මෙන්න බටහිර නිරුවත
ඔබාමා අද කියනවා තමන්ගේ ජනපති ධූරය තුළ දී සිදු වූ නරකතම වරද ලිබියානු ආක්‍රමණ කියල. ගඩාපි බලයෙන් පහ කිරීමෙන් පසු කරන්නේ කුමක් ද යන්න තමන්ට සැලසුමක් නොකිබූ බව ඔබාමා පිළිගන්නවා. මහින්ද බලයෙන් පහ කිරීම සඳහා සැලසුම් නැති ඔබාමලාගේ සැලසුමට අහුවුණු ලංකාවේ ඡන්ද දායකයින්ටත් තියෙන්නෙ ඔබාමාගේ පසුතැවිල්ලම වෙන්න ඕන. ඉදිරියේ දී ඊටත් වැඩි වෙන්න පුළුවන්. ගඩාපි මරා දැමීම සඳහා වැඩියෙන් ම අවශ්‍ය වුනේ හිටපු ප්‍රංශ ජනපති නිකොලා සාර්කෝසිට. ඔහු බිය වුනා මැතිවරණ ව්‍යාපාරය සඳහා තමන් ගඩාපිගෙන් ගත් මුදල් ගැන රටට හෙළි වෙයි කියලා. මම හිතන්නෙ හිලරි ක්ලින්ටන් හා සාර්කොස් අතර ගණුදෙනුවක් හරහා තමයි ඇමරිකාව සම්බන්ධ වෙන්නෙ. ඇත්තට ම ඔබාමාට අවශ්‍ය වුනේ නැහැ ලිබියාවට මැදිහත් වෙන්න.හිලරි තමයි ඒ සියල්ල කළේ. ලිබියා මෙහෙයුම සම්බන්ධ ආරක්‍ෂක සංවාදවල දී හිලරිගේ ආධිපතිවාදි මැදිහත් වීම අපගේ 'විකිලීක්ස් හෝරාව (2010) කෘතියේ 'ලිබියා ආක්‍රමණය හා ඇමරිකානු දෙගිඩියාව' පරිච්ඡේදයේ විස්තර කොට තිබෙනවා. අවසානයේ වුණේ සෞභාග්‍යමත් රටක් විනාශ කොට දැමීම. ලංකාවට මේක හොඳ දේශපාලන පාඩමක්. තවත් කාරණයක්. ඔබාමාගේ ලොකුම වරද ලිබියාව විතරක් නෙමෙයි. ඔහුගේ හිත දන්නවා ඇති ඒක. ඒ තමයි සැලසුමක් නැතුව ඉරාකයෙන් ඇමරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම. අයිසිස් සංවිධාය බිහි වෙන්න ඒකෙන්. එසේ වී අද මැදපෙරදි පමණක් නෙමෙයි, යුරෝපය දක්වාම පැතිර ඇති ත්‍රස්තවාදයේ තිඹිරි ගෙය වුනා මේ සැලසුමක් නැති ඉවත් වීම. මේකට තනිකර ඔබාමා වග කියන්න ඕන. කොහොමහරි, ලිබියාව ලොකුම වරද කියල කියන්න ඔබාමාට හේතුවක් තිබෙනවා. ඇමරිකානු මිනිස්සු දන්නවා එතන හිලරිගේ භූමිකාව. සමහර විට ඔබාමාට අවශ්‍යයි ජනතාවට මතක් කරල දෙන්න මේ සැරෙත් හිලරිට චාන්ස් එකක් දෙන්න එපා කියල. මෙන්න බටහිර නිරුවත
Mahinda Pathirana
http://www.dailymail.co.uk/wires/afp/article-3534139/Obama-calls-Libya-worst-mistake.html