මෙලොවින් සමුගනියි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මෙලොවින් සමුගනියි

44494-tissa-nagodawithana345588359.jpg





මෙරට දේශීය සිනමාවේ චිත්‍රපට සංරක්ෂණය විෂයෙහි විශාල සේවයක් ඉටුකළ තිස්ස නාගොඩවිතාන මහතා මෙලොවින් සමුගනියි.

කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ජිවිතක්ෂයට පත්වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අයුරු පසුව දැනුම් දෙනු ලැබේ.

පැරණි චිත්‍රපට සංරක්ෂණය කිරීම වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළ ඒ මහතා 1981 වර්ෂයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග එක්ව “කොලම්කාරයෝ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඉන් අනතුරුව 1984 වර්ෂයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමගම එක්ව “කැකිල්ලේ රජ්ජුරුවෝ” නමින් චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

ඒ මහතා හරේන් නාගොඩවිතාන සහ චරිත් නාගොඩවිතාන දෙදෙනාගේ පියාණන් වනවා.