මුල්ම ලව් එක අතින්වත් අල්ලලා නෑ. ගේ ගාවට යනවා උඩ තට්ටුව දිහා බලාගෙන ඉන්නවා එනවා. ක්ලාස් එක ගාවට යනවා බලන් ඉන්නවා එනවා. ස්පොට්මීට් ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එක ගාවට යනවා බලන් ඉන්නවා එනවා. මාස දෙකයි ලව් එක. කෝල් කරනවා පැය ගණන්. නිදාගන්න ගියත් ඇහෙන්නේ ඒ වොයිස් එකමයි. අන්තිමේ මාස දෙකේ ලව් එකට මාස පහක් ඇඩුවා. දැන් නම් විලි ලැජ්ජයි මතක් කරද්දීත්.
ආයේ සෙට් වෙන්න කියල හැදුවා. අඳුරන කෙල්ලෙක් දම්මලා කෝල් කළා ගෙදර ලෑන්ඩ් එකට. මට කෝල් එකක් දෙන්න කියලා. මේකි වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉඳලා එතකොට. උට කියල මම වද දෙනවා කියලා ගහන්න එව්වා. උව. උත් ෆෝම් වෙලා ෆිට් ශටල් එකක ගේ ලඟට ආව කොල්ලෝ 6ක් විතර එක්ක. උන් හිතල තියෙන්නේ මම මේ උට ගහන්න මෙතන කට්ටිය එක්කහු කරගෙන ඇති කියල. අන්තිමේ ඌ එක්ක ආව එකෙක් ශේප් එකට කතා කරලා මට ගහන්න ගෙනාපු පොලු ටිකත් හලලා ගියා යන්න.
ගැහුවා නම් මම තාම ඉස්පිරිතාලේ.
