ශිලා ලේඛන විතරක් නෙමෙයි, පුලුවන් හැමදේම කළා ලංකාව ආක්‍රමණය කරපු උන්. ලංකාවෙ තිබුණ තාක්ෂණය, බෙහෙත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන තියෙන මිළ කරන්න බැරි තරම් වටින පරම්පරාගත රහස් දැනුම ගබඩා කරලා තිබුණ පුස්කොළ පොත් ගොඩක් තිබිලා තියෙනවා කාලිංග මාඝ ආක්‍රමණ වලින් බේරගෙන. උන් ඒවා ගිනි තියලා විනාශ කරලා බුද්ධාගම විනාශ කරලා ලංකාව වට්ටන්න. දුෂ්කර පැත්තක කැලේ ගල් ගුහාවක හංගලා තිබුණ කියලයි කියන්නෙ ගිනි තියන්න කළින් පන්නපු ටික. අන්තිමට ඒක ගැන ඔත්තුවක් ගිහින් ඒ ටිකත් ගිනි තියලා පස්සෙ කාලෙක ලංකාව ආක්‍රමණයක් වුණ වෙලාවක. ගිනි තියන්න එනවා කියලා දැනගෙන ගම්වල මිනිස්සු පුලුවන් විධියට අතට අහුවෙන ඒවා අරගෙන ගිහින්. වැඩි ප්‍රමාණයක් ගිනි තියලා. ඒ අරගෙන ගිය පුස්කොළ පොත් තාමත් ඒ ගම්වල පරණ මිනිස්සු ළඟ තියෙනවලු හංගලා තියාගෙන. ප්‍රදේශය මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් කියයි හරියටම. යෝධ ඇලේ බැස්ම හැතැම්යකට අඟලක් හිටින්න හදන්න, හොඳම ආයුධ හදන්න, වතුර මල්, ගල් වලින් වැඩ දාන්න, යකඩ උණු කරන්න, වැව් හදන්න, ඕනිම ලෙඩකට බෙහෙත් හිතාගන්නවත් බැරි පට්ට දැනුමක් තාක්ෂණයක් ඒ කාලෙ තිබිලා තියෙන්නෙ.