මෙහෙම ජනාදිපති කෙනෙක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙහෙම ජනාදිපති කෙනෙක්

    මෙහෙම ජනාදිපති කෙනෙක් හම්බෙන්න අපිට පිනක් තියෙයිද ? :( :shocked:
    ?
    ?
    ?
    ?
    ?
    සාමාන්‍ය ජිවිතයක් ගෙවන රටේ පුරවැසියන් ගැන හිතන කෙනෙක්

    ඔයාලත් දන්න මෙහෙම නායකයන් ගැන මේ නුලේ දාන්න මේ ගැන සමාජ මතයක් හදමු

    කරුණාකර පක්ෂ දේශපාලනය හා පුද්ගල දේශපාලනය මෙතනට ගාව ගන්න එපා කොයි පක්ෂේ උනත් කව්රු ආවත් මෙහෙම කෙනෙකුයි එන්න ඕනේ :) :)

    1385193_713098875370897_1137382458_n.jpg


    tumblr_mdttbgkuI91rjq1quo1_500.jpg


    images


    images


    2013-05-13


    David-Cameron-family-Davi-001.jpg


    420_tony-abbott-420x0.jpg


    7453-1_n.jpg


    putin_1704349a.jpg


    166287216.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහත්මා දේශපාලනය කරන මිනිස්සු.. මැරෙනකොට සැනසිල්ලෙ මැරෙන්න පුළුවන්.. මෙහේ ඉන්නෙ හොර වේස බල්ලොනේ.. මුන්ට යන්න තැනකුත් නෑ මලාට පස්සෙ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහත්මා දේශපාලනය කරන මිනිස්සු.. මැරෙනකොට සැනසිල්ලෙ මැරෙන්න පුළුවන්.. මෙහේ ඉන්නෙ හොර වේස බල්ලොනේ.. මුන්ට යන්න තැනකුත් නෑ මලාට පස්සෙ..

    :)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහත්මා දේශපාලනය කරන මිනිස්සු.. මැරෙනකොට සැනසිල්ලෙ මැරෙන්න පුළුවන්.. මෙහේ ඉන්නෙ හොර වේස බල්ලොනේ.. මුන්ට යන්න තැනකුත් නෑ මලාට පස්සෙ..

    මැරෙන්න කලින් කරපුවට හොදට විදවල මැරෙන්නේ. දැක්කනේ මහින්ද අබේසුන්දරට වෙලා තියෙන දේ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහත්මා දේශපාලනය කරන මිනිස්සු.. මැරෙනකොට සැනසිල්ලෙ මැරෙන්න පුළුවන්.. මෙහේ ඉන්නෙ හොර වේස බල්ලොනේ.. මුන්ට යන්න තැනකුත් නෑ මලාට පස්සෙ..

    :lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මැරෙන්න කලින් කරපුවට හොදට විදවල මැරෙන්නේ. දැක්කනේ මහින්ද අබේසුන්දරට වෙලා තියෙන දේ.

    මොකද්ද මහින්ද අබේසුන්දරයට වෙලා තියෙන්නේ ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැරෙන්න කලින් කරපුවට හොදට විදවල මැරෙන්නේ. දැක්කනේ මහින්ද අබේසුන්දරට වෙලා තියෙන දේ.
    අනිවා බං.. මහින්ද අබේසුන්දර නම් මට පේන්න බැරි හුටස්පාලුවෙක්..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මු නම් අනේමන්දා !!!

    putin_1704349a.jpg

    ඇයි බන් මු වැටිලා තිබ්බ රුසියාව නැගිට්ටවලා ගත්තේ ඇමරිකන් ආණ්ඩුව හිතන් හිටියේ සෝවියට් දේශය කැඩුවම රුසියාව උන්ගේ කකුල් ලග වැටිලා ඉදි කියලා එතකොට උන්ට ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන්නේ

    හැබැයි මම putinව දැම්මේ උගේ සාමාන්‍ය ජිවිතේ ගැන හිතලා බලපන්කො අපේ එවුන් වගේ ආරක්ෂකයෝ පිරිවරාගෙන හෙන මහන්තත්වෙන් ඉන්නවද කියලා රුසියාවේ හැටියට මුට කොහොම ඉන්න පුලුවන්ද නිකන් හිතපන් අපේ නායකයෙක්ට මුට වගේ powers තිබ්බා නම් කොහොම ඉදියිද ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මු නම් අනේමන්දා !!!

    putin_1704349a.jpg
    මගුල් කියන්න එපා බන්. බෝරිස් රට බංකොලොත් කරලා රෂියන් ෆෙඩරේෂන් එක කෑලි කෑලිවලට කැඩිලා යන්න ඔන්න මෙන්න තිබ්බෙ. අහින්සක මිනිස්සුන්ට විශ්‍රාම වැටුප් ටිකවත් ගෙවාගන්න බැරුවයි තිබ්බෙ. පහුගිය කාලේ සම්බාධක නිසා රූබලේ වැටෙනකන් රටේ ආර්ථිකය ඉහළට ගෙනියන්න එතුමාට පුළුවන් වුණා.
    ඇයි බන් මු වැටිලා තිබ්බ රුසියාව නැගිට්ටවලා ගත්තේ ඇමරිකන් ආණ්ඩුව හිතන් හිටියේ සෝවියට් දේශය කැඩුවම රුසියාව උන්ගේ කකුල් ලග වැටිලා ඉදි කියලා එතකොට උන්ට ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන්නේ

    හැබැයි මම putinව දැම්මේ උගේ සාමාන්‍ය ජිවිතේ ගැන හිතලා බලපන්කො අපේ එවුන් වගේ ආරක්ෂකයෝ පිරිවරාගෙන හෙන මහන්තත්වෙන් ඉන්නවද කියලා රුසියාවේ හැටියට මුට කොහොම ඉන්න පුලුවන්ද නිකන් හිතපන් අපේ නායකයෙක්ට මුට වගේ powers තිබ්බා නම් කොහොම ඉදියිද ?
    :)
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මන් හිතන්නේ අපිටත් ලගින් වගේ යන කෙනෙක් වගේ හදන්නේ (මන් කිව්වේ අපේක්ෂකත්වයට එන්න හදන්නේ)

    මේවා කියවල බලන්න


    "පාසිකුඩා සිද්ධියේදී ඇමැති
    මෛත්‍රි කිසිම බලපෑමක්‌ කළේ නෑ
    රජය අපහසුතාවට පත් කිරීමට ඇතැමුන් වැරැදි චිත්‍ර මවා පානවා

    ඩී.අයි.ජී. ලතීෆ් සම්බන්ධ සිද්ධියේ දේශපාලන පසුබිමක්‌ නෑ
    - ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියයි

    පොලිසියේ රාජකාරියට හා එහි ඉහළ නිලයන්ට රජය අනිසි බලපෑම් කරන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් වැරැදි අසත්‍ය රූපයක්‌ ලෝකය ඉදිරියේ මැවීමට ඇතැමුන් පහත් උත්සාහයක නිරත වන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතා හා ඔහුගේ මිතුරන් පිරිසක්‌ සහ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුතා අතර පාසිකුඩා වෙරළේදී පසුගිය සෙනසුරාදා ඇති වූ සිද්ධියේදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියේ රාජකාරි කටයුතුවලට කිසිදු බලපෑමක්‌ නොකළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා zදිවයිනZ ට ඊයේ (26 දා) පැවසීය.

    අමාත්‍යවරයා අඩුතරමින් එම සිද්ධිය වූ මොහොතේම තමා හෝ දැනුවත් කිරීමට ක්‍රියා නොකිරීමෙන් අමාත්‍යවරයකු වුවත් ඒ මහතා තුළ තිබෙන නිහතමානිකම අගය කළ යුතු බවද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

    පාසිකුඩා වෙරළේදී සිද්ධිය සවස සිදුවී ඇතත් තමා රාත්‍රි 10.30 ට පමණ එය දැනගත්තේ හමුදාවේ බුද්ධි අංශයෙන් තම දුරකථනයට ලද එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් බව සඳහන් කරන රාජපක්‍ෂ මහතා සිද්ධිය ගැන පොලිස්‌පතිතුමාගෙන් තමා විමසූ අවස්‌ථාවේ දෙපිරිස අතර සුළු සිද්ධියක්‌ සිදුවී සමථයකින් විස¹ ගැනීමට කටයුතු කෙරෙමින් තිබෙන බව දැනගත් බවද කීය.

    පසුව රාත්‍රී 11.00 ට පමණ අමාත්‍යවරයා මේ පිළිබඳ තමා දැනුවත් කළ බව පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ වනවිට පොලිසිය තුළ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේම පාලනයට යටත් වාලච්ෙච්න රෝහල තුළ ඇමැතිවරයා පැය 6 කට අධික කාලයක්‌ ගත කර මේ සිද්ධියට අදාළ පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධාවක්‌ නොවන ලෙස ක්‍රියා කර තිබෙන බව ද කීය. මෙම ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවට දීර්ඝ කාලයක්‌ ඊට ගත කර තිබෙන බව පෙනී යන්නේ යෑයිද කෙසේ වෙතත් පැය 10 කට අධික කාලයකට පසු පොලිසිය නීතියටම අනුව කටයුතු කරමින් අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පිරිස පොලිස්‌ ඇප මත මුදා හැර ඇති බවද කීය.

    පොලිසියේම ඉහළ නිලධාරියකු මේ සිද්ධියේ එක්‌ පාර්ශ්වයකට සම්බන්ධ නිසා එම සිද්ධියට යම් බලපෑමක්‌ කිසියම් ලෙසකින් එල්ල වෙතැයි සැකයෙන් අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එදින රාත්‍රි 11.30 ට පමණ තමා දැනුවත් කළ පසු ඒ පිළිබඳ කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරිවරයා දැනුවත් කිරීමට තමා ක්‍රියා කළ බව ද ආරක්‍ෂක ලේකම්වරයා කීය.

    නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතා ගේ ප්‍රශ්න කිරීමට ලක්‌ව ඇති අමාත්‍යවරයාගේ පුතාගේ පාර්ශ්වයෙන් කිසියම් ඡායාරූප ගත කිරීමක්‌ සිදුවූවේ දැයි පිරික්‌සීමේදී එවැන්නක්‌ ඡායාරූප ගත කිරීමක්‌ ඔවුන් අතින් සිදුව නැති බව ද හෙළි වී තිබේ. එහෙත් දෙපිරිස අතර වූ ඒ උණුසුම් වචන හුවමාරුව නිසා උද්ගත වූ ප්‍රශ්නය පොලිසියේදී මෙතරම් දුරදිග නොයා විස¹ගත හැකිව තිබූ බව ද හෙතෙම කීය.

    පොලිසිය නීතිප්‍රකාරව අමාත්‍යවරයාගේ පුතා ඇතුළු මිතුරන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගන්නා තෙක්‌ අමාත්‍යවරයා පැය ගණනක්‌ රෝහලේ සහ පොලිසියේ ගත කර නිහතමානීව ක්‍රියා කර තිබෙන බවත් පොලිසියේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමාට හෝ පොලිස්‌පතිවරයාට හෝ මීට පෙර වතාවල හෝ කිසිදු බලපෑමක්‌ කර නැති බවද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය."


    "ජනතා විමුක්‌ති පෙරමුණ 2004 අප්‍රේල් 05 වැනිදා ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ලි�තව ඉල්ලීමක්‌ කළා. ලක්‍ෂ්මන් කදිරගාමර් හෝ අනුර බණ්‌ඩාරනායක හෝ මෛත්‍රිපාල සිරිසේනව රටේ අගමැති කරන්න කියලා. ඒත් මගේ අපේක්‍ෂාව වුණේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමයි. මම ජනාධිපතිනියට කිව්වා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කළ යුතුමයි කියලා. අගමැති වීමේ සිහිනයක්‌ මට තිබුණේ නෑ. අනුර බණ්‌ඩාරනායකගේ, ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ සහ මගේ නම අගමැතිකමට යෝජනා කරද්දිත් මම මගේ නම ප්‍රතික්‍ෂේප කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කළ නිසා අද ඔහු ජනාධිපති වී තිස්‌ වසරක යුද්ධය නිමාකරලා රට තුළ මහා පෙරළියක්‌ කරන්න සමත් වුණා. එනිසා ඔහුගේ නායකත්වය සහ ආණ්‌ඩුව රැකගැනීම අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කීර්තිමත් යුග පුරුෂයෙක්‌. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ඔහු දුන් නායකත්වය අපිට කිසි දවසක අමතක කරන්න බෑ.

    අගමැති ධුරයක්‌ සම්බන්ධව යම් යම් මාධ්‍යවල තියෙන ප්‍රකාශ මා අප්‍රසාදයට පත්කිරීම සඳහා සිදුකරන්නක්‌. මම ඒ පුවත්පත් වාර්තා පිළිබඳ අවංකවම කනගාටු වෙනවා. මාධ්‍ය කියන්නේ ඉතා උතුම් සේවයක්‌. අද ලෝකය පාලනය කරන්නේ දේශපාලකයන් නොවේ... මාධ්‍ය. ලෝකයේ ඕනෑම නායකයෙක්‌, ඕනෑම ආණ්‌ඩුවක්‌ හදන්න, විනාශ කරන්න තරම් මාධ්‍ය ප්‍රබලයි.

    පාසිකුඩා සිද්ධිය මුල්කරගෙන මා අප්‍රසාදයට පත් කරන්න මාධ්‍ය ගෙනයන ව්‍යාපාරය ගැන මට මාධ්‍යවේදීන්ගෙන් ඉතාම ගෞරවයෙන් සහ සෙනෙහෙබරව අහන්න තියෙන්නේ. මේ මගින් බලාපොරොත්තු වන අවසන් ප්‍රතිඵලය මොකක්‌ද කියලා.

    මහත්මා ගාන්ධි, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඒබ්‍රහම් ලින්කන්, මාටින් ලුතර් කිං වැනි අයව ඝාතනය කළේ වෙඩි තියලා. ඒත් අද මාධ්‍යවල තිබෙන තාක්‍ෂණික දියුණුව එදා තිබුණානම් කිසිම කෙනෙක්‌ ඒ හතර දෙනාට වෙඩි තියන්නේ නෑ. මාධ්‍ය විසින්ම මරා දමනවා. අපි වගේ අය ඒ අයට සමාන නෑ. මිනිහෙක්‌ විනාශ කළ හැකියි. ඒත් පරාජය කරන්න බෑ කියලා අර්නස්‌ට්‌ හෙමිං වේ කියා තිබෙනවා. මේ විදිහට ඇමැතිවරයකුට ගහලා, ආණ්‌ඩුව දුර්වල කරලා ගොඩගන්න හදන්නේ යූ. එන්. පී යද... යූන්පීය කියන්නේ මොකක්‌ද කියලා අපි දන්නවා. ඔවුන් රට පාවා දුන් හැටි අපි දන්නවා. ආණ්‌ඩුව දුර්වල කරලා කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන එන්නද?

    මගේ දරුවා ප්‍රචණ්‌ඩකාරී, මැරවරයෙක්‌ ලෙස මාධ්‍ය විසින් හැඳින්වූවා. මුහුදු වෙරළේ තරුණ පිරිසක්‌ ගහගත්තා. රටට පෙන්වන්නේ එක පුද්ගලයෙක්‌ හෝ පිරිසක්‌ තවත් කෙනෙකුට පහර දුන්නා කියලා. නියෝජ්‍ය පොලිස්‌පතිගේ පුතා පාසිකුඩා වෙරළේ භාවනානුයෝගීව සිටියදී මේ පිරිස පහර දුන්නා කියලා පෙන්වන්නයි හදන්නේ.

    මාධ්‍යයෙන් ගහලා ගහලා මාව විනාශ කරන්න බැරි වුණොත් මගේ ජීවිතය නැති කරන බව මම දන්නවා. මීට දින කීපයකට කලින් මගේ ගෙදරට දුරකථන ඇමතුමක්‌ දීලා දරුවන්ටත් බිරිඳටත් තර්ජනය කර තිබුණ උඹලගේ තාත්තාට ගේ ඉස්‌සරහා වෙඩි තියලා මරලා දානවා කියලා.

    සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මට ඓතිහාසික වෙනස්‌කම් කිහිපයක්‌ කරන්න පුළුවන් වුණා. ඖෂධ ප්‍රතිපත්තිය යළි සකස්‌ කරනවා. මහා විශාල ඖෂධ ජාවාරම් නැති කරන්න අලුත් ටෙන්ඩර් ක්‍රමයක්‌ ලබන මාසයේ ඉඳලා ආරම්භ කරනවා. එම නිසා මට දැනෙනවා මාව විනාශ කිරීමේ අවශ්‍යතාවක්‌ ඇතැමුන්ට ඇති බව. මගේ ජීවිතය තියෙන්නේ අනතුරක.

    මේ පාසිකුඩා සිද්ධිය මට ආරංචි වුණා. දරුවන් ඉන්නේ කල්කුඩා පොලිසියේ බව දැනගත්තා. මේ සිද්ධියට අදාළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට මම කතා කරලා ඇහුවා. ප්‍රශ්නයක්‌ වී තිබෙනවා. "පුතාට තුවාලයි. මඩකලපු රෝහලට රැගෙන යන බව ඔහු කිව්වා. මමත් මඩකලපුව රෝහලට ගියා. නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ දරුවා ඇඳේ සිටියා. මම ඔහු අසලට ගියා.

    අවශ්‍ය ප්‍රතිකාර කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියා. මගේ දරුවාගේ අතේ වරදක්‌ තියෙනවා නම් ඕනෑම නීතියක්‌ ක්‍රියාත්මක කරන්න" කියා මම නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පැවසුවා. ඒ දරුවාගේ උරහිසේ පැරැණි තුවාල කැලලක්‌ තිබුණා. ඒ මොනවා වෙලාද කියා ඇහුවා. මීට කලින් කළ ශල්‍යකර්මයක කැළලක්‌ බවත් මේ ආරවුලේදී ඒ ශල්‍යකර්මයටත් බලපෑමක්‌ වී ඇතිද කියාත් පරීක්‍ෂා කරන බවත් දරුවා කොළඹ රැගෙන යන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවැසුවා. ගිලන් රථයක්‌ අවශ්‍ය නම් කොළඹින් ගෙන්වා දෙන්නම්. නැත්නම් මගේ වාහනයේ යා හැකි බව මම ඔහුට පැවැසුවා. ඔවුන් වාහනයක්‌ ගෙන්වාගත් බව කිව්වා.

    අංකල් මගේ කිසිම ප්‍රශ්නයක්‌ නෑ. කිසිම කෙනෙක්‌ එක්‌ක තරහක්‌ නෑ..." කියලා ඒ දරුවා කිව්වා. ඉන් පසුව තමයි මම මගේ දරුවා බලන්න කල්කුඩා පොලිසියට ආවේ. මම ඇමැතිවරයෙක්‌. පක්‍ෂයක ලේකම්වරයෙක්‌ වුණත් පැය අටක්‌ පොලිසියේ බංකුවක්‌ උඩට වෙලා හිටියා. ඒත් මෙවැනි අවස්‌ථාවක බලය ඇති සමහරුනම් කරන්නේ තමන්ගේ දරුවා බලහත්කාරයෙන් වාහනයේ දමාගෙන පොලිස්‌ නිලධාරීන්ටත් පරුෂ වචන කියලා එන එකයි. ඒත් මම කිසිම බලපෑමක්‌ කළේ නෑ. මම පොලිසියෙන් ආවේ පාන්දර දෙකට විතර."
     
    Last edited: