මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උඹත් London ඉඳන් සුද්දට කඹුරන්නේ ලංකාවට ඇවිත් වැඩ කරපංකෝ.

මම සුද්දන්ට කඹුරන්නේ නෑ.සුද්දො මට කඹුරනවා:yes::baffled:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම සුද්දන්ට කඹුරන්නේ නෑ.සුද්දො මට කඹුරනවා:yes::baffled:
    සුද්දෝ උඹට කඹුරනව, උඹ සුද්දගේ රටට කඹුරනවා. අන්තිමට වෙලා තියෙන්නෙ සුද්ද උන්ගේම රටට කඹුරන්න උඹව අතරමැදියෙක් විදිහට පාවිච්චි කරන එක. :sorry:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආටිකල් එක ලියපු එකා බැට් එකක් බෝලයක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    http://www.gossipking.lk/2016/07/24/21645/

    මු කියන කතාවෙ ඇත්තක් තියෙනවා මචන්ලා.. මාත් හිතන් හිටියේ මුරලි කරන වැඩේ හරි කියලා.. ඒත් මූ එතික්ස් අමතක කරලා..

    ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොහොබිනා මෙන්ම උචිත නොවන ක්‍රියා කලාපයන් 2ක් පිළිබඳව වාර්තා වනවා.

    ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන මෙම ක්‍රීඩකයා සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරයමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමටත් වඩා පහසුකම් ලබා දීමට ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වනවා.

    ඔහු පසුගියදා පැවති ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පුහුණු තරගයේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් පීසරා ඕවල් ක්‍රීඩාංගනයේදී ලබා දීමට ප්‍රමුඛතාවයද ගෙන ඇති බව වාර්තා වනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබුණා. නමුත් වින්සරා ඕවල් ක්‍රීඩාංගනයේ බලධාරීන් සමග කුලුපගු වූ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව දඟ පන්දු යවන්නන්ට හිත කර තණතීරුවක් පීසරා ඕවල් ක්‍රීඩාංගනයේදී පුහුණු තරඟය සඳහා සකසා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට හොඳ පුහුණුවක් ලබා ගැනීම සඳහායි. එහි අවසන් ප්‍රතිපලය වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ස්ටීවන් ඔකස්පී පුහුණු තරඟයේදී කඩුලු 10ක් දවා ගනිමින් ශ්‍රී ලංකා තණතීරුවලට හුරු වීමයි.

    මේ අතර අද දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගනයේදීද මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුව අවනීත ක්‍රියාවක නිරත වූ බවට වාර්තා වනවා. එහිදී කණ්ඩායම් දෙකටම පල්ලකැලේ ක්‍රීඩාංගනයේ ඇතුලත පුහුණු වීම් සඳහා යොදා ගැනීමට අවසර දී තිබුනේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සඳහා ඉල්ලීම් කලද ඒ සඳහා ක්‍රීඩාංගනයේ පරිපාලනය විසින් අවසර ලබා දී තිබුනේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන හිටපු සුපිරි ක්‍රිකට් තරුව ඔවුන්ගේ පන්දු යවන්නන් කිහිපදෙනෙකු සමගින් පල්ලකැලේ ක්‍රීඩාංගනය තුල පුහුණු වීම් සිදු කිරීමට පටන් ගෙන තිබෙනවා. එහිදී ක්‍රිකට් බලධාරීන් ඔහුට දන්වා තිබුනේ එම පුහුණු වීම් එලෙස ක්‍රීඩාංගනය තුල සිදු කිරීමට ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් අවසර ලබා නොදුන් බවයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව යමින් ඔහු සිය ක්‍රියාව දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබෙනවා.

    මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ඔහුට අවවාද කර තිබුනේ මෙම ක්‍රියාව වහාම නවත්වන ලෙසයි. එම දැන්වීමත් සමග මේ සුපිරි ක්‍රිකට් තරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් කෙසේ හෝ එම ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදු කල යුතු බවට කතා කරමින් ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග වාදයක පැටලී තිබෙනවා. ඒ අතර තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරවරයාට මොහු බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ හෝ මේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ අවනීත ක්‍රියාව නැවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබෙනවා. මේ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යවන්නන්ද රැගෙන ඉන් ඉවත් වූ බවයි පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය දක්වන මේ සුපිරි ක්‍රිකට් තරුව විවිධ අවස්ථාවන් වලදී අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවේදී ඔහු සමග සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

    නමුත් ඔහුට ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් තරග සංචාරය සඳහා ලැබෙන ඩොලර් 35000ක නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායමට කෙසේ හෝ මේ තරඟාවලිය ජයග්‍රහණය අත්‍ කර දීමට කැප වී ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ. කණගාටුවට කාරණයනම් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටවත් නොලැබෙන පහසුකම් ලබා ගනිමින් බලහත්කාරයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඉතාමත් ඉහල පුහුණුවක් ලබා දීමට කැපවීමයි.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    බලපන් මුන්ට කොච්චර පහත් කුහක මනසිකත්වයක්ද තියෙන්නේ. මුරලි No-Ball දානවා කිව්ව උන්ම දැන් ඌව උපදේශකයෙක් කරගෙන. උන්ට නැති අමාරුවක් තියෙන්නේ කුහකයන්ට විතරයි. Lanka(e)(C)news එකේ යන news ගැන, බලන උන් ගැන අයේ ඉතින් කතා කරලා වැඩක් නෑ.
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    "මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි"
    ලංකාවේ නම ලෝකෙට ගිනියපු කෙනෙක්ට හරි වැරදි හරියට හොයන්නේ නැතිව මෙහෙම කුණුහරපෙන් බැනලා ත්‍රෙඩ් ටයිටල් දාන එක හරිද?

    Sri lankan team එකට bowling coach ට ඉල්ලුම් පත් කැඳවද්දී චමින්ද වාස් ලක්ෂ විස්සක් හරි 40ක් හරි මාසෙට ඉල්ලලා තිබුනා. ඒකෙ කිසිම වරදක් නෑ වාස් ජොබ් එකට සල්ලි ඉල්ලුවේ.

    ඒත් මුරලි..
    මුරලි ඒ bowling coach ජොබ් එකම නොමිලේම Sri lankan team කරලා දෙන්නම් කියලා ඉදිරිපත් වුනා. එහෙමයි මුරලි ලංකාවේ වැඩ වලට සල්ලිත් නොගෙන දවසේ ගානේ මහන්සි වෙන්න වෙන ජොබ් එකකට ඉදිරිපත් වුනේ. මුරලි කියන්නේ මනුස්සකම උපරිමෙන්ම තියෙන මනුස්සයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවුණු.

    මහේල සෙල්ලම් කරපු පලවෙනි ටෙස්ට් මැච් එකේම තමයි සනතුයි රෝශානුයි ලෝක වාර්තා ගොඩක් තියලා ලෝකේ වැඩිම ඉනිමක ලකුණු 952 වාර්තාව පිහිටෙව්වේ. එහෙව් මැච් එකක විකට් කුරක් සිහිවටනයක් විදියට ගන්න ඕනේ ක්‍රීඩකයෙක් පොරකනවා. මුරලිත් දුවන් ඇවිත් එකක් ගත්තා මැච් එක ඉවර වෙද්දී. මහේල එක විකට් එකක් ගාවට දුවද්දී එතන විකට් කූරු ඉවර වුනා. ඊට පස්සේ අනිත් විකට් ඒකට ආයේ දුවන්න බලද්දී එතන විකට් කුරුත් කට්ටිය ගලවන්. මහේලගේ මුණ දුකෙන් ඇඹුල් වෙද්දී මුරලි තමයි හිනා වේවි ලෝකෙම කතා කරන මැච් එකක සිහිවටනයක් විදියට ගත්ත තමන්ගේ විකට් කුර ඒ වේලේම මහේල කියන තමන්ගේ පළවෙනිම ටෙස්ට් තරඟයට සහභාවුනු අලුත් ක්‍රීඩකයට එදා දුන්නේ.

    ඒ වගේම channel4 අනන් මනං වලින් ඇවිල්ල දෙමළ මිනිස්සුන්ට නැති ප්‍රශ්න තියෙනවා කියලා ලෝකෙට මාවා පාන්න හදද්දී, මුරලි උන්ගේ ඉන්ටවිව් එකකට ඇවිල්ල 'මමත් දෙමළ, ඔය කියන ව්දියේ ප්‍රශ්න නෑ. නැති ප්‍රශ්න ඇති කරන්න එපා රටේ යුද්ධේ ඉවර වෙලා ඉස්සරහට යන්න හදද්දී. මොනවා හරි වෙලා තියෙනවා නං ඒ දේවල් අමතක කරලා රට දියුණු කරන එකයි දැන් කරන්න ඕනේ'
    කියලා කිව්වා

    මුරලි ඔය අනිත් අය වගේ දේශපාලනේට ඇවිත් මිනිස්සු රවට්ටලා ලකුණු දා ගෙන චන්දෙ දිනලා ජනතා මුදල් ගසා කන්න නෙවෙයි ඒ දේවල් කරේ.

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    3194237-1444153317-800.jpg

    22s_mmuralitharan,0.jpg

    _828531_emerson_murali150.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආටිකල් එක ලියපු එකා බැට් එකක් බෝලයක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි.

    වෙන්න පුලුවන්.නමුත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලංකාවේ ෆස්ට් ක්ලාස් ක්ලබ් වලට ගහපු දක්ෂ ක්‍රිකටර් කෙනෙක් කියලා මතක තියා ගන්න
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    No words. Murali is one of my favorite cricketers. And I believe he is the best bowler of all time. This article is trying to say something bad about Murali. But the reality is Murali has done more than the country has done to him. We can't just measure/equalize it with the salary he got from SL cricket board which may be the same as other cricketers.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාව ඕස්ට්‍රිලියාවෙන් හොදි නැතිව කනකොට තේරෙයි රහ.මහින්ද අවුරුදු දහයක් හිටියා.හදපු එක ක්‍රිකටර් කෙනෙක් කියපන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාව ඕස්ට්‍රිලියාවෙන් හොදි නැතිව කනකොට තේරෙයි රහ.මහින්ද අවුරුදු දහයක් හිටියා.හදපු එක ක්‍රිකටර් කෙනෙක් කියපන්.

    මහින්ද කොහොමද බන් ක්‍රිකටර්ස්ල හදන්නෙ ඌ ටීම් එකේ කෝච් ද :D රනිල් හදපු කට්ටිය ගොඩක් ඉන්න ඇති ඒ කාලේ එහෙනං.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ලංකාව ඕස්ට්‍රිලියාවෙන් හොදි නැතිව කනකොට තේරෙයි රහ.මහින්ද අවුරුදු දහයක් හිටියා.හදපු එක ක්‍රිකටර් කෙනෙක් කියපන්.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්:lol::lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වෙන්න පුලුවන්.නමුත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලංකාවේ ෆස්ට් ක්ලාස් ක්ලබ් වලට ගහපු දක්ෂ ක්‍රිකටර් කෙනෙක් කියලා මතක තියා ගන්න

    මචන් ගහපු ක්ලබ් එකත් දාපන්කෝ බලන්න... ෆස්ට් ක්ලාස් ගහලා මොකද බන් මේ එක එකාගේ මීඩියා යුනිට් වල පුකදෙන්නේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද කොහොමද බන් ක්‍රිකටර්ස්ල හදන්නෙ ඌ ටීම් එකේ කෝච් ද :D රනිල් හදපු කට්ටිය ගොඩක් ඉන්න ඇති ඒ කාලේ එහෙනං.

    උබලට පිස්සුද බන් මේ ගොන්බානත් එක්ක තර්ක කරන්න යන්නෙ.....:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලට පිස්සුද බන් මේ ගොන්බානත් එක්ක තර්ක කරන්න යන්නෙ.....:dull:
    ආතල් එකට බන් :D හොඳ ත්‍රෙඩ් එකක් නෑ නෙ වැදගත් දෙයක් කතා කරන්න. මේවට වෙල හරි මොනවහරි කොටන්න ඕනේ නැත්තන් අත හොර වෙනව :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආතල් එකට බන් :D හොඳ ත්‍රෙඩ් එකක් නෑ නෙ වැදගත් දෙයක් කතා කරන්න. මේවට වෙල හරි මොනවහරි කොටන්න ඕනේ නැත්තන් අත හොර වෙනව :P

    :baffled::baffled:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    වෙන්න පුලුවන්.නමුත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලංකාවේ ෆස්ට් ක්ලාස් ක්ලබ් වලට ගහපු දක්ෂ ක්‍රිකටර් කෙනෙක් කියලා මතක තියා ගන්න

    උඹේ එකවුන්ට් එක හැක් වෙලා කියලද කිව්වේ..