ඒ තානායම තිබුනෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ දුම්රිය ස්ථානයක් අසල. තානායමට අමතරව එතන පුංචි හෝටලයකුත් පවත්වා ගෙන ගියා. තානායමේ නවාතැන් පහසුකම් සපයාගත් වෙළෙඳ නියෝජිතවරු වැනි විවිධ අය වගේම, ප්‍රදේශ වාසීනුත් මේ පුංචි හෝටලයෙන් රාත්‍රී හෝ උදේ ආහාර ගන්න පුරුදු වුනේ ඒවායේ ප්‍රනීත රසය වගේම පිරිසිදු කම පිළිබඳවත් කිසිදු සැකයක් නොතිබූ නිසා.
මේ ස්ථානය අලංකාරවත් හා ආකර්ෂණීය ලෙස පවත්වාගෙන ගියේ පුංචි පවුලක්. තාත්තායි ,අම්මායි , දුවයි, පුතයි . දුව ඉගෙනුම ලැබුවේ සාමාන්‍ය පෙළ පන්තියේ . පුතා පාසලේ නවය වසරේ. කොරෝනා ව්‍යසනය හමුවේත් , යම් යම් සීමාකාරී තත්ව තුල ඔවුන් අපහසුවෙන් හෝ සිය ව්‍යාපාරය කරගෙන ගියේ තිබුණ එකම ජීවනෝපාය එයම පමණක් බැවින්.
කෙතරම් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කලත්, සමහර සුළු අතපසුවීම් නැවත නිවැරැදි කල නොහැකි තරම් භයානකයි . එවන් වූ හේතුවක් මත එක්වරම පවුලේ අම්මා ආසාදිතයෙක් බවට පත් වුනේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස.
හදිසියේම හිස රදය හා දැනුණ ඇඟපත වේදනාම හමුවේ වුනත් ඇය වේදනා නාශක භාවිතා කරමින් සිය හෝටලයේ කටයුතු කලේ එය වෙනත් සුළු ආබාධ තත්වයක් බව සිතමින්. බොහෝ දුරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන තමාට කිසිදා කොරෝනා ආසාදනය වේ යැයි ඇය සිතුවේ නෑ.
නමුත් දෙවන දිනයේ ඇතිවූ උගුරේ අපහසුතාව හා ක්ලාන්ත ගතිය හේතුවෙන් ඇයව පීසීආර් පරීක්ෂණයක් කරා යොමු කිරීමට ඇයගේ සැමියා කටයුතු කලා.
ප්‍රතිඵලය බලාපොරොත්තු නොවූවක් වුනා. ඇය කොරෝනා ආසාදිතයි . නොපමාව පව්ලේ අම්මා ගමින් තරමක් දුර බැහැර පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවුනා. පව්ලේ සෙසු අය නීරෝධායනයට ලක් කෙරුනා.
නමුත් අවාසනාව තවදුරටත් ඔවුන් සොයා ආවා. දෙවනුව රෝග ලක්ෂණ පෙන්වූයේ දුව. අම්මා ආසාදිත වූ බැවින්, දියණිය මද වශයෙන් රෝග ලක්ෂණ පෙන්වීමට ඇරඹූ විගස, ඇයවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවීමට පියා පියවර ගත්තේ එය ඉක්මනින් සුව වීමට ඉවහල් වනු ඇතැයි යන කල්පනාවෙන් .
දැන් නිවසේ පසුවන්නේ පිය පුතු දෙපළ පමණයි . නිවැසියන් නීරෝධායනයට ලක්වන විට, හෝටලයේ ඉවීමට පිසීමට උදව් කරන කාන්තාව ද නීරෝධායනයට ලක්වුණ බැවින් කෑම පිසීම වැනි කාර්‍යයන් සිදුවුනේ පවුලේ පියා අතින්.
මෙම තත්වයට පෙර පවුලේ සියළු දෙනා එකම නිදන කාමරයක නිදාගත්තත්, නීරෝධායනයට ලක් වීමෙන් පසු, මහජන සෞඛ්‍ය පරීක්ෂක උපදෙස් මත පියා සහ පුතා වෙන වෙනම කාමරවල නිදාගන්න පුරුදු වුනා.
දින දෙක තුනකට පසු, යලිත් වරක් අභාග්‍යය ඔවුන් සොයාගෙන ආවා. වෙනදා උදේ අවදිවී, පියා හදන කිරිපිටි කෝප්පය ගෙනෙන තුරු ඇඳේම සිටීමට පුරුදුව සිටි පුතා, එදා නැගිට මුළුතැන් ගෙය කරාගියේ පියා ප්‍රමාද හෙයින් .
නමුත් පියා කුස්සියේ සිටියේ නෑ. අනතුරුව පුතා උඩුමහලේ පියාගේ කාමරයට ගියේ පියා සෙවීමට. දොර රෙදි විවර කර පියාගේ කාමරයට එබුන පුතුට දිස්වුනේ ඕනෑම පියෙකුට දාව මෙලොව උපත ලද කිසිදු පුතෙකු විසින් දැකීමට බලාපොරොත්තු නොවන දර්ශනයක් .
පියා රාත්‍රියේ සිය ඇඳ මතම මියගොස් හිටියා. පියාගේ ඇඟට අත තැබූ පුතුට දැනුනේ එම සිරුර සීතලව , දරදඬු වී ඇති අයුරු .
විලාප දෙමින් ආපසු හැරුණු ඔහු නොපමාව දිවගියේ දුරකතනය වෙතට.
පළමුව සිය මාමාටත්, අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි නිවස නීරෝධායනයට ලක් කිරීමේදී අලවා තිබූ දැන්වීමේ සඳහන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ගේ අංකයටත් ඇමතූ ඔහු, අපහසුවෙන් ඉකිය වලකාගනිමින්, නිවසේ තත්වය පැවසුවා .
එවන් තත්වයක් හමුවේ ඔහුගේ මාමාට කලහැකි කිසිවක් තිබුණේ නෑ . දුරකතන ඇමතුමට පිළිතුරු වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුන් උපදෙස් පරිදි , හොඳින් මුව ආවරණය පැලඳගත් ඔහු, පියාගේ සිරුර සහිත කාමරයේ දොර වසාදැමීමට පෙර , යලිත් වරක් පියා නිදා සිටි ඇඳ සමීපයට ගොස්, අපහසුවෙන් හෝ සිය පියා දෙස බැලුවේ , තමාට පමණක් නොව සිය පවුලටම ආදරය ,කරුණාව හා රැකවරණය ලබා දුන් සිය ආදරණීය පියා, යලිත් වරක් තමාට දැකීමට නොලැබෙන බව සිහිපත් වූ බැවින්.
නොබෝ වේලාවකින් සෞඛ්‍ය බලධාරීන් පැමිණ සිරුර රැගෙන ගියේ පීසීආර් පරීක්ෂණයක් කර, එය කොරෝනා රෝගයෙන් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් බව අනාවරණය වුවහොත් නොපමාව රජයේ වියදමින් ආදාහනය කරන බව පුතුට දැනුම් දී.
තමා කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ දහ හතර වියැති මෙම පුතා නිවසේ තනිවුනා. පියාගේ කණගාටුදායක මරණය ඔහු සිය මවට හා අක්කාට නොදැන්වූයේ මාමාගේ උපදෙස් පරිදි , සිතේ සහනය මෙම රෝගී තත්වය සනීපවීමට ඉවහල්වන බවට දැනුවත් වීම මත.
වගකීම් භාර ගත හැකි, පව්ලේ සමීප ඥාතියෙක් , නිවැරැදි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දරුවා සමග වාසයට ගෙන්වාගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දරුවාට උපදෙස් දුන්නත්, එලෙස ගෙන්වා ගැනීමට කෙනෙක් ඔහුට නොසිටියේ මෙම රෝගය පිළිබඳව සියළු දෙනා දැක්වූ සහේතුක බිය හේතුවෙන් . දරුවාට අවශ්‍ය කෑම වේල් තුන ගෙනවිත් ගේට්ටුව ඇතුලත එල්ලා යාමටත්, වරින් වර දුරකතනය මගින් අමතා දරුවා ගේ සුවදුක් සෙවීමටත් ඔහුගේ මාමා අමතක කලේ නෑ ...
ඒ අතර තුර දිනපතා පුතා කැලැන්ඩරය දිහා බැලුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කරා ගෙනගිය සිය මව හා සොහොයුරිය නොබෝ දිනකින් සුව වී, යලිත් සිය නිවස කරා පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් .
ඒ සමගම එවැනි විටක සියා පියා අනපේක්ෂිත පරිදි තමන් හැරයාම පිළිබඳව ඔවුන්ට කෙසේ පවසන්නේදැයි ඔහු ඉමහත් පීඩාවකටත් ලක්වුනේ එය කිසිදා කිසිවෙකු බලාපොරොත්තු නොවූවක් බැවින් ...
දින කිහිපයක් පුරා ඔහු සිය මවට ඇමතීමට උත්සාහ කලත් , එය සාර්ථක නොවූයේ දුරකතනය ප්‍රතිචාර නොදක්වන බවට සේවා දායක සමාගම පූර්වව පටිගත කරන ලද පණිවිඩයට පමණක් සවන් දෙමින් .
ඊලඟ දිනයේ නොහඳුනන දුරකතන අංකයකින් ආ ඇමතුම ඔහු නොතකා හැරියේ එවැන්නකට පිළිතුරු දීමට පවා හැකි මානසිකත්වයක සැබැවින්ම ඔහු නොසිටිය බැවින්. නමුත් කෙටි කාලසීමාවක් තුල නැවත නැවතත් පැමිණි ඇමතුම සඳහා පිළිතුරු දීමට ඔහු උත්සුක වුනා.
එම ඇමතුම ගත්තේ ඔහුගේ මව.
තමා පියාගේ දුරකතනයට කිහිප වරක් ඇමතුම් ගත්තද, එය ක්‍රියාවිරහිතව පැවතීම මත නිවසේ දුරකතනයට ඇමතූ බවත්, තම දුරකතනය බිම වැටී කැඩීගිය බැවින් මෙම අංකය සහිත දුරකතනය සිය ඇඳට යාබද රෝගියාගේ බවත් අපහසුවෙන් මෙන් ඇය පැවසුවා . තමා ඉතාමත් අපහසු තත්වය සිටින බවත් , තමාට යලි නිවෙස කරා ඒමට නොහැකි වනු ඇති බවට තමාට දැනෙන බවත්, එබැවින් නොපමාව එම දුරකතන අංකය ලියාගෙන , එය පියාට භාරදී, තමාට අමතන ලෙස දන්වන ලෙසත් , හඬමින් හා බොහෝ අපහසුවෙන් ඇය සිය පුතුට පැවසුවා .
නමුත් ඒ වනවිටත් ඔහුගේ පියා එම ඇමතුමට පිළිතුරු සැපයීමට මෙලොව සිටියේ නෑ . මවගේ ඉල්ලීමට එකඟ වෙමින් , එම පණිවිඩය නොපමාව පියාට දන්වන බවට පොරොන්දු වෙමින්, ඔහු දුරකතනය විසන්ධි කලේ සැබෑ තත්වය පිළිබඳව සිය මවට පැවසීමට තරම් චිත්ත ධෛර්යයක් ඔහුට නොතිබූ බැවින්.
ඒ වගේම මව කුමක් පැවසුවත්, ඇයට ඉක්මනින් සුව වී , යලිත් තමා හා තම සොහොයුරිය හමුවට ඒමට හැකිවේවා යි පතමින් දෙවියන් යැදීමටත් ඔහු අමතක කලේ නෑ .
නමුත් අනපේක්ෂිත පරිදි ඔහුගේ ජීවිතයේ ඇසුන අතිශය ශෝක ජනක එම ආරංචියත් ඔහුට එදිනම සවස් වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබා දුන්නා . පියා මෙන්ම මවත් කෝවිඩ් 19 රෝගය හේතුවෙන් ඇති වූ නිව්මෝනියා තත්වය මත ඔවුන්ගෙන් සමුගෙන තිබුණා .
මෙය මවිසින් නිර්මාණය කරන ලද්දක් නොව, සැබවින්ම සිදුව, එම පවුලේ අසල්වැසි මා මිතුරෙකු දුරකතනය මගින් මා සමග පැවසූවක්.
මීටත් වඩා ශෝඛාන්ත ඉදිරියේදී අපට ඇසීමට ලැබෙනු ඇති. අප නිවැරැදි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු නොකලොත් ඇතැම්විට අපත් මෙවැනි ශෝඛාන්තවල ගොදුරු බවටද පත්වනු ඇති.
ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයේ ක්ෂුද්‍ර ජීවියෙකු හේතුවෙන්, ජීවිතය රැක ගැන්මට ගන්නා හුස්ම පොද ද ඔබට මරණය ගෙන ඒමට ඕනෑතරම් ඉඩකඩ ඇති මෙවන් සමයක , අප කෙතරම් ප්‍රවේශම් විය යුතුද යන්න ඔබට හොඳින්ම වැටහෙනවා ඇති.
එබැවින් තම ජීවිතය පිළිබඳව වගකීම රජයට හෝ සෙසු අයට දෙන්න එපා.
ඔබගේ ජීවිතය තව දුරටත් ජීවත් කිරීමේ වගකීම ඔබම ගන්න.
නිවැරැදි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න.
අනවශ්‍ය සංචරණ උපරිම අයුරින් සීමා කරන්න .
ඔබගේ පමණක් නොව ඔබගේ හිත මිතුරු ආදරණීයයන් ගේ ජීවිතද ආරක්ෂා කිරීමට ඔබට හැකි අයුරින් කැපව කටයුතු කරන්න .
ඔබ සැමට තෙරුවන් සරණයි ...!
© Wiraj Y.Nanayakkara .