මාජුවාන සමුපකාරයේ සියළු ආසන විපක්ෂය දිනයි.. මාලිමාව සියල්ල පරදී..
බද්දේගම ප්රදේශයට අයත් තෙලිකඩ මාජුවාන විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්වුණු ඡන්ද විමසීමේදී විපක්ෂය ජයග්රහණය වාර්තා කළේය.
මෙම සමුපකාරයේ නව සභාපති ධුරයට පත්වූයේ ගාල්ල ගඟබඩපත්තුවේ යහලදුව කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බුවනෙක නානායක්කාර මහතා ය.
නිලවරණය සඳහා විපක්ෂය විසින් අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත් කළ අතර, ජාතික ජනබලවේග සහාය ලබන අපේක්ෂකයන් පස් දෙනෙකු තරගයට ඉදිරිපත් කර තිබුණි.
ඡන්ද ප්රතිඵල අනුව ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හය දෙනාම ජයග්රහණය කිරීමට සමත් වූ අතර, තරග කළ ජාතික ජනබලවේග සහාය ලබන කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාවක් හිමි නොවීය.
සමුපකාරයේ සියලු තේරීපත්වීම් විපක්ෂ කණ්ඩායම සතු විය.
Title එක් පොඩ්ඩක් වැරදුනා ජනතා කැමැත්ත වැඩි වෙලා මාලිමාව ආසන ඔක්කොම පැරදිලා