මුස්ලිම්_පාතාලයේ රජු මරුට
2013 ජූලි 04 08:55 a.m
මාමස් නමැති ප්‍රබල පාතාල නායකයා ගේ මළ සිරුර අද (4) උදෑසන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි.
පාතාලයට මෙන්ම කුප්‍රකට මත්කුඩු ජාවාරමටද සම්බන්ධ පුද්ගලයෙකුවන මොහු කලක් තිස්සේ බිහිසුණු අපචාර රැසකට සම්බන්ධව කටයුතු කොට තිබේ.
මුස්ලිම් පාතාලයේ අවසන් පාතාල නායකයා මොහු යැයි සැලකෙන බව පොලිසිය පවසන අතර ඔහු අත්අඩංගුවට ගන්නට
දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයුමක් ක්‍රියාත්මකවූ නමුත් ඔහුට තිබූ අසීමිත දේශපාලන රැකවරණ හේතුවෙන් හේ අත්අඩංගුවට ගත නොහැකි විය.
2000 වසරේ කොළඹ මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා වූ අයුබ්ඛාන් නැමැත්තාගේ සේවකයෙකු ලෙස මාමාස්ගේ පාතාල ගමන ඇරඹි ඇත.
අයුබ්ඛාන්ගේ මරණයෙන් පසු අනුපිළිවෙලට සිටි පුද්ගලයින් මුස්ලිම් පාතාලය පවත්වාගෙන ගිය අතර ඒ සියලුදෙනා සමඟ මාමස් පාතාල කටයුතුවල යෙදී ඇත.
ඔවුන්ද පොලිසියෙන් විටින්විට මැරුම් කෑ අතර අවසානයේ මුස්ලිම් පාතාලයේ නායක කිරුළ මාමාස්ට හිමි විය.
මීට ස්වල්ප කළකට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් මාමාස් වටලා වෙඩි තැබූ අවස්ථාවේ
කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට සහ මාමාස්ගේ ඥාතියකුට වෙඩි වැදුණි. නමුත් මාමාස් බේරී පළා ගියේය.
මුස්ලිම් කාන්තාවන් අඳින ආකාරයට ඇස් පමණක් පෙනෙන සේ මුළු සිරුර වැසෙන ඇඳුමින් සැරසී සමාජය තුළ ගැවසීම මාමාස්
ගේ සිරිත වූ නිසා ඔහු හඳුනා ගන්නට පොලිසියට නොහැකි විය. තවත් අවස්ථාවලදී වෙනත් නම් වලට සෑදූ හොර පාස්පෝට්වලින් මොහු
මෙරටින් පැන ගොස් එතෙර නැවතී සිටියේය.
ඊයේ රාත්‍රී මෙම පාතාල නායකයා විශේෂ කාර්ය බලකාය විසින්
අත්අඩංගුවට ගෙන දෑතට මාංචු දමා රැගෙන එමින් සිට ඇත. එහිදී මොහු
එක්වරම මාංචු දැමූ සිය දෑත රියදුරාගේ ගෙළ වටා දමා ඔහු මරා දමන්නට
උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී එස්.ටී.එෆ්. රියදුරාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රථයේ සිටි එස්.ටී.එෆ් නිලධාරින්
මාමාස්ට වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.
මේ වනවිට විශේෂ කාර්ය බලකායට අයත් ඩිෆෙන්ඩරය හා එම මළ සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස මාර්ගයේ තිබේ.
ගයාන් කුමාර වීරසිංහ
ඡායාරූප - නිහාල් චන්ද්‍රකුමාර
උපුටා ගැනීම ලක්බිම