මෙහෙමත් කොන්ද පණ නැති එවුන්

මෙහෙමත් කොන්ද පණ නැති එවුන්

පොලිසියේ ගොඩක් මහ බල්ලො බන් ඉන්නේ, හොද අය ටිකයි ඉන්නේ, විශේශයෙන් ට‍්‍රැෆික් පොලිස් අය, මුන් අපි වගේ බයික්,ත‍්‍රිවීල් වලින් යන එවුන් විතරයි අල්ලන්නේ පොඩි ඉරක් කැපුවත්, ඕන නැති බොරු ගොන් පාට් එකක් දාලා දඩ ගහනවා, ප‍්‍රාඩෝ,මොන්ටෙරෝ එහෙමත් නැත්තම් හොද කාර් එකකින් යන අය අපි කරන වැරැද්ද කලාම උන්ව අල්ලන් නෑ මචන්, ඇල්ලුවත් කාර් කාරයගේ englishටෝකටයි කාර් එකේ පෙනුමටයි පොලිස්කාරයා පදිරි, දඩත් නෑ.. මහ ගෙරි නීතිය තමා, මන් මෙහෙම කියන්නේ අත්දැකිමෙන් යාලුවා,
මම
ගිය සතියේ තුන් මුල්ල ලග
red light වැටෙන්න ඔන්න මෙන්න තියලා බයික් එක දැම්මා, මාව අල්ලගත්තා, මම ශෙප් පාරක් දාන්න හදනකොට එවෙලෙම smart cab එකක් red light කපාගෙන එනවා, පොලිස් කාරයා නැවෙත්තුවේ නෑ, මන් ඇහුවා ඇයි රාලහාමි එයාවත් නැවැත්තුවේ නැත්තේ කියලා, ඌ කියනවා අපි එක පාර දෙන්නෙක් අල්ලන් නෑ මුලින් අල්ලපු කෙනාට දඩය ගහලා ඉවරවෙනකන් කියලා, මගේ මාලු මචන් පිරානා මාලු වගේ දැගලුවා මූගේ ගෙරි කතාවට, මම දඩය ලියනකන් ඉදලා හොද කුනුහරුපෙන් :angry:ඌට බැනලා ඌගේ නපුන්සක කමත් තේරුම් කරලා ආවා,

නීතිය හැමෝටම පොදුනම් මචන් කිසි ප‍්‍ර‍ශ්නයක් නෑ, එත් මෙහෙම පොඩි අපටම කුපාඩි පාට් දානකොට තමා බන් මරාගෙන මැරෙන්න හිතෙන්නේ.
මමනම් කියන්නේ උබලා වැරද්දක් නොකර මේවගේ අසාධාරණ විදියට ඇල්ලුවොත් ,
දඩයත් ලොකු පාර්ට් එකෙන් ලියන්නම යනවනම්
දඩය ලියන්න කලින් බනින්න එපා මචන් එහෙම උනොත් උන් අනිවා අපිව උසාවි දානවා.
දඩය ලියලා කොලේ අතට ගත්තට පස්සේ ඌගේ වැරද්දයි, කොන්ද පණ ඇති කොල්ලෙක් වගේ ජිවත් වෙන විදියයි හොදට තේරුම් කරලා බැනල වරෙන් යාලුවා, ලැජ්ජාවක් තියෙන එකෙක්නම් ඌ අනිවාර්යෙන් ඕක අහල ටිකක් හරි හැදෙයි

ඌට එදා බැනලා පහුවදා බම්බලපිටිය පොලීසියට ගිහින් ලයිසන් එක ගත්තා..
ඌ මගේ දිහා බලන් හිටියා කිසි රැවිල්ලක් නෑ පාඩුවේ හිටියා, පොර කරපු දේ ගැන ලැජ්ජ හිතෙන්න ඇති.. දඩයක් කෑවට මට මන් ගැන සතුටු හිතුනා එවෙලේ:yes:
 
  • Like
Reactions: wisal

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
අයියේ අපෝ මටත් පේන්න බෑ ලංකාවේ පොලිස් මාමලව,
ඔයා කියන දේ තමයි කරන්න ඕනි දඩ කොලේ ලියලා අපේ අතටත් ගත්තට පස්සේ තමා බනින්න ඕනි.නැත්නම් උසාවි දානවා අනිවා :)
ඒ උනාට දෙයියන්ගෙ පිහිටින් අර ඔයා කියපු නවත්තන්නේ නැති ජාතියේ එකක් තමයි වාසනාවට ගෙදර තියෙන්නේ තියෙන්නේ,
එක දවසක් ඉර කැපුව පොලිස් මාමට පේන්න අනේ වාසනාවන් මට දඩ ගහුවේ නෑ,
ඒ වේලාවේ නම් මට හිතුනා හරි හොඳ පොලිස් මාමෙක් කියලා.. :D
හැබැයි ඔයා කියන විදිහට සාමාන්යය මනුස්සයාට තමයි ඒ ගොල්ලන්ගේ සද්ද ඔක්කොම,මටත් ඒක තම්යි පේන්න බැරි,එත් ඒකමේ රටේ වැරැද්ද අයියේ කවදාවත් හදන්න බෑ
පිටරටක නීතිය ක්‍රියාත්මක වෙනහැටි දැක්කම අපේ රට එපා වෙනවා :(
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;10875884 said:

    ගිය සතියේ තුන් මුල්ල ලග
    red light වැටෙන්න ඔන්න මෙන්න තියලා බයික් එක දැම්මා,
    මමනම් කියන්නේ උබලා වැරද්දක් නොකර
    මේවගේ අසාධාරණ විදියට ඇල්ලුවොත්
    උඹව අල්ලලා තියෙන්නෙ වැරැද්දක් කරලයි. නොකර නෙමෙයි. පොලිසියෙ උන් උන්ගෙ වැරදි හදාගන්නවා වගේම පාර පාවිච්චි කරන උන් (ඒකිව්වි උඹ වගේ කහ ලයිට් එකේ දාන උන්) උන්ගෙ වැරදිත් හදාගන්න ඕනෙ.
     
    [/SIZE]

    මම ඔයා කියන දේ පිලිගන්නවා යාලුවා, එත් මම පොලිස් කාරයගෙන් ඇහුවා ඇයි මාව නැවැත්තුවේ කියලා, එතකොට ඌ කියනවා red lightවලටලු, මම කියුවා මම ආවෙ yellow light වැටෙනකොට කියලා, එත් ඌ කියපි නෑ ඔයා yellow light ඇවිත් නවත්තන්න මට පිස්සුද? ඔයා ආවේ red light කියලා, කාට කියන්නද මේ අවනීතිය
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    [/SIZE]
    උඹව අල්ලලා තියෙන්නෙ වැරැද්දක් කරලයි. නොකර නෙමෙයි. පොලිසියෙ උන් උන්ගෙ වැරදි හදාගන්නවා වගේම පාර පාවිච්චි කරන උන් (ඒකිව්වි උඹ වගේ කහ ලයිට් එකේ දාන උන්) උන්ගෙ වැරදිත් හදාගන්න ඕනෙ.

    :lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    [/SIZE]
    උඹව අල්ලලා තියෙන්නෙ වැරැද්දක් කරලයි. නොකර නෙමෙයි. පොලිසියෙ උන් උන්ගෙ වැරදි හදාගන්නවා වගේම පාර පාවිච්චි කරන උන් (ඒකිව්වි උඹ වගේ කහ ලයිට් එකේ දාන උන්) උන්ගෙ වැරදිත් හදාගන්න ඕනෙ.

    :yes::yes:
     
    මම ඔයා කියන දේ පිලිගන්නවා යාලුවා, එත් මම පොලිස් කාරයගෙන් ඇහුවා ඇයි මාව නැවැත්තුවේ කියලා, එතකොට ඌ කියනවා red lightවලටලු, මම කියුවා මම ආවෙ yellow light වැටෙනකොට කියලා, එත් ඌ කියපි නෑ ඔයා yellow light ඇවිත් නවත්තන්න මට පිස්සුද? ඔයා ආවේ red light කියලා, කාට කියන්නද මේ අවනීතිය
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;10876082 said:

    මම ඔයා කියන දේ පිලිගන්නවා යාලුවා, එත් මම පොලිස් කාරයගෙන් ඇහුවා ඇයි මාව නැවැත්තුවේ කියලා, එතකොට ඌ කියනවා red lightවලටලු, මම කියුවා මම ආවෙ yellow light වැටෙනකොට කියලා, එත් ඌ කියපි නෑ ඔයා yellow light ඇවිත් නවත්තන්න මට පිස්සුද? ඔයා ආවේ red light කියලා, කාට කියන්නද මේ අවනීතිය
    ඒ කියන්නෙ ඒ පොලිස් කාරයා නීතිය දන්නෙත් නෑ :D
     
    ඒකම තමා මාත් කියන්නේ, ඌට yellow light අවුලක් නෑ, red light කියලා තමා කියන්නේ, අමු අමුවේ red light දාපු smart cab එක නැවැත්තුවේ නෑ එක පාර දෙන්නෙක්ව අල්ලන් නෑ කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    [/SIZE]
    උඹව අල්ලලා තියෙන්නෙ වැරැද්දක් කරලයි. නොකර නෙමෙයි. පොලිසියෙ උන් උන්ගෙ වැරදි හදාගන්නවා වගේම පාර පාවිච්චි කරන උන් (ඒකිව්වි උඹ වගේ කහ ලයිට් එකේ දාන උන්) උන්ගෙ වැරදිත් හදාගන්න ඕනෙ.

    ow. uwa alluwe waraddata. eth prashne ai un a welawema, a waraddama karapu cab eka nawatthuwe natthe ? cab walata wena law ekak de ?

    :angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow. uwa alluwe waraddata. eth prashne ai un a welawema, a waraddama karapu cab eka nawatthuwe natthe ? cab walata wena law ekak de ?

    :angry::angry:
    ඒක තමයි යකෝ කිව්වෙ පොලිසිය උන්ගෙ වැරදි හදාගන්න ඕනෙ කියලා. ලියලා තියෙන එක හරියට කියවලා බලලා උත්තර දීපන් නිකන් කෑගහන්නෙ නැතිව.
     
    උබලා මරාගන්න එපා,
    හොදින් ඉමු:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම අවුරුදු 22ක් විතර වාහන එළවනවා!! මේ කාළෙටම මම 3න් සැරයක් පොලීසියෙන් අල්ලලා තියනවා!! මගේ කාර් එකේ Hospital Cross එකකුත් ගහලා තියනවා!! ඒ මම රෝහල් සේවයේ නිසා!!
    ඒ තුන් සැරයේදීම මම කළ වැරදි නිසා ඇල්ලුවේ!!
    මම වරදක් කළ විට මම වචනයක්වත් කතා කරන්නෙ නෑ!!
    කෙළින්ම ගිහින් ලයිසන් එක දෙනවා!!

    1වෙනි වතාවෙ ගාලු පාරෙදි මම රතු ලයිට් පැන්නා - මම කතා නොකර ලයිසන් එක දුන්නා. මගෙන් ඇහුවා වැරැද්දක් කලා කියලා පිලිගන්නවද කියලා. මම කිව්වා අනිවාර්යයෙන්ම පිළිගන්නවා කියා. රාළහාමි කිව්වා හ්ම්!!! යන්න කියලා. මම තැන්ක් යූ නියලා ගියා!!

    2වෙනි වතාවෙ අවිස්සාවේල්ල පාරෙදි මම ඉරිදෙක කැපුවා . මම කතා නැතිව සුහද සිනහවක් සමග ලයිසන් එක දුන්නා. දඩ කොළයක් ලියන්න වෙනවා මහත්තයෝ කිව්වා. කමක්නෑ වරදක් කලානේ, පොස්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නෙ රාළහාමි - මම ඇහුවා!! මා දිහා බලා අතට ගත්ත දඩ පොත නැවත තබා !! පොස්ට් ඔෆිස් එකනම් ඉස්සරහා හන්දියෙන් දකුණට හැරුන ගමන් තියෙන්නෙ!! මදක් කල්පනා කර හ්ම්!! අදට යන්න කිව්වා!!

    3වතාවෙ high speed -82kmph ඇල්ලුවා නුවර පාරෙ මොළගොඩ හරියෙදි උදේම.
    good morning රාළහාමි!! -මම කිව්වා! හ්ම්.. morning !! මොකද හදිස්සිය. කොළඹට යාගන්න තමා ඉතින් මද සිනහවක් සමග මම කිව්වා!! දන්නවද යන්න ඕනෙ speed එක. ඔව් රාළහාමි!! එහෙනම් මොකද මේ 82ට යන්නෙ!! වැරැද්ද පිළිගන්නවා රාළහාමි!! යනවා!! යනවා!! පරෙස්සමෙන් යනවා ආයෙ අහුවෙන්නෙ නැතිව!!

    ඔන්න මට සිදුවුන දේ!!!!

    අත්දැකිම් තියෙන ඔයවගේ රාළහාමිලත් ඉන්නවා:yes:, මචන් උබව අල්ලපු රාළහාමිලා මැදිවියේ ඩයල්ද?