මෙයාව දන්නවද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..

    ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..

    කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...

    දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..

    ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා.. පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ... නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා..

    රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා...

    පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා...

    වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා... ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා...

    විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා..

    මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්...

    නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ...

    මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි...

    බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා.. සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා..

    සංදර්ශණ සහ ප්‍රදර්ශණ පවත්වන්න හරිම ආශා කළා.. ඒවාට කෝටි ගණන් වැය කලා.. සුපිරි කළාකරුවන් ගෙන්වලා අගනුවර ප්‍රසංග තිබ්බා.. රටපුරා විවිධ ප්‍රදර්ශණ වලට කෝටි ගණන් වියදම් කලා.. විදේශ සමුලු රට තුල පැවැත්වුවා.. ජනතාව දුකෙන් දුකට පත් වෙද්දී මේවට සල්ලි කඳු යට කලා..

    බොරු ආර්ථික සංවර්ධන වේගයක් පෙන්වන තක්කඩියෙක්ව මහ බැංකු අධිපති කලා... තමන්ගෙ රට වේගයෙන් සංවර්ධනය කරා යනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියා මේ ඉලක්කම් හරඹ වලට රැවටිලා..

    ජාතිවාදය අවුස්සා උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.. ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනා වලටත් මුහුණ දුන්නා.. අන්ත දූෂිතයෙක්.. ඩොලර් බිලියන ගණනක් ජාතික ධනයට වෙච්ච දෙයක් නෑ...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම මේ කියන්නෙ පිලිපීනයේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගැන..... ඇයි, උඹලට කාවද මතක් උනේ..?... :baffled::baffled::P:P


    Ferdinand Marcos September 11, 1917 – September 28, 1989

    77514984-marcos.jpg


    උපුටා ගැනිමකි :damithkethaka
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දේශීයත්වය අගයන නිසා මටනම් මතක් වුනේ වෙන කෙනෙක් ගැන........ :lol:


    :lol::lol::lol:

    Uta mokada antimata une ban?

    මෙන්න තියනව පොඩි විඩියො එකක් එක ගැන


    //
    - fake war hero
    - turned PH from 2nd richest in asia to sick man of asia
    - Crony capitalism
    - Rolex 12
    - Jabbidah Massacre
    - Swiss Bank Accounts
    - sequestered businesses and gave them to cronies
    - declared martial law to extend his term indefinitely
    - used a staged ambush against Enrile to justify Martial Law
    - dirtiest elections in 1969, 1981 and 1986
    - graft-ridden projects like BNPP
    - Imelda's ill-gotten jewelries
    - detained political enemies
    - curtailed freedom of speech/civil liberties
    - human rights abuse
    - monopolies
    - 40% living below poverty line by 1980
    - Income inequality
    - from $1B debt in 1965 to $28B debt in 1986
    - from $1=P1 in 1965 to $1 = P20 in 1986
    - Beatles and Voltes V ban
    - Kamag-anak inc
    - Gave up claim to Sabah
    - Increased Islamic and Communist insurgency //


    :P

    meyawa copy karana kenek mehe innawa :P

    :lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දේශීයත්වය අගයන නිසා මටනම් මතක් වුනේ වෙන කෙනෙක් ගැන........ :lol:
    මටත් මතක් උනේ එයා තමා. ඔය කියපු එකා නම් ඇහුවෙත් අද. ඌට මොකද උනේ ඇත්තටම.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම මොකෝ අන්තිමට උනේ?
    ජනතාව සන්නද්ධ අරගලයකින් ගෝතයව එලෙව්වා. ඒකට නායකත්වය දුන්නේ මූ අමු අමුවෙ මරල දාපු විපක්ෂ නායක බෙනීටෝ අකිනෝ ගේ වැන්දඹු බිරිය කොරාසාන් අකීනෝ........
    මුගේ ගෑනිට තිබුණා සපත්තු ලක්ෂෙක එකතුවක්.........