මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපතිමහින්ද
මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපති
මහින්දට - ආචාර්ය සුබ්‍රමනියම් ස්වාම
ඉදිරි ජනාපධිතිවරණයේදී ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගෙන් 40% ප්‍රතිශතයක් මහින්ද
රාජපක්ෂ මැතිතුමාට සහය දක්වනු ඇති බවට විශ්වාස කරන බව හිටපු කැබිනට් ඇමති
හා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි
මහතා විශේෂ ට්විටර් පණිවුඩයකින් සඳහන් කරයි.
දමිළ ප්‍රජාවගේ සහය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අඩු මට්ටමක
පැවති නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇතැයි ස්වාමි මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයෙන් අනතුරු ව තමන් පෞද්ලික ව ම මැදිහත් ව ශ්‍රී ලංකා දෙමළ ජනතාව
වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුන්ට අතීතයේ වැරදුණු ස්ථානයන් පෙන්වා දී යථාර්ථය
අවබෝධකර දීමට කටයුතු කරන බව ද ඒ මහතා ට්විටර් සංවාද ඔස්සේ දක්වා තිබේ.
නව පරපුරට නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දමිළ
ප්‍රජාවට ජනාපධිති රාජපක්ෂ මැතිතුමාට කෘතඥතාව පළ කළ යුතුය.
ශ්‍රී ලංකාවට ඉන්දීය රජය යාපනය විශ්වවිද්‍යාලය යළි නඟාසිටුවීම සඳහා උපකාර කළ
යුතු වේ. එසේ ම ත්‍රස්ත ග්‍රහණයට නතු ව පැවැති ප්‍රදේශවල තිබු පාසල් සහ රෝහල්
සංවර්ධනය කිරීමට ද ඉන්දීය රජය පියවර ගත යුතු ව ඇති බව සුබ්‍රමනියම් ස්වාමි
මහතා අදාළ ට්විටර් පිටුවේ සංවාද ඔස්සේ පෙන්වා දී ඇත.
18 වන සාක් සමුළුව විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා රාජ්‍ය
නායකයින් ඉදිරියේ කළ සිය දේශනයේ දී ජනාධිපති රාජපක්ෂ ළඟදීම මැතිවරණයකට යනු
ඇත. මම ඔහුට සුබ පතනවා. යැයි අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව ද ආචාර්ය
ස්වාමි මහතා සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කර තිබේ.