මෙහෙම දෙයක් කිව්වොත්... අලුත්ම සීන් එකක්..

chathu4742

Well-known member
  • මෙහෙම දෙයක් කිව්වොත්... අලුත්ම සීන් එකක්..

    නවත්තන්න එපා මචන්. දිගටම කියවන්න.
    මේක හැම කෙල්ලෙක්ටමත් කොල්ලෙක්ටමත් අදාලයි. (මම මචන් කියල තිබ්බෙ අවුලක් ගන්න එපා. :))

    කට්ටිය මට බනින්න ඕන නම් බැන්පල්ලා. එත් ඉස්සෙල්ලා ඔක්කොම කියවලා හිටපල්ලා.


    මචන්ලා,
    කස්ටිය නෙට් එකේ රවුම් ගහනකොට එක එක දෙවල් වලට අදෙනවා. මම ඉතින් අලුතින් කියන්න දෙයක් නැ නෙ නේ ද. ගොඩක් වෙලාවට එහෙම වෙන එක ලොකු වදයක්. මානසිකව වගේම සමාජීය වශයෙනුත්.
    ( ගොඩක් එව්න් මට බනී මුට මඤ්ඤං කියල එත් කමක් නැ.)
    ගොඩක් අයගෙ පවුල් ජීවිත වගෙම ඒ අයගෙ සම්බන්ධතා පවා මෙවා නිසා නැතිවෙනවා. කොටින්ම කියනවා නම් තමන් තමන්ටත් වැඩක් නැති , අනුන්ටත් වැඩක් නති ඉතාම අශෝභන වැඩ කරනවා. මම කතා කරන්නෙ මෙ අන්තර් ජංජාලය ගැන විතරයි. ඇත්තටම මෙහෙම වෙන එක හොදයි ද? සමහර වෙලවට පව්ල් පන්සල් උන මිනිස්සු පවා මෙ දේවල් කරන එක නවනිංගිතයි නේද?
    එත් මෙහෙම කුජිත වැඩ කරන අයගෙ ඇත්ත ජීවිතේට ලන් වෙලා බැලුවොත් ඔන තරම් අයට පුලුවන් වෙනවා ගොඩක් දුක් විඳින පවුල් දැක බලා ගන්න. සමහරවිට ඒ අසරන අයත් නොදන්නවා ඇති. එත් එ නොදන්න කම ම ගොඩක් වැරදි විදිහට ප්‍රයෝජනයට ගන්න අය ඉන්නවා.

    හිතන්න, ඔයාට පවුලක් තියෙනවා. හොඳ වයිෆ්/හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. දරුවො ඉන්නවා, ( හිටියත් නැතත්)
    දිගටම කියවන්න.
    එහෙමත් නැත්තන් ඔයා බැඳලා නැත්තන් ඔයාට හොඳ කෙල්ලෙක්/කොල්ලෙක් ඉන්නවා. ඔයට ගොඩක් ආදරේ කරන.
    මම ප්‍රශ්න 2ක් අහන්නම්..
    1. ඔයා මෙහෙම කලොත් ඒ අයට ඔයාගෙ ජීවිතේ හම්බෙන තැන මොකක් ද?
    2. ඔයාට මෙහෙම කරන්න කලින් එයලාව මතක් වෙයි ද?


    මගෙන් අහන්න එපා මම" මෙහෙම කලොත්" කියල අදහස් කලේ මොකක්ද කියලා. මොකද අන්තර් ජංජාලයේ බින්න බැහැපු කට්ටිය තමා මෙක කියවන්නෙ.

    ඉස්සෙල්ලා ඒ අය ගැන හිත්න්න. තමන්ට ආදරේ කරන අයට අවැඩක් , නරකන් වෙන දේවල් වලින් ඈත් වෙන්න.
    මට කට්ටිය බැන්නත් කමක් නෑ. මොකද මෙහෙම හිතන්නෙ නෑ කවුරුත්. එත් මට හිතුනා. එලකිරියට මම මගෙ අදහස දැම්මෙ මම මේකෙ තියෙන නූල් (ත්‍රෙඩ්) ගොඩක් බලල. හුඟක් දුක හිතුනා එවා දැකලා.

    මචන්ලා... මේ ලෝකෙ සුලු දේවල් නෑ. කරන හැම දෙයක් ම අපෙ ජීවිත්යෙම කොටසක් වෙන එක අපිටවත් වලක්වන්න බෑ.
    හිතනවානම් "අපි කරන දේවල් සුලු දේවල් නේ , ගානක් නෑ... මුට පිස්සු "කියලා. එකක් ඇත්ත .. මට පිස්සු වෙන්න ඇති . එත් කරන කිසිම දෙයක් "සුලු" නෑ.
    අන්තර්ජාලෙදි විතරක් නෙවේ. අනික් හැම තැනදිම ශිෂ්ඨ සම්පන්න විදිහට ඉන්න, කවදාවත් තමන්ට පන වගේ ආදරේ කරන අයට ( අම්මට , තාත්තට, පවුලේ අයට, දරුවොන්ට, තමන්ගෙ වයිෆ් ට, හස්බන්ඩ් ට, ගෑණු ළමයාට, පිරිම ළමයට [ආදරේ කරන] ) නරකක් වෙන්න දෙන්න එපා. ඒ අයගෙ විශ්වාසය බිඳින්න එපා. රහසින් වත් වැරදි වලට යන්න එපා.

    ( විශේෂයෙන් කියන්නෙ - ආදරේ කිරීම කිසිම් අයුරකින් වරදක් නොවේ. මම එහෙම ගොන් කතා කියන් නෑ) :no:

    තමන් තමන්ටම වාරණයක් දා ගන්න... තමන්ට ආදරේ කරන අයට ආලෝකයක් වෙන්න. ආඩම්බරයක් වෙන්න. එදාට මේ ලෝකෙ තිරිසන් අපායක් කරන්න හදන එවුන්ට තේරෙයි.... ආදරේ, විශ්වාසෙ කොච්චර බලවත් ද කියලා.
    ලෝකෙම ගොඩක් ලස්සන තැනක් වෙයි



    උඹලා හැමෝටම සම්මා සම්බුදු සරණයි ..!!
     
    • Like
    Reactions: Dewrangi

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    uba kiyanna eka therenawa macho.. eth a wachanawala loku guptha swabawayak thiyenawa.. poddak open wela kiyapanko.. loku awawadayak machan..thanks
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වටිනා අදහසක් මල්ලි. අපි හැමෝම ස්වයං විනයකින් කටයුතු කරනවා නම් අපෙත් අපි ආදරේ කරන හැමෝගෙමත් ජිවිත ගොඩක් සාර්ථක වෙනවා.
     

    chathu4742

    Well-known member
  • uba kiyanna eka therenawa macho.. eth a wachanawala loku guptha swabawayak thiyenawa.. poddak open wela kiyapanko.. loku awawadayak machan..thanks


    "මෙවා මම එච්චර ඔපන් නොකියන්නෙ අද සමාජයේ විෂමාචාර ගැන කියන්න ගියොත් පොත් ලියන්න පුලුවන්." එකයි සහෝ. පත්තරවල පොඩ්ඩක් බලපන් තියෙන්නෙ මේ මිනිස්සු කරන වැඩ ද කියලා.
    ඒක තමා බන්. මම කියන්නෙ සරලවම ඔය දේ තමයි. " තමන්ට පොඩි හරි වැරැද්දක් කරන්න තියෙන අවස්ථා ඔනා තරම් එනවා. එත් 2 පාරක් හිතන්න. කොච්චර වැරැද්දට පෙළඹුනත් තමන්ට ආදරේ කරන අය වෙනුවෙන් තමන්ව හික්මවා ගන්න.
    එතකොටයි හැම මනුස්සයෙක් ම " මනුස්සයෙක් වෙන්නෙ" .
    :yes: