මේක බොක්කට ම තට්ටු කරා බං

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඒ තානායම තිබුනෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ දුම්රිය ස්ථානයක් අසල. තානායමට අමතරව එතන පුංචි හෝටලයකුත් පවත්වා ගෙන ගියා. තානායමේ නවාතැන් පහසුකම් සපයාගත් වෙළෙඳ නියෝජිතවරු වැනි විවිධ අය වගේම, ප්‍රදේශ වාසීනුත් මේ පුංචි හෝටලයෙන් රාත්‍රී හෝ උදේ ආහාර ගන්න පුරුදු වුනේ ඒවායේ ප්‍රනීත රසය වගේම පිරිසිදු කම පිළිබඳවත් කිසිදු සැකයක් නොතිබූ නිසා.
    මේ ස්ථානය අලංකාරවත් හා ආකර්ෂණීය ලෙස පවත්වාගෙන ගියේ පුංචි පවුලක්. තාත්තායි ,අම්මායි , දුවයි, පුතයි . දුව ඉගෙනුම ලැබුවේ සාමාන්‍ය පෙළ පන්තියේ . පුතා පාසලේ නවය වසරේ. කොරෝනා ව්‍යසනය හමුවේත් , යම් යම් සීමාකාරී තත්ව තුල ඔවුන් අපහසුවෙන් හෝ සිය ව්‍යාපාරය කරගෙන ගියේ තිබුණ එකම ජීවනෝපාය එයම පමණක් බැවින්.
    කෙතරම් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කලත්, සමහර සුළු අතපසුවීම් නැවත නිවැරැදි කල නොහැකි තරම් භයානකයි . එවන් වූ හේතුවක් මත එක්වරම පවුලේ අම්මා ආසාදිතයෙක් බවට පත් වුනේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස.
    හදිසියේම හිස රදය හා දැනුණ ඇඟපත වේදනාම හමුවේ වුනත් ඇය වේදනා නාශක භාවිතා කරමින් සිය හෝටලයේ කටයුතු කලේ එය වෙනත් සුළු ආබාධ තත්වයක් බව සිතමින්. බොහෝ දුරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන තමාට කිසිදා කොරෝනා ආසාදනය වේ යැයි ඇය සිතුවේ නෑ.
    නමුත් දෙවන දිනයේ ඇතිවූ උගුරේ අපහසුතාව හා ක්ලාන්ත ගතිය හේතුවෙන් ඇයව පීසීආර් පරීක්ෂණයක් කරා යොමු කිරීමට ඇයගේ සැමියා කටයුතු කලා.
    ප්‍රතිඵලය බලාපොරොත්තු නොවූවක් වුනා. ඇය කොරෝනා ආසාදිතයි . නොපමාව පව්ලේ අම්මා ගමින් තරමක් දුර බැහැර පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවුනා. පව්ලේ සෙසු අය නීරෝධායනයට ලක් කෙරුනා.
    නමුත් අවාසනාව තවදුරටත් ඔවුන් සොයා ආවා. දෙවනුව රෝග ලක්ෂණ පෙන්වූයේ දුව. අම්මා ආසාදිත වූ බැවින්, දියණිය මද වශයෙන් රෝග ලක්ෂණ පෙන්වීමට ඇරඹූ විගස, ඇයවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවීමට පියා පියවර ගත්තේ එය ඉක්මනින් සුව වීමට ඉවහල් වනු ඇතැයි යන කල්පනාවෙන් .
    දැන් නිවසේ පසුවන්නේ පිය පුතු දෙපළ පමණයි . නිවැසියන් නීරෝධායනයට ලක්වන විට, හෝටලයේ ඉවීමට පිසීමට උදව් කරන කාන්තාව ද නීරෝධායනයට ලක්වුණ බැවින් කෑම පිසීම වැනි කාර්‍යයන් සිදුවුනේ පවුලේ පියා අතින්.
    මෙම තත්වයට පෙර පවුලේ සියළු දෙනා එකම නිදන කාමරයක නිදාගත්තත්, නීරෝධායනයට ලක් වීමෙන් පසු, මහජන සෞඛ්‍ය පරීක්ෂක උපදෙස් මත පියා සහ පුතා වෙන වෙනම කාමරවල නිදාගන්න පුරුදු වුනා.
