ඒක මචං මේ වගේ දෙයක්.
කවදාවත් දැකලා නැති කෙනෙකුට අයියයි මල්ලියි එක වගේ තමයි පේන්නෙ. නමුත් පොඩි අධ්‍යනයකින් නිකංම දෙන්නව වෙන් කරලා අඳුරගන්න පුලුවන්.
අපි ඉන්න සමාජයේ කවුරුවත් "රදනකයා", "දත් කැටියා" වගේ සර්පයින්ගෙ නමවත් අහලා නෑනෙ. ඒ හින්දාමයි ඔය ගැටළුව වෙලා තියෙන්නෙ.
දැන් ඉඳන් උතසහ කළොත් ළමයි ලොකු වෙනකොට හරි වැදගත් වෙයි.
ඔතන බන් රිස්ක් එකක් තියනවානේ හෙන
මොකද සර්පයා ඔය ෆොටෝ වල ලස්සනට ඉරි තිත් සලකුණු තිබුනට, සමහර වෙලාවට අපිට හම්බෙන එවුන් මඩ ගාගෙන දූවිලි ගාගෙන ඉරි තිත් මොනවත් පේන්නෙ නැහැ.
අනික ඔය ෆොටෝ වල තියන පාට නැහැ ඇත්තට සර්පයා දකිද්දි, සමහර වෙලාවට එකම එකා තද පාටයි ලා පාටයි එතකොට ගොඩක්ම එක වගේ නං ඔය කියන තරම් ලේසියට අඳුන ගන්න බැහැ
මොකද මඩ ගාගෙන ඉන්න ඉන්න සරපයයෙක් හෝදල කරලා හරි එකාද කියලා බලන්නද
ශුවර්ම සතෙක් නං මරන්නෙ නැහැ ගැරඬි , දිය නයි වගේ එවුන්
අයියයි මල්ලියි මාරු වුණා කියල කාටවත් අවුලක් නෑනෙ
සර්පයා මාරු වුණොත් එහෙමයැ
ඒක තමයි මාත් කියන්නෙ
සමහර වෙලාවට ගේ ලඟම ඉඳල අහුවෙනවා එතකොට සර්පයො අඳුනගන්න ගියොය් එක්කො කොහෙ හරි අස්සකට පැන ගන්නවා නැත්තං කවරු හරි කයි
කාපු වෙලාවට දාර්ශනික ටෝක් දීල වැඩක් නැහැනේ
අනික අපි කොහෙ වත් කැලවල් වල ඉන්න එවුන් හොය හොය මරන්න යන්නෙ නැහැනේ ගෙදරට ආවොත් තියන රිස්ක් එක නිසා මරනවා මිසක්