මෙන්න මේ කතාව නූතනයේ ගායක ගායිකාවන්ට පූර්වාදර්ශයක්..

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    438330897_453638967336928_1344928715571642353_n.jpg

    සල්ලිම ජීවිතේ කරගත් ගායක ගායිකාවන් මිසක මානුෂීය පැතිකඩ ඇති කලා කරුවෙක් හෝ කලා කාරිනියක් නූතනයේ දී නොදකිමි.
    ❤️
    🌹
    🙏

    පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.
    ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.
    “මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.
    “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
    ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
    “හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
    “ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
    “ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
    “එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
    සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
    කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
    පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
    කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
    “එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
    ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
    “සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
    කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
    කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
    “කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
    කපුගේ අහනවා.
    අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
    “කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
    අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
    “නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා.
    ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
    “කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
    කපුගේ අත දිගු කරනවා.
    අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
    ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
    “ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
    “වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
    “ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“
    අමරසිංහ කියනවා.
    “වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
    “නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
    “දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
    “සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
    “හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“
    කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
    මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
    “මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?" මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
    ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
    ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි.
    😐

    " සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන "
    copied .
    අදකාලේ බුරනසංගීතකාරයන්ට හිතන්නයි දැම්මේ...
    😀
    👍


    Video මෙතනින් -
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    ගායකයන්ට විතරක් නෙවෙයි සසංවිධායකයන් ටත් හොද ආදර්ශයක්. මීට පස්සේ ඔවා සංවිධානය කරද්දී ගොයම් කපල ඉවරවෙලාම සංවිධානය කරන්න ඕනෙ
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Samajeta hodai. Eth hakiyawen salli hewwanam thamanuth sathutin pawule minissuth sathutin.

    Me wage adarsha ganne nathuwa thamanta hakiyawak thiyanawanam salli hamba karanna. Thamanta nathi una daata mokekwath na anthimata. Me wage lassana katha ubalata liyawenne na.
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Kapuge music walin hamba krl ndd bn

    Me adarsha hodai gan wala inna low iq unta

    Me halla liypu Third dimension eken ethana hitpu eka mokada 😂

    Dan kalet galpen na cuddah
     
    • Haha
    Reactions: netudara

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබ දැන් ජෙප්පොන් ටත් කඩේ යනවද ? :unsure:

    කප්ප ජෙප්පෙක් කිව්ව ගමන් ත්‍රෙඩ් එක අතුරුදහන් වෙනවා ඔන්න. :lol:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබ දැන් ජෙප්පොන් ටත් කඩේ යනවද ? :unsure:
    කවුරු දින්නත් අපි දිනුම් ළමයා...

    කප්ප ජෙප්පෙක් කිව්ව ගමන් ත්‍රෙඩ් එක අතුරුදහන් වෙනවා ඔන්න. :lol:
    මේ පාර මාලිමාවට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏
    ------ Post added on Apr 25, 2024 at 3:51 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    කවුරු දින්නත් අපි දිනුම් ළමයා...
    මූ හෙන ජෙප්පෙක්.. Npp එකේ රැස්වීම් වලට මුගේ පුතත් නගිනවා, මුගේ සින්දු ජෙප්පෝ රැස්වීම වල කියනව කියලා කිසි දෙයක් නොදැන නේද මේ ත්‍රෙඩ් එක දැම්මේ ? :rofl:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මූ හෙන ජෙප්පෙක්.. Npp එකේ රැස්වීම් වලට මුගේ පුතත් නගිනවා, මුගේ සින්දු ජෙප්පෝ රැස්වීම වල කියනව කියලා කිසි දෙයක් නොදැන නේද මේ ත්‍රෙඩ් එක දැම්මේ ? :rofl:
    ඇත්තටම ඔය ළමයා පව්... ආයෙත් මම දාපු comment එක කියවලා එන්න ළමයා ...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,285
    113
    ඊට පස්සේ අන්තිම කාලේ හිගනව රටට සමාජෙට කලාවට කරපු සේවේ හින්දා මට ආදරයක් කරන්න කියලා ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊට පස්සේ අන්තිම කාලේ හිගනව රටට සමාජෙට කලාවට කරපු සේවේ හින්දා මට ආදරයක් කරන්න කියලා ..
    ඒ කාලේ මිනිස්සු හොඳට හෝ නරකට සල්ලි පස්සේ පැන්නුවේ නෑ.
    මල්පිටමල් තාත්තගේ සින්දු ටික වෙඩින් එකක කියන්න ලක්ෂයක් ඉල්ලද්දී මම ම#වින් පෙ§රට කතාකරලා ගනන් ඇහුවා. වැරදියට හිතන්න එපා තුන්දාහක් දෙන්න එක්දාස් පන්සීයක් ත්‍රීවීල් ලමයට දෙන්නත් තියෙනවා කිව්වා.
    අන්තිමට තාත්තයි සොහානුයි දෙන්නම ඇවිත් සින්දු කියල ගියා. බලෙන්ම වැඩිපුර ගානක් දුන්නා.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    සන්ෆ්ලවර් එක්ක ගහපු කැසට් එකෙන් ලැබුණ සල්ලි , නාට්‍යනිර්මාපක සුගතපාල ද සිල්වාගේ හදවත් සැත්කමකට දීලා හිස් අතින් ගෙදර ගියා කියලත් අහලා තියෙනවා ...

    මිනිස්සු බැන්නා සිංදු කෑවා කියලා. නමුත් මිලේනියල්ස්ලා සිංහල සිංදු වලට අලුතින් එකතු වුනා...ඒ කැසට් රැල්ලෙන්...