මුස්ලිම්-විරෝධය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර විට ඕකෙන් හොඳකට වඩා නරකක් වෙන්නත් පුළුවන් බන්. හාමුදුරුවරුන්ගේ බෙදීම් වැඩි වෙන්න පුළුවන්. එක එක නිකායවල අය දැනටත් සමහර ඒවට වෙනස් නීති අනුගමනය කරන්නේ මං දන්න විදිහට. අනික දැනට ඔය ගුප්ත විද්‍යා අනන් මනං කරන අය එකපාරට ඕව නවත්තයි කියල හිතන්න අමාරුයිනේ, එයාල කියන්න පුළුවන් ඔය අලුත් නීති වලට අපි එකඟ නෑ කියල. නිකායෙන් අයින් කරොත් වෙනම නිකායක් පිහිටවගන්නත් බැරි නෑ. :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ජ්‍යෙතිෂ, යන්ත්‍ර, මන්ත්‍ර, වස්‌කවි, හූනියම් වගේ වැඩ

    හිටං ටයි පොනිල්ටයි හැදී හූනියම් කොරයි කියල බයට වෙන්නැති.වස් කවි සිරිසේන උන්නැහැගේ fb එකෙත් ලියලා තිබුනා. එතරම් ජනතා ප්‍රසාදයක් තියෙනවා. බෞද්ධ හඩ යටපත් කරන්න ගන්න උත්සාහයක්. එතකොට බදුදීන් කැලේ කැපුවට කෑගහන්න කෙනෙක් නෑනේ. සිංහලේ නිකන් ම ඉවරවෙලා යනවා.බොදුබලේ නැතිවෙනවා. රණ විරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නැති වෙනවා. මොකද මේ හැමදේටම හාමුදුරුවරු සම්බන්ධයි. සොභිත හාමුදුරුවන්ව මරා ගත්තා. ඒ උනාට හැමෝටම ඒ දේ කරන්නත් බෑනේ.හිතේ අමාරුවෙන්ම උන්වහන්සේ අපවත් උනා. බලන්න ඉස්පිරිතාලේටවත් ගියේ නෑනේ.හාමුදුරුවෝ මහින්දට එන්න කියලා " අපිට වැරදුනා මහත්තයෝ " කීමෙන්ම හාමුදුරුවන්ගේ ජහපාලනය ගැන තියෙන කලකිරීම පේනවා.

    හාමුදුරුවරුන්ගේ විනය නීති හදන්න මුල්වෙන්න ඕනේ නායක හාමුදුරුවරු ප්‍රමුක මහා සංගරත්නය මිසක් කරන්න පුළුවන් ලොකුම තක්කඩි වැඩ කරන පාර්ලිමේන්තුවේ ඉන්න හොරු රැල නෙවි.

    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    ඊයේ ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත අනූව ස්වාමින් වහන්සේලා ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියැලීම හෝ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම තහනම් වන අතර ඒ සඳහා දඬුවම් ලබාදිය හැකිය.

    එසේම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියැදුරු බලපත්‍රයක් ගැනීම හා වාහන පැදවීම ද දඬුවම් ලැබිය හැකි වැරදිය.

    ථෙරවාදී භික්ෂූන්ට අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් කටයුතු කිරීම ද දඬුවම් ලැබිය හැකි වැරදිවේ.

    එමෙන්ම එලෙස සිදු කරන උල්ලංඝණ සඳහා දඬුවම් 07ක් පනත මගින් යෝජනා කර ඇති අතර අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම හෝ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම ඊට අයත්ය.

    මෙම කෙටුම්පතට අනුව එක් එක් ථෙරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතක් සකස් කර සම්මත කරගත යුතුවේ.

    ඉන් අනතුරුව එය එකී නිකායේ හෝ පාර්ශ්වයේ මහනායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක් ද සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමුකළ යුතුය.

    බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් එය විශේෂඥ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම විශේෂඥ මණ්ඩලයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකගෙන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුමැති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමත් විය යුතු බව අදාළ කෙටුම්පතෙහි දක්වා ඇත.

    ලියාපදිංචියෙන් පසුව මෙම කතිකාවතේ සියලු විධිවිධාන එකී පාර්ශ්වය හෝ නිකායන් හි සෑම භික්ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතු බවත්, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින්ම දැඩිව පිළිපැදිය යුතු බවත් ඊට අනුකූල ව හැසිරිය යුතු බවත් පනත් කෙටුම්පතෙහි සඳහන්ය.

    මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් විධිවිධාන කඩකළහොත් අදාළ නිකාය හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, චෝදනා ලත් භික්ෂූන් වහන්සේට ද අදහස් දැක්වීමට අවස්ථාව හිමිය.

    චෝදනාවලට වැරදිකරුවන භික්ෂූන් වහන්සේට පෙර සඳහන් කළ දඬුවම් ද, එම දඬුවම් ප්‍රතික්ෂේප කරන්නේ නම් භික්ෂුව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර රුපියල් 50,000ට නොඅඩු දඩයක් හෝ මාස 06ක සිර දඬුවම් ලබාදීමට හෝ එම දඬුවම් දෙකමද ලබාදිය හැකි ය.

    එලෙස වරදකරු වූ භික්ෂුවක වෙනත් නිකායක් හෝ පාර්ශ්වයක් මගින් බාරගැනීම නොකළ යුතු බවත්, භික්ෂුවක් ලෙස ලියාපදිංචි නොකළ යුතු බවත් පනතේ වැඩිදුරටත් සඳහන් ය.

    අදාළ පනත ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව ඉදිරිපත් කර ඇති බව පැවසෙන අතර, මේ පිළිබඳ දෙවැනි වර කියැවීම ඉදිරියේදී දැනුම් දෙන බව සභානායකවරයා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම්දී තිබිණ.

    adaderana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඕකෙන් සල්ලි හම්බ කරන්න ගුරුකම් කරන, බිස්නස් කරන සහ වෙන වැරදි කරන හාමුදුරුවන්ට විතරක් නම් අව්ලක් නෑ හැබැයි ඔය පිටිං දාල බොබලේ වගේ සංවිධාන තහනං කරන්න ඒ වගේ විරෝදතා රැස්වීම් තහනං කරන්න බෞද්ධ හඬ යටපත් කරන්න පුළුවන් ද ?

    මේක අනිත් ආගම් වලටත් දාන්න නැත්තේ ඇයි ?

    • ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීම හෝ වාහන පැදවීමද යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.

    මොන මගුලකටද බන් මුස්ලිම් පූජකයින්ට සිංහල නායකයෝ නීති ගෙන්නේ?
    නීති ගෙනාවත් උන්ට ඉතින් ගේන්න වෙන්නේ,
    සතියකට වතාවක් ගව ඝාතන පින්කමක් කරන්න.
    අවිශ්වාස කරන්නන්ගේ ඇඟිලි/බෙලි නොකපන් පූජකයින්ව නෙරපා හරින්න වගේ දේවල් තමයි :lol::lol:

    ජනවර්ග, ආගම් රටක පාලනයත් එක්ක පටලවා ගත්ත නිසයි ඕක ආවේ.
    උන් කියන්න ඇති උබලගේ ජාතිය කොඩියේ තියෙන නිසා අපේ ජාතියත් ඕකට දාන්න කියලා.​

    :yes:

    කා තමයි අප්පිල මෙව්වට ඉරුද්ද, යෙතාකොට අපිලට සල්ලි දීලා වැරදි වැඩකරන සදුලා මට්ටුවෙලා පොඩි පිරිසිදු බවක් සදුලට නාවා. [/SIZE][/B]

    :eek::eek:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    1. කරනවා නම් හරියටම කරන ඕනි. හරිනම් මුදල් පාවිච්චි
    කිරීම අකැපයි කියන තැන ඉදන් පටන්ගෙන.
    2. මුලින්ම දේශපාලන කරන එකෙන් නවත්වන්න ඕනි
    3. එහෙනම් ඔය කරන දේ කරාට කමක් නැහැ. හැබැයි දැන් මේ කරන්නේ
    දේශපාලනික වශයෙන් කොටු කිරීමක්. බලන්නකෝ නැද්ද කියලා. :baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කරනවා නම් සංගායනාවක් කරන්න ඕනි. තීර්ථකයන් සේරම
    පන්නන්න.. මේ කරන දේ පාර්ලිමේන්තුවෙන් කරන එක
    නෙවෙයි වෙන්න ඕනි. මහා නායක හිමිවරු මැදිහත් වෙලා
    කරන්න ඕනි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    www.srinews.info%2Biz..jpg

    wata.jpg

    මේ වගේ දුෂ්ශීල භික්ෂූන්ට කෙලවෙනවා නම් හොඳයි..........
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    1. කරනවා නම් හරියටම කරන ඕනි. හරිනම් මුදල් පාවිච්චි
    කිරීම අකැපයි කියන තැන ඉදන් පටන්ගෙන.
    2. මුලින්ම දේශපාලන කරන එකෙන් නවත්වන්න ඕනි
    3. එහෙනම් ඔය කරන දේ කරාට කමක් නැහැ. හැබැයි දැන් මේ කරන්නේ
    දේශපාලනික වශයෙන් කොටු කිරීමක්. බලන්නකෝ නැද්ද කියලා. :baffled:

    ගුප්ත විද්‍යා තහනම් කරනවා කිව්වහම දේශපාලනිකව කොටු කරන්න හදනවා කියන මිනිස්සු, භික්ෂූන්ට දේශපාලනය තහනම් කියලා යෝජනාවක් අවොත් මොනා කියයිද මොනා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ :lol::lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගුප්ත විද්‍යා තහනම් කරනවා කිව්වහම දේශපාලනිකව කොටු කරන්න හදනවා කියන මිනිස්සු, භික්ෂූන්ට දේශපාලනය තහනම් කියලා යෝජනාවක් අවොත් මොනා කියයිද මොනා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ :lol::lol:

    ප්‍රශ්නේ තියෙන්නේ මෙතන.
    1. පාර්ලිමේන්තුව මේකට සම්බන්ද වීම. (බෞද්ධ
    ප්‍රශ්න මහා නායක හාමුදුරුවරු පමණක් විසදනවා
    නම් හොදයි)

    2. මෙහෙම නීති දාන්න ගියොත් ඉතින් ඉස්ලාමීය
    රටක් වගේ වෙයි. බෞද්ධ දර්ශනය නීති දාලා
    කරන්න ඕනි එකක් නෙවෙයි.

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඇත්තටම මචන් මේ සංගායනාවකට කාලය. එත් ඒකට
    අවශ්‍ය රහතන් වහන්සේලා වැඩ සිටිනවාද කියන එක
    හරියටම දන්නේ නැහැ. රජය නීති හදන එක නෙවෙයි
    කරන්න ඕනි. ඒවා හොයලා බලලා කලින් කරා වගේ රාජය
    අනුග්‍රහය දෙන එක. තීර්ථකයන් පැන්නුවා නම් මේ සාසනය
    රැකෙයි අනාගතයට. ඒක කරන්න යන ක්‍රමේ තමයි වැරැද්ද.
    උසාවියෙන් 50000 දඩේ නෙවෙයි වෙන්න ඕනි.
    සන්ගාදිකරණය ශක්තිමත් කිරීම. නැත්නම් විහිළුවක් වෙයි
    මේක.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්ලාමීය විද්වතුන්ටත් අනාගතේ නීති පනවන්න ආවොත් කියල බයට වෙන්නැති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    ප්‍රශ්නේ තියෙන්නේ මෙතන.
    1. පාර්ලිමේන්තුව මේකට සම්බන්ද වීම. (බෞද්ධ
    ප්‍රශ්න මහා නායක හාමුදුරුවරු පමණක් විසදනවා
    නම් හොදයි)

    2. මෙහෙම නීති දාන්න ගියොත් ඉතින් ඉස්ලාමීය
    රටක් වගේ වෙයි. බෞද්ධ දර්ශනය නීති දාලා
    කරන්න ඕනි එකක් නෙවෙයි.

    රටේ නීතී රීති ගොඩක් තියෙනවා. ඒත් රීතීන් අනුගමනය නොකරනකොට නීති පනවන්න වෙනවා. මහා නායක ස්වාමීන්වහන්සේලාට මේක තනියම කරන්න බැහැ. රටේ නීතියට එකතුවෙන්න නම් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නම ඕනේ. මම දන්න විදිහට විධායක ජනාධිපති කෙනෙක්ට තනියම කරන්න තරම් බලයක් තියෙනවා. මහා නායක ස්වාමීන්වහන්සේලා මැදිහත්වෙලා. ඔය යෝජනා වල අඩුපාඩු තියෙනවා නම් සංශෝදනය කරලා හදාගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත නම් ගොඩක් හොඳයි.

    කොහොම උනත් මේවට කැමති නැති හාමුදුරුවරු ඉන්නවා. රජකාලෙත් හිටියා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඇත්තටම මචන් මේ සංගායනාවකට කාලය. එත් ඒකට
    අවශ්‍ය රහතන් වහන්සේලා වැඩ සිටිනවාද කියන එක
    හරියටම දන්නේ නැහැ. රජය නීති හදන එක නෙවෙයි
    කරන්න ඕනි. ඒවා හොයලා බලලා කලින් කරා වගේ රාජය
    අනුග්‍රහය දෙන එක. තීර්ථකයන් පැන්නුවා නම් මේ සාසනය
    රැකෙයි අනාගතයට. ඒක කරන්න යන ක්‍රමේ තමයි වැරැද්ද.
    උසාවියෙන් 50000 දඩේ නෙවෙයි වෙන්න ඕනි.
    සන්ගාදිකරණය ශක්තිමත් කිරීම. නැත්නම් විහිළුවක් වෙයි
    මේක.

    රහතන් වහන්සේලා අපේ රටේ අදටත් වැඩ ඉන්නවා. ඒත් උන් වහන්සේලා මේවට ඉදිරිපත් වෙන්නේ නැහැ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    රටේ නීතී රීති ගොඩක් තියෙනවා. ඒත් රීතීන් අනුගමනය නොකරනකොට නීති පනවන්න වෙනවා. මහා නායක ස්වාමීන්වහන්සේලාට මේක තනියම කරන්න බැහැ. රටේ නීතියට එකතුවෙන්න නම් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නම ඕනේ. මම දන්න විදිහට විධායක ජනාධිපති කෙනෙක්ට තනියම කරන්න තරම් බලයක් තියෙනවා. මහා නායක ස්වාමීන්වහන්සේලා මැදිහත්වෙලා. ඔය යෝජනා වල අඩුපාඩු තියෙනවා නම් සංශෝදනය කරලා හදාගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත නම් ගොඩක් හොඳයි.

    කොහොම උනත් මේවට කැමති නැති හාමුදුරුවරු ඉන්නවා. රජකාලෙත් හිටියා.
    හ්ම්ම්. උබේ කතාව ඇත්ත බන්.

    මට බය මෙන්න මෙතන

    ඕකෙන් පස්සේ. ආපහු නිකායන් හදාගෙන තවත් බික්ෂුන්
    බෙදිලා. මානව හිමිකම් කතා කරන්න අරන්.
    නඩු කියන දවසට තමයි අපිටකර කියාගන්න
    දෙයක් නැති වෙන්නේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    හ්ම්ම්. උබේ කතාව ඇත්ත බන්.

    මට බය මෙන්න මෙතන

    ඕකෙන් පස්සේ. ආපහු නිකායන් හදාගෙන තවත් බික්ෂුන්
    බෙදිලා. මානව හිමිකම් කතා කරන්න අරන්.
    නඩු කියන දවසට තමයි අපිටකර කියාගන්න
    දෙයක් නැති වෙන්නේ.

    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
    එදාට මානව හිමිකම් ගැන කතා කරන්න යන්නේ ගුප්ත විද්‍යා බිස්නස් කරන හාමුදුරුවරුම තමයි.
    හාමුදුරුවරු බෙදුනත් අපිට බලා ගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා.

    නැකතක් කේන්දරයක් බැලුවට කමක් නැහැ. රුවන්වැලි සෑය හදනකොටත් නැකත් බලන්න ඇති, ඒ දුටු ගැමුණු රජතුමාගෙන් කහවනු අරගෙන නෙවෙයිනේ. අදකාලේ හාමුදුරුවරු ඔකෝම කරන්නේ සල්ලි වලටනේ. පත්තරයක් අරන් බලපන් ස්ත්‍රී වශී ගුරුකම් කරන හාමුදුරුවරුම කීදෙනෙක්ගේ ඇඩ්ස් තියෙනවද කියලා. ලැජ්ජයි බන් ඒවා දාලා තියෙන විදිහ දැක්කමත්. දවසින් ගෙන්නනවා, දවස් හතෙන් ප්‍රතිපල.. ඔන්න ඕවා තියෙන්නේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒකට හාමුදුරුලාට බැනලා වැඩක් නෑ, අද කාලේ සල්ලි නැත්නම් මොකක්වත් කරන්න බෑ. අද බුද්ධාගමට රාජ්‍යය අනුග්‍රයක් නෑ, මිනිස්සු ලොකු පන්සල් වලට උදව් කරාට පොඩි පන්සල්වලට වැඩියේ උදව් කරන්නේ නෑ නමුත් කතරගම නම් ගිහින් ලක්ෂ ගණන් වියදම් කරනවා. රජකාලේ රජවරු පන්සල් වලට ඕනතරම් උදව් උපකාර කරා, වෙහෙර විහාර හදලා දුන්නා ,පන්සල් හදලා දුන්නා, එක එක ඒවා පූජ කරා, මුදල් හදල් ඕනවට වඩා දුන්නා. නමුත් දැන් හාමුදුරුලාට සල්ලි හොයාගෙන පන්සල් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මොනවා හරි කරන්න වෙනවා.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    ඒකට හාමුදුරුලාට බැනලා වැඩක් නෑ, අද කාලේ සල්ලි නැත්නම් මොකක්වත් කරන්න බෑ. අද බුද්ධාගමට රාජ්‍යය අනුග්‍රයක් නෑ, මිනිස්සු ලොකු පන්සල් වලට උදව් කරාට පොඩි පන්සල්වලට වැඩියේ උදව් කරන්නේ නෑ නමුත් කතරගම නම් ගිහින් ලක්ෂ ගණන් වියදම් කරනවා. රජකාලේ රජවරු පන්සල් වලට ඕනතරම් උදව් උපකාර කරා, වෙහෙර විහාර හදලා දුන්නා ,පන්සල් හදලා දුන්නා, එක එක ඒවා පූජ කරා, මුදල් හදල් ඕනවට වඩා දුන්නා. නමුත් දැන් හාමුදුරුලාට සල්ලි හොයාගෙන පන්සල් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මොනවා හරි කරන්න වෙනවා.

    ඒ කතාවනම් ඇත්ත. හැම වචනයක්ම ව්‍යවස්ථාවට සීමා වෙච්ච ජේද විතරයි.
    හාමුදුරුවරු ශාසනය පතවාගෙන යන්න පන්සල නඩත්තු කරන්න, ශාසනය විනාශ වෙන වැඩ කරලා සල්ලි හොයලා පන්සල් පවත්තවගෙන ගිහින් වැඩක් නෑනේ බන්. කේන්දරයක් බලලා සෙත් කවියක් කියලා කීයක් හරි ගන්න එක තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් දැන් ඒක ස්ත්‍රී වශියට තරම් දුර ගිහින්. හැමදේම ඕනාවට වඩා වැඩියෙන් ගිහින්නේ. මේවා නවත්තන්න ඕනේ බන්. මේවා තව අවුරුදු 10ක් තිබ්බොත් සාසනේ කුඩේ කුඩු.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගුප්ත විද්‍යා තහනම් කරනවා කිව්වහම දේශපාලනිකව කොටු කරන්න හදනවා කියන මිනිස්සු, භික්ෂූන්ට දේශපාලනය තහනම් කියලා යෝජනාවක් අවොත් මොනා කියයිද මොනා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ :lol::lol:

    hehe...podi unta unath ban pani rasa pennalai beheth powanne..ehema nathuwa umba hitanawada kelinma deshpalanaya karana hamauduruwarunta wiruddawa nithiyak genna taharam anduwata mole amaruwak tiyenwa kiyala...hama dekama kole yata gahana gamak tiyenawane..wasa dapu cake ekak lassanata icing karala denne...api terum ganna oni meke tiyena icing karapu eke lassana nemei athule tiyenne wasa kiyala:cool::cool::cool::cool: