මුහුද රළු වී ධීවර යාත්‍රා අනතුරට පත්වීම නš
අම්බලන්ගොඩ අහුංගල්ල අතර සිරුරු 14ක් ගොඩගසයි
මියගිය ගණන දැන් 42යි
මාතර, රත්නපුර, කොළඹ ඇතුළු පළාත් රැසක දැඩි සුළං විපත්
30ක් තවම අතුරුදන් තුවාල ලැබූ ගණන 29යි
අයහපත් කාලගුණ තත්ත්වයෙන් මුහුද රළු වී ධීවර යාත්‍රා අනතුරට පත්වීම නිසා මියගිය ධීවරයන්ගේ ගණන 42 දක්‌වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන්වූ ධීවරයන්ගේ ගණන 30 දෙනකු බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය (10 දා) නිවේදනය කර සිටියේය.
මේ අතර ඊයේ අම්බලන්ගොඩ සිට අහුන්ගල්ල දක්‌වා වූ මුහුදු තීරයට ධීවරයන්ගේ මළ සිරුරු 14 ක් ගොඩගසා තිබිණි.
මුහුදේ දී සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ ධීවරයන්ගේ ගණන 29 කි. මේ ආපදාවන් නිසා ධීවර බෝට්‌ටු 41 ක් අනතුරට පත්වී ඇති බව ධීවර අමාත්‍යාංශය කියයි.
ආපදා තත්ත්වයෙන් විපතට පත් බහුතරයක් ධීවර ජනතාව බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. මේ අතර ගස් කඩා වැටීම නිසා රත්නපුර ප්‍රදේශයේ එක් පුද්ගලයකු මරුමුවට පත් වී ඇත.
පසුගිය සිකුරාදා (7 වැනිදා) රාත්‍රියේ සහ පසුදින (8 වැනිදා) අලුයම ඇතිවූ දැඩි සුළං හේතුවෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2286 කි. ඉන් නිවාස 101 ක් මුළුමනින්ම විනාශවී තිබේ.
නිවාස කැඩී බිඳී යැමෙන් අවතැන් වූ පවුල් 24 කට අයත් පුද්ගලයෝ 107 දෙනක් මේ වන විට සහන කඳවුරු 4 ක තාවකාලිකව රැඳී සිටිති.
කළුතර සිදුවූ ආපදා තත්ත්වයෙන් කළුතර දිස්‌ත්‍රික්‌කයේ ධීවරයන් හත් දෙනකු (7) මරණයට පත්ව ඇති අතර අතුරුදන් වූ සංඛ්‍යාව අටකි.
පුද්ගලයන් 18 දෙනකු තුවාල ලැබූ අතර හානියට පත් නිවාස සංඛ්‍යාව 905 කි. කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 14 ක පවුල් රැසක පුද්ගලයෝ 2000 ක් පමණ මෙම විපතින් පීඩාවට පත් වී සිටිති.
ගාල්ල( ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ධීවරයන් 21 දෙනකු මෙම විපතින් ජීවිතක්‍ෂයට පත්වූ අතර තවත් පුද්ගලයන් 17 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති.
තුවාල ලැබූ සංඛ්‍යාව 4 කි. නිවාස 914 කට හානි සිදුවිය. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 20 ක පුද්ගලයෝ තුන්දහසකට වැඩි පිරිසක් විපතට පත්වූහ.
මාතර- මාතර දිස්‌ත්‍රික්‌කයට ද සුළඟින් දැඩි හානි සිදුවූ අතර එක් අයෙකු තුවාල ලබා නිවාස 106 ක් විනාශයට පත්විය.
හම්බන්තොට- තංගල්ල හා වලස්‌මුල්ල ප්‍රදේශවල නිවාස 11 ක් සුළඟින් විනාශ විය.
කොළඹ- කොළඹ දිස්‌ත්‍රික්‌කයේද රත්මලාන, දෙහිවල, මොරටුව යන ප්‍රදේශවලට බලපෑ දැඩි සුළඟින් පුද්ගලයන් 10 දෙනකු මියගොස් 5 ක් අතුරුදන්ව සිටිති. නිවාස 58 කට හානි සිදුවී තිබේ.
පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ගම්පහ- ගම්පහ දිස්‌ත්‍රික්‌කයේද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 8 කට සුළඟින් විපත් සිදුවූ අතර නිවාස 128 ක් හානි විය.
පුත්තලම- හලාවත පවුල් 4 කට අයත් පුද්ගලයන් 13 දෙනකු විපතට පත්වූ අතර හානියට පත් නිවාස සංඛ්‍යාව 3 කි. මුහුදු ගිය ධීවරයෙකු මියගොස් තිබේ.
නුවරඑළිය- නුවරඑළිය, කොත්මලේ, හඟුරන්කෙත ප්‍රදේශවලට ද බලපෑ දැඩි සුළඟින් පවුල් 27 කට අයත් පුද්ගලයන් 115 දෙනෙකු විපතට පත්වූ අතර පවුල් 14 ක් අවතැන් වූහ.
මහනුවර- මහනුවර නිවාස 19 ක් කැඩී යැමෙන් පවුල් 19 ක් විපතට පත් වූහ.
කෑගල්ල- කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ද වරකාපොළ හා රඹුක්‌කන ප්‍රදේශවලට සුළඟින් දැඩි හානි සිදුවූ අතර නිවාස 15 ක් විනාශ විය.
රත්නපුර- රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 10 කට සුළඟින් දැඩි බලපෑම් එල්ල වූ අතර එක් අයෙකු මියගොස් දෙදෙනකුට තුවාල සිදුවිය.
පවුල් 212 ක පුද්ගලයන් 649 දෙනෙකු විපතට පත්වූ අතර නිවාස 111 ක් විනාශයට පත්වීමෙන් පවුල් 10 ක් අවතැන් වූහ.