මෙහෙමයි සහෝ, මගේ කලින් අදහස් දැක්වීම තුල ප්‍රශ්න ඉස්සරහ ජීවිතය නැති කරගැනීම මම වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරනවා වගේ හැගීමක් කියවන කෙනෙකුට එන්ඩ පුළුවන්. සමහරවිට ඔයාටත් එහෙම හිතුනද දන්නැහැ.
මම මෙතෙන්දි කොහෙත්ම අදහස් කලේ නැහැ ප්‍රශ්න ඉදිරියේ ජීවිතය නැති කරගත්න එක සාධාරණීකරණය කරනවා කියල. මම කොහෙත්ම ජීවිතය නැති කර ගැනීම අනුමත කරන්නැහැ. බෞද්ධ ධර්මය පැත්තෙන් ගත්තොන් උනත් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්ඩ බැරි මට්ටමේ විශාල පාපයක්. මම කතා කලේ ආදරය සමබ්න්දයෙන් වේවා වෙන ප්‍රශ්න නිසා හෝ වේවා අන්තිමටම වැටුනම පුද්ගලයෙක්ගේ මානසික මට්ටම ගැන. විවිධ පුද්ගලයෝ ඒ වගේ අවස්ථාවන්ට මුණ දෙන හැටි. මම මගේ ජීවිතේ උදාහරණයක් ගෙන හැර දැක්වුවේ මමත් මානසිකව වැටුණු අවස්තාවක ඒකට මුණ දුන්නු හැටි කියන්ඩ. ඔබටත් මටත් දරාගැනීමේ ශක්තිය තිබුනත්, අපිට හැම කෙනාවම ඒ මට්ටමෙන් දාල හිතන්ඩ බැහැ. පුද්ගලින්ගේ දරා ගැනීමේ ශක්තිය විවිධයි. ඒ පැත්තෙන් හිතලයි මම අදහස් දැක්වුවේ.
ඔය විරහ වේදනාව කියන දේ ඉතාමත්ම ගැබුරුයි. සමහර අය ජීවිතේ නැති කරගන ඒ වේදනාව පිට කරගන්ඩ හදනවා, තවත් අය මිනීමරලා පලි අරගන ඒ වේදනාව පිට කරගන්ඩ හදනවා. නමුත් ප්‍රේමය කියන දේ නියමාකාරයෙන් අවබෝධ කරගත් කෙනෙක් ඔය වගේ තීරණ වලට කවදාවත් එලබෙන්නැහැ. මගේ අත්දැකීම ගත්තොත් ඇත්තටම විරහව කියන දේ මම භාරගත්තේ වේදනාවක් උනත් සුන්දර හැගීමක් විදියට. මොකද ඒ විරහව තුල මම ආදරය කරපු කෙනා ජීවත් වෙනවා. ඉතින් මම ඒ විරහව වේදනාවක් උනත් ඒ විරහවට මම ආදරය කරනවා. අපි දෙන්න ජාති, ආගම් ඔය හැම දේකින්ම වෙනස්. අනික් පැත්තෙන් අපි දෙන්න රටවල් දෙකක. නමුත් ඒ කිසිම දෙයක් අපේ ආදරයට බාධාවක් කර ගත්තේ නැහැ. නමුත් බාහිර අයට ඒක ප්‍රශ්නයක් උනා. අපි අතර උනේ ඒ ප්‍රශ්න නිසා සිදුවූ වෙන්වීමක්. ඒ වෙන්වීම තුල වසර කිහිපයක ආදරය මිය ගියේ නැහැ. අදටත් එයා මගේ හිතේ ජීවත් වෙනවා. ඒක "බුට්" එකක් උනානම් මට ඒක කොහෙත්ම බලපෑමක් කරන්නැහැ කියල මම දන්නවා. ඉතින් "බුට්" එක සහ "වෙන්වීම" කියන්නේ පැහැදිලිවම දෙකක්. ඒ වෙන්වීම තුල විරහව කියන්නේ මට වේදනාව මුසු සුන්දර හැගීමක්. ඒ වෙන්වීම මොනතරම් වේදනාවක් උනත් මම මගේ ජීවිතය කඩාවැටීමකට ලක්කරගත්තේ නැහැ. ඒ වේදනාව එහෙමම මගේ හිතේ තියෙයි. නමුත් ජීවිතේ අනික් පැති වලින් ජීවිතේට සාර්ථකව මුණ දෙන්ඩ, ජීවිතය උපරිමෙන්ම විදින්ඩ මම උත්සාහ කරනවා. සමහරවිට දෛවය අපිව නැවත මුණ ගස්සන්ඩ පුළුවන්, සමහරවිට මම සදහටම තනිකඩව ඉන්ඩ පුළුවන්. ඉරණම කොයි විදියට විසදෙයිද දන්නැහැ. විවිධ ප්‍රශ්න නිසා එකතු වෙන්ඩ බැරි උන සමහර අය තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් ජීවිත කාලය පුරා තනිකඩව ඉන්න අවස්ථා තියනවා. එතෙන්දි ඒක බොළදයි කියල අර්ථ දක්වන්ඩ මම කැමති නැහැ.
"ප්‍රේමය" කියන වචනය බොලද දෙයක් කියල හදුන්වනවට මම විරුද්දයි. නමුත් වර්තමානය තුල ප්‍රේමය කියල බහුලවම දකින්ඩ තියෙන්නේ බොලද බව තමයි. පොඩ්ඩක් හිතන්ඩ එදා ප්‍රේමය ගැන ලියවෙච්චි "ගොළු හදවත" වගේ පොත් තුල තියන ප්‍රේමය අද ලියවෙන පොත් තුල තියනවද කියල. අද ලියවෙන ගීත තුල ඇත්තටම ප්‍රේමය ගැන කියවෙනවද කියල. ඔයත් කියනවා වගේ ඔය දේවලුත් වර්තමාන ප්‍රේමයේ බොලද බවට ලොකු බලපෑමක් කරනවා.
මම මේ කියන දේටනම් මේකේ හැම කෙනාම විරුද්ධ වන බව මට සහතිකයි. ගැහැනියක් සහ පිරිමියෙක් අතර සැබෑ ප්‍රේමයක් තුලින් ඇතිවන සම්බන්දය (බොලද ප්‍රේමය නෙමෙයි) මනුෂ්‍ය සම්බන්දතාව වල තියන ගබුරුම සම්බන්දය විදියට හදුන්වන්ඩ මම කැමතියි. ඒක දෙමවුපිය දුදරු සම්බන්දයටත් වඩා ගැබුරු සම්බන්දයක් විදියට හදුන්වන්ඩ මම කැමතියි. පොඩ්ඩක් ගැබුරින් හිතල බලන්ඩ මම මොනාද කියන්නේ කියල.
මම මේ වගේ කාරණා සම්බන්දයෙන් අදහස් දක්වද්දී හැමතිස්සෙම මුලිකත්වය දෙන්නේ අනික් කෙනාගේ මානසික මට්ටම ගැන හිතල මිසක්, මම මගේ මානසික මට්ටමෙන් අනික් කෙනාව සංසන්දනය කරන්ඩ කැමති නැහැ. මම මෙතෙන්දි හිතුවෙත් මේ මනුස්සය ජීවිතේ නැති කරගන්ඩ තරම් තීරණයක් ගන්ඩ ඒ මනුස්සය වැටිච්ච මානසික මට්ටම පිලිබදව. ඉතාම ශක්තිමත් විදියට ජීවත් වෙච්චි පිරිමි පවා (කාඩ්බෝර්ඩ් පිරිමි නෙමෙයි) මේ වගේ ප්‍රශ්න ඉදිරියේ ජීවිතේ නැති කර ගන්න තරම් මට්ටමට මානසිකව ඇදවැටුණු අවස්ථා මම අහල දැකල තියනව. පිරිමියෙක් කියන්නෙත් ලේ, මස්, ඇට නහර වලින් සැදුම්ලත් මනුෂ්‍යයෙක්. කොයිතරම් මානසිකව ශක්තිමත් පිරිමියෙක්ට උනත් දරා ගැනීමේ සීමාව ඉක්මවා යන අවස්ථා තියනවා. ඉතින් මම ජීවිතේ නැති කරගැනීම කොහෙත්ම අනුමත නොකලත් ඒ මනුස්සය බොලද පිරිමියෙක් විදියට (හරියට නොදැන) හදුන්වන්ඩ කැමති නැහැ. පිරිමි කියල හිතන් ඉන්න නපුංසකයෝ තමයි ප්‍රේමය කියල කෙල්ලන්ව, ගෑණුන්ව රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්ඩ උත්සහ කරන්නේ.