මේක ටෙස්ට් මැච් එකක්ද

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මේක ටෙස්ට් මැච් එකක්ද

    මේක ටෙස්ට් මැච් එකක්ද?රන්ජි ටීම් එකකට වුණත් ලංකාව පහසුවෙන් පරාජය කළ හැකියි :(:(

    ක්‍රිකට් විස්තර විචාරකයෙකු හා විශ්ලේෂකයෙකු ලෙස සැලකෙන සුනිල් ගවස්කාර් ශ්‍රී ලංකා කණ්යාමට අවමන් කරමින් අදහස් දක්වා තිබෙනවා.

    ඔහු එහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ ‘රන්ජි කුසලානයට‘ සහභාගී වන කණ්ඩායමට වුවද ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හැකි බවයි.

    ‘‘ඇත්තටම කිව්වොත් මේකට ටෙස්ට් මැච් එකක් කියන්න බැහැ..ඉන්දියානු කන්ඩායමේ හැකියාවන් මේ තරඟාවලියේදී නිසි ලෙස පරීක්ෂා වුණේ නැහැ..රන්ජි කුසලානයට සහභාගී වන කණ්ඩායමකට වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කළ හැකියි...‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.

    විස්තර විචාරක සන්ජේ මන්ජරේකා සහ හිටපු ඉන්දියානු ක්‍රීඩාකයෙකු වන මොහොමඩ් කයිෆ්ද මීට පෙර මේ හා සමානම අදහස් දක්වා තිබුණා.

    වඩාත් අභියෝගාත්මක තරඟාවලි සඳහා ඉන්දියානු පාලක මණ්ඩළයෙන් ඉල්ලීම් කරන ලෙස තමා විරාත් කෝලිගෙන් ඉල්ලා සිටින බව සන්ජේ මන්ජරේකා එහිදී පවසා තිබුණා

    sunil-gavaskar-afp_806x605_61499092498.jpg

    456757576.JPG


    විලිලජ්ජයි බන් මොකද බන් මේ team එකට වෙලා :no::no:තියන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොද වැඩේ බන් ඔහොම තමයි වෙන්න ඕනේ පාලකයොයි, තේරීම් කමිටුවයි, පුහුනුකරුවෝයි, ක්‍රීඩකයෝයි ඔක්කොම එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති කළා.. සල්ලි වලට රට පාවල දුන්න :angry: