දැන් බලන්න සාමන්‍ය බුද්ධිය තියෙනවා නේ, මනුෂ්‍ය ගනුදෙනු වලදී විරෝධයට ප්‍රතිරෝධයෙන් උත්තර දෙන්න ගියහම විනාසයක් වෙලා නැවතුනේ,
මේ ලංකාවේ ඉතිහාසේම ඒ දෙයට අනන්තවත් සාධක සපයනවා,
අන්තවාදියෝ ඉන්නවා, උන් නිසා සාමාන්‍ය මිනිස්සුත් අන්තවාදයට තල්ලු කරන්න ඕන ද?
ආණ්ඩුව කරන උන් බුධ්ධි හීන රංචුවක් බලය තිබ්බාට මොළයක් නැහැ, මොළය වෙහෙසවල තීන්දු ගන්නේ නැහැ, ඔය විශේෂ උවමනා එපාකම් තියෙනවා නම් ඒ දෙයට ගෙවන්න ඕන කියල තීන්දුවක් ගන්න බැරි මොකද? එහෙම කරනවා නම් එක සාධාරණයි,
යුරෝපා රටවල කොෂර් ආහාර ඕනේ නම් වැඩිය ගෙවන්න ඕන, යුදෙව් මිනිස්සුත් එක සාධාරණ ඉල්ලීමක් නිසා ඒ වැඩිපුර මුදල ගෙවනවා. අපෙත් කරන්න තිබුනේ එක.
දැන් උතුරේ මහවිරු සතිය කියල එල් ටී ටී ඊ හිතවාදීන් හැම අවුරුද්දකම නාටකයන් රඟ දක්වනවා, බුද්ධියක් තියෙනවා නම් ආණ්ඩුවට තිබුනේ ඒ මහා විරු සැමරුම තමන්ගේ අතට ගන්න, යුද්ධය නිසා වැටුණු මිනිස්සු සිහි කරන්න, එතෙන්දි නමක් ගමක් නොසළකා පොදුවේ යුධ්ධයෙදී මියගිය එවුන් සමරන්න තිබුනා,
අපි සාමයට ගෙව්ව් මිල මේකයි කියල පෙන්වන්න තිබුනා. එහෙම කරනවා නම් ජාතන්ත්‍යන්තර ප්‍රජාවට පෙන්වන්න තිබුනා අපේ අපේක්ෂාව සාධාරණ සමාජයක්, අපි විශේෂකොට මිනිසුන්ට සලකන්නේ නෑ කියල,
එත් එහෙම කරන්නේ නෑ. ඇයි ඒ? තවමත් අපේ දේශපාලකයන්ට ඕන මිනිස්සු බෙදා වෙන් කරන්න, මොකද එතකොටයි බලය ගන්න පහසු.