මෙන්න මේකයි මගේ කතාව...

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,864
    4,197
    113
    මුලින්ම සීන් එකක් දෙකක් වෙනකොට ජජ් කරන්න තිබ්බ උබට.ඔච්චර දුර දිග යනැතුව
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Part 04

    ආයේ පහුවෙනිදා උදේ මැසේජ් එකක් දාලා වැඩ කරන තැනට එන්න ඇල්බම් ටික එතන වැඩ කරන ඇන්ටි පාරට ගෙනත් දෙයි කියල. පස්සේ ආයේ ඒක වෙනස් කරලා එවලා ගෙදරට ඇවිල්ල මල්ලිගෙන් ඉල්ලගන්න කියල. මාත් හා කියල මල්ලිට කෝල් කරලා ගියා ඒ ටික අරන් එන්න. මල්ලි හිටියේ නෑ උන්ගේ අම්මා ගෙනල්ල දුන්නේ. පස්සේ බලද්දී ඇල්බම් එක්ක මම දීපු ප්‍රසන්ට් වගේකුයි රිටර්න් කරලා තිබ්බ. මාත් ලැස්ති වෙලා ගියේ. මට දීල තිබ්බ ලැප්ටොප් බෑග් එකකුයි, තව බයික් එකට හයි කරන ඩිජිටල් මීටර් එකකුයි රිටර්න් කරලා ආව. ඒ සේරම මට වැඩකට ඇති තෑගී නෙමෙයි. ඒකි මට කියලා වෙනම ගත්තුවත් නෙමෙයි. ඒකි ගාව කලින් ඉඳන් තිබ්බ එව්වා වගයක්. ඒකිට වෙන කවුරු හරි දීපුවද දන්නේ නෑ.

    පස්සේ මම ගෙදර ඇවිල්ල උන්ගේ තාත්තට කෝල් කරලා කිව්වා වුන සිද්දිය. මම ඇහුව අන්කල් මෙහෙම කිව්වද කියල මම කල් දානවයි කියල මේකට අකමැති කතාවක් කිව්වද කියල. නෑ නෑ එහෙම කිව්වේ නෑ කිව්වා. එයා හරි කලබලයි කිව්වා. පස්සේ හැබැයි එයාටම තේරෙනවා කිව්වා කරපු වැරැද්ද. ඒක නිසා ඉවසන එක තමා හොඳම දේ ලු. මම කිව්වා මම මෙඡ්චාර දවස් ඉවසුවා මාව don't care ගානට දාල මෙච්චර දවස් සැලකුවේ. මටත් එපා වෙලා තිබ්බේ කියලා. මම ඒත් කිව්වා පොරට කලින් එකත් පස්සෙන් ආව නිසා ඌ එක්ක ආයේ සෙට් වුනාද දන්නෙත් නෑ කියල. නෑ නෑ එයා එහෙම නරක ළමයෙක් නම් නෙමෙයි ලු. කාමරේ අතුලේමලු ඉන්නේ ගෙදර ආවත්. කොහේ හරි ගියත් අම්මත් එක්කමලු යන්නේ. මට කෝල් එකක් ගන්නම් කිව්වා එයත් එක්ක කතා කරලා. මම ඒත් හිතින් හිතාගත්තා අනේ ආයේ නම් කතා නොකලට කමක් නෑ කියල. පස්සේ එදා දවල් අරකි මැසේජ් කරලා තිබ්බ දීපු බඩුවල අඩුවක් නෑ නේද කියල. පැයකට විතර පස්සේ මම රිප්ලයි කළා නෑ කියල. ආයේ අහල තිබ්බා තාත්ත කෝල් කලාද කියල. ඒකත් පැයකට දෙකකට පස්සේ මම රිප්ලයි කළා ඔව් කියල. හැබැයි එතකොටත් මාව බ්ලොක් කරලද කොහෙද. කොහොම හරි අදට මාසයයි දවස් 4යි අද වෙනකන් සද්දයක් නෑ තාත්තයි දුවයි දෙන්නම.

    නම්බර්ස් ඩිලීට් කළා, චැට් ඩිලීට් කළා, ෆොටෝස් ඩිලීට් කළා, තිබ්බ සේරම අයින් කළා.

    ඔන්න ඔකයී මගේ කතාව. හිතපන් මම කොච්චර සැක කරන්න ඕන තැන් වල සැක නොකර, කතා කරන්න ඕන තැන් වලදී කතා නොකර හිටියද කියල. ඒ තරම්ම මාව controle කළා manipulate කළා මේ රිලෙෂන්ශිප් එක ඇතුලේ.

    මම සාමාන්යෙන් එහෙම කෙල්ලෙක් නවත්තනවා නම් එහෙම යන්න දෙන්නේ නෑ එක පාර. තව පාරක් හිතන්න කියල තේරුම් කරලා දෙනවා. ඒත් මෙතැනදී එහෙමවත් මට වුවමනාවක් වුනේ නෑ. මට ඕන නම් ඒකි හම්බෙලා කතා කරන්න තිබ්බා. ගෙදර ගිහිල්ල අම්මා තාත්ත එක්ක කතා කරන්න තිබ්බ. ඒත් මට ඒකටවත් කැමැත්තක් තිබ්බේ නෑ. එහෙම වුවමනාවක් ආවෙත් නෑ. ඒ තරම්ම මට ඒක එපා වෙලා තිබ්බේ.

    ඔව් මම පට්ට මෝඩයෙක්, පට්ටේටම ලවු කළා. පට්ටේටම ඇන්දුනා.. හැමදේටම ඉක්මන් වුනා.

    හැබැයි අන්තිමට දෙයියෝ බැලුවා වගේ මාව ඒ වලට වැටෙන්නේ නැතුව බේරුනා. හදිස්සියෙවත් මම ජනවාරි 17 බැන්දා නම් මාසයක් යන්නත් කලින් බෙල්ලේ වලදාගෙන ප්‍රෙෂර් එක දාරගන්න බැරුව, නැත්තන් ඩිවෝස් වෙලා. ඔය සීන් එක නිසා අදටත් මට පරණ මනුස්සය වගේ වැඩක් කරන්න බැරිවෙලා තියෙනවා. වෙනද උදේ 8.30 වෙද්දී නැගිටින මම අද 8.30 ට ඇහැරුනත් 9.30 වෙනකන් ඇඳට වෙලා ඉන්නවා. මොකද නැගිට්ටෝත් ආයේ පරණ මගුල් මතක් වෙන නිසා. හවස් වෙනකන් ඇඟට කිසිම පණක් නැතුව ඉන්නේ අද. නිදාගන්න එක කරන්නේ දවසෙන් බාගයක්ම. මීට මාස තුනකට කලින් මම කොහ්චර ලස්සනට හිටියද මේ මරාලයක් කඩාපාත් වෙන්න කලින්. තව මාසයක්වත් යයි මට ඒ තත්වෙට එන්න.

    Conclusion

    මම ඕකෙන් එලියට ආවට පස්සෙයි මට හම්බුනේ narcissism කියන සබ්ජෙක්ට් එක. NPD එහෙමත් නැත්තන් Narcissistic Personality Disorder කියන ලෙඩේ ලක්ෂණ වලින් 90%ක් ම මේ කෙල්ලගේ හැසිරුණ විදිහෙන් එලියට ආවා. ඔය සම්බන්දව වීඩියෝ 50ක් වත් බලන්න ඇති මම. ආටිකල් 50ක් වත් කියවන්න ඇති මම. තාමත් බලනවා තාමත් එව්වා ගැන හොයනවා.

    1. Love Bombing
    2. Gaslighting
    3. Manipulating
    4. Cheating
    5. Lying
    6. Name Calling
    7. Drama Queen

    ඔය හැමදේම ඒකිගේ හැසිරීමෙන් පෙන්නුවා. ඒකෙ කියන විදිහට මුලින් ඉන්න චරිතේ ඇත්තටම ඉන්න චරිතයක් නෙමෙයිල්. ඒකට හේතුව ඒකි දන්නේ නෑ ඒකි කවුද කියල. ඒකි එතන කරන්නේ රඟපාන එකලූ. වැඩකට නැති තෑගී දෙන එක වගේ දේවල් Love Bombing වලට අදාළ දේවල්.
    අන්තිමට දාලා යද්දී කියපු හේතුව Gaslighting වලට අදාළ දෙයක්. මොකද ඒක කිව්වම මම හිතන්න ගන්නවා මේක ඇත්තටම මගේ වැරද්දක්ද කියල. එතකොට මම මටම වරද පටවගන්නවා.

    මේ දේවල් මෙයා ඉපදෙනකොට ගෙනාපුවා නෙමෙයි. මේ සේරම මෙයාගේ අම්මා කරපු වැඩ වලින් මෙයාට වුන දෙයක්. මෙයාගේ අම්මාට අම්මා තාත්ත ඉඳලා නෑ. හැදිලා තියෙන්නේ ළමා නිවාසෙක. එතකොට දන්නේ නෑ මොකක්ද ආදරේ කියල. ඉතින් එයාට ළමයි හම්බෙද්දී ළමයට ආදරේ කියන්නේ මොකක්ද කොහොමද ළමයෙක්ට සලකන්නේ කියන්නේ කියල දන්නේ නෑ. මෙයාම මට කියල තියෙනවා අම්මා ඒ කාලේ මෙයාගේ ඔලුවට දාපුවා. අම්මගේ ප්‍රෙෂර් එක මෙයාලගේ පිටින් පිට කලාලු ඒ කාලේ. අද වුනත් එහෙමයි. උදාහරනෙකට මම මෙයාලට කෑමක් දුන්නම එන්න කියල මෙයාලගේ අම්ම මෙයාට කිව්වලු එහෙම කෑමක් දුන්නේ මේක නවත්තන්නද දන්නේ නෑ කියල. ඒ වගේ සෑහෙන්න කුණු මෙයාලගේ ඔලුවට ඒ අම්මා දානවා. ඉතින් මෙයාල ලොකුවෙද්දී මෙයාලා හිස් මිනිස්සු බවට පත්වෙනවා. මෙයාලගේ හිත වල ආදරය කියල දෙයක් නෑ. මෙයාල තනිකර රොබෝලා වගේ. මෙයාලා Takers ලා. අපි වගේ Givers ලා හම්බුනාම කරන්නේ අපේ සේරම ශක්තිය උරලා ගන්න එක. හරියට Vampire ලා වගේ. මේ වගේ අයට බෙහෙත් නෑ. මෙයාලා කවදාවත් හොඳ වෙන්නෙත් නෑ. කරන්න පුළුවන් එකම දේ අප්පේ අනාගතේ ගැන හිතලා එතනින් ඉක්මනටම අයින් වෙන එක. හදිස්සියේ හරි අපි මෙයාල වගේ අය එක්ක පවුල් ජීවිතයක් ගත කරනවා නම් සාමාන්‍ය පවුල් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි තෙරපිස්ට්ලා කියන්නේ. මොකද අපේ මානසික ශක්තියෙන් 90%ක් ම මෙයාලට දෙන්න සිද්ද්ද වෙනවා.

    මේ වගේ බැටළු හම් පොරොවගත්ත සැහෙන්න සත්තු ඉන්නව මේ ලෝකේ. පිටින් බැලුවම මිනිස්සු වගේ පෙනුනට ඒගොල්ලෝ ඇත්තටම මිනිස්සු නෙමෙයි. ඇතුලේ ඉන්නේ මහා ජරා අප්පිරිය ගඳ ගහන සත්තු.

    මම මාස දෙකහමාරෙන් මේකෙන් ගලවුනාට ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ උන් එක්ක අවුරුදු 10-20 පවුල් කන, අන්තිමට ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්වත් නැති වෙනවලු.

    ඉතින් ඔන්න ඕකයි මට කියන්න ඕන වුනේ. ගන්න දෙයක් තියේ නම් ගනින්. මිනිස්සු ලෙසියකට විශ්වාස කරන්න බෑ. හැමෝම අපි වගේ නෙමෙයි කියල හිතන්න මේක හොඳ පාඩමක් වුනා මේක. හැබැයි ඒක ඉගෙනගන්න සෑහෙන්න කැප කිරීම් කරන්න වුනා මට.
    ------ Post added on Jan 25, 2024 at 12:51 AM
    ohoma iwara wuna eka hodai
    conclusion eka watinawa ban
    uba hena analysis ekak karala neh
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Thread ඒකක් දාල නොකිව්වට අපි වැඩි දෙනෙකුගෙ කතා ඒක වගේ බං...
    මේක බලපං...




    short-life-quotes-1.jpg
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Good morning machan, wela tibbe na entire thing eka kiyawanna but will do later and last part eka kiyewwa, ubata mathaka da danne na oya kella hambela mul dawaswalama uba upan welawal and handahan match karanna yana thread ekak daala tiyenakota api kattiya warn kara parissamin ena pota honda na kyala. That was not normal, henama toxic and controlling, oya wage red flags note karanna igena ganna, nattam kela wenawa.

    Hope you learned the lesson bn despite the hard way :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබේ කතාව ඔක්කොම කියෙව්වා. පට්ට දුකක් ආවේ උබ ගැන සහ සතුටක්/මානසික නිදහසක් දැනුනේ උබේ ගැලවීමට.

    ආයේ කෙල්ලෙක් එක්ක සෙට් වෙද්දි මේ දේවල් ගැන හිතපන්. මම දිනපතා පෝස්ට් දකිනවා විවාහ පොරොන්දු කඩකිරීමට නීති උපදෙස් ඉල්ලලා දාන පෝස්ට්.

    කෙල්ලෙක්ව බදිනවා කියලා මෙසේජ් එකකින් හෝ කෝල් එකකින් කිව්වොත් ඒක එවිඩන්ස් එකක්. එහෙම කරලා උබ රූම් ඇදලා පස්සේ බදින්න බෑ කිව්වොත් හරි සාමාන්‍යෙන් සල්ලි තියෙන පොරක් නම් පස්සේ බදින්න බෑ කිව්වොත් හරි සල්ලි කඩන්න බලාපොරොත්තුව උඩ කියපු තුරුම්පු ගහනවා. ඒ නිසා බ්‍රේකප් එකක් උනහම දෙපාර්ශවයෙන්ම එකගතාවයකට ආපු එවිඩන්ස් කාලයක් යනකන් තියාගන්න. ඒක ඇගට හොදයි.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ දැන් Researcher කෙනෙක් වෙන්නෙ නැතුව ඉදපන්. උබ ඕව හෙව්ව කියල ලෙඩ සනීප කරන්න බැනෙ නිකන් අනවශ්ය දෙවල් වලින් ඔලුව පිරෙනව විතරයි.:yes:
    YES :yes:

    ඇයි කිරියෙ එවුන් නිදියන්නැත්තෙ?
    ඌබර් නිදි වෙලාවේ ලෝකේ පුරා විසිරිලා ඉන්න කිරිවාසින්ට එක්කෝ උදේ, දවල්.. මට මේ ටයිප් කරන වෙලාවේ උදේ 9.30යි.
    ------ Post added on Jan 25, 2024 at 6:59 AM

    Next steps වලට ඇනලිසිස් කර කර ඉන්නේ නැතුව ජීවිතේ පාඩුවේ ගෙවන් පලයන්. අලුත් ස්කිල් එකක් ඉගෙන ගනින්.

    අයේ කෙල්ලෙක් එක්ක ළං වෙන්න හිතුනොත් මගුල් කතා කරන්න කලින් අඩුම අවුරුද්දක්වත් ආශ්‍රය කරපන්. හොදට ඒකි එක්ක සෝශල් වෙයන් මොන වගේ චරිතයක්ද බලන්න. චැට් , කෝල් කියන්නේ වර්චුවල් ලයිෆ් එක. ඇත්ත පුද්ගලයා හම්බෙලා මොනවගේද, උබට ගැලපෙනවද බලන්න.

    ------ Post added on Jan 25, 2024 at 7:13 AM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අයේ කෙල්ලෙක් එක්ක ළං වෙන්න හිතුනොත් මගුල් කතා කරන්න කලින් අඩුම අවුරුද්දක්වත් ආශ්‍රය කරපන්. හොදට ඒකි එක්ක සෝශල් වෙයන් මොන වගේ චරිතයක්ද බලන්න. චැට් , කෝල් කියන්නේ වර්චුවල් ලයිෆ් එක. ඇත්ත පුද්ගලයා හම්බෙලා මොනවගේද, උබට ගැලපෙනවද බලන්න.
    ලිවින් ටුගෙදර් ඉන්නම වෙනවා බන්.