මෙහෙන් පලයල්ලා.... :'(

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    මෙහෙන් පලයල්ලා.... :'(

    ATM යන්ත්‍රයක් ළඟදි අද වුන සිදුවීමක්.
    November 15 at 1:49 PM ·

    ඒක බැංකුවෙන් වෙනම එලියෙ ගහක් යට තිබුන ATM එකක්. පොඩි පෝලිමක් තිබුණා. මම පෝලිමේ තුන්වෙනියට හිටියෙ.

    හයර් එකට ගත්ත ත්‍රීවිල් එකකින් ඇවිත් බැස්සෙ වයස අවුරුදු හැත්තෑවක පහක විතර පිරිමි කෙනෙක්. ඇවිත් පෝලිමේ මට පිටිපස්සෙ හිටගත්තා. ඇතුලෙ කෙනා ටිකක් පරක්කු වෙන බව තේරුණ නිසාදෝ ඒ මනුස්සයා ළඟ හිටපු සිකියුරිටි කෙනෙක්ට කතා කරලා මෙහෙම ඇහුවා. බොහොම වැදගත් විදියට.

    "(බැංකුවෙ) ඇතුලෙ මැෂින් වැඩ නැද්ද දන්නෑ නේද"

    සිකියුරිටි මනුස්සයාටත් වයස අවුරුදු 60ක් විතර ඇති. එයා අර මනුස්සයගෙ ඇඟට කඩා පැන්නා.

    " ඒක මම දන්නෙ නෑ.. ඔයාට ඕනෙ නම් ඇතුලට ගිහින් බලන්න. "

    අර මනුස්සයා හිනාවෙලා "නෑ නෑ මං මනුස්සයෙක් වගේ ඇහුවෙ මල්ලි. කමක් නෑ.. ඔයා කලබල වෙන්න එපා. " කියලා උත්තර දුන්න.

    " මං මෙතනනෙ රස්සාව කරන්නෙ. මං ඇතුලෙ මැෂින් ගැන දන්නෙ නෑ.. ඔයාම බලන්න" සිකියුරිටි ආපහු කියන්න ගත්තා. ඒ මනුස්සයත් කේන්තියෙන් හිටිය වුනාට මොකක්ද හේතුවකට මට එයා ගැන දුක හිතුනා.

    "හරි හරි ... ඔයා කලබල වෙන්න එපා. ඔයාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි." කියලා සන්සුන්ව උත්තර දුන්න අර මනුස්සයා ආපහු පෝලිමේ ඉස්සරහ බලා ගත්තා. මමත් වචනෙන් මොනවත් කියන්නෙ නැතුව එයා එක්ක හිනා වෙලා නිකම් හිටියා.

    පෝලිමේ මගෙ අවස්ථාව ආවම මම පිටිපස්සෙ හිටිය ඒ වැඩිහිටියට යන්න කියල කීවා.

    " කමක් නෑ පුතා ඔයා යන්න. මට ඉඩ දුන්න එකට ඔයාට මම රෙස්පෙක්ට් කරනවා. මම සීනියර් සිටිසන් තමා. මට ඉන්න පුලුවන් , ඔයා යන්න. "

    විවාද නොකර මම ඇතුලට ගියා. සල්ලි අරන් දොර ඇරගෙන එනකොට ඒ මනුස්සයා මට ආපහු කතා කලා. පුතා ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුලුවන්ද කියල අහල ඉංග්‍රීසියෙන් උපදෙසක් දුන්න.

    "මම retired airline captain කෙනෙක්. පුතා මේ රටට අනාගතයක් නෑ.. පුලුවන්
    තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ. "

    මට ඇත්තටම කියාගන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ වගේ වයසක වැඩිහිටියෙක්ගෙන් මම බලාපොරොත්තු නොවුන අවවාදයක් ඒක. නන්නාදුනන මනුස්සයෙක් තරුණයෙක්ට එහෙම කීවෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඇයි ඒක ඉංග්‍රීසියෙන් කීවෙ? අර සිකියුරිටි මනුස්සයට තේරෙන්නෙ නැති වෙන්නද?

    මේ ප්‍රශ්න මගෙ ඔලුවට වද දුන්නා. ඒකත් එක්ක අර වේදනාවෙන් කෑගහපු නොසන්සුන් සිකියුරිටි මනුස්සයගෙ මූණත් මට මැවිලා පෙනුනා. ඒ මට්ටමේ මනුස්සයගෙ හිතේ පීඩනයයි රිටයර් වෙච්ච කැප්ටන්ගෙ අපේක්ෂාභංගත්වයයි මාව කම්පනයට පත් කලා.

    සිකියුරිටිගෙ මූණෙ තිබ්බ ප්‍රෙෂර් එක සහ කැප්ටන් මට දුන්න උපදෙස.
    - Hasinda Udalagama -
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දේපල වතු පිටි නැති අඩු කුල වල පහත් මිනිස්සු ලංකාවේ ඉදලා වැඩක් නෑ.
    උන් ඔය කොරියාවේ හරි කොහෙහරි ගිහිල්ලා ෆැක්ටරි එකක වැඩ කරලා කීයක් හරි හොයාගන්න තියෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සු කැප්ටන් කෙනෙක්. නැත්නම් අහම්බෙන් මුණගැහුන නාදුනන තරුණයෙකුට රට අතෑරල යන්න කියයිද?

    ඔහොම කොහොමද රටක් ගොඩගන්නෙ:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ශින්හලු ගැන රිවිව් එකක් දාන්න ඕනා







    ප්.s
    FB පොඩ්ඩක් ගිහිං බලහං වහල්ලු ඉන්න තරම්. කවදාවත් කතා කරලවත් නැති උන්ගේ ෆොටෝ ප්‍රොෆයිල් එකට දාල තින්නේ හරියට උන්ව ජාතක කළා වගේ.


    ලංකාවට අනාගතයක් තියා වර්තමානයක් වත් නැත
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ATM යන්ත්‍රයක් ළඟදි අද වුන සිදුවීමක්.
    November 15 at 1:49 PM ·



    " පුතා මේ රටට අනාගතයක් නෑ.. පුලුවන්
    තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ. "

    This is exactly what my Prof told me on my graduation day!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සු කැප්ටන් කෙනෙක්. නැත්නම් අහම්බෙන් මුණගැහුන නාදුනන තරුණයෙකුට රට අතෑරල යන්න කියයිද?

    ඔහොම කොහොමද රටක් ගොඩගන්නෙ:dull:

    ගොඩගන්න? මේක?

    පොඩ්ඩක් හොයලා බලපම් අර හරක් මඩුවේ කලබලගෑනිය නිසා මේ මාසෙට ලංකාවට කීයක් නැති වුනාද කියලා.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    දේපල වතු පිටි නැති අඩු කුල වල පහත් මිනිස්සු ලංකාවේ ඉදලා වැඩක් නෑ.
    උන් ඔය කොරියාවේ හරි කොහෙහරි ගිහිල්ලා ෆැක්ටරි එකක වැඩ කරලා කීයක් හරි හොයාගන්න තියෙන්නේ.

    E katawe theruma mokakda bn