Record කරලාඑළකිරි තනිකඩයන් ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව අවම කරලා මේ සැරේ අපිට එළකිරි කඹය දිනාගන්න ජිල්මාර්ට් එකක් දාන්න හදන්නේ
මේ වශිය එළකිරි වගේ වැඩ! (මතක ඇතිනේ කිරියෙත් "මම බැන්දා බන්" කිය කියා නූල් කීපයක් වැටිලා තිබ්බා පහුගිය දවස් වල). විවාහ ප්‍රමාද වේවි හිටිය දහ දෙනෙක් විතර මේකෙන් ගොඩ ගියා(@AnuradhaRa මේ ඔබේ අවධානය පිණිසයි)
හැබැයි මේක වැරදි විදියට පාවිච්චි කරන්න කරන්න එපා, වැඩක් වෙන්නේ නෑ. කේන්දරේ කුජ දෝශ තියෙන අයට මේ වශිය ගොඩක්ම හොඳයි. වශියක් කිවුවට මේකෙන් වෙන්නේ විවාහ ප්‍රමාදය මඟඇරිලා විවාහය ඉක්මන් වෙන එකයි. දැන් අපි මේක කරගන්න පිළිවෙල බලමු.
(1). මුලින්ම මේ පහත දැක්වෙන මන්ත්‍රය හොඳින් කටපාඩම් කරගන්න.
View attachment 201405
(2) අඟහරුවාදා දවසේ රාත්‍රි 8.00 ත් 9.00 ත් අතර නාලා හොඳින් පිරිසිදු වෙලා රතු පාට සැහැල්ලු වස්ත්‍රයකින් සැරසිලා නිවසේ පවිත්‍ර තැනක පොඩිවට පුජාසනයක් හදාගන්න. බුලත්, හල් කොල, පුවක් මල්, රතු පාට මල් වර්ග පහක් (වද මල් ගන්න එපා), රත් හඳුන් කුඩු, හල් දුම්මල මිශ්‍ර සුවඳ ධූප, ගිණි අඟුරු කබලක්, හඳුන් කූරු, කපුරු පෙති, පිරිසිදු පොල්තෙල් පහනක්, රතු රෙද්දක්, අමු නෙල්ලි, මොණර පිලක්, හුණුගල් (කොරල්) කෑල්ලක්, පිරිසිදු කරගත් සිහින් යකඩ කෑල්ලක් (අඟල් කාලක විතර), තඹ / පිත්තල සුරයක් සහ සුරයට රතු නූල්. දකුණු දිශාවට පූජාසනය හදලා ඒ මත රතු රෙද්ද එලන්න. ඒ මත බුලත් කොල අතුරලා ඊට උඩින් හල් කොල අතුරලා ඒ මත සුරය, රතු නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල, රතු මල්, පුවක් මල්, දැල්වූ තෙල් පහන, හඳුන් කූරු පුජා කරලා කපුරු දල්වන්න. ඊට පස්සේ සුවඳ ධුපයෙන් හොඳින් දුම් අල්ලා පූජාසනය ඉදිරියේ දකුණු දිශාවට මුහුණලා කකුල් පසුපසට නවා බිම වාඩිවෙන්න. ඊට පස්සේ වැඳගෙන මහා මංගල පිරිත තුන් වරක් ශබ්ධ නගා කියන්න. දැන් සුරය, නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල දෝතින් අරන් මුලින් ස්කන්ධ කුමාර දේවතාවුන් ස්මරණය කර නමස්කාර කර පසුව කටපාඩම් කරගත් ඉහත මන්ත්‍රයෙන් 1080 වාරයක් හොඳින් ශබ්ධ උචචාරණය කරමින් ජප කරන්න. එසේ ජප කර අවසානයේ කුඩා යකඩ කැබැල්ල සුරය තුලට දමා රතු නූල් වලින් සුරය කර පළඳින්න. අවසානයේ අභිසම්බිධාන පිරිත කියා ස්කන්ධ කුමාර දේවතාවුන්ට පිං දෙන්න. පසුව ජප කරගත් හුණුගල් කැබැල්ල හල් ගසක් මූලයේ නොපෑගෙන ලෙස වල දමන්න.
සියලු බාධක දෝෂ දුරුවී යහපත් ඉක්මන් විවාහය සිදුවෙයි.![]()
දෙන්න පුළුවන් ද...
(




