මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අක්ක මහමෝදර හිටියෙ ,සීසර් එකකරන්න ට්‍රොලියට දාලා තියටර් අරගෙන යනකොට කියල තියන්නෙ මුහුද ගොඩ ගලනවා කියලා.ඔක්කොම ඉක්මනට කරාපිටියට මාරු කලා.මස්සිනා දඩල්ලෙ යාළුවෙක් එක්ක නාන්න ගිහින් අක්කයි අයියයි අදත් ඉන්නවා හැබැයි දුව ඉපදුනේ 27 වෙනිදා අදට එයාට අවුරුදු20ක් සම්පූර්ණයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මම එතකොට ලංකවෙන් ඇවිල්ල අවුරුද්දක් විතර. හැම shopping mall එකකටම ගිහින් සල්ලි එකතු කර දවස් ගානක්. ගොඩක් සුද්දෝ සල්ලි දුන්න. ඒ අතර කඩවල්වල වැඩකරපු අය හිටන්. සමහරු සල්ලි නැතිව ආපසු හැරිලා බැංකුවට ගිහින සල්ලි අරන් අවා.
     
    • Like
    Reactions: NRTG and yazazb

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    එදා අපේ අක්කලාගේ කඩේ ප්‍රයිඩ් රයිස් ඕඩර් එකකට අම්මල අයියල සේරම වැඩ..
    ගෙදර හිටියෙ මමයි තාත්තයි තව අක්කගෙ යාළුවෙකුයි
    මම උදේ පරක්කු වෙලා නැගිට්ටෙ පාරෙ මිනිස්සු කෑ ගහන සද්දෙකට
    එතකොටම වගේ අපේ අක්කයි අම්මයි දුවගෙන ආව මුහුද ගොඩගලනව කියාගෙන
    එහා ගෙදර සෙට් එක වෑන් එකකුත් අරං කොහෙද ගියා
    ඊට ටිකකට පස්සෙ වීල් එකකින් අපි ගොඩගම අයියගෙ යාලුවෙකුගේ ගෙදරට ගියා
    ඒ අස්සෙ කඩේ ඕඩර් එක දීපු එවුන් වෑන් එකක ඇවිත් සිද්දිය දැකපු ගමන් වාහනේ නැගල ගිහිල්ල
    ඕඩරේට හදපු රයිස් 500ක් ද කොහෙද ඒ වෙලාවෙ ගෙවල් දාල දුවගෙන ආපු ගමේ මිනිස්සුන්ට බෙදල දීල
    පස්සෙ අපි සතියක් විතර අකුරැස්සේ ගිහින් හිටිය..
    එහෙන් මාමල කෑම රෙදි එහෙම අරං මාතර, හම්බන්තොට හොස්පිටල් වලට ගෙනත් බෙදුව

    ආ තව එකක් අමතක උනා..
    එදා හරිනම් අපි යාළුවො තුන් දෙනෙක් මූදේ නාන්න යන්න හිටියෙ උදේ
    පස්සෙ එක යාලුවෙක් හදිසියේ ට්‍රිප් එකක් ගියපු නිසා වැඩේ කැන්සල් උනා
     
    • Like
    Reactions: NRTG and yazazb

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    මම ට්‍රිප් එක කැන්සල් කරපු නිසා අම්මගේ ස්ටාෆ් ට්‍රිප් එක කැන්සල්, කතරගම යන්න හිටියේ. නැත්නම් මගදී බඩු.

    අපි ආධාර අරන් ගිය ට්‍රින්කෝ. මිනිස්සු අසරණ වෙලා.කන්දක තිබ්බ පන්සලකට ගියා..... පල්ලෙහා අක්කර 500ක්‌ විතර පහත් බිමක් හේදිලා ගිහින් තිබ්බ.... නගරේ පුරාම බෝට්ටු. පට්ට ගඳයි.... බල්ලෝ මුවෝ මැරිලා හැමතැනම.

    බ්ලොක් ගල් කපලා ගිහින් දුන්නා පස්සේ, දකුණේ අයට.