Slim desktop වල power supply තමයි ප්‍රශ්නේ. මොකක් හරි වෙලා හුචස් උනාම ඕවට ගානට හරියන Power Supply හොයන්න නැහැ.. තිබුණත් කඩකාරයෝ ලොකු ගානක් කියනව. මමත් Samsung (used) Mini series desktop එකක් අරගෙන (HTPC එකක් විදියට) ගෙදර පොඩි power short එකක් වෙලා Power Supply Unit එක ගියා. බඩු හොයන්න නැති නිසා වෙන normal PSU එකක් අරන් ලබ්බක් වගේ පැත්තකින් එල්ලුවා
තව බලපන් ගන්න කලින් ඔය Small Form Factor (SFF) සමහර PC වල Motheboard එකට Power දෙන්න තියෙන්නේ සාමාන්‍ය ATX 24-pin එකෙන් නෙවෙයි වෙන්නත් පුලුවන්. ඒක vendor ගේම properitory port එකක් එන්නේ.. එතකොට උපරිමයෙන්ම කෙලවෙනවා.
තව දෙයක් , ඕවට Seperate VGA cards එහෙම දාද්දි Low Profile cards හොයන්න ඕන මොකද දිග ලොකු කාඩ්ස් දාන්න ඉඩ නැහැ ගොඩක් ඒවයේ... මම පාවිච්චි කලේ AMD HD 6450 එකක් ඒකට නම් shop එකකින් Low Profile bracket එකක් හොයාගත්තා..