    දින දෙක තුනකට පසු, යලිත් වරක් අභාග්‍යය ඔවුන් සොයාගෙන ආවා. වෙනදා උදේ අවදිවී, පියා හදන කිරිපිටි කෝප්පය ගෙනෙන තුරු ඇඳේම සිටීමට පුරුදුව සිටි පුතා, එදා නැගිට මුළුතැන් ගෙය කරාගියේ පියා ප්‍රමාද හෙයින් .
    නමුත් පියා කුස්සියේ සිටියේ නෑ. අනතුරුව පුතා උඩුමහලේ පියාගේ කාමරයට ගියේ පියා සෙවීමට. දොර රෙදි විවර කර පියාගේ කාමරයට එබුන පුතුට දිස්වුනේ ඕනෑම පියෙකුට දාව මෙලොව උපත ලද කිසිදු පුතෙකු විසින් දැකීමට බලාපොරොත්තු නොවන දර්ශනයක් .
    පියා රාත්‍රියේ සිය ඇඳ මතම මියගොස් හිටියා. පියාගේ ඇඟට අත තැබූ පුතුට දැනුනේ එම සිරුර සීතලව , දරදඬු වී ඇති අයුරු .
    විලාප දෙමින් ආපසු හැරුණු ඔහු නොපමාව දිවගියේ දුරකතනය වෙතට.
    පළමුව සිය මාමාටත්, අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි නිවස නීරෝධායනයට ලක් කිරීමේදී අලවා තිබූ දැන්වීමේ සඳහන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ගේ අංකයටත් ඇමතූ ඔහු, අපහසුවෙන් ඉකිය වලකාගනිමින්, නිවසේ තත්වය පැවසුවා .
    එවන් තත්වයක් හමුවේ ඔහුගේ මාමාට කලහැකි කිසිවක් තිබුණේ නෑ . දුරකතන ඇමතුමට පිළිතුරු වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුන් උපදෙස් පරිදි , හොඳින් මුව ආවරණය පැලඳගත් ඔහු, පියාගේ සිරුර සහිත කාමරයේ දොර වසාදැමීමට පෙර , යලිත් වරක් පියා නිදා සිටි ඇඳ සමීපයට ගොස්, අපහසුවෙන් හෝ සිය පියා දෙස බැලුවේ , තමාට පමණක් නොව සිය පවුලටම ආදරය ,කරුණාව හා රැකවරණය ලබා දුන් සිය ආදරණීය පියා, යලිත් වරක් තමාට දැකීමට නොලැබෙන බව සිහිපත් වූ බැවින්.
    නොබෝ වේලාවකින් සෞඛ්‍ය බලධාරීන් පැමිණ සිරුර රැගෙන ගියේ පීසීආර් පරීක්ෂණයක් කර, එය කොරෝනා රෝගයෙන් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් බව අනාවරණය වුවහොත් නොපමාව රජයේ වියදමින් ආදාහනය කරන බව පුතුට දැනුම් දී.
    තමා කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ දහ හතර වියැති මෙම පුතා නිවසේ තනිවුනා. පියාගේ කණගාටුදායක මරණය ඔහු සිය මවට හා අක්කාට නොදැන්වූයේ මාමාගේ උපදෙස් පරිදි , සිතේ සහනය මෙම රෝගී තත්වය සනීපවීමට ඉවහල්වන බවට දැනුවත් වීම මත.
    වගකීම් භාර ගත හැකි, පව්ලේ සමීප ඥාතියෙක් , නිවැරැදි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දරුවා සමග වාසයට ගෙන්වාගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දරුවාට උපදෙස් දුන්නත්, එලෙස ගෙන්වා ගැනීමට කෙනෙක් ඔහුට නොසිටියේ මෙම රෝගය පිළිබඳව සියළු දෙනා දැක්වූ සහේතුක බිය හේතුවෙන් . දරුවාට අවශ්‍ය කෑම වේල් තුන ගෙනවිත් ගේට්ටුව ඇතුලත එල්ලා යාමටත්, වරින් වර දුරකතනය මගින් අමතා දරුවා ගේ සුවදුක් සෙවීමටත් ඔහුගේ මාමා අමතක කලේ නෑ ...
    ඒ අතර තුර දිනපතා පුතා කැලැන්ඩරය දිහා බැලුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කරා ගෙනගිය සිය මව හා සොහොයුරිය නොබෝ දිනකින් සුව වී, යලිත් සිය නිවස කරා පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් .
    ඒ සමගම එවැනි විටක සියා පියා අනපේක්ෂිත පරිදි තමන් හැරයාම පිළිබඳව ඔවුන්ට කෙසේ පවසන්නේදැයි ඔහු ඉමහත් පීඩාවකටත් ලක්වුනේ එය කිසිදා කිසිවෙකු බලාපොරොත්තු නොවූවක් බැවින් ...
    දින කිහිපයක් පුරා ඔහු සිය මවට ඇමතීමට උත්සාහ කලත් , එය සාර්ථක නොවූයේ දුරකතනය ප්‍රතිචාර නොදක්වන බවට සේවා දායක සමාගම පූර්වව පටිගත කරන ලද පණිවිඩයට පමණක් සවන් දෙමින් .
    ඊලඟ දිනයේ නොහඳුනන දුරකතන අංකයකින් ආ ඇමතුම ඔහු නොතකා හැරියේ එවැන්නකට පිළිතුරු දීමට පවා හැකි මානසිකත්වයක සැබැවින්ම ඔහු නොසිටිය බැවින්. නමුත් කෙටි කාලසීමාවක් තුල නැවත නැවතත් පැමිණි ඇමතුම සඳහා පිළිතුරු දීමට ඔහු උත්සුක වුනා.
    එම ඇමතුම ගත්තේ ඔහුගේ මව.
    තමා පියාගේ දුරකතනයට කිහිප වරක් ඇමතුම් ගත්තද, එය ක්‍රියාවිරහිතව පැවතීම මත නිවසේ දුරකතනයට ඇමතූ බවත්, තම දුරකතනය බිම වැටී කැඩීගිය බැවින් මෙම අංකය සහිත දුරකතනය සිය ඇඳට යාබද රෝගියාගේ බවත් අපහසුවෙන් මෙන් ඇය පැවසුවා . තමා ඉතාමත් අපහසු තත්වය සිටින බවත් , තමාට යලි නිවෙස කරා ඒමට නොහැකි වනු ඇති බවට තමාට දැනෙන බවත්, එබැවින් නොපමාව එම දුරකතන අංකය ලියාගෙන , එය පියාට භාරදී, තමාට අමතන ලෙස දන්වන ලෙසත් , හඬමින් හා බොහෝ අපහසුවෙන් ඇය සිය පුතුට පැවසුවා .
    නමුත් ඒ වනවිටත් ඔහුගේ පියා එම ඇමතුමට පිළිතුරු සැපයීමට මෙලොව සිටියේ නෑ . මවගේ ඉල්ලීමට එකඟ වෙමින් , එම පණිවිඩය නොපමාව පියාට දන්වන බවට පොරොන්දු වෙමින්, ඔහු දුරකතනය විසන්ධි කලේ සැබෑ තත්වය පිළිබඳව සිය මවට පැවසීමට තරම් චිත්ත ධෛර්යයක් ඔහුට නොතිබූ බැවින්.
    ඒ වගේම මව කුමක් පැවසුවත්, ඇයට ඉක්මනින් සුව වී , යලිත් තමා හා තම සොහොයුරිය හමුවට ඒමට හැකිවේවා යි පතමින් දෙවියන් යැදීමටත් ඔහු අමතක කලේ නෑ .
    නමුත් අනපේක්ෂිත පරිදි ඔහුගේ ජීවිතයේ ඇසුන අතිශය ශෝක ජනක එම ආරංචියත් ඔහුට එදිනම සවස් වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබා දුන්නා . පියා මෙන්ම මවත් කෝවිඩ් 19 රෝගය හේතුවෙන් ඇති වූ නිව්මෝනියා තත්වය මත ඔවුන්ගෙන් සමුගෙන තිබුණා .
    මෙය මවිසින් නිර්මාණය කරන ලද්දක් නොව, සැබවින්ම සිදුව, එම පවුලේ අසල්වැසි මා මිතුරෙකු දුරකතනය මගින් මා සමග පැවසූවක්.
    මීටත් වඩා ශෝඛාන්ත ඉදිරියේදී අපට ඇසීමට ලැබෙනු ඇති. අප නිවැරැදි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු නොකලොත් ඇතැම්විට අපත් මෙවැනි ශෝඛාන්තවල ගොදුරු බවටද පත්වනු ඇති.
    ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයේ ක්ෂුද්‍ර ජීවියෙකු හේතුවෙන්, ජීවිතය රැක ගැන්මට ගන්නා හුස්ම පොද ද ඔබට මරණය ගෙන ඒමට ඕනෑතරම් ඉඩකඩ ඇති මෙවන් සමයක , අප කෙතරම් ප්‍රවේශම් විය යුතුද යන්න ඔබට හොඳින්ම වැටහෙනවා ඇති.
    එබැවින් තම ජීවිතය පිළිබඳව වගකීම රජයට හෝ සෙසු අයට දෙන්න එපා.
    ඔබගේ ජීවිතය තව දුරටත් ජීවත් කිරීමේ වගකීම ඔබම ගන්න.
    නිවැරැදි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න.
    අනවශ්‍ය සංචරණ උපරිම අයුරින් සීමා කරන්න .
    ඔබගේ පමණක් නොව ඔබගේ හිත මිතුරු ආදරණීයයන් ගේ ජීවිතද ආරක්ෂා කිරීමට ඔබට හැකි අයුරින් කැපව කටයුතු කරන්න .
    ඔබ සැමට තෙරුවන් සරණයි ...!

    © Wiraj Y.Nanayakkara .
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කතාව නම් බොරු වගේ, ඒ උනාට කොරෝනා බයානකයි..
    අහ් ගූ කන එකාහ් ඕක ලියපු පොර බුකියෙ ඉන්නව. අහපං ගිහින්
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    කතාව නම් බොරු වගේ, ඒ උනාට කොරෝනා බයානකයි..
    ලොල්පොන්නයට ඉතින් ගූ බෙටි විතරයි නෙ රහ. නමත් එක්කම දාල තියෙනවනෙ කන්ටැක්ට් කරගෙන බලපන්
     
    • Like
    Reactions: shenat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සෙනග ගැවසෙන තැනක ඉන්නවා කියන්නේ අනිවා හැදෙන්න ඉඩ කඩ වැඩි
    කොච්චර කිව්වත් මසක් එක අස්සෙන් යන්න පුළුවන් අතේ පයේ ගවෙන්න පුළුවන්
    හොදම දේ ගෙදරින් එලියට බහින්නේ නැතුව ඉන්න එක මේ මාසේ දෙකේ
    නයක් අරන් හරි ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්
    මොකෝ ජිවත් උනොත්න්නේ ජොබ් එක හරි කරන්න පුළුවන්
    මෙවන් අකල් මරණ කිසිම කෙනෙක්ට නොම වේවා
    බුදු බණ සතයක් වගේම මේ ලෙඩෙත් අප අතරින් ඉක්මනට තුරන් වේවා
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ඉතින් විපක්ශ නායකයට ළමයෙක් හිටියා නම් ඒ ලමයාටත් ඔයිට ටිකක් සමාන අත්දෑකීමක් නේ ලෑබෙන්නේ..

    ඈත්තටම මිනිස්සුන්ට මාර ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ළමයින්ගේ ඉගෑනීම් වලට හෙනම බාධාවක්.. එදා වෙල හම්බ කරපු එවුන් අනාතයි.. මෙහේ ඉන්නවා පවුල් බර ගානක් එහෙම. ත්‍රීවීල් එලවන එකාගේ ඉදලා, මේසන් වරු, වඩු බාස් ලා, ග්‍රීල් ගේට්ටු ගහනවා වගේ යකඩ වෑඩ කරන එවුන්.. ටිකක් හරි වෑඩ තියෙන්නේ වාහන හදන එවුන්ට තමා.. උන්ටත් වෑඩ අඩුයි. ටුවරිසම් කරපු උන් නම් සොත්ති...

    මට හිතෙන්නේ අපිට කෙල වුනේ වෑක්සිනේශන් එක පරක්කු වෙච්ච එකෙන්. ඒකට එක හේතුවක් තමා ඉන්දියාවේ වෙච්ච දේ හින්දා ඕඩර් කරපු අස්ට්‍රාසෙනික ටික නොලෑබී යාම. ඒ වගේම අපිට හරි හමන් ප්ලෑන් එකක් තිබ්බේ නෑ කොහෙන්ද වෑක්සීන් ටික ගන්නේ කියන එක. ඔන්න දෑන් තමා මෙතනින් මෙච්චරක් ලෑබෙනවා කියලා අදහසක් වත් තියෙන්නේ

    ආණ්ඩුව මිත්‍යා විශ්වාස පස්සේ ගියා වෑඩි.. ඈමතිම පෑණි බිව්වම, කළ ගගට දෑම්මම හිතා ගන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: nkt and Solo Rider