මෙහෙන් පලයල්ලා.... :'(
ATM යන්ත්‍රයක් ළඟදි අද වුන සිදුවීමක්.
November 15 at 1:49 PM ·
ඒක බැංකුවෙන් වෙනම එලියෙ ගහක් යට තිබුන ATM එකක්. පොඩි පෝලිමක් තිබුණා. මම පෝලිමේ තුන්වෙනියට හිටියෙ.
හයර් එකට ගත්ත ත්‍රීවිල් එකකින් ඇවිත් බැස්සෙ වයස අවුරුදු හැත්තෑවක පහක විතර පිරිමි කෙනෙක්. ඇවිත් පෝලිමේ මට පිටිපස්සෙ හිටගත්තා. ඇතුලෙ කෙනා ටිකක් පරක්කු වෙන බව තේරුණ නිසාදෝ ඒ මනුස්සයා ළඟ හිටපු සිකියුරිටි කෙනෙක්ට කතා කරලා මෙහෙම ඇහුවා. බොහොම වැදගත් විදියට.
"(බැංකුවෙ) ඇතුලෙ මැෂින් වැඩ නැද්ද දන්නෑ නේද"
සිකියුරිටි මනුස්සයාටත් වයස අවුරුදු 60ක් විතර ඇති. එයා අර මනුස්සයගෙ ඇඟට කඩා පැන්නා.
" ඒක මම දන්නෙ නෑ.. ඔයාට ඕනෙ නම් ඇතුලට ගිහින් බලන්න. "
අර මනුස්සයා හිනාවෙලා "නෑ නෑ මං මනුස්සයෙක් වගේ ඇහුවෙ මල්ලි. කමක් නෑ.. ඔයා කලබල වෙන්න එපා. " කියලා උත්තර දුන්න.
" මං මෙතනනෙ රස්සාව කරන්නෙ. මං ඇතුලෙ මැෂින් ගැන දන්නෙ නෑ.. ඔයාම බලන්න" සිකියුරිටි ආපහු කියන්න ගත්තා. ඒ මනුස්සයත් කේන්තියෙන් හිටිය වුනාට මොකක්ද හේතුවකට මට එයා ගැන දුක හිතුනා.
"හරි හරි ... ඔයා කලබල වෙන්න එපා. ඔයාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි." කියලා සන්සුන්ව උත්තර දුන්න අර මනුස්සයා ආපහු පෝලිමේ ඉස්සරහ බලා ගත්තා. මමත් වචනෙන් මොනවත් කියන්නෙ නැතුව එයා එක්ක හිනා වෙලා නිකම් හිටියා.
පෝලිමේ මගෙ අවස්ථාව ආවම මම පිටිපස්සෙ හිටිය ඒ වැඩිහිටියට යන්න කියල කීවා.
" කමක් නෑ පුතා ඔයා යන්න. මට ඉඩ දුන්න එකට ඔයාට මම රෙස්පෙක්ට් කරනවා. මම සීනියර් සිටිසන් තමා. මට ඉන්න පුලුවන් , ඔයා යන්න. "
විවාද නොකර මම ඇතුලට ගියා. සල්ලි අරන් දොර ඇරගෙන එනකොට ඒ මනුස්සයා මට ආපහු කතා කලා. පුතා ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුලුවන්ද කියල අහල ඉංග්‍රීසියෙන් උපදෙසක් දුන්න.
"මම retired airline captain කෙනෙක්. පුතා මේ රටට අනාගතයක් නෑ.. පුලුවන්
තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ. "
මට ඇත්තටම කියාගන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ වගේ වයසක වැඩිහිටියෙක්ගෙන් මම බලාපොරොත්තු නොවුන අවවාදයක් ඒක. නන්නාදුනන මනුස්සයෙක් තරුණයෙක්ට එහෙම කීවෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඇයි ඒක ඉංග්‍රීසියෙන් කීවෙ? අර සිකියුරිටි මනුස්සයට තේරෙන්නෙ නැති වෙන්නද?
මේ ප්‍රශ්න මගෙ ඔලුවට වද දුන්නා. ඒකත් එක්ක අර වේදනාවෙන් කෑගහපු නොසන්සුන් සිකියුරිටි මනුස්සයගෙ මූණත් මට මැවිලා පෙනුනා. ඒ මට්ටමේ මනුස්සයගෙ හිතේ පීඩනයයි රිටයර් වෙච්ච කැප්ටන්ගෙ අපේක්ෂාභංගත්වයයි මාව කම්පනයට පත් කලා.
සිකියුරිටිගෙ මූණෙ තිබ්බ ප්‍රෙෂර් එක සහ කැප්ටන් මට දුන්න උපදෙස.
- Hasinda Udalagama -

minussunge prashna nisa eka a minissu pita karanna wena mihihekge pitin bn, ekai wela tiyenne.