මෙදා සැරේ කප් එක

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙදා සැරේ කප් එක

    මෙදා සැරේ කප් එක අපේ අල්ලපු රටටලු
    2322_1AI.jpg


    ඉන්දියාවේ අංක විද්‍යාවේ පණ්ඩිතයෝ කියති

    ඉන්දු-පකිස්ථාන ලෝක ක්‍රිකට් ශූරතා අවසන් පූර්ව තරගය පාකිස්ථානය දිනා ගන්නා බව කී ගිරවෙකු මරා දැමූ ඉන්දියාවේ ඇතැම් අන්තවාදීන් දැන් අංක විද්‍යාව පදනම් කර ගනිමින් යැයි කියමින් මෙවර ලෝක ක්‍රිකට් ශූරතාවය ඉන්දියාව දිනා ගන්නා බවට අනාවැකි පළ කරන්නට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

    “මෙහි ප්‍රතිඵලය ගැන අනාවැකි පළකිරීම අති දුෂ්කරයි.ඒත් ශ්‍රී ලංකාව එල්ල කරන ක්‍රිකට් සුනාමිය හමුවේ ඉන්දියාව විශ්මය ජනක අයුරින් බේරෙන බවක් නම් පෙනෙන්න තිබෙනවා.ඒ අනුව මහේන්ද්‍ර සිං දෝණි ලෝක කුසලානයක් ඉන්දියාවට දිනා දෙන දෙවන නායකයා බවට 02 දා පත්වන ලකුණු තිබෙනවා.”

    යැයි මෙම අනාවැකි කරුවෝ පවසති.

    තරගය පැවැත්වෙන දිනය, ඉන්දියාව පකිස්ථානය පැරද වූ ලකුණු ගණන සහ ඉන්දීය නායක දෝණිට සහ අවසන් ලෝක ක්‍රිකට් තරගාවලියට මුහුණ දෙන සචින් තෙන්ඩුල්කාර් හා මුත්තයියා මුරලිදරන්ට අංක විද්‍යාව බලපාන ආකාරය අනුව, මෙම අනාවැකි පළකර ඇති අතර ඒ අනුව එදින ඉන්දීය නායක දෝණි, සචින් තෙන්ඩුල්කාර් හා මුත්තයියා මුරලිදරන්ට මෙම තරගය වාසි සහගත බව පවසා ඇතත් ශ්‍රී ලංකා නායකයාගේ වාසනාව සම්බන්ධයෙන් ඔවුන් කිසිදු සඳහනක් කර නැත.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: mona weida manda ban... :( chance eka thamai .. lesi wenne naa indian karayo ekka full gamak denna ona :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපේ කොල්ලෝ ටික හොඳට බැට් කරලා හොඳට බෝල් කලොත් ආත්ම විශ්වාසයෙන්, මැච් එක ගොඩ!!!! ඔය බයිලා ජෝතිෂ්‍ය මුකුත් ඕනී නෑ.
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    අනේ ඔකුන්ගෙ අංක විදයාව :P:P:P:P
    මම දැක්ක ඉන්දියාවෙම එවුන් කලින්කිවුවා කියල පත්තරේ දාලා තියෙනව දින්නෙ ඔස්ටෙිලියාව කියල
    ඒකත් කිවුවෙ අංක විදයාවෙන්ලු:lol::lol::lol::lol::lol:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අර අහි0සක සතෙකුට කරල තියෙන අපරාදෙ බලපන්ලකො..මෙ තිරිසනුන්ට මෙ සත තිරිසනෙක් කියලවත් තේරෙන්නේ නැති හැටි. බලපල්ලකො ඔකුන්ට වෙන වැඩෙ... Address නැතිවෙන්න දෙන්නෙ මේ පාර :lol::lol::lol::lol: