මෙන්න මිනිස්සු...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මිනිස්සු...


    1
    an_abandoned_dog_01.jpg




    2
    an_abandoned_dog_02.jpg




    3
    an_abandoned_dog_03.jpg




    4
    an_abandoned_dog_04.jpg




    5
    an_abandoned_dog_05.jpg




    6
    an_abandoned_dog_06.jpg




    7
    an_abandoned_dog_07.jpg




    8
    an_abandoned_dog_08.jpg




    9
    an_abandoned_dog_09.jpg




    10
    an_abandoned_dog_10.jpg




    11
    an_abandoned_dog_11.jpg




    12
    an_abandoned_dog_12.jpg




    13
    an_abandoned_dog_13.jpg




    14
    an_abandoned_dog_14.jpg




    15
    an_abandoned_dog_15.jpg




    16
    an_abandoned_dog_16.jpg




    17
    an_abandoned_dog_17.jpg




    18
    an_abandoned_dog_18.jpg




    19
    an_abandoned_dog_19.jpg




    20
    an_abandoned_dog_20.jpg




    21
    an_abandoned_dog_21.jpg




    22
    an_abandoned_dog_22.jpg





    23
    an_abandoned_dog_23.jpg

    :):)
     
    • Like
    Reactions: minipura

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ YouTube ලින්ක් එක දාහන් මචෝ..
    මාරම මනුස්සකමක්...නැත්තම් කතාව කෙටියෙන් කියහන්..
    ඔය බැල්ල..ගේ ඇස් දෙකම පේන්නේ නැහැ...
    ඉතින් මෙයා ඔතන ඉන්නව කියලා දැන ගත්තම ඒ අක්කා යනවා එයාව අරන් එන්න..
    ගියාට ඩයල් එක කියපු තැන හිටියේ නෑ..
    පස්සේ Search පාරක් දාලා බලද්දී කොස්සකට මුවා වෙලා ඉන්නවා..
    ඉතින් එක පාරම නොදන්න සතෙක්ට කිට්‍ටු කරන්න බයයි නේ..මේ බල්ල ඉන්න තැනම මල,මූත්‍ර හිටන් පිට කරලා ඇඟ පුරාම ගෑවිලා..
    ඒ වෙලාවෙදි තමයි මෙයා ලා දැන ගන්නේ ඒ බල්ලගේ ඇස් පෙන්නෙත් නෑ කියලා.
    ඒ සිදුවීම දැන ගත්තම ඒ අක්ක..ට ඇඬෙනවා (බලන් ඉන්න අපටත් ඇඬෙනවා....පව්)
    ඊට පස්සේ අක්ක බල්ලව ගෙදර ගෙනල්ල ඉස්සෙල්ලම හොඳට බාත් ටබ් එකේම දාලා හොඳට නාවනවා..
    නාවල කන්න එහෙම දීලා බෙල්ලට කෝප්පයක් වගේ එකකුත් දාලා බල්ලව වෙට් ගාවට අරන් යනවා..
    ගියාම වෙට් බලලා කියනවා බල්ලගේ එක ඇහැක් ගොඩ දාන්න පුලුවන් කියලා...පේන මට්ටමට..
    ඒ අක්ක කැමැත්ත දෙනවා..
    ඔපරේෂන් එක කරනවා..
    වැඩේ සාර්ථකයි..
    සනීප උනාට පස්සේ තමයි ඌ පිම්මේ ඔය දුවගෙන එන්නේ..:lol::lol:
    එයාට යාලුවෙකුත් ගෙනත් දීලා තිබුනා..
    ඉතින් මේ කියුවට වඩා ඒ වීඩියෝව බලද්දි මාරම දෙයක් දැනෙයි..
    අන්තිමට කියන්න ඕන..
    ලංකාවේ මිනිස්සු අතේ සතේ නැති හිඟන ජාතියක් කියල ලෝකේ කියුවත්
    ලංකාවේ මිනිස්සු සත්තු වෙනුවෙන් කරන වියදම ගැන දැක්කම ඇත්තටම වෙලාවකට ඇඬෙනවා වේලක් නොකා හරි සතාට වියදම් කරන අවස්ථා මම ඇති වෙන්නම දැකලා තියෙනවා..
    ආසන්නම සිදුවීමක් කියන්නම්..
    ඇත්තටම ඒ ජමන් ෂෙපඩ් වර්ගයේ බල්ලෙක් බල්ල ටිකක් වයසයි..
    8ක් 9ක් (අවු.12ක් 15ක් වගේ ජීවත් වෙනවා...)
    අයිතිකාරය නම් 60ක් වගේ..පෙනුම..
    ඉතින් බල්ලට නම් ටිකක් අමාරුවෙන් හිටියේ..
    ඇත්තටම තමන්ගේ අවස්ථාව එනකන් ඉන්න වෙනවනේ..
    බල්ල ත්‍රී වීල් එකෙන් බැස්ස කට්ටිය දැකලා තිබුනා..
    වැඩිය ඳැගලිල්ලක් නැති වුනේ ඇඟේ අමාරුවට වෙන්න ඇති.
    බල්ල සිමෙන්ති පොලවේ නිදා ගෙන වගේ හිටියේ මනුස්සයත් හිඳගෙන බල්ලගේ ඔළුව අත ගගා ඉන්නවා තමන් ගේ වාරය එනකන්..
    ඔන්න එයාගේ වාරය ආවා..ඩොකී ළඟට ආවා..
    "මොකද්ද සර්..මෙයාට වෙලා තියෙන්නේ..මෙයා කන්නේ නෑ ඩෝක්ටර්..පැත්තක් බලන් හිටිය නිසා එක්ක ආවේ..."
    "ඉතින් සර් මෙයා මැරිලා නේ.".කියපි..
    මනුස්සයා ටිකවෙලාවක් ඩොකී දිහා බලන් ඉඳන්..
    "ඇත්තද ඩොක්ටර්..මට සමාවෙන්න මම අරන් එද්දි පන තිබුනා නේ..එයාම වීල් එකටත් නැග්ගේ.."
    කියලා බල්ලවත් අත්දෙකෙන් වඩා ගෙන මම ගිහින් එන්නම් ඩොක්ටර් කියලා ඩොක්ටර් දිහා බලලා හිනා වෙලා
    "අපි යමු .......(බල්ලගේ නමත් කියුවලු.)."යන්න හදද්දිම ඇදගෙන වැටිලා..(කෙහෙල් ගහක් වැ‍ටුනා වගේ..)
    පස්සේ එතනම තිබුන ත්‍රීවීල් එකකින් ටක් ගාල හොස්පිටල් එකට යවලා තිබුනා...
    ඒ සිදුවීම දැකපු ගොඩ දෙනෙක් ගේ ඇස් වල කඳුළු තිබුනා..
    බල්ලව ළඟ තැනක වල දැම්මා..
    ඒත් අද වෙනකන් ඒ මනුස්සයා ආයෙත් ඇවිත් නෑලු ඒ ගැන අහන්න...
    "අනේ මට ඊට වඩා හොඳ විදියකට ඒක කියන්න තිබුන නම්..ඩොකී ෆුල්ම අප්සට්...ඔලුවේ අතත් ගහගෙන හිටියා.."
     
    Last edited: