මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මොනම හේතුවක් නිසාවත් කෙල්ලෙක් නිසා සිය දිවි හානි කරගන්නේ නෑ කියන එක මෙවුන්ගේ හිත වලට දැනුනේ නැත්තේ ඇයි දන්නේ නෑ..
    මේකට තව හේතු බලපානවා..මේ වයසේදී ළමයෙක් හා දෙමව්පියන් අතරේ තියෙන්න ඕනේ හරිම සියුම් බැදීමක්..අම්මල යාලුවෙක් ගානටම ළමයින්ව තියන් ඉන්න ඕනේ.අද කාලේ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.අම්මලයි ළමයි අතරේ තරම් රහස් නෑ වෙන කොහෙවත්..මෙන්න මේ දේ අම්මලට තේරුම් කරලා දිය යුතු වෙනවා..එහෙම උනොත් මේ වයසේ ඉන්න ඇයට තියන ප්‍රශ්න ගොඩක් අඩු වෙයි කියල තමයි මගේ හැගීම..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕක තමයි මචන් ඇත්ත, අද කාලේ කොල්ලෝ පන දීලා ලව් කරනවා ,ලව් එක නැති වුනාම මැරෙන්න යනවා, කෙල්ලෝ ඒක ගණන් ගන්නවද? නෑ ,උන්ට ගාණක් වත් නෑ, උන් කරන්නේ අද ඉන්න කොල්ලා නැති වුන ගමන් හෙට වෙන එකෙක් එක්ක යන එකයි. අන්න ඕක තමයි කෙල්ලොන්ගේ හැටි. කෙල්ලොන්ව මම නම් විශ්වාස කරන්නෙත් නෑ, කෙල්ලොන්ට පන දෙන්නෙත් නෑ, කෙල්ලෝ පස්සේ මම යන්නෙත් නෑ. අපේ කාලය/ශ්‍රමය/ධනය නාස්ති වෙන එක විතරයි වෙන්නේ,ඊට වඩා හොදයි අපේ කාලය කාට හරි උදව් කරන්න යොදන එක අඩුම ගානේ එකෙන් අපිට තෘප්තියක් ලැබෙයි ඒ වගේම කවුරු හරි ගොඩ
    යයි.

    කෙල්ලෝ කියන්නේ මදුරුවෝ වගේ ජාතියක් ,හොදට පෘෂ්ඨිමත් ,ඇගපත තියෙන මිනිස්සුන්ට මදුරුවෝ වැඩියේ වහනවා වගේ, කෙල්ලෝ බලන්නේම ධනය/බලය/කිර්තිය වැඩියෙන් තියෙන මිනිස්සුන්ගේ ඇගේ එල්ලෙනමයි, ඊට පස්සේ සාරය උරාබීලා ,මිනිහා නැති නාස්ති වුන ගමන්, වෙන එකකට මාරු වෙනවා (නීතිය උනත් මේකට අනුග්‍රහය දක්වනවා. divorce law වලදි ,ගොඩක් රටවල සැමියාගේ දේපොළෙන් භාගයක් බිරිදට යනවා divorce වෙන කොට). මම කියන්නේ නෑ හැම කෙල්ලම මේ ජාතියේ කියලා නමුත් බහුතරය මේ ජාතියේ, හොද ගෑණු ඉන්නේ බොහෝම ටිකයි. අන්න එහෙම කෙනෙක් හම්බ වුනොත් බදින්න නැත්නම් තනිකඩව ඉන්න එක ඇගට ගොඩක් හොදයි, නැත්නම් බැදලත් ප්‍රශ්ණ එන්න ගනියි.
    :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    100% true,, one of d best comment I've read in EK
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28

    aniwa ban :yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හැදෙන උන්ට ආදර්ශයට ගන්න හරි හමන් චරිතයක් නැති කම නිසා සිද්ද උන තවත් එක් විනාශයක්.දැන් ඉන්න උන්ට ප්‍රශ්නයක් ආවම බලන්නෙ අතේ කටු එනවද කියල එක්ස්-මෑන්ගෙ වගේ.එහෙම නැත්තන් සුජීවගෙ පොත්වල වගේ අන්තිම මොහොතෙ හැමදේම හොදට සිද්ද වෙයිද කියල.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අර ගම්පහ කෙල්ලොකුයි කොල්ලෙකුයි යාලු වෙලා කොහොම හරි ඒ කෙල්ලගෙ යාලුවා යාලු වෙලා ඉන්න කොල්ල ගැන බොරු කරනවා කියල කියලා උවත් ගෙන්නලා ඕක අහනකොට උගේ අවංක කම පෙන්නන කියලා ඌ පාරේ යන වාහනේකට පැනල තිබ්බේ

    mun hindi flm balala ewa aththata karanna yanawa
    duka hithenawa ban, ane manda mewage harak
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    100%Agreed..hats off to you my bro...:D.

    ස්තුතියි සොයුරිය...:D

    ප්‍රේමය බොළදයි තමයි බන්. බෝලද නැති ප්‍රේමය බොලද පේමය කියලා වර්ග කරන්න බැහැ. ඕනි වැඩඩේක් ලව් කරනකොට බොළදයි. එහෙම ආදරයක් නැති උනාම එතින් ගොඩක් දුක හිතෙනවා තමයි තමයි මචං. නිකම් ජිවිතේ හිස් වගේ. ඒ කොහොම උනත් හදපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඉන්නවනේ . එතීන් ඒ මිනිස්සු වෙනුවෙන් ජිවත් වෙන්න ඕනි නේද? අම්මලා තාත්තලා සැහෙන දුක් විදලා හදලා අපි විහින් ජිවිතේ නැති කරගත්තම අපි තවදුරටත් පිරිමි විදියට ගණන ගන්න පුලුවන්ද?එක ආදරයක් නැති උනාට පහු කලෙකදී එට වඩා හොද ආදරයක් හම්බෙන්නේ පුළුවන්. අදරේ කියන්නේ ජිවිතේ කොටසක් මිසක් ජීවිතේම නෙමයි. හැමෝටම කලින් තමන් ගැන හිතන්න.

    ඔව්, ප්‍රේමය තුල බොලද බව තියනවා සහෝ. බොලද බවක් නැත්නම් ඒ ප්‍රේමයේ සුන්දරත්වයක් නැහැ. ප්‍රේමය romantic වෙන්නේ බොලද බව එකතු උනාම තමයි. නමුත් බොලද ප්‍රේමය කියල අදහස් කලේ ඔය කියන බොලද බව නම් නෙමෙයි. ඔය මල් පත්තරවල, අජිත් මුතුකුමාරණ වගේ අයගේ සින්දු වල එහෙම තියෙන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ. ඔය යාලු උන ගමන් කාමර අස්සේ රිංගන්නේ, ප්‍රේමය අහිමි උනාම මිනීමරාගන පළිගන්ඩ යන්නේ, අනාගතය ගැන කිසිම සැලසුමක් නැතුව ලුනුයි බතුයි කාල ජීවත් වෙමු කියල දෙමවුපියන්ට හොරෙන් පැනල යන්නේ එහෙම ඔය බොලද ප්‍රේමය තියන අය තමයි. කරුණාසේන ජයලත්ගේ "ගොළු හදවත" පොතයි, සුජීව ප්‍රසන්නආරච්චිගේ පොතකුයි කියවල බැලුවොත් ඔය වෙනස ගැන සහෝට යම් අදහසක් ගන්ඩ පුළුවන් වෙයි. ප්‍රේමයක මුලිකම දේ තමයි අන්‍යොන්‍ය ගෞරවය. ගෞරවය නැති තැන ප්‍රේමයක් තියෙන්ඩ විදියක් නැහැ. සැබෑ ප්‍රේමයක බොලද බව තුල උනත් වචනයක පවා ගෞරවයක් තියනවා.:yes:

    ඔය සහෝදරයා කියල තියන එක මට තෙරෙනවා,මම ඔයාව එතන වැරදියට තෙරුම් ගත්තෙ නැ,මෙහෙමයි ගැහැණුන්ට උප්පත්තියෙන්ම දරාගැනිමේ ශක්තිය පිරිමින්ට සාපේක්ෂව වැඩියෙන් ලැබිලා තියනවා,එහෙම ලැබෙන්න එ අයගේ පැවත්මට,එහෙම ගැහැණුන්ට හම්බවෙලා නොතිබ්බා නම් පිරිමින්ට වඩා සියදිවි හානි කරගන්නෙ ගැණු,එක කොයි හැටි වෙතත් මමත් හැම විටම කතා කරන්නෙ මගේ මානසික මට්ටම මුල් කරගන නෙමෙයි,එක මගේ සමහරක් අදහස් දැක්කොත් කාටත් වැටහෙයි,එ වුනාට මෙතනදි මම මොන අවස්ථාවෙදි වත් මේ ආත්මඝාතනය අනුමත කරන්නෙ නැ,ඔයත් අනුමත නොකරන බව මම දන්නවා,මිනිසත් භවයක් කියන්නෙ සෙල්ලං නෙමෙයි,එක මේ සිනි බොල කෙස් වලට මානසික තත්වය කඩාගන මැරෙනවා කියන්නෙ විහිළුවක්,මට දුක එ මනුස්සයාට අයෙත් මනුස්ස භවයක් ලැබෙයිද කියන එකයි,මිනිස්සු දැන් ඉන්නෙ බොහොම පහල මානසික තත්ව වල එකට ඔයා කියලා තියනවා වගේ,අද තියන මේ සෙවල සිංදු වගේම ,සාහිත්‍යත් බලපානවා,24 පැයේ බණ අහන රටක තත්වය මෙයයි,...මෙහෙම වෙන්නෙ ඔනවාට වඩා දෙවල් මත ඇලිලා ඉන්නකොටයි,ආදරය කියන එකට ගොඩක් ප්‍රභෙද තියනවා,එකෙන් උසස් ම එක තමා මෛත්‍රිය කියන්නෙ,මෛත්‍රියෙදි කිසි දෙයක් නැවත බලාපොරොත්තුවක් නැ එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Unconditional Love - එක පෙම්වතියෙක් ගෙන් දකින්න ලැබෙන්න නැ,එහෙම දකින්න ලැබුනොත් එක බොහොම බොහොම බොහොමම කලාතුරකින් (පතා ගනම එන කෙස් එකක් වෙන්න ඔන) ඔය මෛත්‍රිය කියන ආදර ප්‍රභෙදය දකින්න ලැබෙන්නෙ අම්මා ගෙන් විතරයි,වැදු අම්මා තරම් තමුන්ට ගැඹුරට ආදරය ( මෛත්‍රිය) කරන්න ලොවේ කිසි ගැහැනියක් සමත් වෙන්නෙ නැ,මම ජිවිතය කුමන හෝ දෙයකට දෙනවා නම් දෙන්න අම්මාට විතරයි.

    NB:
    ලොකයේ වැදු දරුවා මරාගන කන අම්මලත් නැත්තෙ නැ,එහෙම වෙන්නෙ නම් එහෙම කරන ගැහැනියට තියන මානසික අබාධයකින් විනා වෙන දෙයකින් නම් නෙමෙයි....

    බුදුන් වහන්සේ පවා කරණිය මෙත්ත සුත්‍රයේ ලොවේ සිටින සත්වයන්ට මෙත් වඩන්න කිව්වේ අම්මා කෙනෙක් තම එකම පුතුට ආදරය කරනවා වගේ.....ඉතින් කොහෙද ඉට වඩා ගැඹුරු එකක්...

    "මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්ත මනුරක්ඛෙ ඒවම්පි සබ්බභූතේසු මාන සංභාවයේ අපරිමානං"

    මවක් තම එකම පුතු දිවි පුදා ආරක්ෂා කරන්නා ක් මෙන්, සියලු සත්ත්වයන් කෙරෙහි අපරිමානව (අසීමිතව ) මෛත්‍රී සිත් වැඩිය යුතුය.

    ඔය සහෝදරයා ඔය කියල තියෙන, "ගැහැණුන්ට උප්පත්තියෙන්ම දරාගැනිමේ ශක්තිය පිරිමින්ට සාපේක්ෂව වැඩියි" කියන කාරණයට මම සම්පුර්ණයෙන්ම එකගයි. මම ඔය සම්බන්දයෙන් වගේම ඔය "බූට්" එක කියන කාරණය සම්බන්දවත් මීට කලින් අදහස් දැක්වීමක් කළා. මේ ත්‍රෙඩ් එකේ ඒ සම්බන්දව මම අදහස් දැක්වීමක් කරලා තියනවා. ඔයාගේ අදහස් ඊට වඩා වෙනස් වෙන්ඩ පුළුවන්.

    ඇත්ත, ජීවිතය නැති කර ගන්නවා කියන එක බෞද්ධ ධර්මය අනුව විශාල පාපයක්. මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉහලම කර්ම ශක්තියක් ඇති අය. බෞද්ධ ධර්මය අනුව ජීවිතය නැති කර ගැනීමෙන් නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුෂ්කර වෙන්ඩ පුළුවන්. නමුත් ඔය වගේ තීරණ වලට ඉහල අධ්‍යාපනයක් ලබපු, උසස් රැකියා කරන, ඉහල සමාජ ස්තර වල ජීවත් වෙන අය පවා පෙලබෙන අවස්ථා තියනවා. ඒකයි මම කියුවේ අපි මොන තරම් අදහස් පල කලත්, මනුෂ්‍යයෙක් ඒ වගේ මානසිකව අන්තිමටම වැටුනම ඒ මානසිකත්වය දන්නේ ඒවට මුණ දෙන අය විතරයි. ඒක ආදරය සම්බන්ද ප්‍රශ්නයක් වෙන්ඩත් පුළුවන් වෙන ප්‍රශ්නයක් වෙන්ඩත් පුළුවන්.

    පැය 24 ම බණ ඇහුවත් ඒවා මතක තියෙන්නේ කොච්චර වෙලාවකටද සහෝ. ඕවා අවබෝධ කර ගන්නේ කීයෙන් කී දෙනාද? හාමුදුරුවෝ කියන හැම එකටම "සාධු සාධු" කියන බෞද්ධයෝනේ වැඩි හරියක් ඉන්නේ. හාමුදුරුවෝ බණ කියන අතරේ වැරදිලාවත් සත්තු මරණ එක හොදයි කියුවොත් ඒකටත් දොහොත් මුදුන් දීල වැදගන සාධුකාර දෙන බෞද්ධයෝ තමයි වැඩි හරියක් ඉන්නේ. අනික හාමුදුරුවරු උනත් වැඩිහරියක් බණක් කියනවා කියල ජාතක කතාවක් ඇදල ගන්නවා මිසක් කාලීන බණක් කියන්නේ කීයෙන් කී දෙනාද.

    Unconditional Love, එහෙමත් නැත්නම් කොන්දේසි විරහිත ප්‍රේමය මේ ලෝකේ තියනවා සහෝ. නමුත් ඔයත් කියුව වගේ ඉතාමත්ම කලාතුරකින්.

    ඒ වගේම ඔය සහෝදරයා මවගේ ආදරය පිලිබදව අදහස් දැක්වුවේ, මම දෙමවුපිය දුදරු සම්බන්දයට වඩා ගැහැනියක් සහ පිරිමියෙක් අතර ඇතිවන සැබෑ ප්‍රේමය මුල් කරගත් සම්බන්දය ගැබුරුයි කියල කරපු අදහස් දැක්වීමත් හේතු වෙන්ඩ ඇති කියල මම හිතනවා. මම දන්නවා ඕක කිසිම කෙනෙක් පිලිගන්නැහැයි කියල.

    මෙහෙමයි, සරලව පැහැදිලි කරනවානම්, හිතන්ඩ මම විවාහ වෙලා දරුවෝ ඉන්නවා කියල, විවාහයට කලින් මගේ ජීවිතයේ සමීපතම ගැහැණිය මගේ අම්මා. නමුත් විවාහයට පසුව වෙන ගැහැනියක් බිරිද වශයෙන් මගේ ජීවිතයට එනවා. එයාව වෙනත් ආකාරයකින් හදුන්වනවා "ජීවන සහකාරිය" කියල. ඔය "ජීවන සහකාරිය" කියන වචනයේ අර්ථය හුගක් ගැබුරුයි. මම මගේ බිරිදත් සමග ජීවිතය බෙදා ගන්න ආකාරය අම්මත් සමග ජීවිතය බෙදා ගන්න විදියට වඩා බොහෝ ගැබුරුයි. බිරිදත් සමග බෙදා ගන්නා සම්බන්දයේ සීමා මායිම් නැහැ. තව පැත්තකින් මගේ බිරිද කියන්නේ මගේ දරුවන්ගේ අම්ම. මෙතෙන්දි මගේ ජීවිතයේ සමීපතම ගැහැණිය වෙන්නේ මගේ බිරිද. නමුත් අම්මට මගේ ජීවිතයේ තියන තැන එදා වගේම නොවෙනස්ව තියනවා. මම විවාහ උනා කියල මගේ අම්මට මගේ හදවතේ තිබ්බ තැන වෙනස් වෙන්නැහැ. මෙතෙන්දි වෙලා තියෙන්නේ සමීපත්වය කියන කාරණයේ ස්ථාන මාරු වීමක් පමණයි. ඔය සමීපත්වය හදවතත් සමග බැදුණු දෙයක්. මම මගේ බිරිද සමග බෙදාගන්න ආකාරයේ සම්බන්දයක් මගේ අම්ම තාත්තත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම මගේ දරුවන්ට මොනතරම් ආදරේ උනත් කවදාහරි මගේ දරුවෝ විවාහ වෙච්ච දවසක, ඒ ගොල්ලන්ගේ ජීවිතේ වගේම හදවතෙත් මුල් තැන ඉන්ඩ ඕන දෙමවුපියෝ වශයෙන් මමවත්, මගේ බිරිදවත් නෙමෙයි ඒ ගොල්ල විවාහ වෙච්ච අය.

    ඔය ඒ සම්බන්දයෙන් මම දකින ආකාරය. නමුත් ඒක වර්තමාන සමාජයේ සම්බන්දතා සමග කොයිතරම් දුරට ගැලපෙනවද කියල සාදාරනීකරණය කරන්ඩ මම යන්නැහැ.