මුරලි දේශපාලනයට ?????

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මුරලි දේශපාලනයට ?????

    ජනතාවගේ ප්‍රසාදය තමා හට අන් කිසිවකටවත් වඩා වැදගත් බවත්, එබැවින් ක්‍රිකට් දිවියට සමු දුන් පසු කිසි දිනෙක දේශපාලනයට ඇතුල් නොවන බවත් මුරලිදරන් කියයි.


    ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගන්නා බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එසේ සඳහන් කළේය.

    මේ දක්වා තමා හට උපකාර කළ සියළුම දෙනා හට සිය ප්‍රණාමය එක් කරන බව කී මුරලිදරන්, සිය සමු ගැනීම සටහන් කළේ මෙසේය.

    “මං හිතනවා මේ කාලය සමු ගන්න හොඳම කාලය කියලා. අපි නවකයින්ට අවස්ථාව දෙන්න ඕනෙ. අද අපි‍ට ඉන්නවා දක්ෂ දඟ පන්දු යවන්නන් 03 දෙනෙක්. අපි අයින් වුණොත් තමයි ඔවුන්ට අවස්ථාව හිමි වන්නේ. මටත් මුලදී මේ විධියට අවස්ථාව හිමි වූ නිසා තමයි මේතාක් දුර එන්න හැකි වුණේ”

    “මං ඉවත් වෙන්නේ පරිපාලනය කෙරෙහි ඇති වුණු කළකිරීමෙන් කියලා ඇතැමුන් කියාවි. නමුත් මා තුළ එවැනි කිසිදු කළකිරීමක් නෑ. නවකයින්ට අවස්ථාව දීමේ අරමුණින් තමයි මං මේ තීරණය ගත්තේ”

    දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ ද නායකත්වය නොලැබීම සම්බන්ධයෙන් සිත් තැවුලක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමදී හෙතෙම මෙසේ කියා සිටියේය.

    “මම කිසි දවසක නායකත්වය ලබා ගන්න කැමති වුණේ නෑ.මං හැමදාම හිතුවේ මං එයට සුදුසු කෙනෙක් නෙ‍වෙයි කියලා. නායකයෙකු වන්නට විශේෂ දක්ෂතා රැසක් හැම අතින්ම තියෙන්නට ඕනේ.නමුත් මං අවධානය යොමු කළේ bowling වලට විතරයි. මට හොඳට bat කරන්නත් බැහැ ”

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීය.

    “ලබන 18 වැනිදා සිට ආරම්භ වන ඉන්දියාවත් සමඟ තරඟ කරන මගේ අවසන් ටෙස්ට් තරඟයේදී කඩුළු 800 ඉලක්කය සපුරා ගැනීමයි සිහිනය වන්නේ. කඩුළු 800ත් සමඟ Match දිනලා මගේ සමු ගැනීම සටහන් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා”

    මේ අතර ක්‍රිකට් ජීවිතයෙන් පසු දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට හෙතෙම පිළිතුරු දුන්නේ මෙසේය.

    “මගෙ කිසිම බලාපොරොත්තුවක් නෑ දේශපානයට එන්න.මට මේ ඉන්න විධිය හොඳයි. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩ‍කයෙක් විධියට ජනතාව තුළ මා කෙරෙහි පිළි ගැනීමක් තියෙනවා. මං කැමති නෑ ඒක නැති කරන ගන්න. ඒ නිසා මේ ඉන්න විධියටම ඉන්න මං කැමතියි”


    දේශපාලනයට එනවට වඩා ජනතා ප්‍රසාදය මට වැදගත්
    - ටෙස්ට් දිවියට සමු දෙමින් මුරලි කියයි
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    This is what we call personality. He know his capabilities. He had done his work for the country very well and left with all pride. We are proud of you Murali. Hats off to you..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුරලි හොද ටෙස්ට් දක්ෂකම් පෙන්වන අවඩියේදි මේ වගේ තිරණයක් ගත්ත එක ගෑන මං සතුටු වෙනවා..
    තමාගේ දක්ෂකම හොද මට්ටමේ තියෙද්දි.. වෙනත් අය වෙනුවෙන් අවස්ථාවක් දීලා මේ වගේ තිරණයක් ගත්ත එක ගෑන, අපේ කණ්ඩායමේ ඉන්න සමහර ක්‍රිඩකයන්ට මේක හොද පාඩමක් වෙයි..
    අනික.. සනත් වෑනි පුද්ගලයෙක්, ගේ දක්ෂතා පහල බෑස ගිහිල්ලා තියෙද්දිත්, අන් අයට අවස්ථාවක් දෙන්නේ නෑතිව..
    ආර්මාර්ථකාමි ප්‍රතිපත්තියක් ගෙන යන එක ගෑන..
    මං විතරක් නෙවෙයි.. දෑන් මුළු ලොවෙම අවධාරණයට ලක් වෙලයි තියෙන්නේ..

    ඒ අතින් බලද්දි.. මුරලි.. අපිට වගේම.
    මුලු හෑම ක්‍රිකට් ක්‍රිඩකයන්ටම ආදර්ශයක් වෙයි..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මුරලි හොද ටෙස්ට් දක්ෂකම් පෙන්වන අවඩියේදි මේ වගේ තිරණයක් ගත්ත එක ගෑන මං සතුටු වෙනවා..
    තමාගේ දක්ෂකම හොද මට්ටමේ තියෙද්දි.. වෙනත් අය වෙනුවෙන් අවස්ථාවක් දීලා මේ වගේ තිරණයක් ගත්ත එක ගෑන, අපේ කණ්ඩායමේ ඉන්න සමහර ක්‍රිඩකයන්ට මේක හොද පාඩමක් වෙයි..
    අනික.. සනත් වෑනි පුද්ගලයෙක්, ගේ දක්ෂතා පහල බෑස ගිහිල්ලා තියෙද්දිත්, අන් අයට අවස්ථාවක් දෙන්නේ නෑතිව..
    ආර්මාර්ථකාමි ප්‍රතිපත්තියක් ගෙන යන එක ගෑන..
    මං විතරක් නෙවෙයි.. දෑන් මුළු ලොවෙම අවධාරණයට ලක් වෙලයි තියෙන්නේ..

    ඒ අතින් බලද්දි.. මුරලි.. අපිට වගේම.
    මුලු හෑම ක්‍රිකට් ක්‍රිඩකයන්ටම ආදර්ශයක් වෙයි..

    dawase kathaawa:yes::yes::yes:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Ya its super word . we respect to u Muralli. and u wrote big history of Srilankan cricket. all da best


    sanath gana kiyanawanam ada sanath kanagatu wenawa athi eya deshapalaneeta apu eka gana. ada eya hodata bat nokara hitiyath samahara wita minissu mukuth nokiyanna tibuna eya deshapaalaneeta noawanam. monawa unath sanathuth ape cricket ada tiyana thanata geenna godak mahansi una.a goverawaya eyata yanna oni aniwaa.
     
    Last edited: