මම ලංකාවෙන් ඇවිල්ලා අවුරුදු දෙකහමාරක කාලයක් ගතවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]තනිකම පාලුව එක්ක ගතවෙච්ච ඒ කාලය මහමෙරක් වගේ හිතට දැනුනා කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ලංකාවේ ඉඳිද්දී අපි ලංකාව ගැන කොච්චර කුණු කතා කිවුවත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෙන රටවල් කොච්චර අගේ කලත් තනියම මේ වගේ රටක ඉන්නකොට ලංකාවේ අගේ වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලංකාවෙදී මැක්ඩොනල්ඩ්ස් වලින් කන එක හෙන පොෂ් දෙයක් කියලා හිතුවට මෙහෙදි වේල් තුන හතරකට සැරයක් මෙලෝ රහක් නැති පිටිගුලි ගිලිනකොට තමයි අම්මා හදලා දුන්න පොල් සම්බෝලේ රහ මතක් වෙන්නේ[FONT=Iskoola Pota, serif].
[/FONT] මෙහෙට ආපු මුල් කාලේ තනිකම ඉවසගන්න බැරුව මම හිටියේ සෑහෙන්න හෝන්දු මාන්දු ගතියකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]අලුත් ජීවිතයක් පටන් ගන්න එහෙමත් නැත්තම් දෙදරලා ගියපු ජීවිතේ අමතක කරලා දාන්න කියලා හිතාගෙන පිටරටකට ආපු මට සිද්ධ වුනේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්[FONT=Iskoola Pota, serif]. [/FONT]පාලුවට කියලා කතාබහ කරන්නවත් මනුස්සයෙක් නැතුව ලංකාවෙන් හැතැම්ම දහස් ගාණක් දුර රටක ජීවත් වෙනකොට ඇතිවෙන හැඟීම කොයි වගේද කියලා ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ[FONT=Iskoola Pota, serif].
[/FONT] තනිකම පාලුව මකා ගන්න මම කලේ වැඩ කරන එක[FONT=Iskoola Pota, serif]. [/FONT]හිතට කිසිම වෙලාවක වෙන යමක් හිතලා මනෝ ගහන්න බැරිවෙන්න මම හැමවෙලේම වැඩකලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම හුඟක් දිග සතිඅන්ත නිවාඩු වලදී පවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මේ හැසිරීම ආයතනයේ අයවලුන්ට සමහර වෙලාවට ප්‍රෙහේලිකාවක් වුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]උන් එච්චර පෞද්ගලික දේ අවුස්සන්නේ නැති නිසා කිසිම වෙලාවක මගෙන් මේ ගැන ඇහුවේ නැහැ[FONT=Iskoola Pota, serif].
[/FONT] හැබැයි මගේ ඒ කැපවීම මට වාසනාව ගෙනාවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම වැඩකරපු ආයතනයේ උසස් වීම් කිහිපයක් එකපාර ලබාගෙන නිව්යෝර්ක් වල තිබුණ ඔවුන්ගේ ප්‍රධාන ශාඛාවේ විධායක තනතුරක් දක්වා සුලු කාලයකින් යන්න හැකියාව ලැබුණේ පරණ සේවකයින් පුදුම කරවමින්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් හැකියාවට සහ කැපවීමට නියම තැන ලබාදෙන තැනක් වුන නිසා මට රැකියාවේ ඉහළටම යන්න පුලුවන් වුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] ඒ වෙනකොට මම වැඩකරපු ආයතනය ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්රචාරක කටයුතු බාර ඇරගෙන වැඩකරපු ප්‍රධාන පෙලේ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇපල් සමාගම වගේම තවත් විශාල ආයතන ගණනාවක් සමග මේ අයට කොන්ත්‍රාත් තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ වගේ ආයතනයක ප්‍රධාන පෙලේ විධායක නිළධාරියෙකුගේ ආදායම ගැන වැටහීමක් මේක කියවන ඔයාලට ඇති කියලා මම උපකල්පනය කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඒ මම ගැන පුරසාරම් දොඩවන්න නම් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මම කියාගෙන යන මේ කතාවේ ඉස්සරහට එන සමහර තැන් වටහා ගන්න මේ වගේ දේවල් ගැනත් ඔයාලට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ නිසා[FONT=Iskoola Pota, serif].
[/FONT] රැකියාවේ දියුණුව ලබනකොට මගේ පෞද්ගලික ජීවිතයත් යම් යම් ස්වරූප වලින් වෙනස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ගෙදරින් වියදම් කරගෙන[FONT=Iskoola Pota, serif], [/FONT]යාලුවෙකුගේ සහෝදරයෙක් ගේ උදව්ව නිසා ඇමරිකාවට ආපු මම[FONT=Iskoola Pota, serif], [/FONT]අද වෙනකොට මේ රටේ සෑහෙන යමක් කමක් තියෙන පුද්ගලයෙක් බවට පත්වෙලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මටම කියලා ගෙයක්[FONT=Iskoola Pota, serif], [/FONT]වාහනයක් එක්ක සුඛෝපබෝගී ජීවිතයක් ගෙවන්න හැකියාවක් දැන් තියෙනවා[FONT=Iskoola Pota, serif].
[/FONT] ලංකාව අමතක කරලා දාලා ආපු මම[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ පවුලේ අයවත් ඇමරිකාවට ගෙන්වාගන්න නොදරපු උත්සාහයක් නැති තරම්[FONT=Iskoola Pota, serif].
[/FONT] “අනේ දරුවෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]අක්කත් ඉඳිද්දී අපි කොහොමද ඔය රටට ඇවිල්ලා ඉන්නේ[FONT=Iskoola Pota, serif]? “
[/FONT] අම්මගෙයි තාත්තගෙයි පිළිතුරවුනේ එහෙම එකක්[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර බල කරත් ඒ දෙන්නා හැමදාටම ලංකාව දාලා එන්න අකමැති වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් වරින් වර අම්මා තාත්තත්[FONT=Iskoola Pota, serif], [/FONT]අක්කත් මාව බලන්න ඇවිත් ගියා[FONT=Iskoola Pota, serif].
[/FONT] අමාරුවෙන් ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙච්ච මගේ අක්කා විවාහ වුනේ යුනිවසිටි එකේ ඉඳලම දැන අඳුන ගත්ත පුද්ගලයෙක් එක්ක[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මස්සිනාත් අක්කා වගේම වෛද්‍යවරයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙන්නව දාලා මම ඉන්න තැනට එන්න අම්මයි තාත්තයි කොහෙත්ම කැමති වුනේ නැහැ[FONT=Iskoola Pota, serif].
[/FONT] අක්කාගේ විවාහයෙන් පස්සේ මටත් දෙමව්පියන්ගෙන් රතු එළි නිකුත් වෙන්න පටන් ගත්තා[FONT=Iskoola Pota, serif].
[/FONT] “අක්කත් පිළිවෙලක් වුන එකේ නරකද පුතත් පොඩ්ඩක් ඒ ගැන හිතුවොත්[FONT=Iskoola Pota, serif]?“ [/FONT] අම්මත් තාත්තත් මට කතා කරපු හැම වෙලාවකම වගේ ඇහුවේ එහෙම[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩ් පොඩි යෝජනා වලින් ආරම්භ වුන මේ කතා බහ සමහර අවස්තා වලදී තර්ජනයන් දක්වා ඉහළ ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් නුවණිගේ වෙන්වීමෙන් පස්සේ හිතට දැනුණ ඒ කම්පනය මගේ හිතේ තාමත් හොල්මන් කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම එකක් හිතේ තියාගෙන ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් බය වුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] දැන් මේක කියවන උන් කට කොනකින් හිනාවෙනවත් ඇති[FONT=Iskoola Pota, serif].
[/FONT] “අයිසේ[FONT=Iskoola Pota, serif]... [/FONT]තමුසේ මාර මිනිහෙක් නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]එක කෙල්ලෙක් හින්දා ඔහොම අවුල් ගන්නවද[FONT=Iskoola Pota, serif]? [/FONT]බලනවා[FONT=Iskoola Pota, serif]... [/FONT]මම බඳින්න කලින් කෙල්ලො හතරක් එක්කම ආශ්‍රය කරා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙන්නෙක් මට බූට් එකක තිබ්බා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම දෙන්නෙක්ට බූට් එක තිබ්බා“[FONT=Iskoola Pota, serif].
[/FONT] ඔබටත් එහෙම හිතුනා නම් ඒ ගැන මගේ හිතේ හාන්කවිසියකවත් නොමනාපයක් නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ආදරය සම්බන්ධ හිත් රිදවීම් එක එක්කෙනාට දැනෙන්නේ වෙනස් විදිහකට බව මම අත්දැකීමෙන්ම දන්න නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාලා ඔය කියනවා වගේ යාලුවෝ මගෙ අතරත් හිටපු නිසා මේ වගේ පිළිතුරක් මට අරුමයක් නෙවෙයි[FONT=Iskoola Pota, serif].
[/FONT] පොඩි කාලේ ඉඳලා හුඟාක් ගෙදරට සමීපව හැදුණ වැඩුණ මට[FONT=Iskoola Pota, serif], [/FONT]පාසල් යන කාලේවත්[FONT=Iskoola Pota, serif], [/FONT]උසස් අධ්‍යාපනය හදාරනකනුත් ආදරය ගැන හිතන්න හැකියාවක් තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මධ්‍යම පාන්තික පවුලක බාලයා විදිහට ඉපදුන මටත්[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ අක්කටත් ඉගෙන ගන්න තාත්තගේ තනි පඩියෙන් වියදම් කරන්න හුඟක් අමාරුකම් තිබුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඉගෙනීමට හිත යොමු කරනවා ඇරෙන්න වෙන වැඩවල යෙදෙන්න තරම් අවකාශයක් තිබුණෙ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම අම්මා තාත්තා වුනත් අඩු වයසෙන් ඒ වගේ සම්බන්ධකම් වල පැටලෙන එක අනුමත කළේ නැහැ[FONT=Iskoola Pota, serif].
[/FONT] “පුතා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට ඔයාලා දෙන්නට දෙන්න මහලොකු ඉඩකඩම්[FONT=Iskoola Pota, serif], [/FONT]යාන වාහන නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අපි පුලුවන් හොඳම විදිහට ඔය දෙන්නට උගන්නනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් පිස්සු නටන්නේ නැතුව ඉගෙන ගෙන තමන්ගේ අනාගතය හදාගන්න[FONT=Iskoola Pota, serif].“
[/FONT] තාත්තාගෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]අම්මාගෙත් ඒ අවවාදය මමත්[FONT=Iskoola Pota, serif], [/FONT]අක්කත් ඉස් මුදුනින්ම පිළි ඇරගෙන වැඩකළා[FONT=Iskoola Pota, serif]. [/FONT]අක්කා වෛද්‍යවරියක් වීමට විශ්ව විද්‍යාලයට තේරුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඒ තරම් වාසනාවන්ත නොවුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]හොඳින් වැඩිදුර අධ්‍යාපනය ලබලා රැකියාවක් ලබාගන්න පුලුවන් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ රැකියාවේ ප්‍රතිලයක් විදිහට අවසානයේ මම වර්තමානයේ ඉන්න තත්වයට එන්න ආවා[FONT=Iskoola Pota, serif].
[/FONT] ඉතින් ඒ වගේ ජීවිතයක් ගතකරපු මට[FONT=Iskoola Pota, serif], [/FONT]නුවණිගේ වෙන්වීමෙන් පස්සේ ඇතිවෙච්ච හිස්තැන කාටවත් පුරවන්න පුලුවන් වේවි කියලා මම හිතුවේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ආදරය ඒකපාර්ශවික ආදරයක් වුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආදරයට කෝඩුකාරයෙක් වුන මට මහමෙරක් වගේ[FONT=Iskoola Pota, serif].
[/FONT] “දරුවෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]ඔයා කැමති කවුරු හරි ඉන්නවනම් කියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හොයලා බලලා කරලා දෙන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කටයුතු හරි කාලෙදි කරන්නේ නැතුව කවදා කරන්නද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]
ගෙදරින් ගෙනාපු යෝජනා කීපයකටම අකමැත්ත පෙන්වූවාට පස්සේ අම්මාගේ ඉවසීමේ සීමාව පැනලා එහෙම කිවුවා[FONT=Iskoola Pota, serif].
[/FONT] නුවණි සම්බන්ධ කිසිම දෙයක් මගේ ගෙදර මිනිස්සුවත් දැනගෙන හිටියේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද හැමදේම සිද්ධ වුනාට පස්සේ ඒ දේවල් කියලා කාටවත් පලක් නොවෙන නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි කාලේ ඉඳලම දුකක් වේදනාවක් දැනුනම හිතේ කොනක හිර කරගෙන පැත්තකට වෙලා ඉන්න පුරුදු වෙලා හිටපු මට ඒක අරුමයක් නෙවෙයි[FONT=Iskoola Pota, serif].
[/FONT] මේ විදිහට ජීවිතය ගලාගෙන යද්දී කවදාවත් ලංකාවට යන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මට නැවත වතාවක් ආපහු ලංකාවට යන්න සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මම වැඩකරන ආයතනයේ දකුණු ආසියානු ශාඛාව කොළඹ පිහිටුවන්න ආයතන පරිපාලනය තීරණය කිරීමත් එක්ක[FONT=Iskoola Pota, serif]. [/FONT]දකුණු ආසියාතික කලාපයේ ප්‍රධාන කළමණාකරණ නිළධාරී විදිහට මට ලැබුණ ස්ථාන මාරුව අකමැත්තෙන් වුනත් පිළිගන්න වුනේ ආයතනය මා කෙරෙහි තබා තිබුණ විශ්වාසය සහ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ කරුණු කාරණා නිසා ජීවිතය ආපහු සැරයක් ගලාගෙන යන දිශාව වෙනස් වුනා[FONT=Iskoola Pota, serif].[/FONT]