මුරකරුගේ ඇට කුඩු!!!!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මුරකරුගේ ඇට කුඩු!!!!

උන්ට ජාතික උරුමය කන්ට, අපි ඇටකටු කුඩුකර ගන්ට!

කෞතුකාගාරයේ පුරාවස්‌තු කොල්ලයෙන් පසු පැහැරගෙන ගොස්‌ ඇටකටු කුඩුකළ කලාභවන මුරභාරකරුගේ පාපොච්චාරණය
mura2.jpg

අපේ රටේ අගනුවර රැකියාවක නියුතුව සිටි ස්‌ටැන්ලි ලියනගේ නම් වූ පෞද්ගලික ආරක්‍ෂක අංශ සාමාජිකයෙක්‌ හිටි හැටියේම අතුරුදන් වීමත් සමග මේ මතෘකාව කරලියට පැමිණියේය. ස්‌ටැන්ලි පදිංචිව සිටියේ උඩුනුවර ලීමගහකොටුවේ රංගමය. ඔහු රැකියාව කරනු ලැබුවේ කොළඹ කටුගෙට නුදුරු කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා ලෙසිනි.

මේ වන විට ස්‌ටැන්ලි ලියනගේ නම් වූ කලාභවනේ ස්‌ථාන භාර නිලධාරියා අස්‌ථි බිඳුම්, ස්‌නායු ආබාධ ඇතිව බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ 17 වන වාට්‌ටුවේ ඇඳක්‌ මත නිසොල්මන්ව සිටින්නේය.


පසුගිය 12 දා උදේ දහයට විතර මම ගෙදරින් පිටත්වෙලා කොළඹ යන්න ගියා. මගේ ගෙදර තියෙන්නේ උඩුනුවර රංගම කියන ප්‍රදේශයේ. මම කොළඹට ගිහින් බසයෙන් බහින කොට වේලාව දහවල් දෙක පහුවෙලා තිබුණා. මතකයේ හැටියට 2.15 යි. බස්‌ එකෙන් බහිනකොටම මං ඉදිරියට ආපු දෙන්නෙක්‌ අපි සී. අයි. ඩී. අපට ඔයාගෙන් කට උත්තරයක්‌ ගන්න තියෙනවා. කොටුව පොලිසියට යමු කියලා ත්‍රිරෝද රථයකට මාව නග්ගවා ගත්තා. මම වැඩ කරන තැන කෙනකුට, විඡේසිංහට දුරකතනයෙන් කථා කරලා මේ ගැන කිව්වා. විඡේසිංහ ආපසු මගේ දුරකථනයට ඇමතුම් කළත් ඒවාට උත්තර දෙන්න ඉඩක්‌ ලැබුණේ නෑ.

ත්‍රිරෝද රථය වේගයෙන් ඇදී ගියේ කොටුව පොලිසිය දිසාවට නම් නොවෙයි. සුගතදාස ක්‍රීඩාංගනයේ නාමපුවරුව මතකයි. එතැනින් අතුරු පාරකට හරවල ගියා.

කටඋත්තර ගන්න යමු කිව්වා. මම බය වුණේ නෑ. පසුගිය මාස කිහිපය පුරාවටම කටඋත්තර දීලා තිබුණා. ඒක මට අමුතු දෙයක්‌ නෙවෙයි. කටුගෙයි පුරාවස්‌තු කොල්ලය ගැන තමයි ඒ කටඋත්තර ගත්තේ.

මාර්තු මාසයේ මැද භාගයේදී ජාතික උරුමයේ මහගෙදරට හොරු පැනලා අපේ ඉතිහාසය සොරා ගත් දිනයේ ඉඳන්ම කටඋත්තර දීලා හොඳ පුරුද්දක්‌ දැන් තියෙනවා. ඒ කාලේ අයි. ඩී පෙන්න පෙන්න ආපු සී. අයි. ඩී. අය අනන්තයි. අප්‍රමාණයි.

එහෙම හිතලයි මම එදත් ගියේ. නමුත් ඈතට ඈතට යනකොට අමුත්තක්‌ සැකයක්‌ ඇතිවුණා. නමුත් කරන්න කිසිවක්‌ මට ඉතිරිවෙලා තිබුණේ නෑ.

සුගතදාස එක ළඟදී මගේ ඇස්‌ දෙක බැන්දා. අත් දෙකත් බැන්දා. ත්‍රිරෝද රථය නතර කරලා වෙනත් වාහනයකට මාව මාරු කළා. තේරුණු හැටියට ලොකු වාහනයක්‌. කොටුවේදී හම්බවුණ අයට අමතරව තවත් කිහිපදෙනෙක්‌ සිටි බව තේරුම් ගියා.

වාහනය සෑහෙන දුරකට ගිහින් ගොඩනැගිල්ලක්‌ තුළට මාව අරගෙන ගියා. අත් කුකුල් බැඳලා පොල්ලක දාලා කැරකුවා. බොහෝ දෙනා ඔය ක්‍රමයට කියන්නේ ධර්ම චක්‍රයේ දානවා කියලා. දවස්‌ තුන හතරක්‌ අත් දෙකෙන් කකුල් දෙකෙන් එල්ලලා තිබ්බා. පහරදීම් කළා. බත් පාර්සලයක්‌ දීලා කන්න කියනවා. ඒ වෙලාවට අත් දෙක ලිහනවා. මුළු පාර්සලයම කන්න ඕනෑ. ඉතුරු කළොත් කාපුවා වමාරන්න ගහනවා. අද මට බත් පේන්ත් බෑ. අප්‍රියයි.

ඔබට එහෙම ගහන්න තිබුණ හේතුව මොකක්‌ද මම ඔහුව විමසීමි.

හේතුවද? හේතුව කෞතුකාගාරයේ බඩු නැතිවෙච්ච දා දැක්‌ක දේවල් එළිකරපු එක.

මොනවද එදා දැක්‌කේ

අපට කෞතුකාගාරය හොඳට පේනවා.

කෞතුකාගාරයේ බඩු නැතිවුණා කියන රාත්‍රියේ කුරුඳුවත්ත පොලිසියේ හදිසි ඇමතුම් කාරය රාත්‍රි එකත් එකයි තිහත් අතර කෞතුකාගාරයේ දොරකඩ නතර කරලා තිබුණා. එක්‌කෙනෙක්‌ කාර් එකට හේත්තු වෙලා හිටියා. තවත් කෙනෙක්‌ කෞතුකාගාරය පැත්තෙ ඉඳලා ඇවිත් වාහනයට නැග්ගා. ඒක අපි දැක්‌කා. ඔය කාර් එකේ තමයි කෞතුකාගාරයේ යතුර උදේ හවස ගෙනයන්නේ.

පසුදා මහ කලබැගෑනියක්‌. කෞතුකාගාරයේ බඩු වගයක්‌ නැතිවෙලා. පොලිසිය පරික්‍ෂණ කටයුතු ආරම්භ කරලා. අපි දැක්‌ක දේ එදා අපි ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය තමයි මේ තත්ත්වයට ප්‍රධාන හේතුව.

එදා ඉඳන් වරින් වර මගෙන් ප්‍රකාශ ලබාගත්තා. ආයතනයට ඇවිත් ප්‍රකාශ ගත් දින, වෙලාවල් මම පොත්වල සටහන් යොදා තිබුණෙ. ස්‌ටැන්ලි සිද්ධිය ඒ ආකාරයට දිගහැරියේය.

මේ අතරතුර කාලයේදී එනම් 13 දා ස්‌ටැන්ලිගේ සහෝදර ආරක්‍ෂක නිලධාරියා ඔහුගේ නිවසට කථා කළේය. ස්‌ටැන්ලි වැඩට ආවේ නැති බවත් මගදී කථා කර කොටුවේ පොලිසියට යනවා කියා කී බවත් දන්වා තිබිණි. නැවත ඔහු ආවේ නැති බවත් කථා නොකළ බවත් එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියා තිබිණි.

ඒ පණිවුඩය පවුලේ අයව මහත් සේ කම්පා කළේය. ස්‌ටැන්ලිගේ බිරිඳ සේපාලිකා ඇයගේ සහෝදරයා වන සුනිල් සමග 13 රාත්‍රියේ දව්ලගල පොලිසියට ගොස්‌ අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක්‌ සටහන් කෙරුවාය. බිරිඳ සහ සොයුරා ඉන් නොනැවතී පොලිස්‌පතිවරයාටත් පැමිණිලි කළහ.

පොලිස්‌පති කාර්යාලයෙන් ඔවුන්ට උපදෙස්‌ දෙන්නේ රහස්‌ පොලිසියේ පරීක්‍ෂා කරන්නටය. ඒ අනුව ඔවුහු රහස්‌ පොලිසියට යති. එහි නිලධාරීහු ස්‌ටැන්ලි පිළිබඳ කිසිවක්‌ නොදන්නා බව දන්වා සිටිති. අනතුරුව ඔවුහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරති. අනතුරුව සියලු තොරතුරු ජනාධිපතිතුමාටත් ආරක්‍ෂක ලේකම්වරයාටත් µeක්‌ස්‌ කර යවති.

zzමට හිතෙන්නෙ ස්‌ටැන්ලි පැහැරගත්තෙ අතුරුදන් කරන්න කියලා, ඊට හේතු කාරණාවන් තියෙනවා" එහෙම හඬ අවදි කළේ ස්‌ටැන්ලිගේ ඥති සොයුරු ප්‍රාදේශීය දේශපාලනඥයකු වන සුනිල්ය.

කෞතුකාගාරයේ බඩු නැතිවුණු දා ඉඳලා මෙයාගෙන් සී. අයි. ඩී. ය කටඋත්තර ගත්තා කියලා අපි දන්නවා. සී. අයි. ඩී. අය අපේ ගමට රංගොඩට ආවා. ස්‌ටැන්ලි එක්‌ක වැඩ කරන බණ්‌ඩාර හොයන්න, ප්‍රකාශන ලබාගන්න පොල්වත්තේතැන්නට ගියා. ඒ නිසා අපිට මේ සිදුවීම පිළිබඳ සැකයක්‌ තිබුණා. මේ සිද්ධිය ගැන අපි ස්‌ටැන්ලිගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයේ ප්‍රධානියාව දැනුවත් කළා.13 දා දුරකථනයෙන් කථා කරලා ඔහුගෙන් විමසීමක්‌ කළා. ඔහු කිව්වේ මට ඒ බව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දුන්නා කියලා. ඒ කරුණු එක්‌ක අපි මේක අතුරුදන්වීමක්‌ හැටියට තීරණය කළා. අපි දිගින් දිගටම සෙව්වා. සුනිල් ඒ ආකාරයට කීවේය.

යළිත් වතාවක්‌ ස්‌ටැන්ලි හඬ අවදි කළේය. ජුනි මස නව වැනිදා සී. අයි. ඩී. එකේ ඒ. එස්‌. පී. කෙනෙක්‌ මාව හම්බවෙන්න වැඩ කරන තැනට ඇවිල්ලා ටිකක්‌ කථා කරන්න හම්බුවෙන්න ඕන කිව්වා. මම කිව්වා මම අද නිවාඩු යනවා දවස්‌ තුනකින් 12 දා එනවා ආපහු ආවාම හමුවෙමු කියලා. සී. අයි. ඩී. අය මගේ පස්‌සේ එන බව මට තේරුණා. හැබැයි එදා බස්‌ එක ළඟට ආවේ සී. අයි. ඩී. යේ අයි. පී. ලා දෙන්නෙක්‌. පැහැරගෙන ගිය දවසේ ඉඳලම මගේ ඇස්‌ දෙක බැඳලා තිබුණේ. කොහේද හිටියේ, කවුද හිටියේ කියල මම දන්නේ නෑ. zzකටුගේ කඩුව උඹ ගත්තා කියපන්. එතකොට මේ කරදර ඔක්‌කොම ඉවරයි. අපි උඹේ පරම්පරා හතක්‌ බලාගන්නම්" කියලයි ඔවුන් මගේ ප්‍රකාශයක්‌ ගන්න උත්සාහ කළේ. ඇයි මම ඒක භාරගන්නේ. එදා වේදිකාවේ ලයිට්‌ හයිකරන්න කට්‌ටිය ඇවිත් හිටියා. දහදෙනෙක්‌ විතර එතැන වැඩ කළා. පිටස්‌තර කවුරුවත් එතැනට ආවේ නෑ.

දැන් කථාවක්‌ පතුරවනවා පොලිස්‌ බල්ලෝ කලාභවන ළඟට ඇවිත් නතර වුණා කියලා. එහෙම දෙයක්‌ වුණේ නෑ. අසත්‍ය ප්‍රචාර සිදුකරලා සත්‍ය වසන් කරන්නයි කට්‌ටිය උත්සාහ කරන්නේ.

ඔය දැන් කලබල වෙලා ඉන්න අය ඇවිත් අපිට කිව්වා නම් උඹලා දැක්‌ක දේවල් කාටවත් කියන්න එපා කියලා අපි කාටවත් කියන්නේ නෑ.

සොරකම් කරපු අය අල්ලලා දඬුවම් කරන එක ඒ අයගේ වගකීමක්‌. ඔහු පවසයි.

ස්‌ටැන්ලි ලියනගේ අතුරුදන් වී දින 20 කට පසු පසුගිය 02 දා අලුයම් කාලයේදී ත්‍රිරෝද රියකින් රංගම පිහිටි තම නිවසට පැමිණියේය. එය සිදුවූ ආකාරය පිළිබඳ මම විමසීමි.

දැත් ඇස්‌ බැඳලා හිටිය මාව වාහනයකට නග්ගවාගෙන වාහනය පිටත් වුණා. කොහේ ඉන්නවාද කොහේ යනවාද කිසිම දෙයක්‌ දන්නේ නෑ. වාහනය එක තැනක නතර වුණා. එහි හිටපු කට්‌ටිය බැස්‌සා. මාවත් බිමට ගත්තා. තල්ලුකරල දාල මට කිව්වා අපි උඹව දාලා යනවා. විනාඩි පහකින් ඇස්‌ දෙක ලිහාගනින් කියලා. අත් දෙක ලිහලා ඔවුන් වාහනයෙන් පිටත් වුණා.

මම මගේ දැතින් ඇස්‌ ආවරණය ලිහා දැම්මා. කළුවරක සිටින බව තේරුණා. සෑහෙන වෙලාවක්‌ මහ පාරේ වැතිර සිටියා. යම්තම් එළිය වැටීගෙන එන බවක්‌ තේරුණා. ඔµsස්‌ යන වාහනවල හඬ ඈතින් ඇහෙන්න ගත්තා. අඩි සද්දත් ඇහුණා. ඔවුන් ටිකෙන් ටික ළං වුණා. කොහේද කවුද කිසිවක්‌ නොදන්න මම ඔවුන්ගෙන් ඇහැව්වා කොළඹට යන්නේ කොහොමද කියලා.

කොළඹට යන්න නම් මෙතැනින් පිළිමතලාවට ගිහින් කොළඹ යන්න ඕනෑ කියලා. මම ඇහැව්වා මේ කොහේද කියලා.

මේ ගඩලාදෙණිය. ඔවුන් පිළිතුරු දුන්නා. මම නිහඬ වුණා. ඔවුන් එතැනින් නික්‌මිලා ගියා. හිතට ලොකු සහනයක්‌ දැනුණා. ඒත් මට නැගිටගන්න බෑ. හොඳට එළිය වැටෙනකම් හිටියා. ත්‍රිරෝද රථයක්‌ නතර කරලා මාව රංගමට ගිහින් දාන්න කියලා කිව්වා. ඔහොම තමයි මම ආපසු ගෙදරට ආවේ. ඊට පස්‌සේ පවුලේ අය එකතුවෙලා මාව රෝහලට ගෙන ආවා.

මාව මහමඟට ගෙනත් දාපු අය මට අවවාද කරලයි ගියේ. මට මාධ්‍යයට කරුණු දන්වන්න, මාධ්‍ය සාකච්ඡා තියන්න තහනම්. එහෙම කළොත් උඹේ දුවව පාරදිගේ හොයන්න වැඩක්‌ කරනවා." උඹේ සහෝදරයාව රුපියල් විසිහතරක්‌ (24/-) වියදම් කරලා ඉවරයක්‌ කරලා දානවා කියලා."
http://www.divaina.com/2012/07/08/feature15.html
 
  • Like
Reactions: sachiDzz

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කතාව සත්‍ය කතාවක්නම් අද රටේ නීතිය , සාධාරණය සහ රාජ්‍ය දේපල සොරකම ගැන තවත් උදාහරණ ඕනි නෑ......
    අපි කොච්චර විරුද්ද උනත් මුන් මේ අසාධාරණය නවත්වන්නේ නෑ...
    අපි කොච්චර අසරණද ????
    :(:(
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    මේ කතාව සත්‍ය කතාවක්නම් අද රටේ නීතිය , සාධාරණය සහ රාජ්‍ය දේපල සොරකම ගැන තවත් උදාහරණ ඕනි නෑ......
    අපි කොච්චර විරුද්ද උනත් මුන් මේ අසාධාරණය නවත්වන්නේ නෑ...
    අපි කොච්චර අසරණද ????
    :(:(
    kiyala wedak ne ban...:no::no::no:
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    DjSunimal
    anduwata p*ka deela thota monada labenne???
    yako me rata kala ewarai dan me we*ige puthala tikai , thaththai....
    api asaranai...ape e laga paramparawakata me rate kisima deyak ne bukthi widinna..
    balan edapa..gedarata awilla ubatath p*ke arala yanakan..uba asaine ekata...
    p*nsiya !!!!
    aththa kata karapan..barinam kata wahagena edapan
    mage rep kapapan..mama meke enne rep ganna nemi...... :P
     
    • Like
    Reactions: sudeewa

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ekadipathi palanayak dan me rate tiyenne... munta chande dena minissu kawadada me asadarane therum gannee..???
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    mole ne

    eka therum ganna tharam molayak ne ban me chande dena h*ththige puthalata
    dan balapan rate adyapanaya kanawa..ai a??
    mee harak tikak eliyata danna..ethakota munta hamadama oya sellama karanna puluwan ne...kalakani para haththa...........
    :shocked::shocked::shocked::shocked::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dj sunimal. uab nokakkda danne ban. buuwek vage katah karanna epa. oya vage kuhaka sara asththunisa thmai lankavata kela venne. ain karapan budda kodiya . amalama
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dj wage nikmmuta megana katha karann aithiyak naha ban. pit bull sahodraya suddage laketh thamange vasiyata ammath ekka nida gaththa una hitiya. owa ohoma thmai ganann epa sunimal vge napunsakyanva.ara gutikapu miniha hero kenekuta api oluwa namanna oni. brothesla kamathinam mava add karanna
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kuruduwaththe policiye alaram ekakuth thiyenawalu kawthukagareta horu pannoth nada wenna. puduma wade kiyanne oka wechcha dawase eka nada wela na. itath wada loku pudume kiyanne ehema alarm eka paththu une naththe ai kiyala hoyanawa thiya, ehema alarm ekak thibba kiyalawath parikshana karana ayata matak wela na.
    Mahindaya Zunami hora witarak newe Kawthuka wasthuth hora.