මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම කියන්නේ ආදරය වෙනුවෙන් දිවි පිදීම කියන්නේ ආදරය කරන කෙල්ල බේරගන්න තමන්ගේ ජීවිතය පරදුවට තැබීම. මෙතන තියෙන්නේ තමන්ගේ කරගන්න බැරිවුණු දෙයක් වෙනුවෙන් සියදිවි නසාගන්න මෝඩකම/බොළඳ කම. තමන් මැරිලා කෙල්ලට පාඩමක් උගන්නන්න / වරදකාරී හැඟීමකින් ජීවිතය ගෙවන්න ඉඩ සලස්වන්න නේද මේ හදන්නේ. සද්ද නැතිව මැරිලා ගියානම් ඉවරනේ. තමන්ව දහදුක් විඳලා හදපු වදාපු අම්මට උහුලන්න පුළුවන් දුකක්ද මේ දෙන්නේ. සමාජයෙන් මුන්ව වීරයන් කිරීමෙන් තවත් මෙවැනි XXXයන් මෙවැනි දේ කරනු ඇත. බොළඳ ආදර කතා කියවන, බලන සිහින ලෝකවල ජීවත් වන පරාජය දරාගන්න බැරි xxxක්.

    (මොහුව සුගතියේ ඉපදීමට මම ප්‍රර්ථනා කරන මුත් මම අදහන ආගමට අනුව අධික ඇලීමකින් සියදිවි නසාගත් මොහු එසේ වීමේ ඉඩකඩ ඉතා අල්පය)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Okema anith peththath wenawa.. eth kello awith threads danne video upload karanne na machan...

    ඔව් එක හරි අපේ අයියලත් ඉතින් උපාසකයෝ නෙමෙයි එක මම දන්නවා,ඔයා කියන එකත් හරි,මම දන්න ගැණු ළමයෙක් ඉන්නවා බුට් කාලා දැන් විභහග ටිකවත් හරියට කරගන්න බැරුව ඉන්න.දෙපැත්තම එකයි

    මොනා කරන්නද...එක එක්කෙනා ප්‍රශ්න වලට මූණදෙන හැටි...මම හිතන්නේ සංවේදීකම,ඉවසීමක් නැතිකම තමයි ඕකට හේතුව...අපි කොච්චර මොනවා කිව්වත් දරාගන්නම බැරි දුකක්,ප්‍රශ්නයක් ආවොත් සමහරවිට අපිත් ඔය දේ කරන්න පෙලඹෙයි...කොහොම වුනත් දිවිනහගන්නේ කොන්ද පණ නැති මිනිස්සු...ජීවිතේ කියන්නේ ප්‍රශ්න වලට මූණදෙමින් ගැටලු විසඳගමින් යන ගමනක්... අනික පිලිතුරු නැති ගැටලුවක් නෑ මේලෝකේ..එහෙම පිලිතුරක් ලඟපාතක පේන්න නැත්තන් අඩු ගානේ කාලයට ඉඩ දීලා ඉවසන්න ඕනේ....

    ඔවා ඔහොම කරගන්නෙ මානසික දුරුවල මිනිස්සු,මට නම් එහෙම හිතෙන්නෙවත් නැ,මටත් මේ ප්‍රශ්න නැ කියලා නෙමෙයි,මට එක ප්‍රශ්නයක් තියනවා,දැන් අවුරුදු 10 විතර විසඳගන්න බැරි උනු-ප්‍රශ්නය උග්‍ර වෙනවා මිස යන පාටක් නම් නැ :no:.....

    මෙහෙමයි, ජීවිතේ නැති කර ගත්ත එකට බොලද වැඩක් කියල මොනතරම් බැන්නත්, මනුෂ්‍යයෙක් ඒ තත්වෙට පත්වෙන්නේ මානසිකත්වයේ අන්තිමටම කඩා වැටුනම. ඒක දන්නේ ඒ වගේ තත්වෙට පත් වෙච්ච අය විතරයි.

    ජිවිතය හරියට අවබෝධ කරගන මානසිකව ශක්තිමතව ඉන්න කිසිම කෙනෙක් ඔය තත්වයට වැටෙන්නෙ නැ...මේ තත්වයට දැන් තියන මල් සිංදුත් වග කියන්න ඔනේ.

    වයස මොකෝ මචන් කෙල්ල හොදනම්...අපරාදේ එහෙම දේකට නැවත්තුවනම්
    2.gif

    නැවැත්තුවේ නැ :no:, ඇත් උනා විතරයි,එ ළමයා රට ගියා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සහෝ කියලා තියන එක සම්පුර්ණ ඇත්ත,මම පිලිගන්නවා,මට බොහොම හොඳ ගැහැණු ළමයෙක් හම්බවෙලා තියනවා (කරුමෙට අක්කා කෙනෙක් :rofl:),අයෙත් ජිවිතයේ කිසිම දවසක එහෙම ළමයෙක් හම්බවුනේ නැ :no:...මට වචනයෙන් කියන්න බැ එ ළමයාගේ තිබ්බ ගුණ ටික :dull::),කාලයක් ආශ්‍රය කලා,ඉට පස්සෙ එහෙම ළමයෙක් ජිවිතයට දැක්කෙ නැ,ඉට පස්සෙ දැකපු හැම ගැහැණු ළමයෙක් දිහාම බැලුවේ එ මිම්මෙන්,එත් තවම එහෙම කෙනෙක් හම්බවුනේ නම් නැ,එකෙන් හිතා ගන්න තියෙන්නෙ අද සමාජයේ යහපත් අය අඩුයි කියන එකයි.එකෙන් අදහස් වෙන්නෙ නැ මේ යහපත් ගැණු ලංකාවේ නැ කියලා එහෙම,ඉන්නවා එත් ගොඩක් ඉන්නෙ වාසියට එන්න ඉන්න අය තමා...http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ආ ඔය ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට :P ඔක්කොම එක වගේ නැහැ මල්ලි එත් ඉතින් මැරෙන්න ඕනේ නම් නැහැ. ඔය කොල්ල බොක්කෙන් love කරන්න ඇති ඒත් ඉතින් තමුන්ව හැදුව දෙමව්පියන් ඕන නේද? අඩුම තරමේ කසාදවත් බැඳලා නැහැනේ, love කරලා විතරනේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආ ඔය ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට :P ඔක්කොම එක වගේ නැහැ මල්ලි එත් ඉතින් මැරෙන්න ඕනේ නම් නැහැ. ඔය කොල්ල බොක්කෙන් love කරන්න ඇති ඒත් ඉතින් තමුන්ව හැදුව දෙමව්පියන් ඕන නේද? අඩුම තරමේ කසාදවත් බැඳලා නැහැනේ, love කරලා විතරනේ.

    :D මම හිතන්නෙ මම ඔය කියපු ළමයා ගැන මට අදහසක් පහල වෙනකොට 16 විතර ඇති,එයාට ටිකක් ඉට වැඩි :dull: අයියා කියන එක ඇත්ත මෙයාට අඩුම තරමේ දෙමව්පියෝ ගැන හිතන්න තිබ්බා...වැඩක් නැ කතා කරලා,මේ ටිකෙම මෙහෙම කතා අහැව්වා එහෙන් මෙහෙන් එකයි මෙක දාන්න හිතුවේ,දැන් මිනිස්සු ඉස්සරට සාපේක්ෂව හරිම දුරුවල මානසික මට්ටම් වල ඉන්නෙ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    ඔව් එක හරි අපේ අයියලත් ඉතින් උපාසකයෝ නෙමෙයි එක මම දන්නවා,ඔයා කියන එකත් හරි,මම දන්න ගැණු ළමයෙක් ඉන්නවා බුට් කාලා දැන් විභහග ටිකවත් හරියට කරගන්න බැරුව ඉන්න.දෙපැත්තම එකයි

    Mama hithanne man methana threads dekak patalawagena reply eka liyala tiyenne lol

    http://www.elakiri.com/forum/showthread.php?t=1599988

    Tabs dekaka open karagena antimata reply eka dala tiyenne okkoma mix karagena eke..

    Sorry ban!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක හරිම මෝඩ වැඩක්..
    ආදරේ වෙන දෙයක්..
    තමන්ගේ අම්ම අප්පා අවරුදු 20 විතර ලොකු මහත් කරලා එක පාර ඒ ඔක්කොම නැති කරලා දාන එක ලොකුම පවක්

    බුදු බණේ තියෙනවා කියල මම අහලා තියෙනෙවා ඔහොම දිවි නහගන්න උන් ඊලග ආත්ම වලත් මොකක් හරි වෙලා ඒ වයසින්ම ජිවිතයෙන් සමුගන්නවා කියල
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සහෝ කියලා තියන එක සම්පුර්ණ ඇත්ත,මම පිලිගන්නවා,මට බොහොම හොඳ ගැහැණු ළමයෙක් හම්බවෙලා තියනවා (කරුමෙට අක්කා කෙනෙක් :rofl:),අයෙත් ජිවිතයේ කිසිම දවසක එහෙම ළමයෙක් හම්බවුනේ නැ :no:...මට වචනයෙන් කියන්න බැ එ ළමයාගේ තිබ්බ ගුණ ටික :dull::),කාලයක් ආශ්‍රය කලා,ඉට පස්සෙ එහෙම ළමයෙක් ජිවිතයට දැක්කෙ නැ,ඉට පස්සෙ දැකපු හැම ගැහැණු ළමයෙක් දිහාම බැලුවේ එ මිම්මෙන්,එත් තවම එහෙම කෙනෙක් හම්බවුනේ නම් නැ,එකෙන් හිතා ගන්න තියෙන්නෙ අද සමාජයේ යහපත් අය අඩුයි කියන එකයි.එකෙන් අදහස් වෙන්නෙ නැ මේ යහපත් ගැණු ලංකාවේ නැ කියලා එහෙම,ඉන්නවා එත් ගොඩක් ඉන්නෙ වාසියට එන්න ඉන්න අය තමා...http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මටත් උනේ මේකමයි.. දුක තමය..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේක හරිම මෝඩ වැඩක්..
    ආදරේ වෙන දෙයක්..
    තමන්ගේ අම්ම අප්පා අවරුදු 20 විතර ලොකු මහත් කරලා එක පාර ඒ ඔක්කොම නැති කරලා දාන එක ලොකුම පවක්

    බුදු බණේ තියෙනවා කියල මම අහලා තියෙනෙවා ඔහොම දිවි නහගන්න උන් ඊලග ආත්ම වලත් මොකක් හරි වෙලා ඒ වයසින්ම ජිවිතයෙන් සමුගන්නවා කියල

    :yes: ilangata manussa athamayak thiyeyi da manda mehema karaganna ayata :confused:

    ලොකු bhai;17369844 said:
    මටත් උනේ මේකමයි.. දුක තමය..

    :dull:................
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    hmmmmmmm pissu yakku

    පිස්සු කියන වචනය නම් බොහොම අර්ථ සම්පන්න වචනයක් ලොකු සහෝදරයා :D

    පිස්සු නම් කාටත් පොඩ්ඩ පොඩ්ඩ තියනවා,අපි හැමොටම මොකක් හරි පිස්සුවක් තියනවා...ඔයාට තියෙන්නෙ සපත්තු පිස්සුව වගේ හැමොටම මොකක් හරි ශෙස්ත්‍රයක පිස්සුවක් තියනවා.....පිස්සු නැති උනා කියන්නෙ එයා යතාර්ථය හරි හැටිම අවබෝධ කලා කියන එකයි,එ කියන්නෙ රහත් තත්වය,එ තාක් අපි කාටත් ඔය මොකක් හරි පිස්සුවක් තියනවා,සල්ලි වලට,යස ඉසුරට.....එහෙම නැත්තන් ඔය පරණ දෙවල් එකතු කරන එක...ඔය ඔක්කොම පිස්සු...සමහරු වාහන
    පස්සෙ දුවනවා පිස්සුවෙන්,තව පිරිසක් අලුත් ෆොන් පස්සෙන් දුවනවා,ඔක්කොම පිස්සු තමා.....පිස්සුවත් නැතුව ජිවත් වෙන්නත් බැ,එත් සියදිවි නසාගන්නවා කියන එක පිස්සුවක් නෙමෙයි ගොබ්බ කමක්...

    බුදු හාමුදුරුවොත් දෙශනා කලා මොකක් හරි පිස්සුවක් හැමොටම තියනවා කියලා....එක බොහොම ඇත්ත...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනේ මන්ද මුන්ට මොනවා වෙලාද කියල :( තමන්ගේ හදවතට තීරණ ගන්න දුන්නම ඔහොම තමයි මොලෙන් ගන්නේ නැතුව :no:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18

    ජිවිතය හරියට අවබෝධ කරගන මානසිකව ශක්තිමතව ඉන්න කිසිම කෙනෙක් ඔය තත්වයට වැටෙන්නෙ නැ...මේ තත්වයට දැන් තියන මල් සිංදුත් වග කියන්න ඔනේ.

    මෙහෙමයි සහෝ, මගේ කලින් අදහස් දැක්වීම තුල ප්‍රශ්න ඉස්සරහ ජීවිතය නැති කරගැනීම මම වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරනවා වගේ හැගීමක් කියවන කෙනෙකුට එන්ඩ පුළුවන්. සමහරවිට ඔයාටත් එහෙම හිතුනද දන්නැහැ.

    මම මෙතෙන්දි කොහෙත්ම අදහස් කලේ නැහැ ප්‍රශ්න ඉදිරියේ ජීවිතය නැති කරගත්න එක සාධාරණීකරණය කරනවා කියල. මම කොහෙත්ම ජීවිතය නැති කර ගැනීම අනුමත කරන්නැහැ. බෞද්ධ ධර්මය පැත්තෙන් ගත්තොන් උනත් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්ඩ බැරි මට්ටමේ විශාල පාපයක්. මම කතා කලේ ආදරය සමබ්න්දයෙන් වේවා වෙන ප්‍රශ්න නිසා හෝ වේවා අන්තිමටම වැටුනම පුද්ගලයෙක්ගේ මානසික මට්ටම ගැන. විවිධ පුද්ගලයෝ ඒ වගේ අවස්ථාවන්ට මුණ දෙන හැටි. මම මගේ ජීවිතේ උදාහරණයක් ගෙන හැර දැක්වුවේ මමත් මානසිකව වැටුණු අවස්තාවක ඒකට මුණ දුන්නු හැටි කියන්ඩ. ඔබටත් මටත් දරාගැනීමේ ශක්තිය තිබුනත්, අපිට හැම කෙනාවම ඒ මට්ටමෙන් දාල හිතන්ඩ බැහැ. පුද්ගලින්ගේ දරා ගැනීමේ ශක්තිය විවිධයි. ඒ පැත්තෙන් හිතලයි මම අදහස් දැක්වුවේ.

    ඔය විරහ වේදනාව කියන දේ ඉතාමත්ම ගැබුරුයි. සමහර අය ජීවිතේ නැති කරගන ඒ වේදනාව පිට කරගන්ඩ හදනවා, තවත් අය මිනීමරලා පලි අරගන ඒ වේදනාව පිට කරගන්ඩ හදනවා. නමුත් ප්‍රේමය කියන දේ නියමාකාරයෙන් අවබෝධ කරගත් කෙනෙක් ඔය වගේ තීරණ වලට කවදාවත් එලබෙන්නැහැ. මගේ අත්දැකීම ගත්තොත් ඇත්තටම විරහව කියන දේ මම භාරගත්තේ වේදනාවක් උනත් සුන්දර හැගීමක් විදියට. මොකද ඒ විරහව තුල මම ආදරය කරපු කෙනා ජීවත් වෙනවා. ඉතින් මම ඒ විරහව වේදනාවක් උනත් ඒ විරහවට මම ආදරය කරනවා. අපි දෙන්න ජාති, ආගම් ඔය හැම දේකින්ම වෙනස්. අනික් පැත්තෙන් අපි දෙන්න රටවල් දෙකක. නමුත් ඒ කිසිම දෙයක් අපේ ආදරයට බාධාවක් කර ගත්තේ නැහැ. නමුත් බාහිර අයට ඒක ප්‍රශ්නයක් උනා. අපි අතර උනේ ඒ ප්‍රශ්න නිසා සිදුවූ වෙන්වීමක්. ඒ වෙන්වීම තුල වසර කිහිපයක ආදරය මිය ගියේ නැහැ. අදටත් එයා මගේ හිතේ ජීවත් වෙනවා. ඒක "බුට්" එකක් උනානම් මට ඒක කොහෙත්ම බලපෑමක් කරන්නැහැ කියල මම දන්නවා. ඉතින් "බුට්" එක සහ "වෙන්වීම" කියන්නේ පැහැදිලිවම දෙකක්. ඒ වෙන්වීම තුල විරහව කියන්නේ මට වේදනාව මුසු සුන්දර හැගීමක්. ඒ වෙන්වීම මොනතරම් වේදනාවක් උනත් මම මගේ ජීවිතය කඩාවැටීමකට ලක්කරගත්තේ නැහැ. ඒ වේදනාව එහෙමම මගේ හිතේ තියෙයි. නමුත් ජීවිතේ අනික් පැති වලින් ජීවිතේට සාර්ථකව මුණ දෙන්ඩ, ජීවිතය උපරිමෙන්ම විදින්ඩ මම උත්සාහ කරනවා. සමහරවිට දෛවය අපිව නැවත මුණ ගස්සන්ඩ පුළුවන්, සමහරවිට මම සදහටම තනිකඩව ඉන්ඩ පුළුවන්. ඉරණම කොයි විදියට විසදෙයිද දන්නැහැ. විවිධ ප්‍රශ්න නිසා එකතු වෙන්ඩ බැරි උන සමහර අය තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් ජීවිත කාලය පුරා තනිකඩව ඉන්න අවස්ථා තියනවා. එතෙන්දි ඒක බොළදයි කියල අර්ථ දක්වන්ඩ මම කැමති නැහැ.

    "ප්‍රේමය" කියන වචනය බොලද දෙයක් කියල හදුන්වනවට මම විරුද්දයි. නමුත් වර්තමානය තුල ප්‍රේමය කියල බහුලවම දකින්ඩ තියෙන්නේ බොලද බව තමයි. පොඩ්ඩක් හිතන්ඩ එදා ප්‍රේමය ගැන ලියවෙච්චි "ගොළු හදවත" වගේ පොත් තුල තියන ප්‍රේමය අද ලියවෙන පොත් තුල තියනවද කියල. අද ලියවෙන ගීත තුල ඇත්තටම ප්‍රේමය ගැන කියවෙනවද කියල. ඔයත් කියනවා වගේ ඔය දේවලුත් වර්තමාන ප්‍රේමයේ බොලද බවට ලොකු බලපෑමක් කරනවා.

