මෙන්න මිනිස්සු

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
මෙන්න මිනිස්සු

ඇතුලට ඇවිත් බැලුවනං
-
-
-
-
-
-
-
-
-
-
-
-
රාජපක්‍ෂ ආර්ථිකය පෙරේත ආර්ථිකයක් බවත් සුමල් පෙරේරා, නිමල් පෙරේරා, ධම්මික පෙරේරා හා පතිරගේ ඒ ආර්ථිකය ආරක්ෂා කරපු සතරවරම් දෙවිවරු වූ බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර එජාප ක‍්‍රියාකාරික හමුමක් අමතමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.

‘රාජපක්ෂ ආර්ථිකය පෙරේත ආර්ථිකයක්. ඒකෙ ප‍්‍රධාන කපුවො දෙන්නා තමයි අජිත් කබ්රාල් හා පී.බී
ජයසුන්දර කියන්නේ. මේ රාජපක්ෂ ආර්ථිකයට අරක් ගත් සතර වරම් දෙවිවරු හිටියා. සුමල් පෙරේරා, නිමල් පෙරේරා, ධම්මික පෙරේරා හා පතිරගේ කියලා. රටේ සියයට අනූ නවයක් ජනතාව බදු බරින් දුක් වි`දිනකොට මේ සතර වරම් දෙවිවරු කැසිනෝ, එතනෝල් හා තවත් විවිධ ජාවාරම් ක‍්‍රියාත්මක කරමින් මේ පෙරේත රාජපක්ෂ ආර්ථිකය ආරක්ෂා කළා.

මම දරුවන්ට ආදරෙයි. ඒත් දරුවන්ට වඩාගෙන ඉඹලා උඩ දාලා බොරු මාධ්‍ය සන්දර්ශන දාන්න මම කැමති නැහැ. මේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න අපි වෙනම අමාත්‍යංශයක් ස්ථාපිත කොට තියෙනවා. දරුවන්ගේ ආහාරවල,කිරිපිටිවල බදු අඩු කොට තිබෙනවා. බොරුවට දරුවන් වඩා නොගත්තට රටේ දරුවන්ට ඇත්තටම ආදරය කරන්නේ කවුද කියල රටේ ජනතාවට දැන් තේරුම් යාවි’

Ranil-Wickramasinghe.jpg



http://www.lankaday.com/2015/02/blog-post_87.html
 
Last edited: