මෙහෙම වෙන්නෙ ඇයි?

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මෙහෙම වෙන්නෙ ඇයි?

    උබලට මේක කියවන්න කම්මැලි හිතෙයි:sorry:.ඒත් කියවලා මට උදව්කරපල්ලා:(.මනුස්සකමටවත්

    මචන්ලා මගෙ හිතේ කාලයක් තිස්සේ විඳවන කතාවක් තියනවා.ඒත් කියාගන්න කෙනෙක් නෑ.මම දන්නෙ නෑ මෙහෙම මට උනේ ඇයි කියන්න.කොල්ලනේ මම කුරුණෑගල සයිඩ් එකේ කොල්ලෙක්.අවුරුදු 20යි.කුඩා කාලෙම මගෙ අම්මා තාත්තා මාව දාල වෙනත් රටවල් වලට ඇවිල්ලා.ඒ කියන්නෙ මට මාස 3න් විතර.අවුරුදු 19ක් වෙනකල් මම හැදුනෙ වැඩුනෙ කිරි අම්මා ලග.ඒ කාලෙ මගෙ නික් නේම් එක අනාථයා.මුලු ගමෙන්ම මට ලේබල් එක නලලටම ගහලා තිබුනේ.ඉගනගන්නවා කියලා කෙරුවෙ සාමන්‍ය පෙළ.ප්‍රතිපල (9.4).ඒත් උ.පෙ කෙරුවෙ නෑ.මගෙ දුප්පත්කමට මම අවුරුදු 17දි වී මෝල් ගානෙ වී මිටි කරගැහුවා.මුලින්ම ආදරේ කෙරුවෙ ගනිකාවක්ට.මම දැනුවත්ව නෙවෙයි.නොදැනුවත්ව.දැනගද්දින් මටම මගෙ හිත හදාගන්න බැරි උනා.පස්සෙ සූතිය අදින්න පුරුදු උනා (මල.)කොක් එකට ජෙල් පැකැට් එක කඩලා දාලා බොන තැන ඉදන්,කසිප්පු දක්වාම මම දුර ගියා.හිතාගනිලා මගෙ අසරණකම.පස්සෙ ඩුබායි ගියා.නන්නස්තාර වෙලා ආපහු ආවේ.ඒ ඇවිත් මාස 4න් ආයෙ කුවෙට් ආවා.ඒ ආවෙ නම් අම්මා ලගට.ඇවිත් බලද්දින් අම්මා මෙහෙන් බැඳලා.ලමයෙක් ඉන්නවා.තාත්තා වෙන ගෑනු තියාගෙන ඉන්නවා.සල්ලි වලින් නම් අඩුවක් නෑ මචන්ලා.අවුරුදු 17දී විදපු දුක් වලට හරියන්න මම එක අවුරුද්දෙන් ගේ මීගමුවෙන් හැදුවා.කිසිම අඩුවක් නැතිවෙන්න.උබලට අවුරුදු 20 දී ගෙයක් ගැන තියන හීනෙ ගැන හිතපල්ලා.මමත් ඒයිටත් එහයින්ම හැදුවා.ඒත් මම ආදරේ කරපු ගනිකාව මම ගෙවල් ගානෙ ගෙනැල්ලා නෝන්ඩි උනා ඒ කාලේ.මචන්ලා මගෙ රැකියාව ඉලෙක්ට්‍රිසියන් (විදුලි කාර්මික.)මට තියන ප්‍රශ්නෙ මේකයි.කොල්ලනේ මට ගෙදර එවුන් ගැන පුදුම තරහක් හිතට එන්නෙ.ඒ තරහා පිරිමහන්නමයි මම උන්ගෙන් සල්ලි අරගෙන ගේ හැදුවේ.තරහා පිටකරන්න මට බෑ.මගෙ අම්මා තාත්තා නිසා.තව දෙයක් රෑට නින්දයන්නෙ නෑ මච්න්ලා.උපරිම දවසට පැය දෙකයි,තුනයි නිදාගන්නෙ තනියෙන් සමහර වෙලාවට කියවනවා.දැන් ආදරේ කරන කෙල්ලක් ඉන්නවා.ඒත් මම අර ගනිකාව ගමට ගෙනැත් නෝන්ඩි වෙලා ඉන්නෙ.කවදා හරි මෙවුන්ගෙ මහ එවුන් දැන ගත්තොත් ඒකත් නැතුව යනවා.මචන්ලා ජොබ් එකට යන්නෙ සතියට දවස් 2ක් විතර.එකත් ඔනාවට එපාවට.කරන එකම දේ නීට් එකට ඉන්නවා.කිසිම තීරනයක් හිතේ නෑ.මේ කල්පනාවත් එක්ක දවසට සිගරැට් 40ක් විතර අදිනවා.මොකක්ද මට මේ වෙලා තියෙන්නෙ.මේක මානසික රෝගයක්ද?මේකට පිලියමක් තියනවද?මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න නම් මට බෑ.පුලුවන් නම් මට මේ කාලකන්නි ජීවිතෙන් අත්මිදෙන්න විදිහක් කියපල්ලා.උබලට පිං දෙන්න විතරයි මගෙ ලග තියෙන්නෙ.මේ එළකිරියෙම මම සමහර තැන්වල මගෙ ජීවිතේ ගැන කියලා ඇති.ඒත් මට හිතා ගන්න බෑ මම මෙච්චර කළකිරිලා ඉන්නෙ ඇයි කියලා.අනේ කොල්ලනේ මට උදව්කරපල්ලා
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹට මචන් මානසික රෝගයක් තියෙනවද නැද්ද කියන්නනම් මම දන්නේ න. එත් උඹ හිතනවා වැඩි මචන්.
    උඹ පුංචි කලේ ඇති තරම් කට්ට කාල තියෙනවා. ඒ වගේම දැන් හොඳ තත්වෙක ඉන්නවා. අවුරුදු 20 කදී සාමාන්‍යයෙන් මිනිහෙක් ගෙයක් හදාගන්න තත්වෙකට එන්නේ න නේ බන්. අනිත් එක දැන් උඹ ජොබ් එකකුත් කරනවා.

    අම්මල තාත්තල හැමෝම එක වගේ න බන්. උඹේ ජීවිතේ වෙලා තියෙන දේවල් අනුව උඹ අදම හිතට ගනින් ඒ දේවල් උඹේ දරුවන්ට වෙන්න දෙන්නේ න කියල. පුංචි කලේ අපි හැමෝටම වගේ පොෂ් බඩු ගහන අතල් එකක් තියෙනවා. උඹේ ලවට බඩුව කිව්වට තරහ වෙන්න එපා මචන්. මේක ඉතින් අපි කතාකරන භාෂාවනේ.
    උඹ කතාව තරම් බරපතල නොවුනත් මගේ කතාවත් ටිකක් විතර උඹේ කතාව වගේ තමි. අම්ම තාත්තගේ ප්‍රශ්නයක්නම් නෙවෙඉ. මගෙත් first love එක. ගණන් ගන්න එපා බන්. කවදාහරි උඹටම හරියන එකක් සෙට් වෙනවම තමි.

    මොන මගුල කරත් බට ගහන එක නවත්තපන්. මනුස්ස ජීවිතයක් ලබන්න කොච්චර අමාරුද කියල අමුතුවෙන් අහන්න ඕනේ න නේ. ජීවිතේ වටිනාකම cancer එකක් තියෙන කෙනෙක් දිහා බලල ඉගෙන ගනින්. පුංචි කලේ මොන ප්‍රශ්න තිබුනත් මිනිහෙක්ට පුළුවන් හිත හය්යනම් වෙඩිල්ල වගේ ඉස්සරහට යන්න.
    ජය වේවා!
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    උඹට මචන් මානසික රෝගයක් තියෙනවද නැද්ද කියන්නනම් මම දන්නේ න. එත් උඹ හිතනවා වැඩි මචන්.
    උඹ පුංචි කලේ ඇති තරම් කට්ට කාල තියෙනවා. ඒ වගේම දැන් හොඳ තත්වෙක ඉන්නවා. අවුරුදු 20 කදී සාමාන්‍යයෙන් මිනිහෙක් ගෙයක් හදාගන්න තත්වෙකට එන්නේ න නේ බන්. අනිත් එක දැන් උඹ ජොබ් එකකුත් කරනවා.

    අම්මල තාත්තල හැමෝම එක වගේ න බන්. උඹේ ජීවිතේ වෙලා තියෙන දේවල් අනුව උඹ අදම හිතට ගනින් ඒ දේවල් උඹේ දරුවන්ට වෙන්න දෙන්නේ න කියල. පුංචි කලේ අපි හැමෝටම වගේ පොෂ් බඩු ගහන අතල් එකක් තියෙනවා. උඹේ ලවට බඩුව කිව්වට තරහ වෙන්න එපා මචන්. මේක ඉතින් අපි කතාකරන භාෂාවනේ.
    උඹ කතාව තරම් බරපතල නොවුනත් මගේ කතාවත් ටිකක් විතර උඹේ කතාව වගේ තමි. අම්ම තාත්තගේ ප්‍රශ්නයක්නම් නෙවෙඉ. මගෙත් first love එක. ගණන් ගන්න එපා බන්. කවදාහරි උඹටම හරියන එකක් සෙට් වෙනවම තමි.

    මොන මගුල කරත් බට ගහන එක නවත්තපන්. මනුස්ස ජීවිතයක් ලබන්න කොච්චර අමාරුද කියල අමුතුවෙන් අහන්න ඕනේ න නේ. ජීවිතේ වටිනාකම cancer එකක් තියෙන කෙනෙක් දිහා බලල ඉගෙන ගනින්. පුංචි කලේ මොන ප්‍රශ්න තිබුනත් මිනිහෙක්ට පුළුවන් හිත හය්යනම් වෙඩිල්ල වගේ ඉස්සරහට යන්න.
    ජය වේවා!
    මම උපරිම ට්‍රයි කෙරුවා මචෝ.ඒත් මට කිසිම දෙයක් හිතාගන්න බෑ බන්:sorry:.අවසානෙ මම මෛත්‍රී භාවනාවත් කරන්න ගත්තා:dull:.එකෙනුත් සහනය්ක් නෑ බන්:no:.ඒකයි මම මෙහෙමවත් උපදෙස් ගන්න හිතුවේ.මානසික වෛද්‍යවරයෙක් ලගට යන්නත් බෑ මචෝ.හිතේ හයියක් නෑ:no:.පුදුම විදිහට ජීවිතේම කළකිරිලා බන්:sorry:.කොහොම උනත් උබේ උපදෙස් වලට ස්තූතියි සහෝ.උත්සහ කරනවා බන් මමත්
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ‍‍මෙකයි එක අතකින් මල්ලි,ඔක මනසික ආතතිය.ඇත්තම කියනවා නම් මල්ලි මේ‍ ලොකේ ගොඩක් ප්‍රශ්න විඳපු කෙනෙක් තමයි මාත්......ඔයා හොඳ යළුවො ටිකක් ඇති කරගන්න.නිතරම කලපනාවට වැ‍ටේන්න එපා.සිගරට් 40 බොනවා කියන්න ප්‍රශ්න මඟහරින විකලපයක් නෙවෙයි.ගනිකාවක් සම්බන්ද මටත් යම් යම් සිද්ධින් වෙලා තියනවා.මොකද අපි කෙල්ලෙක් එක්ක යළු වුනු පලියට අපි දන්නෑ එය ගනිකාවක්ද එහෙමත් නැත්තම් කොල්ලො පස්සේ දුවන ගැනියෙක් කියලා.ඇත්තටම එකනම් එච්චර හිතන්න ඔනේ ප්‍රශ්න නෙමේයි..මොකද මම දන්න සමහර මිනිස්සු ඉන්නවා කසාද බැඳපු ගැනි ගනිකාවක් කියලා දන්නෑ.මිනිහ ‍ගෙදර නැති වෙලාවේ වෙන මිනිස්සු ගෙට ‍ගෙනවා.උඹට තාම එහෙම දෙයක් වෙලා නැහැනේ.උඹ එ ගැනිව බැනදෙත් නැහැ.එක නිසා එක ගැන එච්චර හිතන්න එපා.ඔබට වයස අවුරැදු 20,ජිවතය විඳන්න හුඟක් කල් තියනවා.විදුලි කර්මික කියන්නේ හොඳ රැකියාවක්.....උඹට සල්ලි තියනවා කියලා කිව්වා නෙද,ජොබ් එකට යන්න කම්මැලි කියලා හිතනවා නම්,මොනවාහරි බිස්නස් එක්ක ප‍ටන් ගන්න.එක උඹේ ඉදිරි අනාගතයටත් හොඳ එකක් වේවි. දැන් කෙල්ල ගැන බය වෙන්න දෙයක් නැහැ ඒ කෙල්ලට ඔය සිද්ධිය කියන්න අවශ්‍ය නැහැ. කිව්වත් කියන්න ති‍යෙන්නේ මම නොදැනුවත්ව ‍ගනිකාවකට ආදරය කලා කියලා කියන එක විතරයි.දැන් ඉන්න කෙල්ලත් එක්ක කොහේ හරි, ඔබ බෞද්ධ නම් පනසලක‍‍ට යන්න,කො‍හේ හරි දෙන්නත් එක්ක ගිහිල්ල කථා කරන්න.

    ඔවානම් මල්ලි එච්චර හිතන්න ඔනේ ප්‍රශ්න නෙවෙයි.......................මානසික වෛද්‍ය කෙනෙකු හම්බ වෙන්න තරම් ප්‍රශන නෙවෙයි.ඔතන තියෙන්නේ සමන්‍යයේන කෙනෙකුට එන මානසික පිඩනයයි,එත් එක්කම ආතතියයි.‍‍


    අම්මා තාත්තා ගැන දැන දුක් වෙන්න එපා.එගොල්නම දැන් හම්බ වෙන්න අවශ්‍ය නැහැ.‍‍ඉට වඩා හොඳයි තමා ගැන බලාගන්න එක........


    ඔබට ජ‍යෙන් ජයම වේවා.:D
     
    Last edited:

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ‍‍මෙකයි එක අතකින් මල්ලි,ඔක මනසික ආතතිය.ඇත්තම කියනවා නම් මල්ලි මේ‍ ලොකේ ගොඩක් ප්‍රශ්න විඳපු කෙනෙක් තමයි මාත්......ඔයා හොඳ යළුවො ටිකක් ඇති කරගන්න.නිතරම කලපනාවට වැ‍ටේන්න එපා.සිගරට් 40 බොනවා කියන්න ප්‍රශ්න මඟහරින විකලපයක් නෙවෙයි.ගනිකාවක් සම්බන්ද මටත් යම් යම් සිද්ධින් වෙලා තියනවා.මොකද අපි කෙල්ලෙක් එක්ක යළු වුනු පලියට අපි දන්නෑ එය ගනිකාවක්ද එහෙමත් නැත්තම් කොල්ලො පස්සේ දුවන ගැනියෙක් කියලා.ඇත්තටම එකනම් එච්චර හිතන්න ඔනේ ප්‍රශ්න නෙමේයි..මොකද මම දන්න සමහර මිනිස්සු ඉන්නවා කසාද බැඳපු ගැනි ගනිකාවක් කියලා දන්නෑ.මිනිහ ‍ගෙදර නැති වෙලාවේ වෙන මිනිස්සු ගෙට ‍ගෙනවා.උඹට තාම එහෙම දෙයක් වෙලා නැහැනේ.උඹ එ ගැනිව බැනදෙත් නැහැ.එක නිසා එක ගැන එච්චර හිතන්න එපා.ඔබට වයස අවුරැදු 20,ජිවතය විඳන්න හුඟක් කල් තියනවා.විදුලි කර්මික කියන්නේ හොඳ රැකියාවක්.....උඹට සල්ලි තියනවා කියලා කිව්වා නෙද,ජොබ් එකට යන්න කම්මැලි කියලා හිතනවා නම්,මොනවාහරි බිස්නස් එක්ක ප‍ටන් ගන්න.එක උඹේ ඉදිරි අනාගතයටත් හොඳ එකක් වේවි. දැන් කෙල්ල ගැන බය වෙන්න දෙයක් නැහැ ඒ කෙල්ලට ඔය සිද්ධිය කියන්න අවශ්‍ය නැහැ. කිව්වත් කියන්න ති‍යෙන්නේ මම නොදැනුවත්ව ‍ගනිකාවකට ආදරය කලා කියලා කියන එක විතරයි.දැන් ඉන්න කෙල්ලත් එක්ක කොහේ හරි ඔබ බෞද්ධ නම් පනසලක‍‍ට යන්න,කො‍හේ හරි දෙන්නත් එක්ක ගිහිල්ල කථා කරන්න.

    ඔවානම් මල්ලි එච්චර හිතන්න ඔනේ ප්‍රශ්න නෙවෙයි.......................මානසික වෛද්‍ය කෙනෙකු හම්බ වෙන්න තරම් ප්‍රශන නෙවෙයි.ඔතන තියෙන්නේ සමන්‍යයේන කෙනෙකුට එව මානසික පිඩනයයි,එත් එක්කම ආතතියයි.‍‍

    අම්මා තාත්තා ගැන දැන දුක් වෙන්න එපා.එගොල්නම දැන් හම්බ වෙන්න අවශ්‍ය නැහැ.‍‍ඉට වඩා හොඳයි තමා ගැව බලාගන්න එක........

    ඔබට ජ‍යෙන් ජයම වේවා.
    බොහොම ස්තූතියි සහෝ හිත හැදුවට.මට දැනගන්න ඔනා උනෙත් මේ ටික තමයි.මේ මානසික රෝගයක්ද කියන එක.ඇත්තටම ඒ ගැන හිතලා තවත් අසරණ උනා විතරයි.නැවත වතාවක් ස්තූති කරනවා සහෝ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචන් දොස්තර කෙනෙක් හම්බ උනා නම් හරි,මනසිකව වෙටුන අයට හිත ශක්තිමත් කර ගන්න බෙහෙත් දෙනව,,,
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මචන් දොස්තර කෙනෙක් හම්බ උනා නම් හරි,මනසිකව වෙටුන අයට හිත ශක්තිමත් කර ගන්න බෙහෙත් දෙනව,,,

    දොස්තර කෙනෙක් හම්බවෙන්න බෑ සහෝ:no:.ඒක නම් කොහොමත් කරන්නෙ නෑ:(.එහෙම උනොත් මට මේ තියනවටත් වැඩිය ප්‍රශ්න එනවා:sorry::sorry:.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    uba oya hadapu ge wikunala e salli walin wena paththakin geyak ganin.anika danwath hadenna balapan.bata gaha gaha nikan marenna hadanne nathuwa.uba yamak kamak karanna puluwan ekek ne ban.bawavana karapan.kisima deyak gana onawata wada hithanna yann epa.ube kellatath onawata wada love karanna yanna epa badinakam.me loke kisima deyak sadakalika naha ban.ammala thaththala ge adare hamotama eka wage labenne naha.eka labannath pin karala thiyenna ona.ipaduna gaman lamayinwa kunu bakkiyata wisi karana ammala innawa kiyalath mathaka thiyaganin..ewa gana hithala marenawata wada hodai neda labena deyak sathutin baragena jeewath wena eka.
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    machan ube kalla laga okka ma kiyahan eki ubawa watha gathoth aye kisi prashnayak na hitha arla katha karala nidahas weyan
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් උඹ කවදාවත් අම්මලාගෙන් තාත්තලාගෙන් පලිගන්න හදන්න එපා....
    මට හිතෙන විදිහට උඹ කල්පනා කරනවා වැඩියි.. ඔනේම දෙයක් ගැන ඔනෙවට වඩා හිතන්න එපා මචන්. උඹ ඔය කරන රස්සාව කරගෙන හොදට ඉන්න බලපන්. උඹ ඔය සිගැරට් බොන එක එහෙම නවත්තපන්. මේවා කවුරුවත් කිවට නවත්තන්න බෑ. උඹම හිතලා නවත්ත ගන්න ඔනේ.
    අනික මචන් උඹ අද හොද තැනක සැපවත් ජීවිතයක් ගත කරානම් උඹ කවදාවත් අහන්නේ නෑ නේද ඇයි මේවා මටම වෙන්නේ කියලා. අන්න ඒ විදිහට උඹට මොන ප්‍රශ්ණේ ආවත් අහන්න එපා ඇයි මේවා මටම වෙන්නේ කියලා....එන ප්‍රශ්ණ වලට මුහුන දියන්.
    අනික කොහොමත් සල්ලි වැඩිවෙනකොට උඹට ලංවෙන කට්ටිය ගැන විශ්වාසේ තියාගන්නත් එපා..........
    උඹ කරන රස්සාව හරියට කරගෙන හිටපන්........
     
    Mar 29, 2012
    17
    0
    0
    මට නම් කියන්න තියෙන්නේ උඹ ඕනවට වැඩියෙන් හිතනවා කියලා.. අපි හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවා.. ඒවත් එක එක්කෙනාට අඩු වැඩි වශයෙන්.. සමහර ප්‍රශ්න කාලයා විසඳනවා කියලා උඹ අහලා නැද්ද.. ඉතිං අපි ඒ ප්‍රශ්න ගැනම හිත හිත අපේ ජීවිත කාලකන්නි කරගන්න හදනව නම් ඒක මහ මෝඩ කමක්.. :baffled:

    * ඕක මගහැර ගන්න පුළුවන් එක ක්‍රමයක් තමා ආගමට නැඹුරු වෙන එක.. උඹේ ආගම මොකක් වුනත්..

    * තව ක්‍රමයක් තමා යාලු මිත්‍රයන් ඇසුර වැඩි කරන එක..

    * තව එකක් තමා පොත් පත් කියවන්න කාලය යොමු කරන එක..

    මේවයින් උඹ ඔය විකාර ගැන හිතන කාලේ අඩු වෙලා උඹට ඒක අමතක වෙලා යයි...:rofl:


    ප.ලි - ගේ ගැන කියනව නම් උමට ඒ ඉදිරියේදී ඒ ගෙදරදී ප්‍රශ්නයක් වේවි කියලා හිතෙනවා නම් දැන්ම ඒ හෙදර විකුණලා වෙන පලාතකින් ගෙයක් හදපං.. කලිං ලවු එක ගැන දැං ඉන්න කෙල්ලට කියනවද නැද්ද කියන එක උඹම තීරණය කරපං.. :yes:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    හුගක් ස්තූතියි ජැක් සහෝ..shamrincool,dxx මේ නිසා තමයි මම උබලට වත් මේ දේ කියන්න හිතුවෙ කොල්ලනේ.හිතේ තියගෙන විඳවනවට වැඩිය ඒ දෙ සැපක් නිසා.හුගක් ස්තූතියි මගෙ හිත හැදුවට.බලමු මම උපරිම උත්සහ කරන්නම් උබලා කියපු විදිහට හිත හදාගන්න.ඒත් බැරි උනොත් ඒක මගෙ කරුමයක් වෙන්න ඇති..:sorry:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    නිකමා;12409107 said:
    මට නම් කියන්න තියෙන්නේ උඹ ඕනවට වැඩියෙන් හිතනවා කියලා.. අපි හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවා.. ඒවත් එක එක්කෙනාට අඩු වැඩි වශයෙන්.. සමහර ප්‍රශ්න කාලයා විසඳනවා කියලා උඹ අහලා නැද්ද.. ඉතිං අපි ඒ ප්‍රශ්න ගැනම හිත හිත අපේ ජීවිත කාලකන්නි කරගන්න හදනව නම් ඒක මහ මෝඩ කමක්.. :baffled:

    * ඕක මගහැර ගන්න පුළුවන් එක ක්‍රමයක් තමා ආගමට නැඹුරු වෙන එක.. උඹේ ආගම මොකක් වුනත්..

    * තව ක්‍රමයක් තමා යාලු මිත්‍රයන් ඇසුර වැඩි කරන එක..

    * තව එකක් තමා පොත් පත් කියවන්න කාලය යොමු කරන එක..

    මේවයින් උඹ ඔය විකාර ගැන හිතන කාලේ අඩු වෙලා උඹට ඒක අමතක වෙලා යයි...:rofl:


    ප.ලි - ගේ ගැන කියනව නම් උමට ඒ ඉදිරියේදී ඒ ගෙදරදී ප්‍රශ්නයක් වේවි කියලා හිතෙනවා නම් දැන්ම ඒ හෙදර විකුණලා වෙන පලාතකින් ගෙයක් හදපං.. කලිං ලවු එක ගැන දැං ඉන්න කෙල්ලට කියනවද නැද්ද කියන එක උඹම තීරණය කරපං.. :yes:

    කෙල්ල ගැන විශ්වාසයක් නෑ මචෝ.මොකද මේ දෙවල් දැනගත්තම ඒකි ඉගිලෙනවා කියලා මම දන්නවා.මේ විදිහට හරි එකි පස්සෙ යන්නෙ ටයිම් පාස් කරගන්න
     
    Mar 29, 2012
    17
    0
    0
    කෙල්ල ගැන විශ්වාසයක් නෑ මචෝ.මොකද මේ දෙවල් දැනගත්තම ඒකි ඉගිලෙනවා කියලා මම දන්නවා.මේ විදිහට හරි එකි පස්සෙ යන්නෙ ටයිම් පාස් කරගන්න


    එහෙනම් මචං ඒ සීන් එකත් තව දුර යන්න කලිං නවත්තලා දාපං.. නැත්තං පස්සේ ඕක ගැනත් හිතන්න ගනීවි...
    :rolleyes: