මෙච්චර පකිස්තාන් අමාරුවක් මොකද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙච්චර පකිස්තාන් අමාරුවක් මොකද?

ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රීඩා ඇමැතිත් ලාහෝර් යයි
(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා සහ පකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම් අතර ලාහෝර්හිදී පැවැත්වෙන 20/20 ක‍්‍රිකට් තරගය සඳහා තමන් ද සහභාගී වන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(25) පැවසීය.

මෙම තරගයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් නොමැති බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනයද වාර්තාවක් ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා තමන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද මේ ගැන සොයාබැලීමට පත්කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.

එම වාර්තාව ද දින දෙකක් පමණ ඇතුළත ලැබීමට නියමිත බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ පකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම මෙරට තරගවලට පැමිණි බව හා යුද්ධය වෙනුවෙන් පකිස්තාන රජය ශ්‍රී ලංකාවට දුන් සහාය අමකත කළ නොහැකි බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(25) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය නායකයකුට දෙන ප‍්‍රභූ ආරක්‍ෂාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ලබා දෙන බව පකිස්තාන රජය පොරොන්දු වී ඇති බව ද කී අමාත්‍යවරයා මීට පෙර යම් අත්දැකීම්වලට මුහුණ දුන් ක‍්‍රීඩකයින් මෙයට සහභාගීවීමට බියකින් පසුවෙනවා නම් ඒ අය ගැන ගැටලූවක් නැතැයි ද කීවේය.

පකිස්තානය සමග පැවැත්වෙන 20/20 තරග තුනටම එකම කණ්ඩායමක් තරග කිරීම සුදුසු බව කී දයාසිරි ජයසේකර මහතා ඒ වෙනුවෙන් ඉතා හොඳ කණ්ඩායමක් තෝරා තිබෙන බවත් එයට සහභාගීවීම පුහුණුකරුවන් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඒ ගැන ක‍්‍රිකට් ආයතනය තීන්දුවක් ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.

පකිස්තානය සමග තරගාවලියට සහභාගී වූ මෙරට ක‍්‍රිකට් බලධාරියෙක් එරට ක‍්‍රිකට් ක්ෂේත්‍රය හා සම්බන්ධ නිලධාරිනියකට අයුතු යෝජනාවක් කර ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බවයි.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
උන් අපි අමාරුවේ වැටිලා හිටපු කාලේ උදවු කලා.
දැන් උන් අමාරුවේ වැටුණාම අපි උදවු කරන්න ඕන :)
 
  • Like
Reactions: Helo1

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උන් අපි අමාරුවේ වැටිලා හිටපු කාලේ උදවු කලා.
දැන් උන් අමාරුවේ වැටුණාම අපි උදවු කරන්න ඕන :)

ow ehema karanna gihin hukagatta madivadatada?:lol:
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
Time to pay Pakistan back for support in 1996: Gurusinha

Asanka Gurusinha, the former Sri Lanka batsman and current team manager, urged his players to tour Pakistan despite security concerns as a way of paying back the country for its support of Sri Lanka during the 1996 World Cup in the subcontinent.

Gurusinha was part of the team that went on to lift the trophy, but Sri Lanka had to deal with both Australia and West Indies refusing to tour thecountry over security fears. On the eve of the World Cup,a joint India-Pakistan team played a friendly against Sri Lanka to show solidarity and demonstrate that it was safe to play in.


http://m.wisdenindia.com/full-story.php?category=News&id=273946&
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අවංකවම කිව්වොත් දැන්නං අපේ ටීම් එකට ගලක්වත් ගහන එකක් නෑ. එදා ගැහුවෙ ලෝකෙ වටිනම ටීම් 3න් එකකට.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටීම් එකේ හැටියට තම්බි ටික වියදමක් නැති පඩ බෝම්බයක් තමයි ගැහුවොත් ගහන්නේ.....:P. අපේ උනුත් පඩ උනත් බෝම්බනේ කියල හිතන් යනවා ඇත්තේ:cool::cool: