මෙත් සිතේ අනුසස්...

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මට හිතෙන්නෙ මේකෙන් අදහස් කරන්නෙ මෛත්‍රීසහගත සිතින් සිටින කෙනෙකුට හිංසාවක් වෙද්දි, වෛරය, තරහ වගේ කෙලෙස් ඇති නොවීම, අනේ ඇයි මට මෙහෙම වුණේ කියල ශෝක නොකිරීම වගේ දේවල් වෙන්න ඕනෙ.


ඔව් ඕකට සමාන මතයක් තමයි මමත් දරන්නේ..:)
 

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ඔව් ඕකට සමාන මතයක් තමයි මමත් දරන්නේ..:)

    :) ඔව්, මිතුර...

    තව එකක්, අප කොතරම් නිවැරදි වුණත් අපට කරදර පීඩා එන වා..
    මොකද, ඉපදුන කෙනා ට දුක ඇති වෙන්නවා නේ.. සමහර වෙලාවට ඒවා පැරණි කර්ම වල විපාක වෙන්නත් පුළුවන්...
    ඒ ගැන නිසි අවබෝධය නැති කෙනාට; ඒ කියන්නේ ධර්මය ගැන සැක (විචිකිච්ඡා) තියෙන කෙනාට; මෙවන් වෙලාවේදී තමන් ගේ ප්‍රතිපදාව ගැන සැක ඇති වෙන්න පුළුවන්...
    අපි අහල තියෙනවා නේ "මට මයි වෙන්නේ..." කියා කථාවක්...
    මේ හැඟීම ඇති නොවන ලෙස ජීවිතය ගැන අවබෝධයක් ඇති කර ගන්න ඕනේ...

    තෙරුවන් සරණයි!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේ භාවනාවෙ ප්‍රතිපල තියෙනවා. මම දිගටම කරගෙන යන්වා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ භාවනාවෙ ප්‍රතිපල තියෙනවා. මම දිගටම කරගෙන යන්වා.

    ධම්මානුසාරී ශ්‍රාවකයෙක්. :)

    මම භාවනාව අතපසු කරගෙන ඉන්නෙ. ආයෙත් පටන් ගන්න ඕනෙ.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    පින්වත් මිතුර, ඒක වෙන හැටි මටත් තේරෙන්නේ නෑ.
    වෙන්න පුළුවන්/ බෑ වගේ ඒවා ලෝක විෂයට අයිති දේවල් නේ; අපට කරුණු ගලපා වටහා ගන්න බෑ...

    යානාවක් වගේ මෛත්‍රිය වඩනවා කියන්නේ සමාධිය ඉහළටම දියුණු කර අවස්ථාවක්...
    මට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නෑ.. මම බොහොම ආධුනිකයෙක්... ඉතින් මට එය ගැන අදහසක් හිතා ගන්න බෑ...

    හැබැයි මට මතකයි, එක කථාවක ආර්ය ශ්‍රාවිකාවකගේ (එයාගේ නම මතක නෑ, මතක් වුණොත් post කරන්නම්) ඇඟේ කෙනෙක් උණු තෙල් හලනවා, මෛත්‍රී ධ්‍යානයට සමවැදී මෙන් පිච්චෙන්නේ නැතිව බේරෙනවා. ඒත් ඒක හැමෝටම පොදු යැයි නිගමනයකට එන්න බෑ නේ...

    තෙරුවන් සරණයි!

    කරණීය මෙත්ත සුත්රය හොදින් කියවන්න යාළුවා. අපි දිගින් දිගටම මෙත් වඩන කොට අපේ හිත හුගක් සන්සුන් වෙනවා. ඒත් එක්කම අපේ අවධානය හුගක් වැ‍ඩෙනවා. අවධානය වැඩිවීම තුල ඔය කියන අවි ආයුධ වලින් වෙන හානි ගින්දරෙන් වෙන හානි වලින් ගැලවීම සිදුවෙනවා. අනිත් අතට ඔයා අහලා ඇති සාම කුමාරයා ගැන. සාම ජාතකයේ දක්වන විදියට සාම කුමාරයා නිරන්තරයෙන්ම මෙත් සිත තමන් හිටි මුළු කැලෑවටම පතුරවපු කෙනෙක්. ඒ නිසා කැලෑවේ හිටි හැම සතෙක්ම සාම කුමාරයාගේ මිතුරෝ වුනා. ඒත් දවසක් ඒ කුමාරයා තමන්ගේ අන්ධ දෙමව්පියන්ට බොන්න වතුර ගේන්න ගිය වෙලාවේදි වතුර කලේ උස්සන අවස්ථාවේදී තමන් පතුරපු මෙත් සිත තරමක් නැවතුනා. ඒ වෙලාවේදීම දඩයමේ ආපු රජතුමා විද්ද විෂ පොවපු ඊ තලය කුමාරයාට වැදුනා.

