මෙහෙමත් හොරු

DragonSlayer

Member
Jun 22, 2015
114
18
0
33
Alexandria, USA
අද මාර සීන් කෝන් එකක් උනානේ.. අද දවල් මම පිටරටවලින් චොකලට් එහෙම ගෙන්නලා විකුණන කඩේකට ගොඩ උනා චොකලට් එකක් ගන්න. ඔන්න මම තෝර තෝර ඉන්නකොට මගේ ඉස්සරහා හිටපු එක චොකලට් දෙකක් බෑග් එකට දාගත්තා. මටත් කඩයක් තියෙන නිසා මම දන්නවා අපි කොයි තරම් මහන්සි වෙනවද සුලු ලාභයක් ගන්න.ඊටත් වඩා මට ඔය හොරකම් පෙන්නන්න බැහැ. මම මේක මුදලාලිට කිව්වා අතන ඉන්න කෙනා බඩු හොරකම් කරනවා වගේ පොඩ්ඩක් බලන්න කියලා.

මුදලාලි පැත්තකට ගිහින් කඩේ එලියට යන තැන කොල්ලෝ දෙන්නෙක් දැම්මා. දැන් අපි ෂේප් එකේ බලන් ඉන්නවා සීන් එක. ඔන්න දැන් පොර බඩු තෝරලා අන්තිමේ රුපියල් 50 වගේ චොකලට් දෙකක් සල්ලි දීලා ගත්තා.

ඊට පස්සේ පොර යන්න පිටත් වෙනකොට මුදලාලි කිව්වා අර කඩේ දොර ලඟ හිටපු දෙන්නට මුගේ බෑග් එක චෙක් කරන්න කියලා. අර කොල්ලෝ දෙන්නා බෑග් එක ඇරලා පෙන්නන්න කිව්වම පොර කිසි ගේමක් නැතුව ඇරලා පෙන්නුවා එක පොකට් එකක්. දැන් අනිත් එක පෙන්නන්න කිව්වම මූ ගේම ඉල්ලන්න ගත්තා පස්සේ මුදලාලිත් වැඩේට බැහැලා බලෙන්ම බෑග් එක අරින්න කිව්වා.

පොකට් එක ඇරියා විතරයි මුදලාලි අරූට කන රත් වෙන්න එකක් දුන්නා. විස්වාස කරපං රුපියල් 10,850 ක චොකලට් මූ බෑග් එකට දාගෙන.:rofl::P පට්ට ගේම් කාරයෙක්. ඊළඟට අරූට ඇති වෙන්න පෝරියල් එක දීලා ඔක්කොම චොකලට් සල්ලි දීලා ගන්න කිව්වා. අන්තිමේදී මූ අර ඔක්කෝම සල්ලි වලට ගත්තට පස්සේ පොලිසියට බාර දුන්නා. :P

ඉතින් කඩේට ආපු මිනිස්සු පුල් හොල්මන්. හතර වටේ කැමරා හයි කරලා තිබ්බේ මූ ඒවටත් අහු නොවෙන්න ගේම දීලා.

මුදලාලි මට සෑහෙන්න ස්තූති කරලා මට මෙන්න මේ ටික දුන්නා. මම සල්ලි දුන්නේ මාර්ස් චොකලට් එකට විතරයි..
VOn3gIv.png


http://oi65.tinypic.com/s2thkx.jpg

කවදාවත් හොරකම් කරන්න එපා මචංලා ඒක යා දෙන්නේ නෑ. අද ඌව අහු නොවුනත් ඌට වගතුවක් වෙන්නේ නෑ මහන්සි වෙලා උපයන දේ හොරකම් කලාම.:love:
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් චොකලට් ටික සල්ලි දීල ගත්ත හින්ද හොරකමක් වෙලා නෑ කියල මූ නිදහස් වෙයිද දන්නේ නෑ :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් චොකලට් ටික සල්ලි දීල ගත්ත හින්ද හොරකමක් වෙලා නෑ කියල මූ නිදහස් වෙයිද දන්නේ නෑ :baffled:
    hammo ow...

    mahendran mahatha gana saddayak wath neane. e wage :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌ අල්ලලා දුන්නා කියලා මම උඹට චොකලට් දුන්නේ නෑනේ
    උඹ ඌට මුවා වෙලා මගෙ චොකලට් ටිකකට ගේම දුන්නා නේද?
    වරෙන්කෝ ආපහු කඩේ පැත්තේ?
    :lol::lol: