දෙවියනේ[FONT=Iskoola Pota, serif]...! [/FONT]මට ආයෙ සැරයක් කියවුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම පහුගිය අවුරුදු ගාන තිස්සෙම අමතක කරන්න හදපු ඒ රූපය[FONT=Iskoola Pota, serif]... [/FONT]ආයෙත් මගෙ ඉස්සරහ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතාගන්න විනාඩි කිහිපයක් ගියා[FONT=Iskoola Pota, serif].[/FONT]
නුවණි ගේ ලොකු වෙනසක් පහුගිය කාලෙට වෙලා තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එකපාර අඳුනගන්න බැරිවුනේ අන්තිම පාරට අපි හම්බවෙනකොට දිගට වවලා තිබුණ කොණ්ඩය මේ වෙනකොට එයා කොටවෙන්න කපලා හිටපු නිසයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එදා දැකපු කෙළිලොල් ගතිය වෙනුවට අත්දැකීම් නිසා මුහුකුරා ගියපු පෙනුමක් එයාගේ මුහුණෙන් පෙනුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] මම වගේම නුවණිත් මෙතනදී එකිනෙකා හම්බවෙන්න කොහොමවත් බලාපොරොත්තු වුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක පැහැදිලිව එයාගේ මූණෙනුත් පෙනුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] “සාරංග ඔයා[FONT=Iskoola Pota, serif]? “ [/FONT]නුවණිගේ අත්දෙක එයාටත් නොදැනිම කට ගාවට ගියේ පුදුමය නවත්තගන්න බැරුව[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ඔක්කොම අස්සේ රෙබෙකා සිද්ධ වුන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බල බලා හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]රෙබෙකා අපි දෙන්නගේ හැසිරීම දැකලා අන්ද මන්ද වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif].
[/FONT] විනාඩි කීපයක් ගතවෙලා ගියත් දෙන්නගෙන් කවුරුවත් කතාවක් පටන් ගත්තේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තම කිවුවොත් මට කතාකරන්න උවමනාව තිබුණත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මම හිටියේ[FONT=Iskoola Pota, serif].
[/FONT] “චමත්කාර[FONT=Iskoola Pota, serif], [/FONT]ඔයාලා දෙන්නා මීට කලින් අඳුනනවද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අන්තිමට රෙබෙකාම ප්‍රශ්නයක් ඇහුවා[FONT=Iskoola Pota, serif].
[/FONT] “රෙබෙකා[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ මගේ හොඳම යාලුවෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නා මේ හම්බවෙන්නේ සෑහෙන අවුරුදු ගාණකට පස්සේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තරහා නැතුව අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඉඩදෙන්න පුලුවන්ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අන්තිමට කතාකරගන්න පුලුවන් වුන ගමන් මම කිවුවා[FONT=Iskoola Pota, serif].
[/FONT] “නෝ ප්‍රොබ්ලම්[FONT=Iskoola Pota, serif]. [/FONT]යූ ගයිස් කීප් ටෝකින්“ එහෙම කිවුව රෙබෙකා මටත් ඔලුව වනාගෙන මීටින් රූම් එකෙන් එළියට ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]රෙබෙකා එළියට යනකම් බලාගෙන හිටිය මම ආපහු නුවණි දිහාවට හැරුණා[FONT=Iskoola Pota, serif].
[/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]... [/FONT]මෙච්චර කාලෙකට පස්සේ[FONT=Iskoola Pota, serif]? “ [/FONT]මටත් කලින් නුවණි කතාව පටන්ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට තාමත් හිතාගන්න බැහැ මම කතාව කොහෙන් පටන් ගන්න ඕනෙද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]
මම නුවණි ඉස්සරහ තිබුණ පුටුවේ වාඩිවුනේ හිටගෙන හිටපු එයාටත් ඉඳගන්න කියලා කියන අතින් කියන ගමන්[FONT=Iskoola Pota, serif]. [/FONT]සෑහෙන කාලයක් මගේ කර ගන්න පෙරුම් පුරලා මට අහිමි වුන[FONT=Iskoola Pota, serif], [/FONT]කාලයක් තිස්සේ ඒ හින්දම දුක් විඳපු ඒ පුද්ගලයා ආයෙමත් මගේ ඉස්සරහ[FONT=Iskoola Pota, serif].
[/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]... [/FONT]ඇයි ඔයා නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නැත්තේ[FONT=Iskoola Pota, serif]? [/FONT]එච්චර ඉක්මණට අපේ යාලුකම අමතක වුනාද[FONT=Iskoola Pota, serif]? “ [/FONT]නුවණිගෙන් ප්‍රශ්න පත්තරයක් මට එල්ලවෙමින් තිබ්බා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට මම කතා කලා[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඔයාට කොහොමද නුවණි[FONT=Iskoola Pota, serif]? [/FONT]සන්තෝසෙන් ඉන්නවද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]නුවණි කොච්චර කතා කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ ඒ එකම ප්‍රශ්නෙන් එයා ගොලුවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාටත් නොදැණිම එයාගේ ඇස්වලට කඳුලු පිරෙනවා මම බලාගෙන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක මට නොපෙනෙන්න එයා ඔලුව බිමට හරවගත්තා[FONT=Iskoola Pota, serif].
[/FONT] අපි අතරෙ කතා බහක් නැතුව තවත් විනාඩි කිහිපයක් ගෙවිලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒ නිහඬතාවය දරාගන්න බැරි තරම් තත්වයක් ඇතිවෙලා තිබුණේ[FONT=Iskoola Pota, serif].
[/FONT] “නුවණි[FONT=Iskoola Pota, serif], [/FONT]මොකද මේ හදිස්සියේ ඔයා වෙනස්වුනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකක් හරි ප්‍රශ්නයක්ද[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “ප්‍රශ්නයක් දැන්නම් නෑ සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ප්‍රශ්නයක් ඇතිවුන කාලෙදි මාත් එක්ක ඉන්න ඕනේ මගේ හොඳම යාලුවත් මාත් එක්ක හිටියේ නෑනේ[FONT=Iskoola Pota, serif]....“
[/FONT]නුවණි හීන් ඉකිබිඳුමක් එක්ක කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කතාවෙන් මාව කරකවලා අත ඇරියා වගේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මොකක්ද මෙයා කියන්න හදන්නේ[FONT=Iskoola Pota, serif]?
[/FONT] “මේ බලන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉස්සරත් කැමති නෑ ප්‍රශ්නයක් තියෙනවානම් වහෙන් ඔරෝ කතා කරනවට[FONT=Iskoola Pota, serif]. [/FONT]කියන දෙයක් පැහැදිලිව කියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට කතාකරලා ප්‍රශ්නයක් තියෙනවානම් විසඳගන්න බැරිතරම් නොමේරූ මිනිස්සු නෙවේනේ[FONT=Iskoola Pota, serif]?“
[/FONT] අන්තිමට නුවණි ඔලුව ඉස්සුවේ බෑග් එකින් ගත්ත ලේන්සුවකින් කඳුලු පිහිදන ගමන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඇස් රතුවෙලා තිබුණා[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඔයා හුඟක් වෙනස් වෙලා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම සැරේ ඔයාව දකිනවට වඩා ඔයා හුඟක් දියුණු වෙලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු තැනකට ඇවිත්[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඇත්තටම සතුටුයි ඒක ගැන“ කඳුලු අතරින් හිනාවෙන ගමන් නුවණි කිවුවා[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඒක ගැන අපි පස්සේ නිවිහැනහිල්ලේ කතාකරමුකෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif], [/FONT]මොකක්ද ඔයා ඉස්සෙල්ලා කියන්න ගියේ කියලා කියන්න[FONT=Iskoola Pota, serif].“ [/FONT]මට මෙයාගේ ඔලුවට වද දෙන ප්‍රශ්නේ මොකක්ද කියලයි දැනගන්න ඕනේ වුනේ[FONT=Iskoola Pota, serif].
[/FONT] “ප්‍රශ්න ගොඩක් වුනා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම සැරේට ඔයාව එදා හම්බවුනාට පස්සේ මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ලෝකේ කියන්නේ සුන්දර තැනක් නෙවෙයි කියලා මට පේන්න ගත්තේ කවදාවත් හිතපු නැති ප්‍රශ්න ගොඩක් එකක් පස්සේ එකක් එන්න ගන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කරදර වලදී මාත් එක්ක හිටපු යාලුවොත් අහක බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අඩුම ගානේ ඔයාවත් හිටියේ නෑ නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාට වැරෑද්දක් කියනවා නෙවෙයි සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ දවස් වල ඔයා වගේ යාලුවෙක් මාත් එක්ක හිටියනම් කියලා තනියම හිතපු වෙලාවල් අනන්තවත් තිබුණා[FONT=Iskoola Pota, serif].“
[/FONT] කතාව නවත්තලා නුවණි ආයෙත් මං දිහා බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙයියනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ඇස් තාමත් වෙනස් වෙලා නෑ නේද කියලා මට තේරුණේ එතකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මං වැඩිපුර වෙලාවක් ඒ දිහා බලන් හිටියද මන්දා කියලා හිතුනේ එයා ආයෙත් එකපාරට බිම බලාගන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම පුටුවේ ඉස්සරහට ඇවිත් අවධානයෙන් එයා දිහා බලාගෙන හිටියේ කතාවේ ඉතුරු ටිකත් අහගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවණිව හදිස්සි කරන්න උවමනාවක් තිබුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඕනේ තරම් වෙලාව තිබුණා එදා වගේම අදත් එයා වෙනුවෙන් වෙන් කරන්න[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඔයාට මතකද සාරංග ඔයා ලංකාවෙන් යන්න යනකොට මම වෙඩින් එකට ලෑස්ති වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයාටත් මම ඉන්වයිට් කරනවා කියලා කිවුවා[FONT=Iskoola Pota, serif]?“
[/FONT] මම ඔලුව වැනුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා අන්තිමට අපි දෙන්නා කොටුව ස්ටේෂන් එකේ හම්බවුන වෙලාව තත්පරයක් අඩු නැතුව මගේ මතකයේ රෑඳිලා තිබුණා[FONT=Iskoola Pota, serif].[/FONT]
“ඒ වෙඩින් එක කවදාවත් සිද්ධ වුනේ නැහැ සාරංග“ නුවණි හෙමීට කිවුවේ මගේ ඔලුවට පොල්ලකින් ගහන්නා වගේ[FONT=Iskoola Pota, serif].
[/FONT] “මොකක්[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයා විහිලු කරනවද[FONT=Iskoola Pota, serif]? [/FONT]එදා අපි දෙන්නා අන්තිමට හම්බවෙනකොට ඔයා කාඩ්ස් බෙදන්නත් එක්ක ලෑස්තිවෙලා නේද හිටියේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ මොකක්ද ඔයා කියන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මට පුදුමය නවත්තගන්න බැරි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙයා මාත් එක්ක විහිලු කරනවද කියලා මට හිතුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඔයා කිවුව හැමදේම ඇත්ත සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]මමත් ජීවිතේ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මම විතරක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ ගෙදර අම්මා[FONT=Iskoola Pota, serif], [/FONT]තාත්තා මේ හැමෝම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]....“
[/FONT] “දෙයියන්ගෙ නාමෙන් මොකද වුනේ කියන්න[FONT=Iskoola Pota, serif]....“ [/FONT]එයාව හදිස්සි කරන්න උවමනාවක් නැතිවුනත් මගේ කුතුහලය මටත් නොදැනිම වචන පිටකරා[FONT=Iskoola Pota, serif].
[/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ඔක්කොම දේවල් විනාස වෙන්න ගියේ බොහොම පොඩි වෙලාවක් සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස් කියන්නේ අමුම අමු බොරු කාරයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මනුස්සයා මීට කලින් කසාද බැඳපු මිනිහෙක්[FONT=Iskoola Pota, serif]....“ [/FONT]නුවණි ආයෙත් ඉකිබිඳින්න ගත්තා[FONT=Iskoola Pota, serif].
[/FONT] මේ ලෝකේ හැමදෙයක්ම එකපාරට නැවතුනා වගේ කියලා මට දැනුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ටීවී එකේ යන කතාවලින් මෙහෙම දේවල් අනන්තවත් දැකලා තිබුණට[FONT=Iskoola Pota, serif], [/FONT]ඇත්ත ජීවිතේ මේ වගේ දෙයක් වෙනකොට ඇතිවන හැඟීම කාටවත් පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැ[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඒත් දෙයියනේ ඔයාලා මේවා දැනගන්න මෙච්චර කාලයක් ගතවුනේ ඇයි[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයාලට දුරින් නෑදෑ වෙනවා කිවුවා නේද යසස්ව[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “ඒ ගෙදර කට්ටියවත් මේක දැනන් හිටියේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස්ගේ වයිෆ්ට ආරංචි වෙලා මිනිහා ආයෙත් බඳින්න යනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ගෑනු කෙනා අපේ ගෙදර ඇවිත් මහා ලොකු රණ්ඩුවක් පටන් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කිසිම දෙයක් පවුල් දෙකේම කවුරුත් දැනන් හිටියේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ඒ ගෑනු මනුස්සයා යසස්ට විරුද්ධව නඩු දැම්මා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ඔක්කොම සිද්ධ වුනේ වෙඩින් එකට සතියක් වගේ කාලයක් තියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ ජීවිතේ ඔක්කොම උඩ යට පෙරලුනා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ මුලු පවුලටම උන නින්දාව[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ගැන හිතලා තාත්තට ස්ට්‍රෝක් එකක් ඇවිත් පැත්තක් පැරලයිස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]තාමත් එයාට බෙහෙත් කරනවා[FONT=Iskoola Pota, serif].“ [/FONT]නුවණි එකදිගටම කියාගෙන ගියේ හිතේ ආවේගෙටත් එක්ක නිසා මම කිසිම දෙයක් කියන්නේ නැතුව එයාට හිතුමතේ කතා කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඒ වෙනකොට මම ජොබ් එකෙනුත් අස්වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාත්තට වියදම් කරන්න ගිහින් අපි හරි අමාරු තත්වෙකට වැටුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහරගම පුංචිලා නොහිටින්න අපේ පවුලට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාලා දෙවිවරු වගේ මටයි අම්මටයි තාත්තටයි අමාරු කාලේ උදව් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම මේ සිද්ධියෙන් පස්සේ අපි නුවර ගෙදර කුලියට දීලා මහරගම ඇනෙක්ස් එකක් අරන් පදිංචියට ආවා[FONT=Iskoola Pota, serif].“
[/FONT] “ඒ කාලේ මම පුදුම වැටිල්ලක් වැටුනේ සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම මගේ යාලුවෝ කියලා හිතන මිනිස්සු එක එක්කෙනා මාව කොන් කරන්න ගත්තම මට දරාගන්න බැරිවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ආපහු පස්ස හැරිලා බලද්දී ඒ දවස් කොහොම ගත කරාද කියලවත් මට හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]... [/FONT]අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම ඒ වැටුණ වැටිල්ලෙන් නැගිටින්න මම උත්සාහ කරනවා සාරංග[FONT=Iskoola Pota, serif]...“ [/FONT]නුවණි කතාව අවසාන කලේ එහෙම[FONT=Iskoola Pota, serif].
[/FONT] එයාගෙ ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු පාරවල් දෙකක් තද රතුපාට බ්ලවුස් එකේ බෙල්ල හරියෙ පැල්ලම් හදලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් මේ පාර එයා කඳුලු හංගන්න උත්සාහ කලේ නැහැ[FONT=Iskoola Pota, serif].
[/FONT] “එතකොට යසස්ට මොකද වුනේ[FONT=Iskoola Pota, serif]....?“
[/FONT] “එයා අන්තිමට හැමදේම කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]කලින් වයිෆ් ව ඩිවෝස් කරලා මාව බඳින්නම් කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ වගේ දේකට මම කොහොමද එකඟ වෙන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මම කොහොමටවත් කැමති වුනේ නැහැ ඒ මිනිහගේ මූණවත් බලන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාගේ ගෙදරින් පවා අන්තිමට ඒ මනුස්සයාව එලෙව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ආරංචි විදිහට රටින් ගියා කියලා තමා කියන්නේ[FONT=Iskoola Pota, serif]...“
[/FONT] “පවුලක් තියාගෙනත් මොන එහෙකටද නුවණි ඒ මනුස්සයා ඔයාව බඳින්න කැමති වෙලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මම මගේ හිතේ තියෙන අන්තිම ප්‍රශ්නෙත් ඇහුවා[FONT=Iskoola Pota, serif].
[/FONT] “සල්ලි වලට සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා දන්නවනේ අපේ පවුලේ එකම ළමයා මම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් හැමදෙයක්ම අයිතිවෙන්නේ මට[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස් ඒ දවස් වල ඉඳලා තියෙන්නේ සෑහෙන්න සල්ලි හිඟකමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා හිතුවේ මාව බැඳලා ඒ සල්ලි අතට ගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එයා කවදාවත් හිතුවේ නැහැ ඒවා එළිවෙයි කියලා[FONT=Iskoola Pota, serif].“
[/FONT] මට වෙලා තියෙන දේවල් හැමදේම පැහැදිලි වෙලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කෙල්ල විඳවපු කාලේ උදව්වටවත් ළඟින් ඉන්න හම්බවුනේ නැති එක ගැන මට ඇතිවුනේ වැරදිකාර හැඟීමක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මම ඒ වෙනකොට ලංකාවෙන් සෑහෙන්න දුරක් ගිහින් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]