    අනික් අතට මගේ බුදු හාමුදුරුවෝ මහා මෙත්තාවක් මුළු ලෝකයටම විහිදවපු පුද්ගලයා. ඒ ගැන අපේ නුවණට විෂය වන්නේ වත් නෑ. ඒත් දේවදත්ත සුප්පබුද්ධ මාගන්දියා පාපී මාරයා ආදීන් උන් වහන්සේට දිගින් දිගටම කරදර කලා. උන් වහන්සේ කෙරේ වෛරයෙන්ම හිටියා. ඒකේ ඵලයක් විදියට අදත් ඒ අය අවීචියේ දුක් විදිනවා.

    ඒ නිසා මේ ගැන වැඩිය හිතන්න එපා. වැදගත්ම දේ තමයි මේ හැම ආරක්ෂාවකටම වඩා ‍මෙත් වැඩීමේ අවසන් ඵලය ගැන හිතීම. ඒ ඵලය විදියට ඔයා උනන්ද වුනොත් නිවන් දකින්න පුළුවන්. කොච්චර මෙත් වැඩුවත් ඔයා දරුණු අකුසලයක් කරලා තියේ නම් ඒක පල දෙනවා මයි. දන්නවානේ මහා මුගලන් ස්වාමීන් වහන්සේට පිරිනිවන් පාන්න සිද්ධ වුන හැටි.

    ඒ ව‍ගේම අසූමහා ශාවකයන්ගෙන් මෙත්තාවෙන් අග තැන්පත් අස්ස ගුත්ත හාමුදුරුවෝ ගැනත් හදාරන්න. මෙතෙන්දි ඔයාට ඒ දැනුම හුගක් ඵලවත් වේවි.

    ඒ නිසා මෙත් වැඩීමේ අවසන් ආනිසංසය ගැන විතරක් ඒ කියන්නේ ශාන්ත පදය වන්නාවූ නිර්වාණය ගැන විතරක් හිතලා දිගින් දිගටම පුළුවන් හැම මොහොතේම ‍මෙත් සිතෙන් ඉන්න උත්සාහ කරන්න.

    තවත් භාවිත උදාහරණ ව‍ගේම මොනවා හරි මේ ගැන උපදෙස් අවශයය නම් මට මේල් කරන්න. මන් ඔයාට උදව් කරන්නම් තවත් ඉදිරියට යන්න.

    තෙරුවන් සරණයි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    තමා ඉන්න තැන ඉඳල ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන කෙනා ධම්මානුසාරී. ඉන්න තැනින් ඉදිරියට යන්නෙ තම තමාගෙ උත්සාහයෙ සහ නැණ පමණින්.:P
    ඔයා :rofl: කිව්වම මට මතක් වෙන්නෙ, අපත් සමග ඉන්න බොහෝදෙනා ධර්මයේ හැසිරෙන්න ටිකක් හරි උත්සාහ කරන කෙනාගෙ සුලු වැරැද්ද පවා උලුප්පාගන්න හදන අවස්තා. "කොච්චර බණ ඇහුවත් වැඩක්ද, මෙන්න මෙහෙමයි...." කියල උපහාසයට ලක් කරනවා.

    මටනම් හිතෙන්නෙ තමුන්ගෙ කොතරම් වැරදි තිබුණත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනාගෙ ජීවිතය උත්සාහ නොකරන කෙනාගෙ ජීවිතයට වඩා සුරක්ෂිතයි කියල.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    කරණීය මෙත්ත සූත්රයට අනුව මන් මෙත් වඩන්න යොදා ගන්න භාවනා වාක්‍ය ඔයාලත් එක්ක බෙදා ගන්න මන් හිතුවා.

    " සියලු සත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, කෙනෙක් කෙනෙකුට සතුරු නොවෙත්වා, කෙනෙක් අනිකෙකු පහත් කොට නො සිතත්වා, අනුන්ගේ දියුණුවට අනුන්ගේ සැපයට කැමති වෙත්වා, අනුන්ට කරදර කිරීමට දුක් දීමට කැමති නො වෙත්වා "

    මුලින්ම තමන්ට මෙත් වැඩීමෙදි තමන්ව මුල් කරගෙන ඒ කියන්නේ "අත්ත" විදියට මේ වාක්‍ය වෙනස් කරලා පාවිච්චි කරනවා. එකම දේ දිගින් දිගටම කිවීමේ දී කිසියම් අලස බවක් ඇති වුනාම කරන්නේ සත්ත්වයින් කොටස් කර බෙදලා ඒ ඒ දිශාවන්, පලාත්, සත්ව වර්ගයන්ට බෙදලා මෙත් වඩනවා. ඔයාලත් කැමති නම් මේ විදියටත් මෙත් වඩලා බලන්න.
     

    Similar threads