    මම මේ කියන දේටනම් මේකේ හැම කෙනාම විරුද්ධ වන බව මට සහතිකයි. ගැහැනියක් සහ පිරිමියෙක් අතර සැබෑ ප්‍රේමයක් තුලින් ඇතිවන සම්බන්දය (බොලද ප්‍රේමය නෙමෙයි) මනුෂ්‍ය සම්බන්දතාව වල තියන ගබුරුම සම්බන්දය විදියට හදුන්වන්ඩ මම කැමතියි. ඒක දෙමවුපිය දුදරු සම්බන්දයටත් වඩා ගැබුරු සම්බන්දයක් විදියට හදුන්වන්ඩ මම කැමතියි. පොඩ්ඩක් ගැබුරින් හිතල බලන්ඩ මම මොනාද කියන්නේ කියල.

    මම මේ වගේ කාරණා සම්බන්දයෙන් අදහස් දක්වද්දී හැමතිස්සෙම මුලිකත්වය දෙන්නේ අනික් කෙනාගේ මානසික මට්ටම ගැන හිතල මිසක්, මම මගේ මානසික මට්ටමෙන් අනික් කෙනාව සංසන්දනය කරන්ඩ කැමති නැහැ. මම මෙතෙන්දි හිතුවෙත් මේ මනුස්සය ජීවිතේ නැති කරගන්ඩ තරම් තීරණයක් ගන්ඩ ඒ මනුස්සය වැටිච්ච මානසික මට්ටම පිලිබදව. ඉතාම ශක්තිමත් විදියට ජීවත් වෙච්චි පිරිමි පවා (කාඩ්බෝර්ඩ් පිරිමි නෙමෙයි) මේ වගේ ප්‍රශ්න ඉදිරියේ ජීවිතේ නැති කර ගන්න තරම් මට්ටමට මානසිකව ඇදවැටුණු අවස්ථා මම අහල දැකල තියනව. පිරිමියෙක් කියන්නෙත් ලේ, මස්, ඇට නහර වලින් සැදුම්ලත් මනුෂ්‍යයෙක්. කොයිතරම් මානසිකව ශක්තිමත් පිරිමියෙක්ට උනත් දරා ගැනීමේ සීමාව ඉක්මවා යන අවස්ථා තියනවා. ඉතින් මම ජීවිතේ නැති කරගැනීම කොහෙත්ම අනුමත නොකලත් ඒ මනුස්සය බොලද පිරිමියෙක් විදියට (හරියට නොදැන) හදුන්වන්ඩ කැමති නැහැ. පිරිමි කියල හිතන් ඉන්න නපුංසකයෝ තමයි ප්‍රේමය කියල කෙල්ලන්ව, ගෑණුන්ව රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්ඩ උත්සහ කරන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    100%Agreed..hats off to you my bro...:D.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රේමය බොළදයි තමයි බන්. බෝලද නැති ප්‍රේමය බොලද පේමය කියලා වර්ග කරන්න බැහැ. ඕනි වැඩඩේක් ලව් කරනකොට බොළදයි. එහෙම ආදරයක් නැති උනාම එතින් ගොඩක් දුක හිතෙනවා තමයි තමයි මචං. නිකම් ජිවිතේ හිස් වගේ. ඒ කොහොම උනත් හදපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඉන්නවනේ . එතීන් ඒ මිනිස්සු වෙනුවෙන් ජිවත් වෙන්න ඕනි නේද? අම්මලා තාත්තලා සැහෙන දුක් විදලා හදලා අපි විහින් ජිවිතේ නැති කරගත්තම අපි තවදුරටත් පිරිමි විදියට ගණන ගන්න පුලුවන්ද?එක ආදරයක් නැති උනාට පහු කලෙකදී එට වඩා හොද ආදරයක් හම්බෙන්නේ පුළුවන්. අදරේ කියන්නේ ජිවිතේ කොටසක් මිසක් ජීවිතේම නෙමයි. හැමෝටම කලින් තමන් ගැන හිතන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොකෙක් හරි සිය දිවි නසා ගන්න මානසික තත්වයකට එන්න පුළුවන්. නමුත් තමන්ට ආදරය කරන අම්ම තාත්ත පවුලේ අය ගැන සත පහක හැන්ගීමක් නැතුව කොහෙවත් යන කිම්#$ හින්ද සිය දිවි නසා ගන්න උන්ට නං අපාය මිස වෙන තැනක් නැහැ.
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    සහෝ කියලා තියන එක සම්පුර්ණ ඇත්ත,මම පිලිගන්නවා,මට බොහොම හොඳ ගැහැණු ළමයෙක් හම්බවෙලා තියනවා (කරුමෙට අක්කා කෙනෙක් :rofl:),අයෙත් ජිවිතයේ කිසිම දවසක එහෙම ළමයෙක් හම්බවුනේ නැ :no:...මට වචනයෙන් කියන්න බැ එ ළමයාගේ තිබ්බ ගුණ ටික :dull::),කාලයක් ආශ්‍රය කලා,ඉට පස්සෙ එහෙම ළමයෙක් ජිවිතයට දැක්කෙ නැ,ඉට පස්සෙ දැකපු හැම ගැහැණු ළමයෙක් දිහාම බැලුවේ එ මිම්මෙන්,එත් තවම එහෙම කෙනෙක් හම්බවුනේ නම් නැ,එකෙන් හිතා ගන්න තියෙන්නෙ අද සමාජයේ යහපත් අය අඩුයි කියන එකයි.එකෙන් අදහස් වෙන්නෙ නැ මේ යහපත් ගැණු ලංකාවේ නැ කියලා එහෙම,ඉන්නවා එත් ගොඩක් ඉන්නෙ වාසියට එන්න ඉන්න අය තමා...http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    same here bro :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙමයි සහෝ, මගේ කලින් අදහස් දැක්වීම තුල ප්‍රශ්න ඉස්සරහ ජීවිතය නැති කරගැනීම මම වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරනවා වගේ හැගීමක් කියවන කෙනෙකුට එන්ඩ පුළුවන්. සමහරවිට ඔයාටත් එහෙම හිතුනද දන්නැහැ.

    මම මෙතෙන්දි කොහෙත්ම අදහස් කලේ නැහැ ප්‍රශ්න ඉදිරියේ ජීවිතය නැති කරගත්න එක සාධාරණීකරණය කරනවා කියල. මම කොහෙත්ම ජීවිතය නැති කර ගැනීම අනුමත කරන්නැහැ. බෞද්ධ ධර්මය පැත්තෙන් ගත්තොන් උනත් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්ඩ බැරි මට්ටමේ විශාල පාපයක්. මම කතා කලේ ආදරය සමබ්න්දයෙන් වේවා වෙන ප්‍රශ්න නිසා හෝ වේවා අන්තිමටම වැටුනම පුද්ගලයෙක්ගේ මානසික මට්ටම ගැන. විවිධ පුද්ගලයෝ ඒ වගේ අවස්ථාවන්ට මුණ දෙන හැටි. මම මගේ ජීවිතේ උදාහරණයක් ගෙන හැර දැක්වුවේ මමත් මානසිකව වැටුණු අවස්තාවක ඒකට මුණ දුන්නු හැටි කියන්ඩ. ඔබටත් මටත් දරාගැනීමේ ශක්තිය තිබුනත්, අපිට හැම කෙනාවම ඒ මට්ටමෙන් දාල හිතන්ඩ බැහැ. පුද්ගලින්ගේ දරා ගැනීමේ ශක්තිය විවිධයි. ඒ පැත්තෙන් හිතලයි මම අදහස් දැක්වුවේ.

    ඔය විරහ වේදනාව කියන දේ ඉතාමත්ම ගැබුරුයි. සමහර අය ජීවිතේ නැති කරගන ඒ වේදනාව පිට කරගන්ඩ හදනවා, තවත් අය මිනීමරලා පලි අරගන ඒ වේදනාව පිට කරගන්ඩ හදනවා. නමුත් ප්‍රේමය කියන දේ නියමාකාරයෙන් අවබෝධ කරගත් කෙනෙක් ඔය වගේ තීරණ වලට කවදාවත් එලබෙන්නැහැ. මගේ අත්දැකීම ගත්තොත් ඇත්තටම විරහව කියන දේ මම භාරගත්තේ වේදනාවක් උනත් සුන්දර හැගීමක් විදියට. මොකද ඒ විරහව තුල මම ආදරය කරපු කෙනා ජීවත් වෙනවා. ඉතින් මම ඒ විරහව වේදනාවක් උනත් ඒ විරහවට මම ආදරය කරනවා. අපි දෙන්න ජාති, ආගම් ඔය හැම දේකින්ම වෙනස්. අනික් පැත්තෙන් අපි දෙන්න රටවල් දෙකක. නමුත් ඒ කිසිම දෙයක් අපේ ආදරයට බාධාවක් කර ගත්තේ නැහැ. නමුත් බාහිර අයට ඒක ප්‍රශ්නයක් උනා. අපි අතර උනේ ඒ ප්‍රශ්න නිසා සිදුවූ වෙන්වීමක්. ඒ වෙන්වීම තුල වසර කිහිපයක ආදරය මිය ගියේ නැහැ. අදටත් එයා මගේ හිතේ ජීවත් වෙනවා. ඒක "බුට්" එකක් උනානම් මට ඒක කොහෙත්ම බලපෑමක් කරන්නැහැ කියල මම දන්නවා. ඉතින් "බුට්" එක සහ "වෙන්වීම" කියන්නේ පැහැදිලිවම දෙකක්. ඒ වෙන්වීම තුල විරහව කියන්නේ මට වේදනාව මුසු සුන්දර හැගීමක්. ඒ වෙන්වීම මොනතරම් වේදනාවක් උනත් මම මගේ ජීවිතය කඩාවැටීමකට ලක්කරගත්තේ නැහැ. ඒ වේදනාව එහෙමම මගේ හිතේ තියෙයි. නමුත් ජීවිතේ අනික් පැති වලින් ජීවිතේට සාර්ථකව මුණ දෙන්ඩ, ජීවිතය උපරිමෙන්ම විදින්ඩ මම උත්සාහ කරනවා. සමහරවිට දෛවය අපිව නැවත මුණ ගස්සන්ඩ පුළුවන්, සමහරවිට මම සදහටම තනිකඩව ඉන්ඩ පුළුවන්. ඉරණම කොයි විදියට විසදෙයිද දන්නැහැ. විවිධ ප්‍රශ්න නිසා එකතු වෙන්ඩ බැරි උන සමහර අය තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් ජීවිත කාලය පුරා තනිකඩව ඉන්න අවස්ථා තියනවා. එතෙන්දි ඒක බොළදයි කියල අර්ථ දක්වන්ඩ මම කැමති නැහැ.

    "ප්‍රේමය" කියන වචනය බොලද දෙයක් කියල හදුන්වනවට මම විරුද්දයි. නමුත් වර්තමානය තුල ප්‍රේමය කියල බහුලවම දකින්ඩ තියෙන්නේ බොලද බව තමයි. පොඩ්ඩක් හිතන්ඩ එදා ප්‍රේමය ගැන ලියවෙච්චි "ගොළු හදවත" වගේ පොත් තුල තියන ප්‍රේමය අද ලියවෙන පොත් තුල තියනවද කියල. අද ලියවෙන ගීත තුල ඇත්තටම ප්‍රේමය ගැන කියවෙනවද කියල. ඔයත් කියනවා වගේ ඔය දේවලුත් වර්තමාන ප්‍රේමයේ බොලද බවට ලොකු බලපෑමක් කරනවා.

    මම මේ කියන දේටනම් මේකේ හැම කෙනාම විරුද්ධ වන බව මට සහතිකයි. ගැහැනියක් සහ පිරිමියෙක් අතර සැබෑ ප්‍රේමයක් තුලින් ඇතිවන සම්බන්දය (බොලද ප්‍රේමය නෙමෙයි) මනුෂ්‍ය සම්බන්දතාව වල තියන ගබුරුම සම්බන්දය විදියට හදුන්වන්ඩ මම කැමතියි. ඒක දෙමවුපිය දුදරු සම්බන්දයටත් වඩා ගැබුරු සම්බන්දයක් විදියට හදුන්වන්ඩ මම කැමතියි. පොඩ්ඩක් ගැබුරින් හිතල බලන්ඩ මම මොනාද කියන්නේ කියල.

    මම මේ වගේ කාරණා සම්බන්දයෙන් අදහස් දක්වද්දී හැමතිස්සෙම මුලිකත්වය දෙන්නේ අනික් කෙනාගේ මානසික මට්ටම ගැන හිතල මිසක්, මම මගේ මානසික මට්ටමෙන් අනික් කෙනාව සංසන්දනය කරන්ඩ කැමති නැහැ. මම මෙතෙන්දි හිතුවෙත් මේ මනුස්සය ජීවිතේ නැති කරගන්ඩ තරම් තීරණයක් ගන්ඩ ඒ මනුස්සය වැටිච්ච මානසික මට්ටම පිලිබදව. ඉතාම ශක්තිමත් විදියට ජීවත් වෙච්චි පිරිමි පවා (කාඩ්බෝර්ඩ් පිරිමි නෙමෙයි) මේ වගේ ප්‍රශ්න ඉදිරියේ ජීවිතේ නැති කර ගන්න තරම් මට්ටමට මානසිකව ඇදවැටුණු අවස්ථා මම අහල දැකල තියනව. පිරිමියෙක් කියන්නෙත් ලේ, මස්, ඇට නහර වලින් සැදුම්ලත් මනුෂ්‍යයෙක්. කොයිතරම් මානසිකව ශක්තිමත් පිරිමියෙක්ට උනත් දරා ගැනීමේ සීමාව ඉක්මවා යන අවස්ථා තියනවා. ඉතින් මම ජීවිතේ නැති කරගැනීම කොහෙත්ම අනුමත නොකලත් ඒ මනුස්සය බොලද පිරිමියෙක් විදියට (හරියට නොදැන) හදුන්වන්ඩ කැමති නැහැ. පිරිමි කියල හිතන් ඉන්න නපුංසකයෝ තමයි ප්‍රේමය කියල කෙල්ලන්ව, ගෑණුන්ව රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්ඩ උත්සහ කරන්නේ.

