මුරලි දේශපාලනයට ?????
ජනතාවගේ ප්‍රසාදය තමා හට අන් කිසිවකටවත් වඩා වැදගත් බවත්, එබැවින් ක්‍රිකට් දිවියට සමු දුන් පසු කිසි දිනෙක දේශපාලනයට ඇතුල් නොවන බවත් මුරලිදරන් කියයි.
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගන්නා බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එසේ සඳහන් කළේය.
මේ දක්වා තමා හට උපකාර කළ සියළුම දෙනා හට සිය ප්‍රණාමය එක් කරන බව කී මුරලිදරන්, සිය සමු ගැනීම සටහන් කළේ මෙසේය.
“මං හිතනවා මේ කාලය සමු ගන්න හොඳම කාලය කියලා. අපි නවකයින්ට අවස්ථාව දෙන්න ඕනෙ. අද අපිට ඉන්නවා දක්ෂ දඟ පන්දු යවන්නන් 03 දෙනෙක්. අපි අයින් වුණොත් තමයි ඔවුන්ට අවස්ථාව හිමි වන්නේ. මටත් මුලදී මේ විධියට අවස්ථාව හිමි වූ නිසා තමයි මේතාක් දුර එන්න හැකි වුණේ”
“මං ඉවත් වෙන්නේ පරිපාලනය කෙරෙහි ඇති වුණු කළකිරීමෙන් කියලා ඇතැමුන් කියාවි. නමුත් මා තුළ එවැනි කිසිදු කළකිරීමක් නෑ. නවකයින්ට අවස්ථාව දීමේ අරමුණින් තමයි මං මේ තීරණය ගත්තේ”
දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ ද නායකත්වය නොලැබීම සම්බන්ධයෙන් සිත් තැවුලක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමදී හෙතෙම මෙසේ කියා සිටියේය.
“මම කිසි දවසක නායකත්වය ලබා ගන්න කැමති වුණේ නෑ.මං හැමදාම හිතුවේ මං එයට සුදුසු කෙනෙක් නෙවෙයි කියලා. නායකයෙකු වන්නට විශේෂ දක්ෂතා රැසක් හැම අතින්ම තියෙන්නට ඕනේ.නමුත් මං අවධානය යොමු කළේ bowling වලට විතරයි. මට හොඳට bat කරන්නත් බැහැ ”
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීය.
“ලබන 18 වැනිදා සිට ආරම්භ වන ඉන්දියාවත් සමඟ තරඟ කරන මගේ අවසන් ටෙස්ට් තරඟයේදී කඩුළු 800 ඉලක්කය සපුරා ගැනීමයි සිහිනය වන්නේ. කඩුළු 800ත් සමඟ Match දිනලා මගේ සමු ගැනීම සටහන් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා”
මේ අතර ක්‍රිකට් ජීවිතයෙන් පසු දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට හෙතෙම පිළිතුරු දුන්නේ මෙසේය.
“මගෙ කිසිම බලාපොරොත්තුවක් නෑ දේශපානයට එන්න.මට මේ ඉන්න විධිය හොඳයි. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විධියට ජනතාව තුළ මා කෙරෙහි පිළි ගැනීමක් තියෙනවා. මං කැමති නෑ ඒක නැති කරන ගන්න. ඒ නිසා මේ ඉන්න විධියටම ඉන්න මං කැමතියි”
දේශපාලනයට එනවට වඩා ජනතා ප්‍රසාදය මට වැදගත්
- ටෙස්ට් දිවියට සමු දෙමින් මුරලි කියයි