මුහුදු මහා විහාරය

guranzz

Member
Feb 12, 2017
124
23
0
මුහුදු මහා විහාරය

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !


DSC052611.jpg



* වාහන නැවතුම්පළ කරවල වෙළෙඳපොළක්‌ කරගෙන
* පන්සල ඉස්‌සරහා විකුණන අයිස්‌වලට පුරුෂ ශක්‌තිය අඩු කරන බෙහෙත් දාලා
* මේවා ගැන කතා කරන්න ගියහම අපිට ගහන්න එනවා

තරංග රත්නවීර

හමන සුළඟ පිළී ගඳය. මග දෙපස පොල්අතු මඩුවල එල්ලෙමින් තිබෙන්නේ ද කරවල කූරිය. පන්සලට යන මග දිගටමත් කරවල කඩය. මුහුදු මහා විහාරයෙහි වාහන නැවතුම්පළ ද හරියට කරවල වෙළෙඳපොළක්‌ වැනිය. තැන, තැන කරවල එල්ලූ පොල්අතු මඩුය. ඒ මඩුවල කරවල විකුණන කාන්තාවන්ගේ කන්දොස්‌කිරියාවට දෙසවන අගුළු වැටෙන තරම්ය. නැහැපුඬු පාරවන පිළී ගඳ ඉහ මොළ රත් කරන්නේය. ගිනි ගත් සුදු වැල්ල දෙපා පුච්චන විට කර්කශ පරිසරයෙන් මිදෙන්නට අපි අඩියට, දෙකට පියවර මැන මුහුදු මහා විහාරයට ඇතුළු වීමු.

බුදුපිළිම වහන්සේ ඉදිරියට ගිය විට දැවුණු සිත නිවිණි. එහෙත් මේ ඓතිහාසික පින්බිම අන්‍ය ආගමිකයන්ගේ ගොදුරක්‌ බවට පත්ව තිබෙන අයුරු පෙනෙන විට පහන් වූ සිත යළිත් පෑරිණි. මුහුදු මහා විහාරයට මේ වින්නැහිය අද ඊයේ ඇති වූවක්‌ නොවේ. කාලාන්තරයක සිටම කුහක අන්‍ය ආගමිකයන්ගේ කෙණහිලිකම් සිදුවන්නේය. අප කම්පනයට පත් කරවන්නේ සිදු වන කෙණෙහිලිකම්වල ඉවරයක්‌ නැති නිසාය. මෙහි ඇති ඓතිහාසික වටිනාකම ගැන සිතට නැඟෙන විටය. එහෙයින් පන්සලට අත්ව ඇති ෙ€දනීය ඉරණම ගැන කතා කිරීමට පෙර මේ පින්බිමේ ඓතිහාසික වටිනාකම ගැන කතා කිරීම වඩාත් වැදගත් යෑයි සිතිණි.

මුහුදු මහා විහාරයේ ඉතිහාසය…

නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පොතුවිල් ප්‍රදේශයේ මුස්‌ලිම් ගම්මාන මැදි කරගෙන පිහිටි එකම සිංහල බෞද්ධ සංකේතය මුහුදු මහා විහාර පින්බිමයි. සුදෝ සුදු වෙරළ තීරයකට මායිම්ව පිහිටි පුරාවිද්‍යා වටිනාකමක්‌ සහිත ථෙරවාදී බෞද්ධ පන්සලක්‌ වන මෙම විහාරස්‌ථානය අනාදීමත් ඉතිහාසයකට උරුමකම් කියන පුදබිමකි. එනම් ක්‍රි.ව. පළමුවැනි සියවසේදී මහදැළියමානා නොහොත් මහාදාඨික මහානාග රජු විසින් ඉදිකරන ලදැයි ජනප්‍රවාදයේ කියෑවෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්‌ථානයකි.

ජනප්‍රවාදයට අනුව එකල මුහුද ගොඩ ගැලූ අවස්‌ථාවකදී මුහුදු රකුසාගෙන් රට බේරාගැනීම සඳහා කැලණිතිස්‌ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුදට බිලි වුවද දෛවයේ හාස්‌කමකින් මෙන්ම කුමරිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට මැදිව කිරින්දට පාවී ගිය ද ගල් කුළු නිසා ගොඩ බසින්නට නොහැකි වී ඇත. යළිත් මුහුදට පා වී ගිය කුමරිය පොතුවිල් ප්‍රදේශයෙන් වෙරළට ගොඩබට බව ජනප්‍රවාදයේ කියෑවෙන කතාවකි. යාත්‍රාව ගොඩ බැස ඇත්තේ වෙරළට මායිම් වූ තොට්‌ටල විහාරය තුළටය. ජනප්‍රවාදයේ පවතින පරිදි එම විහාරස්‌ථානය ඉදිවී ඇත්තේ තොටලුපොත වරායට එන යන යාත්‍රාවල අයට වන්දනා කිරීමටය. එම විහාරස්‌ථානයේ රහතන් වහන්සේ නමක්‌ වැඩ සිටියහ. සුන්දර කුමරියක්‌ සහිත මුහුදේ පාවෙන යාත්‍රාව ගැන ධීවරයන් මුලින්ම පවසා සිටින්නේ තොට්‌ටල විහාරයේ වැඩ සිටි රහතන් වහන්සේටය. අනතුරුව ධීවරයන් විසින් කුමරිය තොට්‌ටල විහාරයට ගොඩ බස්‌සවන්නේය. එකල රුහුණු රාජධානිය පාලනය කළ කාවන්තිස්‌ස රජුට මෙම පුවත කණ වැකුණු සැණින් එම ස්‌ථානයට පැමිණ රජු දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියෑවෙන තවත් කතාවකි. විහාරයකට ගොඩබට නිසා දේවි කුමරියට විහාර මහා දේවිය කියා නම පටබැඳිණි.

පසු කලෙක තොට්‌ටල විහාරය ලංකා විහාරය ලෙස නම වෙනස්‌ වී ඇති අතර ඊටත් පසු කාලයකදී එය මුහුදු මහා විහාරය නම් විය. මේ ඉතිහාස කතාව සඳහන් යෑයි අනුමාන කරන සෙල් ලිපියක්‌ අදට ද මුහුදු මහා විහාර භූමිය තුළ නටබුන්ව පවතින්නේය. එමෙන්ම මුහුදු මහා විහාර භූමියේ බුදු පිළිම වහන්සේ ඉදිරිපස, දෙපස කාන්තා සහ පිරිමි පිළිම යුවළක්‌ නෙළා තිබේ. එම පිළිම දෙක කාවන්තිස්‌ස රජු හා විහාර මහා දේවියගේ යෑයි විශ්වාස කෙරෙති. එවැනි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන මුහුදු මහා විහාරය පසු කාලීනව කාලයේ වැලිතලාවෙන් වැසී ගියෙAය. අනතුරුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතීන් විසින් කළ පුරාවස්‌තු ගවේෂණයේදී නැවත මුහුදු මහා විහාරය සොයාගනු ලැබිණි. එකල පානම් පත්තුවේ ජීවත් වූ ජන ඝණත්වය හත්අට සියයක්‌වත් නැත. සෙනරත් රජුගේ අණින් මෙරට පැමිණි මුස්‌ලිම් වර්ගයට අයත් මට්‌ටයන් ජනාවාස පිහිටුවාගෙන සිටියේද මුහුදු මහා විහාරය අවට ප්‍රදේශ තුළය. මුහුදු මහා විහාරය සතුව පැවති ඉඩකඩම් ද මට්‌ටයන් අල්ලාගෙන තිබිණි.

අන්‍ය ආගමික කෙණෙහිලිකම්…

1950 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ කළ ගවේෂණයන්හි ප්‍රතිඵලයක්‌ ලෙස මුහුදු මහා විහාරයට අයත් බිම් කඩ 1951 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා ගැසට්‌ පත්‍රය මගින් පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. අක්‌කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනත් පර්චස්‌ දහතුනක්‌ එම රක්‌ෂිතයට ඇතුළත් විය. එහෙත් එම භූමි ප්‍රමාණය අන්සන්තකව ඇති බවට සාක්‍ෂි හමු වීමත් සමඟ නැවත වරක්‌ මැනීSම් කටයුතු සිදු කරමින් 1965 වර්ෂයේ මැයි 28 වන දින නැවත මුහුදු මහා විහාරය සතු භූමි භාගය රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි වපසරිය අක්‌කර තිහකුත් රූඩ් තුනකුත් පර්චස්‌ දහතුනක්‌ විය. ඊට පසුව කළ කැණීම් කටයුතුවලදී අනුරාධපුර යුගයේ පසු භාගයට අයත් පිළිම ගෙයක්‌ සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක්‌ සොයාගනු ලැබිණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක්‌ ද, මෛත්‍රී බෝධිසත්ව පිළිමයක්‌ද මෙම පිළිම ගේ තුළ තිබුණු අතර කැණීම්වලින් පසු එම පිළිම සංරක්‍ෂණය කර තැබීමට පියවර ගැනිණ. බුදුපිළිමයේ හිස කිසියම් පුද්ගලයකු විසින් ගලවාගෙන ගොස්‌ තිබූ අතර පසුව එය පුරාවිද්‍යා මුරකරුගේ නිවසේ ලිප් ගලකට තබා තිබියදී සොයාගෙන ඇත. ඊට අමතරව පොතුවිල් මුහුදු තීරයේ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක්‌ ද හඳුනාගෙන ඇත. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ බැවින් පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කර තිබිණි. අසූව දශකයෙන් පසුව කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රස්‌ත ක්‍රියා හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැණීම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදා විය. එහෙත් මුහුදු මහා විහාරස්‌ථානයේ ඓතිහාසික වටිනාකම වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්‌වාමීන් වහන්සේ 1980 වර්ෂයේදී එහි වැඩම කර පුරාණ බෝධීන් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක්‌ තනවා ලැගුම් ගත්හ. එහෙත් මුස්‌ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරුගේ කෙණෙහිලිකම් නිසා උන්වහන්සේට වැඩි කාලයක්‌ එහි වැඩ සිටීමට නොහැකි වූහ. අනතුරුව පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද සහ සද්ධානන්ද යන ස්‌වාමීන් වහන්සේලා දෙනම වරින් වර වැඩ වාසය කළහ. ටික කාලයක්‌ යන විට උන්වහන්සේලාගේ ගමනද නතර වූහ. පසුව කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කර ත්‍රස්‌තවාදයේ ගිනි පුපුරු මැද දුක සේ වැඩ සිටියහ. එහෙත් පෙර කී මුස්‌ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරු සිරිරතන හිමියන්ට ද කෙණෙහිලිකම් කළේය. එමෙන්ම ප්‍රදේශවාසීහු විහාරස්‌ථානයට පිවිසෙන මගෙහි සවි කර තිබූ දැන්වීම් පුවරුව ගලවා මස්‌ජිතුල් පලාµa මාවත යනුවෙන් නාම පුවරුවක්‌ සවි කිරීමට තරම් ආගම්වාදී කුහකයන් වූහ. එමෙන්ම මුහුදු මහා විහාරයට පැමිණෙන මගෙහි වාහනයක්‌ ගමන් කිරීමට නොහැකි වන ලෙස මග දෙපස ඇහිරීහ. මග ඇහැරීම නිසා විහාරස්‌ථානය වැද පුදාගැනීමට පැමිණෙන සැදැවතුන් මහත් සේ පීඩාවට පත් විය. පොතුවිල් හන්දියේ සිට ත්‍රිරෝද රථයකින් විහාරයට එන සැදැහැවතුන්ගෙන් ගමන් ගාස්‌තු ඩබල් ටිබල් කරගැනීමට තරම් මුස්‌ලිම් ත්‍රිරෝද රථකරුවන් අමනයන් විය. ප්‍රදේශයේ මුලිස්‌ම් පිරිස්‌ විටින් විට විහාරාධිපති සිරිරතන හිමියන්ට ද කරදර කළහ. එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් විහාරස්‌ථානය සතු ඉඩකඩම්වලින් අක්‌කර හතක්‌ ජයභූමි පැවරුම් මගින් මුස්‌ලිම්වරුන්ට බෙදාදෙනු ලැබීය..

කතරගම සිරිරතන හිමියන්ගෙන් පසු මුහුදු මහා විහාරයේ විහරාධිපති ධුරයට පත් වූයේ වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. උන්වහන්සේට ද අන්‍ය ආගමිකයන්ගෙන් සිදු වන කෙණහිලිකම් අඩු නොවිණි. 2012 අවුරුද්දේ දිනක මුස්‌ලිම් මිනිසුන් පැමිණ වැල්ලට යට වී තිබූ පැරැණි චෛත්‍යය ඩෝසර කිරීමට යැමෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක්‌ ඇති විය. පැවති ආණ්‌ඩුවේ මැදිහත්වීම මත සිද්ධිය දුරදිග නොගියේය. එතැනින් නොනිවතින පැවති රජය අම්පාර දැයට කිරුළට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය කිරීම ආරම්භ කළේය. විහාරස්‌ථානයට පැමිණීමට අලුත් මාර්ගයක්‌ ඉදිකෙරිණි. නව බුදු මැඳුරක්‌ ඉදිකෙරිණි. විහාරස්‌ථානය ගොඩනැඟීම බලා සිටීමට නොහැකි කුහක ආගම්වාදීන් සංවිධානගතව ආවාස ගෙයට ගිනි තැබීය. එදා සිට විහාරස්‌ථානයේ ආරක්‍ෂාව සඳහා සිවිල් ආරක්‍ෂක බල ඇණියක්‌ යොදවනු ලැබිණි. අදටත් එම ආරක්‍ෂක සේවය ස්‌ථාපිතය. එහෙත් පන්සල අවට මුස්‌ලිම් ජාතීන්ගේ කෙණෙහිලිකම් නැති කිරීමට ඔවුන්ටද අසීරු වී ඇත. අද තත්ත්වය එදාටත් වඩා බරපතලය. පන්සල අවට සිsටින අන්තවාදී කරවල කඩකාරයන් මුහුදු මහා විහාරයේ වාහන නැවතුම්පොළ කරවල මඩුවක්‌ කරගෙනය. පන්සලට යන වාහන නතර කිරීමට කුණු කරවල කඩකාරයන්ගෙන් අවසර ගැනීමට සිදු වෙලාය. කරවලවල මිල අසා කරවල නොගත් විට උන් සැදැහැවතුන්ට බැණ වදින්නාහ. අන්‍ය ආගමිකයන් විසින් නිරන්තරයෙන් සිදු කරන මේ කෙණෙහිලිකම් නිසා පීඩාවට පත්ව සිටින්නේ මුහුදු මහා විහාරස්‌ථානයේ විහාරධිපති සහ පොඩි හාමුදුරුවෝය. එහෙයින් මේ කෙණහිලිකම් ගැන අප කියනවාටත් වඩා මුහුදු මහා විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුවෝ වන උඩලමත්තේ රතනප්‍රිය ස්‌වාමීන් වහන්සේ කියන විට වඩාත්ම පැහැදිළිය. මේ උන්වහන්සේ අපට පැවසූ කතාවය.

‘පන්සලට එන බැතිමතුන්ට තර්ජන කරනකොට අපිට බලාගෙන ඉන්න බෑ. මම ගිහින් කිව්වා විහාර භූමියෙන් කරවල කඩ ඉවත් කරගන්න කියලා. එතකොට ඒ මිනිස්‌සු කියනවා ‘එහෙම කොහොමද… මේක අපේ ගම. අපිට ඕන දෙයක්‌ කරන්න පුළුවන්. ඕක කියන්න ගිහින් එක ගෑනු කෙනෙක්‌ මට ගහන්න හැන්දක්‌ උලුක්‌ කරගෙනත් ආවා. කුණුහරුප කියලා බොහෝම සද්ද දැම්මා. ඒ කාන්තාවන්ගේ හැසිරීම ගැහැනු ජාතියටම නින්දාවක්‌. ඒ මදිවට මම ඒ ගෑනුන්ට තර්ජනය කළා කියලා පොලිසියට පැමිණිලා කරලා මාව රිමාන්ඩ් කරන්නත් කියලා තිබුණා. මම ඕවාට බය නෑ. එහෙම බය වුණා නම් මෙහේ වසන්න බෑ. අපේ පූජා භූමිය තුළ කරවල, මස්‌, මාළු විකුණන්න එපා කියන්න අපිට ශුද්ධ අයිතියක්‌ තියෙනවා. පන්සලට එන මඟක තියෙන්න ඕනා මල් පහන් විකුණන කඩ. බුදුහාමුදුරුවන්ට කරවල පූජා කරන්න බෑනේ. මේ කරවල බිස්‌නස්‌ කරන්නේ ගෑනු. පිරිමි එන්නේ නෑ. මෙහේ මුස්‌ලිම් මනුස්‌සයෙක්‌ කසාඳ බැඳලා ඉන්න බොරැල්ලේ දෙමළ කාන්තාවක්‌ තමයි මේ ව්‍යාපාරය මෙහෙවන්නේ. ඒ ගෑනු කෙනා පූජා භූමියට අයිති ව්‍යාජ ලිපි ලේඛන හදපු ඉඩමක්‌ සල්ලිවලට අරගෙන කාමර පේළියක්‌ හදාගෙන වන්දනාවේ එන මිනිස්‌සුන්ට කුලියට දෙනවා. ඒ කාමර පේළිය තියෙන්නේ වාහන පාක්‌ එක ළඟ. ‘කාමර කුලියට දෙනු ලැබේ’ කියලා පන්සල ඉස්‌සරහා ලයිට්‌ කණුවේ බෝඩ් කෑල්ලුකුත් එල්ලලා තිබුණා. මම ඒක කඩලා දාලා කියලත් පොලිසියේ පැමිණිලි කරලා තිබුණා. අන්තිමට බෝඩ් එක කැඩුවා කියලා මට රුපියල් අටදාහක වන්දියකුත් ගෙවන්න වුණා. ආගමික ගැටලු ඇති කරන්න අපිට ඕනෑ නෑ. ඒ නිසා මම වන්දි මුදල ගෙව්වා. ඒත් මම පොලිසිය ඉදිරියේ වරද කළේ නැති බව සාක්‍ෂි ඇතිව ඔප්පු කළා…

වාහන නැවතුම්පොළේ අයිස්‌ක්‍රීම් අලෙවි කරන මුස්‌ලිම් වෙළෙන්දෙක්‌ ඉන්නවා. ඒ මනුස්‌සයගේ අයිස්‌ක්‍රීම් කෑවහම ඇඟට අමුත්තක්‌ දැනෙනවා කියලා පන්සලට එන බැතිමතුන් කිහිප දෙනෙක්‌ම මට ඇවිත් කිව්වා. අයිස්‌ක්‍රීම් විකුණන්නේම සිංහල බෞද්ධ පුංචි පිරිමි ළමයි ඉල්ලක්‌ක කරගෙන. ඒ බව අපිට ගොඩක්‌ කාලයක ඉඳලා තේරිලා තිබුණේ. දැන් අපිට සැකයක්‌ තියෙනවා අයිස්‌ක්‍රීම්වලට පුරුෂ ශක්‌තිය අඩු කරන කෙමිකල් ද්‍රව්‍යයක්‌ අඩංගු කරලා කියලා. ඒ නිසා මම ඒ අයිස්‌ක්‍රීම් වෙළෙන්දට කිව්වා පූජා භූමියේ අයිස්‌ක්‍රීම් වෙළෙඳාම කරන්න එපා කියලා. එහෙම කිව්වා කියලා ඒ මනුස්‌සයත් මට ගහන්න ආවා… වාහන පාක්‌ එකේදී හොරෙන් වාහනවල ලයිට්‌ ගලවපු කොල්ලො කිහිපදෙනකුට මම දොස්‌ කිව්වා. පස්‌සේ රෑක ඒ කොල්ලො ටික මට ගහන්න පන්සලේ හැංගිලා හිටියා. වන්දනාවේ ආපු කෙනෙක්‌ දැකලා මට ඇවිත් කිව්වා. ඒ වගේ හැංගිමුත්තන් වැඩ මේ මිනිස්‌සු ළඟ ගොඩක්‌ තියෙනවා. රැස්‌ කර ගන්aනා පව් ඒ අයම අරගෙන යයි. අපි ඒවට ආරවුල් ඇති කරගන්න ඕන නෑ…

අනිත් එක තමයි මෙහේ ඉන්න මුස්‌ලිම් නීතිඥවරු පොලිසිය හරහා ඉල්ලීමක්‌ කරනවා පන්සලේ ශබ්ද විකාශනවල ශබ්දය වැඩියි, ළමයින්ට පොත් පාඩම් කරන්න බෑ, සද්දය අඩු කරන්න කියලා. පොලිසියෙන් අපිට කතා කරලා කියනවා හාමුදුරුවනේ පීකර්වල ශබ්දය වැඩි කියලා මිනිස්‌සු කියනවා කියලා. අපි පිරිත් දාන්නේ උදේටයි හවසටයි විතරයි. මුස්‌ලිම් පල්ලිවල දවසට හය වතාවක්‌ ප්‍රදේශයම දෙවනත් වෙන්න යාඥා කරනවා. දවසට හය වතාවක්‌ යාඥා කරනොකට අපේ පන්සලේ ඉන්න සාමණේර භික්‍ෂුන් වහන්සේලා ඉගෙනගන්නේ කොහොමද… සිකුරාදා දවස පුරාම පල්ලිවල යකඩකටවල් විසන්ධි වෙන්නේ නෑ. අපි කිසිම දවසක ඒ ශබ්ද විකාශන යන්ත්‍ර නතර කර දෙන්න කියලා පොලිසියට පැමිණිලි කරලා නෑ. චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා පැමිණි උත්සවයට දාලා තිබුණු කොඩි වැල් කපලා තිබුණා. ඒකට නම් අපි නඩු දාලා තියෙන්නේ. මුහුදු මහා විහාරස්‌ථානය වටා ප්‍රදේශවලින් හම්බ වෙච්ච සඳකඩ පහණ පුරා වස්‌තු මුස්‌ලිම් ගෙවල්වල රෙදි හෝදන ගල්වලට තියාගෙන ඉන්නවා. මුර ගල් පඩි පෙළවලට අරගෙන. මේ ප්‍රදේශය තුළ විශාල පුරාවස්‌තු කොල්ලයක්‌ සිදු වෙනවා. මහ කැලෑ මැද ඩෝසර් දාලා පුරා වස්‌තු හාරනවා. අදාළ බලධාරීන් මේ ගැන සොයාබලන්නේ නෑ. විහාරස්‌ථානයට අයිති ඉඩකඩම් සේරම දැන් මුස්‌ලිම් මිනිස්‌සු අල්ලගෙන ඉවරයි. අපි විහාරයට ටොයිලට්‌ එකක්‌ හදන්න ගියත් ඒකට විරුද්ධව පොලිසි යනවා. මේක අපිටත් වදයක්‌. විහාර මහා දේවිය කියන්නේ අපේ අම්මා. මේ තැන විනාශ කරනවා කියන්නේ අම්මට තියෙන තැන නැති කිරීමක්‌. එහෙම වුණොත් බෞද්ධයාට ඉතිරි වෙන දෙයක්‌ නෑ. මේ වනසලා දාන්නේ බෞද්ධ ඉතිහාසය. ඒ නිසා විහාරස්‌ථානයට අයිති ඉඩම් නීත්‍යනුකූලව පවරා දීලා මුහුදු මහා විහාරය පූජා භූමියක්‌ ලෙස නම් කරන්න කියලා අපි පැවති ආණ්‌ඩුවලින් ඉල්ලා හිටියා. ඒත් එක වුණේ නෑ…’

මුහුදු මහා විහාරය දෙසින් ඇසෙන කතාව ඉතාම ෙ€දජනකය. එම විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුවෝ පැවසූ අන්දමට ජාතියක්‌ වශයෙන් සිංහල බෞද්ධ රටක උරුමය රැකගැනීමේ ශෝචනීය ඉරණමට අපි මුහුණ දෙමින් සිටිමු. ලෝකයේ අපට කියා වෙනත් බිම් අඟලක්‌ හෝ නැත. අපට ඇති එකම බිම මේ රටය. එහෙයින් පිටරටවලින් පැමිණි මට්‌ටයන්ට අපේ විහාරස්‌ථාන කොල්ලකා ගැනීමට ඉඩ ලබාදීම අපේ වළ අපම කපා ගැනීමකි. ජාතියේ නාමයෙන් අපේ උරුමය අප ආරක්‍ෂා කරගත යුතුය.



 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රජ කාලේ ඉදලා හම්බයන්ට පුකදීපු රටක් මේක.දැන් ගොඩගන්න බෑ
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඇමති තුමාටයි පුරාවිද්‍යා එකටයි මේවා පෙන්නේ නැද්ද බන් දඹුලු විහාරේ විතරද පෙන්නේ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    okath rajayata pawara gena hariyata nadaththu karapiyawko.

    ai salli horakam karanna beri nisada pawara noganne
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඇමති තුමාටයි පුරාවිද්‍යා එකටයි මේවා පෙන්නේ නැද්ද බන් දඹුලු විහාරේ විතරද පෙන්නේ.

    Oken salli hoyanna bane. Habeyi aragena hambayinta wikkanam ganak sakkuwata daganna beri wena ekak na
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔච්චර කරදර තියෙද්දිත් ඇයි පොලිස් මුරපොළක් දන්නෙ නැත්තෙ ඔතෙන්ට, අනික තමයි බුද්ධ සාසන ඇමතිතුමා දැනුවත් කරල නැද්ද...?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පන්සල් ටික හම්බයොන්ගෙන් නෙවේයි UNP උන්ගෙන් බෙරගන්නයි වෙලා තියෙන්නෙ... :P:P
     

    guranzz

    Member
    Feb 12, 2017
    124
    23
    0
    ඇමති තුමාටයි පුරාවිද්‍යා එකටයි මේවා පෙන්නේ නැද්ද බන් දඹුලු විහාරේ විතරද පෙන්නේ.

    okunta pennne na mwa...:sorry:
     

    guranzz

    Member
    Feb 12, 2017
    124
    23
    0
    ඔච්චර කරදර තියෙද්දිත් ඇයි පොලිස් මුරපොළක් දන්නෙ නැත්තෙ ඔතෙන්ට, අනික තමයි බුද්ධ සාසන ඇමතිතුමා දැනුවත් කරල නැද්ද...?

    ithin bn paththra wala...thiyna.. ewa unta pennne nadda...:oo::oo::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇමති තුමාටයි පුරාවිද්‍යා එකටයි මේවා පෙන්නේ නැද්ද බන් දඹුලු විහාරේ විතරද පෙන්නේ.

    හා... හා... හා... කට... කට...
    සංහිඳියාව... සංහිඳියාව...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    July 8 2017 Esela Poyata Api Night Hitiye Muhudu Maha Viharaye,

    Aluthen Hadapu Kapat Parak Thiyanawa, Parana Para Thama Hamboyo Watte Gewal Hadala Para Patu Karagana Inne


    IMG_0743%20Large.jpg


    IMG_0745%20Large.jpg


    IMG_0752%20Large.jpg

    IMG_0754%20Large.jpg


    IMG_0755%20Large.jpg


    20-30 rayak Innda Uyaganda Thiyanawa - Gotabaya Kale Thama Oya Tika Hari Goda Dala Thiyenn, Attached Bathroom Nam nane.

    Puluwannam Puluwan Aya Trip Organise Karan Ampara Trip Yanda, Hamuduruwo Godak Kamathi enawanam & Rayak Innawanam.

    Ampara Trip Eka Yana Gaman Api Balapu Siddastana/Place
    # Mahiyangana Raja Maha Viharaya
    # Aranthalawa
    # Maha Oya Hot Water Spring
    # Buddangala
    # Deegawapiya
    # Muhudu Maha Viharaya
    # Arugam Bay Beach
    # Magul Maha Viharaya
    # Maligavila Buddha Statue

    Thawa 2 withara miss una , time eka ekka.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    අපේ ගෙදර අයත් ඔය පැත්තේ ට්‍රිප් එකක් ගිහින් පෙරෙදා අවේ..
    වෙලාතියනදේ දැක්කාම ලොකු දුකක් ඇතිඋනා කිව්ව.
    පන්ස්ලේ තියන ඉඩම් ගොඩක් මුස්ලිම් අය අල්ලගන, දැන් ඔය පන්සලට තියෙන අක්කර දෙක තුනක්ලු.පුරා විද්‍යා නටබුන් සදකඩ පහන් එහෙමත් ගලවගන ගිහින්ලු. ( අක්කර සියගනනක් තිබ්බ ඉඩම් වල හැමතැනම තියන ඒවගෙන් එකක් දෙකක් ගලවන් යන්න ඇති කියලා හිතමු.).

    පන්සල වටේ සින්හල පවුල් කීපයක් තියනවලු.ඒ ඔක්කොම වටකරගන මුස්ලිම් පවුල් ඉන්නවලු සෑහෙන්න.පන්සලේ කතාකරකර ඉද්දී , එකපාරට පල්ලියේ ඉස්පීකරේ දාල, ඒකට ඔක්කොමල ෆුල් අවුල් ගිහින්.

    මම කිව්වේ කියපු කතා ටිකක්.
    කට්ටිය කියනවාවගේ ඕක ගිහින්ම බලන්න ඕනා, ඒක දැනෙන්න.

    අපේ සින්හල මිනිස්සු කොච්චර ඉඩම් අල්ලනවාද,ඉඩකඩම් වලට පෙරේතද.අපේ පැත්තේ පාරෙන් එකපැත්තක් ඉඩමට අල්ලලා වැටක් ගහලා,දැන් පාරේ වන්ගුවක්.මේක කාලයක් තිස්සෙකරපු දෙයක්.පාර අලුත්වැඩියා කරන්න ඩෝසරේ ආව වෙලාවේ මම ඒ ගැනුකෙනාට මේක කිව්ව.ඒගමන අගල් තුනක් වැට පස්සට ගත්තා.අපෝ මීටවැඩිය ඉඩමෙන් දෙන්න බෑ කියලා.ටවුන්වල තාපප හින්දා ,වැටවල් හින්දා මොනවත් කරන්න බෑ.ඒත් ගන්වලට ඇවිත් බලන්න ඔනා, මිනිස්සුන්ගේ ඉඩම් තන්නව.

    ඔකට මිස්ලිම් මිහිහටවත්, සින්හල මිනිහටවත් බැන්නට වැඩක්නෑ.මොකද ඒ ඕවා කරන ගොඩක් නුගත් මිනිස්සුන්ට තමුන්ගෙන් පිට හිතන්න බෑ.මට කන්න ඔනිනම් , මම කනව,මට තිබහනම් මම බොනවා බීල කෝච්චෙයේ ජනේලෙන් බෝතලය විසික්කනවා. මට යන්න ඕනිනම, මම හෙඩ්ලයිට් එකම ගහන් යනව, අනිකට ගිනිකන වැටෙනවද මම දන්නෑ, වැඩකුත් නෑ. ඩිම් එක හැදුවේ මොකටද කියලා උටත් තවම උත්තර නැති ප්‍රශ්නයක්.
    අපිට ඉඩම් ඔනේනම් ,තියන තැනින් අල්ලගන්නවා, මට සෙක්ස් ඔනේනම් කාටහරි ..නවා. ඒතරමට නොදියුනුයි.

    රටේ ආයතන, නීති හදලා මිනිස්සු බදුගෙවගෙව නඩුත්තු කරන්නේ ඕවාට පිලියම්දෙන්න.
    කාලකන්නි රට, බුද්ධසාසන අමාත්‍යන්ශයක් තියනවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවා.උන් මොනවත්දන්නෑ උන් රුකඩ.හැබැයි, අස්ගිරියෙන් පලිගන්න ඔනි උනාම, ඇමතිය්ගේ අනට ඔය රුකඩ ටික චන්ඩියෝවගේ නටනවා.

     
    Last edited: