එහෙනම් මචෝ අවුල. අවුරුදු 20-21 පැන්නට පස්සේ උඹ ස්වාධින මනුස්සයෙක්. උඹට රස්සාවක්, පරස්තාවක් කර ගන්න නිදහස තියෙන්න ඕනේ. දෙමව්පියෝ කරන්න ඕනේ මග පෙන්වීමක් සහ අවවාද දීමක් පමණයි.
එහෙම නැති උනොත් ඒක උඹේ පෞරුෂ සංවර්ධනයට බලපෑමක් වෙන්න පුළුවන්. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක වධයක් වෙන්න බෑ. තමන්ගේ දෙපයින් නැගිටින්න, තමන්ගේ පෞරුෂය, ආත්ම ශක්තිය හදා ගන්න දෙමාපියන් විදියට දරුවන්ට ඉඩ දෙන්න ඕනේ.
මොකද, මේ දේවල් දිගටම සිදු උනොත්, කසාදයක් කර ගත්ත දවසටත්, ඔය ප්‍රශ්ණ දෙගුණ වෙලා එන්න පුළුවන්.
හොඳම දේ තමා, ටික ටික, පැහැදිලි කරලා දෙන එක. අම්මා, තාත්තා දෙන්නම එකට ඉන්න වෙලාවක, හැමෝගෙම මූඩ් එක හොඳ වෙලාවක, කෙලින්ම උඹ දෙන්නටම කතා කරන්න. එක පාර හරි යන්නේ නැති වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.
ඒ ක්‍රමය හරි නොගියොත්, පොඩි කපටි කම් වලින් තමා ගොඩ දාන්න තියෙන්නේ. ( ගෙදරට හොරාට ටික වෙලාවට එලියට ගිහින්, එන කෝල් වලට උත්තර දෙන එක ටික ටික ප්‍රමාද කරලා, පොඩ්ඩක් හිතුවක්කාර ගමන් ගිහින් එන එක ). හැබැයි පුතෝ බොහෙම පරෙස්සමෙන්, බොහොම හෙමින්, ටික ටික කරන්න ඕනේ. අම්මට දැනෙන්න අරින්න ඕනේ, පස්සෙන් පැන්නුවේ නැති උනාට, උඹ පරෙස්සමට ගෙදර එනවා කියන දේ.