කාලෙකින් එලකිරිය වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. ගොඩක් අය මේ සයිට් එකෙන් යැපෙනවා. යැපෙනවා කිව්වේ යමක් ඉගෙනගන්නවා, යාලුවෝ ඇති කරගන්නවා, මානසික පීඩනය අඩු කරගන්නවා, තමන්ගේ බිස්නස් කරගන්නවා වගේ දේවල්
ඒ වගේම තමන්ගේ දැනුම බෙදලා දෙන පිරිසකුත් මේකේ ඉන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ස්‍රමය වැය කරගෙන රේඩියෝ කරන අය, අනිත් අය වෙනුවෙන් තමන්ගේ මිල මුදල් පවා වියදම් කරන අය මේකේ ඉන්නවා. gtrz සහෝදරය මේවගේ සයිට් එකක් පවත්වගෙන යන එක කොයි තරම් ලොකු සේවයක්ද.
ඒත් කණගාටුයි කියන්න, ඔයාලා අපි හැමෝටම පේන මේක කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එක්කෝ ඇවිත් මේක ස්පෑම් කරලා තමන්ගේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ප්‍රමෝට් කර ගන්න බලයි. එහෙමත් නැත්තං මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා නිකං පැනි හල හල කාලෙ කයි. එහෙමත් නැත්තං අනවශ්‍ය විදිහකට රෙප් කපයි. නැත්තං අලුතින් එන අයට මේක අපායක් කරලා උන්ව එලවලා දායි. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි මේකේ තිබුන ඒ සුන්දර අතීතය නැති වෙලා ගිහින් තියන්නේ. ඔය වැරදි කියල පේන දේවල් වැඩි වශයෙන්ම කරන්නේ මේකෙන් යැපෙන්න විතරක් බලාගෙන ඉන්න අය තමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1699256&page=2