මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෑ...:no:අවංක හිතින් ආදරේ කරනවානම් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ...හිතින් සසඳලා කරන දෙයක් ඔය...ඔය වෙලා තියෙන්නේ හිතේ තියෙන ආසාව නිසා ගෙවන දෙබිඩි ජීවිතයක්...:oo:

    Uba oya kiyana adare kala kollo aurudu 15 ta wage udadi hichchima eka kale
    Dan ehema na ban
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Screenshot-20200130-030008.png
    [/url]
    upload[/IMG]
     
    • Like
    Reactions: Dishta Didin

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සරලව මෙහෙම කියන්නම්...........

    ප්‍රේමයක් ඇතිවෙන්නෙ නැ එක පාරකට වඩා..හැබැයි ඇති වෙලා නැත්නම් වෙන්න පුළුවන්..
    හැබැයි ආදරයක් සැරෙන් සැරෙ ඇතිවෙන්න නැති වෙන්න පුළුවන්..ආදරේ කියන්නෙ හරි ආත්මාර්ථකාමි හැගිමක්..තමන්ටම අයිති කරගන්න තමා උත්සාහ කරන්නෙ..රන්ඩු වෙන්නෙ..හැබැයි ආදරේ තමා මිනිස්සු ජිවත් කරවන්නෙ,බැදිම් ඇති කරන්නෙ..ආදරයක් කියන දෙ ගැහැනියක් සහ පිරිමියෙක් අතර විතරක් ම නෙවෙයි ඇති වෙන්නෙ..මවක් දරුවෙක් ට ඇති ආදරෙ..ගුරුවරයෙක් දරුවන්ට ඇති ආදරෙ..ඔය වගෙ ආදරය කියන එකට විවිද අර්තකතන දෙන්න පුළුවන්..
    එත් ඔතන තියෙන්නෙ ආදරයක් මද කියන එක සැකයක්..ඔතන තියෙන්නෙ දෙන්නා අතර හිඩැසක්..රික්තයක්..එහෙම වෙන්න දෙන්නා අතර තියෙන අවබොදයත් බලපානවා..හුගාක් අය හිතනවා දෙන්නෙක් අතර තියෙන අවබෝදය තමා සම්බන්දයක පැවැත්ම කියලා.එත් එකම නරකට එන්නත් පුළුවන්..කතාවක් තියෙනවා නෙ ඔනිම දෙයක් ඔනිවට වඩා අවශ්‍ය නැහැ කියලා..පමන ඉක්මවා අවබොදයත් නරකක් වෙන්න පුළුවන්..
    උදාහරණයකට ඔයාගෙ වයිෆ් හො gf හිතනවා ඔයාට වැඩ වැඩි නිස කරදර නොකර ඉන්න ඔනි කියලා..ඉතින් එයා එයාගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා..ඔයාත් මුලින් මුලින් එකට කැමති වෙනවා..හිතන්න කො..ඔයා ගෙදර එන්නෙ රෑ වෙලා..නැත්නම් දෙන්නා එකට කැම ගන්නෙ නැ දෙන්නම බිසි නිසා..ඉතින් එයා තනියම බෙදාගෙන කනවා..ඔයාත් තනියම බෙදාගෙන කනවා..පහු වෙන්න වෙන්න එක සාමාන්‍ය වෙනවා..අන්තිමට ඔයා කැමති කෑමක් වත් එයාට මතක නැ..එයා කැමති දෙයක් ඔයාටත් මතක නැ..එයාත් තියෙන දෙයක් උයලා තියනවා.ඔයාත් එක කන්න පුළුවන් නම් කනවා..නැත්නම් නොකා ඉන්නවා...එහෙම ජිවත් වෙන්න ඔනි නම් දෙන්නෙක් එකට ඉන්නෙ මොකටද..මම කියන්නෙ කිසිම දෙයක් ඔනිවට වඩා ඔනි නැ..
    ඔතන තියෙන්නෙ දෙන්නා අතරෙ හිස්තැනට තව කෙනෙක් ඇවිත් මිසක වෙන දෙයක් නෙවෙයි..

    අනික තමා බහුතරයක් පිරිමි හැමවෙලෙම කියන්නෙ ගැනි පිට යනවා කියලා..මිනිහා අහක බලනකම් ඉන්නෙ කියලා..ගැනි පිට යන්නෙ තව ගැනියෙක් එක්ක ද..නැ..පිරිමියෙක් එක්කමයි නෙද..ඔහොම කියන මිනිහෙක් ට චාන්ස් එකක් ලැබුනොත් නොගෙන ඉන්නවා ද..මිනිහෙක් එ දෙ කලොත් අවුලක් නැ..එත් ගැනියෙක් කලොත් අවුල්..ගැනියෙක් යන්නෙ මිනිහෙක් එක්ක..එතකොට එකෙ වරද ගැනිට විතරක් වෙන්නෙ කොහොමද...කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පැත්තටත් ඇගිලි 3ක් ම දික් වෙනවා නෙද..
    ඔනිම සමාජෙක ඔක සාමාන්‍යයි..එත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගැනු 100ක් එක්ක ඉන්න උත්සාහ කරන පිරිමි පිරිමි මැස්සෙක් වත් වහපු නැති කන්‍යාවක් විවාහය සදහා බලාපොරොත්තු වෙන එක විතරක් නෙවෙයි.මුලු ජිව්ත කාලෙටම එ ගැනි එහෙම වෙවි කියලා බලාපොරොත්තු වෙන එක..එ කියන්නෙ තමන් ගෙන් පිට සිතුවිල්ලක් වත් නොහිතා හිදිවි කියලා..
    පිරිමියෙක් ට ලස්සන කෙල්ලෙක් දැක්කාම හිතින් ම එ කෙල්ල එක්ක ඉන්නවා නම් ඇයි ගැහැනියක්ට එ වගෙ අදහසක් ඇති නොවෙන්න ඔනි..ඇයි එක ගැහැනියකට තහනම් වෙන්නෙ..
    වෙනස් වෙන්න ඔනි..එත් එ කොතනද කොහොමද කියන එක තම තමන්ගෙ හිත් වලින් අහලා බලන්න...
     
    Last edited:

    eka atta .... gahaniyatat ehema puluwan
    oya hichchi kollonta kamatida :baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    eka atta .... gahaniyatat ehema puluwan
    oya hichchi kollonta kamatida :baffled::baffled::baffled:

    හිච්චි කියලා අදහස් කල එක කියන්න බලන්න..
    ඔව් අදහස් වලින් හිච්චි මිනිස්සුන්ට මම කැමති නැ..තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් ගැහැනුන්ව රවට්ටන,පාවිච්චි කරන,උත්සාහ කරන අයට මම කැමති නැ..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට මේකට එකඟ වෙන්න බෑ...:rolleyes:

    එකඟ නොවෙන්නේ ආදරය කියන දේ මොකක්ද කියලා, සැබෑව වටහාගත් නැති නිසා වෙන්න බැරිද?
    ආදරය අවශ්‍ය නිසා (හිත ඉල්ලන නිසා) වෙන්න බැරිද?
    ආදරය ඕනේ වුනා කියන්නේ ආදරයේ වරදක් දකින්න අකමැතියි... :dull:

    මේ ත්‍රෙඩ් එකේ කතාව ගත්තොත් එතනත් පිරිමි කෙනෙක්ට කාන්තාවන් දෙදෙනෙක් කෙරෙහි ඇතිවන බැඳීමක්.
    ඒ දෙදෙනාම නිසා හිතේ ඇතිවන සතුට හේතුවෙන් දෙදෙනාවම ඕනේ.
    ඒ වගේම දෙදෙනාටම උපරිම වශයෙන් ආදරය කරන්නත් පුළුවන්.
    ඒක කායික සම්බන්ධයක් නොවුනත්, දැකීම විතරක් වුනත්, ඒ දැකීමෙන් හිත සතුටු වෙනවා. ඒ සතුට නිසා ඒ බැඳීම අවශ්‍යයි.
    කායික සම්බන්ධයක් තියන බිරිඳට වගේම අර දැකීමට පමණක් ආශ්‍රය කරන කෙනාටත් උපරිම වශයෙන් ආදරය කළ හැකියි.
    දෙදෙනාගෙන් කෙනෙක් තෝරාගන්න කිව්වොත් ඒක කරන්න බැරි වැඩක් වෙන්නත් පුළුවන්.
    ස්වභාවදහමට කාගෙන්ද කියලා වැඩක් නෑ,
    කාන්තාවන් දෙදෙනාගෙන්ම හරි කමක් නෑ තව ජීවින් දෙදෙනෙක් ඇති වෙනවා නම්... :D

    ඔය විදියට ආදරයයි, ප්‍රේමය, සෙනෙහස ආදී සියල්ල තියෙන්නේ මේ "පවතින ක්‍රමයට" පවතින්න අවශ්‍ය නිසා.
    ඒකේ "මහලොකු අගය කළ යුතු" දෙයක් නෑ.
    "මහලොකු අගය කළ යුතු" කියලා අපේ හිතට දනවන්නේ ඒ "සාමාන්‍ය ආකාරයේ පැවැත්මට" එසේ හිතට දැනීම අවශ්‍ය නිසා.
    එතකොටයි ඒ ක්‍රමයට අනුව, වැඩසටහන් ගත වෙලා තියන ආකාරයටම විවාහ වෙලා, දරුවෝ හදලා, ආදරයෙන් ජීවත් වෙන්නේ.
    ඒ විදියට ආදරයට වහල් වුනා කියන්නේ ඒක අර්ථයක් නැති බව පේන්නේ නෑ. :(

    ආදරේ හරියට අර්ථ දක්වන්න බෑ බන්...අපි ආදරේ කරන්න ඕන තරම් හේතු තියෙන්න පුළුවන්...ආදරේ ලිංගිකත්වය උඩ හැමවෙලාවෙම රැදෙන්නේ නෑ...

    ලිංගිකත්වය උඩ හැමවිටම රැඳෙන්නේ නෑ තමා. නමුත් ඒ ආදරය කියන බැඳීමේ යටි අරමුණ ලිංගිකත්වයම තමයි.
    ආදරය කරන දෙදෙනෙක් අතර කවදාවත් ම ලිංගික සබඳතාවක් ඇති නොවුනත්,
    ඒ විදියට ආදරය මිනිස් සිතට දාලා ස්වභාවදහම බලාපොරොත්තු වෙන්නේ ඒ දෙදෙනාගෙන් නව ජීවියෙක්...
    ඒක අවසානය කරා නොගොස් අතරමඟදී කඩා දමලා දරුවෙක් හැදුවේ නැති වුනාට
    ආදරය ඇතිවෙන්න හේතුව වෙන්නේ දරුවෙක් හැදීම... :yes:
    (තරුණ වියේ ආදරයේදී දරුවෙක් බලාපොරොත්තු වන අතර වෙනත් වයස්වල වෙනත් ආදරයන්හිදී වෙනත් දේවල් බලාපොරොත්තු වේ.)

    ඒක හරියට දඩයම් කරන්න මිනිසා නිර්මාණය කළ දුනු ඊතල වර්තමානයේ ක්‍රීඩාවක් විදියට විනෝදයටත් යොදා ගැනීම වගේ...
    ස්වභාවදහම "තරුණ වියේ ආදරය" මිනිසාට අරමුණක් විදියට දෙන්නේ දරුවෙක් හදන්න සහ ඒ දරුවාගේ පැවැත්මට වුනාට
    සමහර අය ඒ ආදරය භාවිතා කරන්නේ හිත සනසාගැනීමකට විතරක් වෙන්න පුළුවන්.
    එයාලට කායික බැඳීමක් අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්.
    එහෙමයි කියලා මූලය වෙනස් වෙන්නේ නෑ. :no:

    සමහරවිට මම වැරදිත් ඇති... :baffled:
    මගේ අත්දැකීම් අනුව මෙතෙක් කල් කළ හැදෑරීම් අනුව මට තේරෙන දේ ඕක තමා... :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උදාහරණයකට ලංකාවේ බොහෝ දෙනෙක්ගේ දෛවය වෙන්නේ,
    පොඩි කාලේ දස දුක් විඳලා ඉගෙනගෙන, රැකියාවක් කරලා, විවාහ වෙලා, ළමයි හදලා
    ඒ ළමයි හා තමන්ගේ සහකාරයා/ සහකාරිය වෙනුවෙන් නොවිඳිය යුතු දුක් විඳලා අන්තිමේදි මැරිලා යනවා.
    ඉපදුන දවසේ ඉඳන් ඒ ක්‍රමයට පවතින්න හිත බලකරනවා.
    තමන් වටේ ඉන්න අයත් ඒ ක්‍රමයටම හැඩගැහුණ අය නිසා එයාලත් බලකරන්නේ එහෙම වෙන්න.
    ඉන් තොර මඟක් දකින්න උත්සාහ කරන්නේවත් නෑ... :(

    ඒ ක්‍රමයට වහල් නොවී පැත්තකට වෙලා නිදහස් මනසින් සූක්ෂමව බැලුවොත් තේරෙනවා,
    ඒ හැමෝම වැඩසටහන් ගත වෙලා, එකම රටාවට ජීවත් වෙලා අර්ථයකින් තොරව දුක් විඳලා මැරිලා යන බව...

    මගේ අදහස ඒ ක්‍රමයට, ඒ රටාවට ජීවත් වෙලා මැරිලා යන එක කිසිම වැඩක් නෑ කියන එක.
    ඒ ආකාරයට වැඩසටහන් ගත වීමකට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් තමයි ආදරය... :dull:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687

    I found a solution
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18

    :love::love:......හොද අදහසක් දීල යාලුවෙය් ...මෙය ගැන ..........
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ප්‍රේමයක් ඇතිවෙන්නෙ නැ එක පාරකට වඩා..

    ඔව්.අපෙය ජීවිත වලදී...තමාටම ගොඩක් දැනුන ,තමාටම විතරක් හිමිවිය යුතුම කියන ආත්මාර්ථ කාමී සිතුවිල්ලක් තමයි ..ආදරය ...ඒක කවුරුත් හිත් වලින් බලපොරෝතුවෙන දෙය....

    .
    ඔතන තියෙන්නෙ දෙන්නා අතරෙ හිස්තැනට තව කෙනෙක් ඇවිත් මිසක වෙන දෙයක් නෙවෙයි..

    ජීවිතය ගෙනයද්දී ..ගොඩක් දෙය්වල් සිද්ද වෙනවා.වෙනස් වෙනවා .ගැලපීම්,නොගැලපීම් දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්..මොකද මිනිස්සු කියන්නෙය් හැගීම් එක්ක ජීවත් වෙන කොටසක් නිසා.ඒර්ත් මම දකින දෙය ඔයා කියන හිස්තැන පුරවන්න තවත් කෙනෙක්
    එතනට එනවා නම් ඒ කෙනා ගෙන් සියලුම දෙය සම්පුර්ණ වෙනවද ?එහෙය්ම සම්පුර්ණ වෙනවා නම්...ඒ වෙනකම් ඒ දෙදෙනා ගොඩ නැගුවා දෙය්වලට මොකද වෙන්නෙය.එහෙය ම බැදීමක් තව දුරටත් තියා ගන්න අවශ්‍ය නැහැ.නීත්‍යනුකුල කසාදයක් වැඩක් නැහැ ,මොකද නමට කසාදයක් වැඩක් නොවන නිසා .(මම හිතන දෙය)
    අනිත් දෙය කෙටි කාලයකදී ,,ඔයා කියන මගහැරීම් වලට විසදුම තුන්වනියගෙන් සම්පුරන්න වෙනවද?..නැහැ .ඒ වෙන්නෙය් තමන්ගෙ හිත නිදහස් කරගන්න තවත් කෙනෙක් ගැනීමක්.එක සමහරවිට හරි ම වෙන්න පුළුවන් .අනිත් පැ තෙන් වෙන දෙය්වල් එක්ක.

    පිරිමියෙක් ට ලස්සන කෙල්ලෙක් දැක්කාම හිතින් ම එ කෙල්ල එක්ක ඉන්නවා නම් ඇයි ගැහැනියක්ට එ වගෙ අදහසක් ඇති නොවෙන්න ඔනි..ඇයි එක ගැහැනියකට තහනම් වෙන්නෙ..

    හිත කියන දෙය පුදුමාකාරයි,ගැහැණු,පිරිමි දෙපිරිසම කැමති දෙය ලබාගන්න අයිතිය තියනවා.එක කිසිම විටක...එක් කොටසකට විතරක් සීමා වෙලා නැහැ .ඒ දිහා මිනිස්සු බලන විදිහ තමා වෙනස
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ? එක් පිරිමි කෙනෙකුට එකවරම කාන්තාවන් දෙදෙනෙකුට එකලෙසම ආදරය කල හැකිද ?එක් අයෙක් කසාද බිරිද .අනිත් කෙනා පසුව මුනගැහුන යාලුවෙක්....පසුව ආදරයකට යොමු වෙලා.හැබැයි ආදරය ගොඩක් දුර ගිය සම්බන්දයක්.මගෙය් යාලුවෙක් තමයි කසාද බැදපු යාළුවා . හොදම දෙය කියන්නෙය් මගෙය් යාළුවා වැඩ කරන තැ නම තමයී ,හස්බන්ඩ් ඉන්නෙත් .එකම floor එකෙය්.පෙන දුර .
    යන්නෙය් ,එන්නෙය් එකට,කන්න යන්නෙය් එකට.එර්ත් සැගවුන ජීවිතයක් .....

    If & IF your friends wife is allowed to do the same (with his best friends Husband)

    I see no wrong in this.