මෙන්න පවුසිගෙන් තවත් අනාවැකියක්~~~~~
මෙන්න පවුසිගෙන් තවත් අනාවැකියක්~~~~~
මේ දවස් වල රටේ නායක ගොල්ලන්ට අපලයි කියල කවුරුත් දන්නව නොවැ.ඉතින් ඒ ආතල් එක දෙගුණ වෙන අනාවැකියක් කියන්ඩ තමයි පවුසි යන්නේ.
ඔක්තෝබර් 18 වෙනිදාට ශ්රී ලංකා කුම්භ ලග්න කේන්ද්රයේ 9 වැන්න හෙවත් තුලාවට රවිගේ පැමිණීම සිදු වෙනව.රවි තුලාවට නීචයි.රවි තුලාවේ නීච වීම මහජනායට සුභ වෙනවා මෙන්ම පාලකයන්ට ඉතා අසුබ තත්වයකි.ඊටත් එහා කරුණ නම් මේ නීච වීම සිදුවන්නේ පුණ්යස්ථානයේ හෙවත් 9 වැන්නේ වීමයි.
ශ්රී ලංකා කුම්භ ලග්න කේන්ද්රයේ සෙනසුරු 8 වැන්නේ ගෝචර වී අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨක තත්වයේ අවසන් අදියරේ සිටීමද අහිතකර තත්වයකි.
අපි බලමු පාලකයන් මොනව කර ගනීද කියල.විශේශයෙන් අපේ රජතුමාටත් එතුමාගේ පවුලේ අයටත් හිතකර කාලයක් නොවන බව කිව හැක.විශේෂයෙන් රජතුමාගේ ගෙවන ගුරු මහදසාව කන්යා ලග්න හිමි එතුමාට අසුභ බවද මතක් කල යුතුය.
ඒ කියන්නේ ඉතින් අපිට ශෝයි කියන එකනේ
ලෙසේ හෝ පාලක තන්ත්රයේ ඇතිවන යම් අලකලංචි හෝ එලොව යාමක් මගින් හෝ වෙනත් කේස් එකක් මගින් හෝ එන උද්ගෝශන රැල්ලකින් හෝ මහජනයාට යහපත් තීන්දු තීරණයක් ලැබීමට හෝ යහපතක් සැලසීකට ඉඩ කඩක් පවතී.
මහජනතාවට රවි නීච වීම යහපතක් වුවත් ස්ව්භාවික විපත් තත්වයක් පැණ නැගීමට සුලු ඉඩ කඩක් පවතී.
අපි බලමු මොකෝ වෙන්නේ කියල.
දැන් මට කේන්දර බලන්ඩ,අර ලග්නෙට මේ ලග්නෙට කොහොමද නම් අහන්ඩ එපා.මම මේ දවස් වල පුල් බිසී.

.බලල දෙන්නම් කියල පොරොන්දු වෙච්ච ඒවත් සෑහෙන තියෙනව ඒව බලලත් නෑ.
ටිකක් හරි හමන් විවේක දවසක් වෙනකන් හිටපල්ල.


.බලල දෙන්නම් කියල පොරොන්දු වෙච්ච ඒවත් සෑහෙන තියෙනව ඒව බලලත් නෑ.
ටිකක් හරි හමන් විවේක දවසක් වෙනකන් හිටපල්ල.





