අපිට තියන එකම විසඳුම එතකොට?
මේ මට හිතෙන හැටි.
එක - රටින් යන එක. මේක තනි තනි අය විසින් කරගත යුතු දෙයක්.
දෙක - විදෙස් මුදල් සංචිත ශක්තිමත් කිරීම. (සංචාරක ව්‍යාපාරය සහ අපනයන ආදායම වර්ධනය). මේක රටක් හැටියට කරගන්න ඕනෙ දෙයක්. ඇත්තටම කියන තරම් සුන්දර නැහැ. ලොකු කැප කිරීමක් ඕනේ. ඒ නිසා වෙන්න තියෙන ඉඩ අඩුයි.
තුන - ජාත්‍යන්තර මට්ටමින් මානුෂීය ආධාර ඉල්ලීම. මේ නිසා රට ගැන ඇති වෙන නරක ප්‍රතිරූපය නිසා විශාල වන්දියක් ගෙවන්න සිදු වේවි. ඒත් අඩු තරමින් රටේ මිනිස්සුන්ට කන්න, බොන්න හරි ලැබේවි.
ප.ලි: රාජපක්ෂලා යාම, ව්‍යවස්ථා සංශෝධන, අලුත් චන්දයක් තිබීම වගේ ඒවා වැදගත් තමයි. ඒත් ඒවා වුන පළියට ප්‍රශ්නෙට උත්තර එන්නේ නැහැ. ඒවා fresh start එකක් හැටියට වැදගත්.