    ඔය සහෝදරයා කියල තියන එක මට තෙරෙනවා,මම ඔයාව එතන වැරදියට තෙරුම් ගත්තෙ නැ,මෙහෙමයි ගැහැණුන්ට උප්පත්තියෙන්ම දරාගැනිමේ ශක්තිය පිරිමින්ට සාපේක්ෂව වැඩියෙන් ලැබිලා තියනවා,එහෙම ලැබෙන්න එ අයගේ පැවත්මට,එහෙම ගැහැණුන්ට හම්බවෙලා නොතිබ්බා නම් පිරිමින්ට වඩා සියදිවි හානි කරගන්නෙ ගැණු,එක කොයි හැටි වෙතත් මමත් හැම විටම කතා කරන්නෙ මගේ මානසික මට්ටම මුල් කරගන නෙමෙයි,එක මගේ සමහරක් අදහස් දැක්කොත් කාටත් වැටහෙයි,එ වුනාට මෙතනදි මම මොන අවස්ථාවෙදි වත් මේ ආත්මඝාතනය අනුමත කරන්නෙ නැ,ඔයත් අනුමත නොකරන බව මම දන්නවා,මිනිසත් භවයක් කියන්නෙ සෙල්ලං නෙමෙයි,එක මේ සිනි බොල කෙස් වලට මානසික තත්වය කඩාගන මැරෙනවා කියන්නෙ විහිළුවක්,මට දුක එ මනුස්සයාට අයෙත් මනුස්ස භවයක් ලැබෙයිද කියන එකයි,මිනිස්සු දැන් ඉන්නෙ බොහොම පහල මානසික තත්ව වල එකට ඔයා කියලා තියනවා වගේ,අද තියන මේ සෙවල සිංදු වගේම ,සාහිත්‍යත් බලපානවා,24 පැයේ බණ අහන රටක තත්වය මෙයයි,...මෙහෙම වෙන්නෙ ඔනවාට වඩා දෙවල් මත ඇලිලා ඉන්නකොටයි,ආදරය කියන එකට ගොඩක් ප්‍රභෙද තියනවා,එකෙන් උසස් ම එක තමා මෛත්‍රිය කියන්නෙ,මෛත්‍රියෙදි කිසි දෙයක් නැවත බලාපොරොත්තුවක් නැ එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Unconditional Love - එක පෙම්වතියෙක් ගෙන් දකින්න ලැබෙන්න නැ,එහෙම දකින්න ලැබුනොත් එක බොහොම බොහොම බොහොමම කලාතුරකින් (පතා ගනම එන කෙස් එකක් වෙන්න ඔන) ඔය මෛත්‍රිය කියන ආදර ප්‍රභෙදය දකින්න ලැබෙන්නෙ අම්මා ගෙන් විතරයි,වැදු අම්මා තරම් තමුන්ට ගැඹුරට ආදරය ( මෛත්‍රිය) කරන්න ලොවේ කිසි ගැහැනියක් සමත් වෙන්නෙ නැ,මම ජිවිතය කුමන හෝ දෙයකට දෙනවා නම් දෙන්න අම්මාට විතරයි.

    NB:
    ලොකයේ වැදු දරුවා මරාගන කන අම්මලත් නැත්තෙ නැ,එහෙම වෙන්නෙ නම් එහෙම කරන ගැහැනියට තියන මානසික අබාධයකින් විනා වෙන දෙයකින් නම් නෙමෙයි....

    බුදුන් වහන්සේ පවා කරණිය මෙත්ත සුත්‍රයේ ලොවේ සිටින සත්වයන්ට මෙත් වඩන්න කිව්වේ අම්මා කෙනෙක් තම එකම පුතුට ආදරය කරනවා වගේ.....ඉතින් කොහෙද ඉට වඩා ගැඹුරු එකක්...

    "මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්ත මනුරක්ඛෙ ඒවම්පි සබ්බභූතේසු මාන සංභාවයේ අපරිමානං"

    මවක් තම එකම පුතු දිවි පුදා ආරක්ෂා කරන්නා ක් මෙන්, සියලු සත්ත්වයන් කෙරෙහි අපරිමානව (අසීමිතව ) මෛත්‍රී සිත් වැඩිය යුතුය.