මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?


    මචන් දැන් මේ අතඩන්ගුවේ ඉන්න සැක කාරයෝ ආයුද පෙන්නන ගිහින් මරණ එක විහිලුවක් වෙලා. පොලිස් කොස්තාපල් මරපු සීන් එකේ එකෙක් ආයුද පෙන්නන්න ගිහින් වෙඩි තියල මැරුවා, අනික් දෙන්නා මාන්චු පිටින් පීනන්න ගිහින් මැරුම් කෑවා, කැටයම් චින්තක ගල්ගුහාවක හැන්ගිලා ඉදල වෙඩි කෑව.

    cartoon-of-the-day-28_11_2013-600-1.jpg


    මට නම් මේ සීන් එක දිර වන්නේ නෑ. මමත් මුලින් නම් මේකෙන් හිරේ ගිහින් බේරිලා එන මිනීමරුවො නැති වෙනවා කියල හිත හදා ගත්තට දැන් දැන් මේක විහිලුවක් වෙලා .
    හුගක් එවුන් හුරේ කිව්වාට නීතිය වල් වදින එක හොද දෙයක් නම් නෙමෙයි ගොය්යො.අන්තිමට තමන්ට කෙල වෙන දවසට කවුරුත් නැති වෙයි අනේ කියල වත් කියන්න. නීතිය වල් වැදුනොත් අන්තිමට වෙන්නේ ඒ ටික තමයි. මිනීමරු කුඩු දුම්යා යස අපූරුවට ඉන්න එක අවුලක් නැතුව කැටයම් චින්තක මැරුවා කියල කිරිබත් උයපු එවුන් මේ රටේ ඉන්නවා. මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.

    1717839295cartoon-L.jpg


    නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක. ජේ.වී.පි ,යු.න්.පී ගොය්යලත් මේවැඩේට නිශ්ශබ්දයි වගෙ.
    මට නම් මේ වැඩෙ දිර වන්නෙ නෑ . උඹලගෙ අදහසුත් කියල පලයල්ලා.

    46933_778676038816561_756136653_n.jpg

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතකොට උබ කියන්නේ අර පොලිස් කාරයාවයි එ මනුස්සයාගේ ගෑණිවයි මරලා පොඩි එකාව උස්සලා පොලේ ගහපු උන්ව හරහට වඩාගෙන කිරි පොවන්න කියලද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වලස්‌මුල්ල මීඇල්ල ගම්මානයේ මහා දාමරිකයකු ලෙස ජීවත් වූ අමිත් අහිංසකයන් තලා පෙලා දැම්මේය. ඔවුන්ට විවිධ හිරිහැර කළේය. කොටින්ම මොහු මීඇල්ල ගම්මානයට මහා පිල්ලියක්‌ බවට පත්ව සිටියේය.

    සුරංග ජානක සහ කැටයම් චින්තක මධුෂ්ගේ පාතාල කල්ලියේ සගයන් වූහ. ඔවුන් අපරාධ කළේ එකටය. විවිධ ජාවාරම්වලින් මුදල් ඉපවුවේද එකටය.

    කැටයම් චින්තකගේ ජාවාරම්වලට වධයක්‌ වී සිටි සුනිල් රාළහාමි විනාශ කර දැමීමේ මෙහෙයුමට අමිත් සම්බන්ධ වන්නේ සුරංග හරහාය.

    සුනිල් මරා දැමීමේ සැලසුම කැටයම් චින්තක මුලින්ම කියන්නේ සුරංගටය. මේ අපරාධය සඳහා සුරංග සිය කල්‍යාණ මිතුරකු බඳු වූ කොමාන්ඩෝ අමිත් සම්බන්ධ කර ගත්තේය. සුනිල් රාළහාමි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සඳහා මේ නරුමයන් කණ්‌ඩායම වලස්‌මුල්ලේ සිට කඹුරුපිටිය මාස්‌මුල්ලට එන්නේ කොමාන්ඩෝ අමිත්ගේ ත්‍රිරෝද රථයෙන්ය. එදින සවස කැටයම් චින්තකගේ නිවසේ පුංචි සාදයකි. මහා අපරාධය සඳහා අරඅඳිමින් සිටි නරුමයන් සිව්දෙනා මත්පැන් බෝතල් එකහමාරක්‌ හිස්‌ කළේය.

    ඔවුන් අහිංසක සුනිල් රාළහාමිගේ නිවසට යන්නේ පදමට වෙරි වී උන්මත්තකයන් ලෙසය. අඩක්‌ නිම වූ සුනිල් රාළහාමිගේ නිවසට මුලින්ම ඇතුළු වන්නේ සුරංග සහ ජානකය. සුනිල් රාළහාමි තම ආදර බිරිඳ සහ දරු දෙදෙනා සමග නිදා සිටි කාමරයේ දොරට පහරදී එය කඩා දමන්නේද සුරංගය.

    කාමරයට කඩා වැදුණු සුරංග සහ ජානක සුනිල් රාළහාමිට බිම වැටෙනතුරු පොලුවලින් පහර දුන්නේය.

    සුනිල්ගේ ආදර බිරිඳ විලාප නගමින් හඬා වැළපෙයි. කැටයම් චින්තක නිවසට ඇතුළු වන්නේ ඉන් අනතුරුවය. සුනිල්ගේ බිරිඳ කැටයම් චින්තක හඳුනා ගත්තාය. ඒ නරුමයා හමුවේ සුනිල්ගේ බිරිඳ ජීවිතය ඉල්ලා හඬා වැටුණාය. වියරුවෙන් සිටි කැටයම් චින්තක තම දෙපාමුල වැඳවැටෙමින් සිටි සුනිල්ගේ බිරිඳට පහර පිට පහර දෙන්නේ ඇය සදාකාලිකව නිසොල්මන් කිරීමටය.

    ඇගේ තුරුලේ සිටි පුංචි කිරිකැටි දරුවා ඔසවා පොළොවේ ගසන්නට තරම් මොවුන් සාහසික වුණේය. මේ පාපතරයන් බිම වැටී පණ අදිමින් සිටි සුනිල්ගේ හිසට වෙඩි තැබුවේය. සුනිල් අවසන් ගමන් ඇරියේ කිසිම අණක්‌ගුණක්‌ නැති චරිතයක්‌ වූ කොමාන්ඩෝ අමිත්ය.

    තම ඉලක්‌කය සපුරාගත් මේ නරුමයන් සුනිල්ගේ නිවසින් පිටව ගියේ තමන් සිදුකළ අපරාධයේ තරම කොතෙක්‌දැයි නොදැනය. තමන් කළ මේ අපරාධවලට වැඩි දවසක්‌ යන්නටත් පෙර ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන බව නොදැනය.

    කොමාන්ඩෝ අමිත් යන එන ගමන් බිමන්, ඔහු නවාතැන් ගන්නා ස්‌ථාන පිළිබඳව පොලිසිය තොරතුරු එක්‌රැස්‌ කරන්නට පටන් ගත්තේය. වැඩි දවසක්‌ ගතවුණේ නැත. පොලිසිය වෙත අමිත් පිළිබඳව තොරතුරු ගලා එන්නට වූයේය. ඒ තොරතුරු ගලා ආවේ අමිත් අතින් දිගින් දිගටම පීඩනයට හිංසනයට පත් වූ වලස්‌මුල්ලේ ජනතාව විසින්ය.

    පොලිස්‌ කණ්‌ඩායම අමිත් පසුපස ලුහුබඳින්නට පටන් ගත්තේය. මීඇල්ලේම පදිංචිකරුවන්ගෙන් ලැබුණු තොරතුරු ඔස්‌සේ ගිය පොලිසිය හක්‌මන නගරයේදී කොමාන්ඩෝ අමිත් කොටුකර ගත්හ.

    අමිත් තම ත්‍රිරෝද රථයේ නැගී මාතර ප්‍රදේශයට පලායමින් සිටියේ ආරක්‍ෂිත ස්‌ථානයක සැඟවීමට සැලසුම් කරගෙනය. එහෙත් අමිත්ට වැරදුණේය. අත්අඩංගුවට ගත් මේ නරුමයාගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹුණේ ඉන් පසුවය.

    සඟවා ඇති ආයුධ කීපයක්‌ පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඒ අතරය. පොලිසිය අමිත් රැගෙන යන්නේ ආයුධ සෙවීමටය. එහෙත් අවසානයේ මේ පාපතරයාට සිදුවන්නේ තමන් සිදුකළ මහා අපරාධයට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    පොලිස්‌ වෙඩිපහරින් අමිත් ජීවිතයෙන් සමුගනිද්දී සුරංග සහ ජානක සෙවීමේ පරීක්‍ෂණ කටයුතු ඉතාම සාර්ථකව සිදුවෙමින් තිබිණි. එහෙත් මේ පාපතරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවූයේ ඔවුන් දිනෙන් දිනම සැඟවී සිටින ස්‌ථාන මාරු කිරීම නිසාය.

    ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික හපුගොඩ ඇතුළු නිලධාරීන් මේ පාපතරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ භාරදූර කාර්ය සඳහා දැඩි වෙහෙසක්‌ ගත්තේය.

    සුරංග සහ ජානක පාවිච්චි කළ ජංගම දුරකථන තොරතුරු ඔස්‌සේ ඔවුන් පිළිබඳ හෝඩුවාවක්‌ ලබා ගැනීමට උත්සාහ කළද එය අවසානයේ ව්‍යර්ථ වුණේය.

    සුරංග සහ ජානකගේ දාමරිකකම් හමුවේ පීඩනයට පත්ව සිටි බොහෝ දෙනකු හොර රහසේම පොලිසිය වෙත තොරතුරු ලබා දෙන්නට වූහ.

    ඝාතනයට ලක්‌ වූ සුනිල්ගේ සහ බිරිඳගේ මරණ දැන්වීමක පිටුපස රහසිගත තොරතුරු රැසක්‌ සටහන් කළ ලිපියක්‌ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික හපුගොඩ මහතා වෙත තැපෑලෙන් ලැබුණේය. ඒ තොරතුරු ලබාදී තිබුණේ කඹුරුපිටියේ තරුණ කැල විසින්ය. එහි සටහන් කර තිබූ තොරතුරු පරීක්‍ෂණ ඉදිරියට කරගෙන යැමට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණේය.

    සුරංගගේ මිත්තනියක තිස්‌සමහාරාමයේ පදිංචිව සිටින බවට තොරතුරු ලැබෙන්නේ රහස්‌ ලිපිය හරහාය. සුරංග සහ ජානක මේ නිවසේ සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය විය.

    ගෙයින් ගෙට ගොස්‌ සී. එµa. එල්. බල්බ අලෙවිකරන වෙළෙන්දන් ලෙස වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් කීපදෙනෙක්‌ තිස්‌සමහරාමයට යෑවීමට හපුගොඩ මහතා කටයුතු කළේය. හොර රහසේම අපරාධකරුවන් සිටින ස්‌ථානය නිවැරැදිව දැන ගැනීම පොලිස්‌ නිලධාරීන්ගේ අරමුණ විය.

    එහෙත් මහලු කාන්තාවගේ නිවසේ කිසිවකු සිටින බව හෙළිකර ගැනීමට පොලිස්‌ නිලධාරීන් සමත් වුණේ නැත. සුරංගගේ මිත්තනිය වූ මේ මහලු කාන්තාව තිස්‌සමහරාම සතිපොළේ කෙසෙල් අලෙවි කරන බව පොලිසිය සොයා ගත්තේය.

    ජංගම වෙළෙන්දන් ලෙස වෙස්‌ වලාගෙන සිටි පොලිස්‌ නිලධාරීන් මහලු කාන්තාව ලුහුබඳින්නට වූයේ කිසියම් තොරතුරක්‌ ලබා ගැනීම සඳහාය. පොලිස්‌ නිලධාරීන්ගේ සැලසුම් සාර්ථක වුණේය.

    සුනිල් රාළහාමි සහ ඔහුගේ බිරිඳ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන සුරංගට සහ ඔහුගේ සගයාට උදව් උපකාර ලබාදෙන ඥතියකු පිළිබඳව තොරතුරු පොලිසියට ලැබෙන්නේ මහලු කාන්තාව ලුහුබැඳ යන අතරතුරදීය.

    සුරංගගේ ඥතියා තණමල්විල කැලෑ ප්‍රදේශයක මහා පරිමාණයෙන් හේන් ගොවිතැන් කරන පුද්ගලයෙකි. මොහු වාහන කීපයක්‌ හිමි ධනවත් පුද්ගලයෙකි. සුරංග සහ ජානක මොහුගේ උදව් උපකාර ලබාගෙන තණමල්විල කැලෑවක පිහිටි ගංජා හේනකට යැමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබිණි.

    අපරාධකරුවන් දෙදෙනා තණමල්විලට රැගෙන යැමට ව්‍යාපාරිකයා වෑන් රථයක්‌ සූදානම් කර තිබෙන බවද පොලිසිය හෙළිකර ගත්තේය. ව්‍යාපාරිකයාට පෙර පොලිසිය ක්‍රියාත්මක වුණේය.

    ව්‍යාපාරිකයාට අයත් වෑන් රථයට සමාන වෑන් රථයක්‌ සොයාගත් පොලිස්‌ නිලධාරීන් කන්දගමුව ඉන්ධන පිරවුම්හල අසලට යන්නේ සුරංග සහ ජානක අත්අඩංගුවට ගැනීමේ අරමුණු ඇතිවය.

    පොලිස්‌ නිලධාරීන්ගේ සැලසුම සාර්ථක විය. වෑන් රථය දුටු වහාම සුරංග සහ ජානක ඒ අසලට දිව ආවේ හැකි ඉක්‌මනින් තණමල්විල යන බලාපොරොත්තුවෙන්ය.

    සුරංග සහ ජානක අත්අඩංගුවට ගත් ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් ඔවුන් දෙදෙනා මාතරට රැගෙන ගියහ. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹිණි.

    හක්‌මන දෙනගම වැව ආසන්නයේ සඟවා ඇති ආයුධ කීපයක්‌ පිළිබඳව මේ නරුමයන් තොරතුරු වමාරන්නට වූහ. පොලිස්‌ නිලධාරීන් අපරාධකරුවන් දෙදෙනා දෙනගම වැව අසලට රැගෙන යන්නේ සඟවා ඇති ආයුධ සෙවීම සඳහාය.

    ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් සුරංග සහ ජානක පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී දෙනගම වැවට පැන්නේ කිසියම් බලාපොරොත්තුවක්‌ ඇතිවය. එහෙත් දෙවියන් මේ අපරාධකරුවන් දෙදෙනාට නියම දඬුවම ලබාදුන්නේය.

    විලංගු පිටින් දෙනගම වැවට පැන පලායන්නට උත්සාහ කළ මේ නරුමයන් දෙදෙනා අවසන් ගමන් ගියේ තමන් කළ මහා පාපකර්මයට වන්දි ගෙවමින්ය.

    මුළු රටම කම්පාවට පත්කළ මහා අපරාධයේ ප්‍රධානියා වන කැටයම් චින්තක තවමත් නිදැල්ලේය. තම සගයන්ට අත් වූ ඉරණමම තමන්ටද අත්විඳීමට සිදුවන බව මේ පාපතරයා තේරුම් ගෙන සිටිනු නොඅනුමානය.

    ඔහුට සියදිවි හානිකර ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැති බව අපි යෝජනා කරන්නෙමු. මෙවැනි මහපොළොව නුහුලන අපරාධකරුවන්ට නීතියේ හිඩැස්‌වලින් රිංගායැමට ඉඩකඩ ලැබුණත් ඔවුන්ට දෙවියන් නිසි දඬුවම් ලබා දෙන්නේය.

    හය හතර නොතේරෙන අහිංසක නොදරුවන් දෙදෙනකුගේ අනාගතය අඳුරු කළ මේ අපරාධකරුවන්ට ලබාදුන් දඬුවම පිළිබඳව කිසිවකුත් කනස්‌සල්ලට පත් නොවන්නේය.

    බොහෝ මානව හිමිකම් සංවිධාන පෙනී සිටින්නේ අපරාධකරුවන් වෙනුවෙන්ය. මේ පාපතරයන් අතින් අසරණ වූ පුංචි දරුපැටවුන්ගේ මානව හිමිකම් හමුවේ පෙනී සිටීමට මේ එකදු සංවිධානයක්‌වත් නොතිබීම කනගාටුවට කරුණකි.




    හේමන්ත රන්දුණු

    දිවයින 2013/12/01
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    නැත්තන් උබ කියන්නෙ උන්ට නොබෙල් තැග්ගක් දෙන්න කියලද??:oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කැටයම් චින්තක වගේ නොමිනිස්සු මැරැවට කමක් නෑ හැබැයි ඔය විදියටම නිවැරදි කාරයොත් මරන හින්දා වැ‍‍‍‍‍‍ඩේ නරකයි .මීට වැඩිය ශ්‍රිෂ්ඨ සම්පන්නව නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ .:yes:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නැත්තන් උබ කියන්නෙ උන්ට නොබෙල් තැග්ගක් දෙන්න කියලද??:oo::oo::oo::oo::oo::oo::oo::oo:

    නොබෙල් තෑග්ග දෙන්න ඕනෙ උඹල වගේ එවුන්ට මෙහෙම කැලෑ නීති අනුමත කරනවට....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මූත් උන් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරපු එකෙක්ද කොහෙද.:D.නැත්නම් මොකද මේ තරම් කැක්කුමක් ඒ අමනයෝ ටික ගැන..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක පැත්තකින් බලනකොට ඒ කතාවත් හරි බන් ..නිකන් අහින්සකයෙක් උනත් මරයි මුන් මේ විදියට ..කොහොමත් ලංකාවේ නීතියක් කියල එකක් තිබිල නෑ නෙ බන් ..වැඩි හරියක් වෙන්නෙ පගාවටයි බලේටයි නෙ ..

    හැබැයි ඔය මැරුන උන් නම් නමගිය අපරාද කාරයො නේද ?උන්නම් මරල දාන එකම තමා හොද ...හැබයි ඌ වැරදි කලා කියලා අම්මල තාත්තල පලි නෑ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    නොබෙල් තෑග්ග දෙන්න ඕනෙ උඹල වගේ එවුන්ට මෙහෙම කැලෑ නීති අනුමත කරනවට....
    මෙන්න තවත් උන්ගේ නෑයෙක්.බලන් යනකොට මේකේ ඉන්නේ ඔක්කොම කුඩු කාරයොනේ.:rofl:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මූත් උන් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරපු එකෙක්ද කොහෙද.:D.නැත්නම් මොකද මේ තරම් කැක්කුමක් ඒ අමනයෝ ටික ගැන..

    අනේ මහත්තයො උඹ වත් කවද හරි සුදු වෑන් එකකින් උස්සන් ගිහින් අලුවත් නැති කරපු දාට. උඹල වගේ අනිත් එවුනුත් කියයි සුදු වෑන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියල. මේකටද බොලන් නීතිය කියන්නේ......
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අනේ මහත්තයො උඹ වත් කවද හරි සුදු වෑන් එකකින් උස්සන් ගිහින් අලුවත් නැති කරපු දාට. උඹල වගේ අනිත් එවුනුත් කියයි සුදු වෑන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියල. මේකටද බොලන් නීතිය කියන්නේ......


    ඒ මොකැයි අපි නම් මිණීමරලා කුඩු විකුනලා නැහැ.ඒක හින්දා කිසි බයකුත් නැහැ...උබලා තමා ඒකට බය වෙන්න ඕන.:D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එතකොට උබ කියන්නේ අර පොලිස් කාරයාවයි එ මනුස්සයාගේ ගෑණිවයි මරලා පොඩි එකාව උස්සලා පොලේ ගහපු උන්ව හරහට වඩාගෙන කිරි පොවන්න කියලද?

    කිරි පොවන්න ඕනෙ නෑ නීතියක් කියල දෙයක් තිය්නවනම් ඒක කරමු....නැත්නම් උඹේ අල්ලපු ගෙදර ඉන්න පොලිස් කාරයත් එක්ක ඉඩමේ මායිමට රන්ඩු වුනා කියල උඹටත් මාන්චු පිටින් පීනන්න වුනොත් හරි අපරාදයක් නේ වෙන්නේ.....
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඒ මොකැයි අපි නම් මිණීමරලා කුඩු විකුනලා නැහැ.ඒක හින්දා කිසි බයකුත් නැහැ...උබලා තමා ඒකට බය වෙන්න ඕන.:D
    මාන්චු පිටින පීනන්න ආසද.....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    කිරි පොවන්න ඕනෙ නෑ නීතියක් කියල දෙයක් තිය්නවනම් ඒක කරමු....නැත්නම් උඹේ අල්ලපු ගෙදර ඉන්න පොලිස් කාරයත් එක්ක ඉඩමේ මායිමට රන්ඩු වුනා කියල උඹටත් මාන්චු පිටින් පීනන්න වුනොත් හරි අපරාදයක් නේ වෙන්නේ.....


    මචන් උබ නිකන් රට පටලවන්න එපා..දැන් මේ සිද්දිය වෙලා තියෙන්නේ උන් ඉඩමකට රණ්ඩු වෙලාද?:rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලට නීතිය මතක් වෙන්නේ මේ වගේ ජාතියක් ජන්මයක් නැති අපරාදකාරයෝ මරණ කොට තමයි. දැන් අර මැරිච්ච පොලිස් කාරයයි උගේ ගෑනියි ගැන තොපි දුක් වුනාද? ඒ පොඩි දරුවන්ට යන කල දවස ගැන තොපිට දුක නැද්ද?

    රටක නීතියක් තියෙන්නේ මිනිස්සුන්ව අපරාදවලින් බේරගන්න. ඔන්න මම ඇවිත් උඹේ යාළුවෙක්ව හරි පවුලේ කෙනෙක්ව හරි මැරුවොත් උඹටත් හිතෙනවා මාව මරන්න. ඒ හැඟීම් යටපත් කර ගන්න පුළුවන් මට නීතියෙන් මරණීය දණ්ඩනය ලැබෙයි කියලා උඹට හිත හදා ගන්න පුළුවන් නම්. ඒත් දැන් කෝ මරණීය දණ්ඩනය. මම උඹේ පව්ලේ අය මරලා අවුරුදු 10ක් 15 හිරේ ඉඳලා ආයෙත් එනවා. කෝ එතකොට සාදාරනය? එක්කෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් නීතිය අතට ගන්න ඕනේ. අඩුම ගානේ මේ වගේ සිද්ධි වලදිවත්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මාන්චු පිටින පීනන්න ආසද.....

    ලොල් මම කිව්වනේ මම බොහොම සාදාරනව හම්බ කරන්නේ..උබට තමා ආස හිතිලා තියෙන්නේ මට පේන හැටියට.:Dඔය වැරදි වැඩ දැන්වත් නවත්තලා හොද මිනිහෙක් වෙයන්.එතකොට ඔය කාටවත් බය වෙන්න ඕන නැහැ.;)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    උඹලට නීතිය මතක් වෙන්නේ මේ වගේ ජාතියක් ජන්මයක් නැති අපරාදකාරයෝ මරණ කොට තමයි. දැන් අර මැරිච්ච පොලිස් කාරයයි උගේ ගෑනියි ගැන තොපි දුක් වුනාද? ඒ පොඩි දරුවන්ට යන කල දවස ගැන තොපිට දුක නැද්ද?

    රටක නීතියක් තියෙන්නේ මිනිස්සුන්ව අපරාදවලින් බේරගන්න. ඔන්න මම ඇවිත් උඹේ යාළුවෙක්ව හරි පවුලේ කෙනෙක්ව හරි මැරුවොත් උඹටත් හිතෙනවා මාව මරන්න. ඒ හැඟීම් යටපත් කර ගන්න පුළුවන් මට නීතියෙන් මරණීය දණ්ඩනය ලැබෙයි කියලා උඹට හිත හදා ගන්න පුළුවන් නම්. ඒත් දැන් කෝ මරණීය දණ්ඩනය. මම උඹේ පව්ලේ අය මරලා අවුරුදු 10ක් 15 හිරේ ඉඳලා ආයෙත් එනවා. කෝ එතකොට සාදාරනය? එක්කෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් නීතිය අතට ගන්න ඕනේ. අඩුම ගානේ මේ වගේ සිද්ධි වලදිවත්.


    මූ කසිප්පු පෙරන පොරක්ද කොහෙද බං..:rofl:
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඔය කැටයම් දාපු පරයා වාසනාවට ආණ්ඩුවෙ ලොකු පුටුවක් අල්ලගෙන හිටියෙ නෑ. නැත්තම් මරනවා කෙසේ වෙතත් ඌටත් ඉන්දවලා සැලියුට් ගහයි පොලෝසියෙන් :angry::angry::angry::angry::angry: