු ගිණුමට තමා දාල තියෙන්නෙ.

    C ඇතුලු අනෙක් අයටත් A විසින් කිසිම වැඩක් කරල නෑ.

    A විසින් C ඇතුලු අනිත් අයගෙ මුදල් මේ විදිහට වංචා කරල තියෙනව.


    තෙවන කොටස

    දැන් C ඇතුලු අනෙක් අය මේ වංචාව සම්බන්දව පොලීසි යන්නලු ඉන්නෙ.

    C විසින් B ගෙ ජංගම දුරකතන අංකය හොයාගෙන කෝල් කරල කියල තියෙන්නෙ දැන් A ගෙ වංචාවට B ට හිරේ යන්න වෙයි කියලලු.

    C විසින් B ට කියනවලු A ට කතාකරල C ඇතුලු අනිත් අයගෙ සල්ලි අරන් දෙන්න කියල.

    B විසින් A ට කෝල් කරල අහපුවාම A කියනවලු ඔය බොරුය C ගෙ number එක B ට block කරන්න කියල. ඊට පස්සෙ B විසින් A ට ගන්න කෝල් උස්සන්නෙත් නෑලු.


    පිළියෙමක් තියේද?

    දැන් B ගොඩක්ම බය වෙලා ඉන්නෙ. මටත් කලින් ම දෙයක් කරගනී වගෙ. සල්ලි නෑති උනාට ගෞරවය තියන් ඉන්න පවුලක්. අන්තිමට මට කියපු විදිහට තේරුනේ කට්ටියම මැරෙන්න බලන් ඉන්නව වගේ.

    මේ සම්බන්දව B ට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද? B ට නීතියෙන් පිළිසරණක් තියේද? කෙටියෙන් ම ඇහුවොත් B දැන් මේකට මොකද කරන්න ඕනෙ? උපදෙසක් ගන්න ඔබ දන්න කියන නීතීඥ වරු ඉන්නවනන් කියන්න.

    කරුණාකරල දකින හැම විටම "බම්ප් (bump)" එකක් දාගෙන යන්න 🙏



    Update 1

    ඔය C සහ අනිත් කට්ටිය අතරෙ ටිකක් ප්‍රසිද්ද ගායක පුතෙකුත් ඉන්නවලු. ඔය A කියන කෙනා සහ එම ගායක පුතා අතර සම්බන්දයක් තියෙනවලු. ගායක පුතත් ඔහොම වෙන අයගෙන් සල්ලි අරන් A ට යවන්න B ගෙ ගිණුමටලු දාල තියෙන්නෙ. ඒ නිසා ගායක පුතත් හිර වෙලාලු ඉන්නෙ. පොර ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා B ව බිල්ලට දෙයි කියල B පන බයේ ඉන්නෙ ගෙවල් වලට හොයන් අවිත් ගහල මරල යයි කියල

    Update 2

    B විසින් A ගෙ කට වචනෙ විස්වාස කරල. Account එකට සල්ලි ආවෙ කොහෙන්ද කවුද දැම්මෙ කියල හොයල නෑ. B ටත් එහෙ රස්සවක් හොයල දෙනව කියල නෙ රවට්ටල තියෙන්නෙ.

    ලංකාවෙන් සැරින් සැරේ B ගෙ account එකට සල්ලි දාල receipt එක A ට යවල C ඇතුලු කට්ටිය. A එම receipt එක B ට යවනවලු ඔන්න මගෙ සල්ලි වගයක් අද දාල තියෙනව අරන් දෙන්න කියල. එතකොට B ගිහින් එදා exchange rate එක අනුව A ට සල්ලි withdraw කරල ගිහින් දෙන්වලු. සමහර වෙලාවට receipt එක එවන්නෙ නැතුව කෝල් කරල විතරක් කියල තියෙනවලු. එක පාරක් කෙලින්ම B ගෙ Debit card එකෙන් Payment එකකුත් කරාලු. B ගෙ account එක ගොඩක් වෙලාවට හිස් නිසා B ගෙ සල්ලිත් කැපෙයි කියල වැඩිය හිතල නෑ ලු.

    B සහ C ඇතුලු කට්ටිය ගිය සතිය වෙනකන් කිසිම සම්බන්දයක් තිබිල නෑ.

    Update 3

    A මීගමුව පැත්තෙලු ඉස්සර ඉඳල තියෙන්නෙ. C කියන විදිහට A ගෙ අම්මද කොහෙද තාම එහෙ ඉන්නවලු. තව A කියන කෙනා මොකක්ද පදනමකුත් කරනවලු. C ඇතුලු කට්ටිය ඒ නිසා තමා A ව විස්වාස කරල තියෙන්නෙ. තව ගායක පුතාව රට ගෙනෙහිල්ල සංගීත ප්‍රසන්ග එහෙමත් කරල තියෙනවලු.

    Update 4

    B ට රට යන්න බෑලු. යන්න කොහොමත් සල්ලිත් නෑලු. පුලුවන් උනත් යන්න බෑලු ගියොත් අම්මයි තාත්තයි පොලීසියට අරන් යයි කියල.

    මේ කේස් එකට ගැලපෙන ඔබ දන්නා නීතීඥවරු ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,080
    6,535
    113
    🇬🇧
    කතාව අපැහැදිලියි.
    B ගේ එකවුන්ට් එකට අහිංසක මිනිස්සු දාපු සල්ලි වලට මොකද උනේ? B ඒ සල්ලි A ට ඇරලද? B ඔය වගේ වංචාවකට හවුල් වෙලා තියෙන්නෙ නොදැනුවත්ව වෙන්න බෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,879
    5,449
    113
    හෙල බිමේ
    Bump..
    මුලින්ම lawyer කෙනෙක් හම්බ වේයන්. ගිහිල්ලා විස්තරේ කියපන්.
    ඌ කියයි කරන්න ඕන එක..
    හැබැයි B ta කිසිම සාක්ෂියක් නෑ නේද A ට සල්ලි දුන්නා කියලා... Cash hand over කරලා නේ...
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    749
    998
    93
    Kathawe hetiyata B ge weraddak neha. C kattiyawa contact karala tiyenne B neme nisa.. eyalath eka piligannawa nam.. A wisin C kattiyata wancha karala kiyala.. B ta kohen mudal lebunath eka getaluwak wenna be.

    Hithanna A wisin B ta naya wela tibba.. C set eken mokak hari deal ekakata enna tibba salli direct B ta ewanawa e naya piyawanna... C sambanda unata methana ganudenuwa wela tiyenn A- B.. B ge deal eka naya piyauna nisa B mekata sambanda neha.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    749
    998
    93
    කතාව අපැහැදිලියි.
    B ගේ එකවුන්ට් එකට අහිංසක මිනිස්සු දාපු සල්ලි වලට මොකද උනේ? B ඒ සල්ලි A ට ඇරලද? B ඔය වගේ වංචාවකට හවුල් වෙලා තියෙන්නෙ නොදැනුවත්ව වෙන්න බෑ.
    E salli thama international debit card eke e rate currencty walata convert karala aran deela tiyenne A ta..

    A ta card ekak tibila neha wage indala tiyenne
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    2,008
    5,041
    113
    Ursa Major
    I'm not a lawyer. But I think you need to file a complaint against A. First, visit a lawyer. If the problem is complex, he or she will refer you to a specialist. With the counter complaint, you have immunity, you have a chance to recover money, and you can ask for compensation for your troubles.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,873
    1
    46,973
    113
    Kaduwela
    B ට සොරි ඩොට් කොම් තමා. අරු ලංකාවෙන් පිට ඉන්න නිසා කරන්න දෙයක් නැතිම තරම්.
    සල්ලි වැටිලා තියෙන්නේ B ගේ අකවුන්ට් එකට නිසා උට කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.
    කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් advices ගන්න බලපන්.

    මං ඒකනේ කියන්නේ ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ එවුන් එක්ක කනෙක්ෂන් හදාගන්න යන්න එපා.
    අරින්නම තමයි හදන්නේ. හොදටම අදුරන එවුනුත් රට ගියාම අරින්න තමා එන්නේ.
    විශේෂෙන්ම ගාල්ල, මාතර වගේ දකුණු පැත්තේ එවුන්,
    කුරුණෑගල, ගම්පහ පැත්තේ එවුන් එහෙම සතේකට ෂුවර් කරන්න එපා.
    අදුරගන්න කලින් වාසගම අහල බලපන්, සමහර වාසගම් වලින් උන් ගැන දළ අදහසක් ගන්න පුළුවන්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    749
    998
    93
    B කොහොමද ඔප්පු කරන්නෙ A ට සල්ලි දුන්න කියල.

    කාල වරෙංකො ඉතින්
    oka ithin mehema kiyan puluwan.. B wisin A ta debit card eken salli dunna.. A nayai dan B ta.. C lagen Ata lebenna tibba salli B ta kelinma ewwa e naya piyawanna
     

    M E N D I

    Well-known member
  • Dec 3, 2022
    231
    289
    63
    bump

    Mn nan hithanne na B ta prashnayak wei kiyala
    anik eka C la policeyata giyath policeye un oka passen pannala hoyanne na

    mokada mage lagama yaluwekta ohoma salli case ekak una ekath ese mese ekak nemei
    Gota president wechcha mula uge nama vikunala karapu vanchawak
    case eka handle kare Mirihanen, CID ekata yanakan scene eka aduna

    passe thama danagaththe u ambaanaka ehema vancha karala thiyana ekek kiyala
    policeyath uwa alluwe na thamath dan oka wela avurudu 3k wenawa
     
    • Like
    Reactions: Reincarnator
    Status
    Not open for further replies.